දැන් ලංකාවේ දේශපාලන ගමන ගැන තේරුම් ගන්න නම් රනිල් දිහා ඉවසිල්ලෙන් බලාඉන්න ඕනි. ඒකට අනුර දිහාවත්, සජිත් දිහාවත් බලා හිටලා වැඩක් නෑ. රාජපක්ෂලා දිහා බලා හිටලත් වැඩක් නෑ.

මොකද අද අපේ රටේ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්වෙලා තියෙන්නේ රනිල්. අනිත් අය ඔක්කොම ඉන්නේ ඊට එහා ශක්ති මට්ටම්වල.

දේශපාලනයේදී ජනාධිපතිට උනත් භැමවෙලාවෙම කේන්ද්‍රීය සාධකය වෙන්න බෑ. කේන්ද්‍රීය සාධකය වෙන්න ඒ දේශපාලන ව්‍යාපාරය හරි, පුද්ගලයා හරි දියුණු දේශපාලන උපක්‍රම තොරන්න ඕනි.

දේශපාලන‍යේදී කේන්ද්‍රීය සාධකය වෙන්න රාජ්‍ය බලය තියෙන්නම ඕනි නෑ. ඒකට හොදම උදාහරණයක් තමයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ජවිපෙ හදපු පරිවාස ආණ්ඩුව. පරිවාස ආණ්ඩු ක්‍රියාවලිය ඇතුලේ එදා දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය උනේ ජවිපෙය. කාටකාටත් එදා ජවිපෙ වටේට කැරකෙන සිද්ධ වුනා. ඒ දියුණු උපක්‍රමය තේරුවේ සෝමවංශ අමරසිංහ. එදත් ඒකට විරුද්ධව තමයි අනුරයි, ටිල්විනුයි හිටියේ.

ඊළගට ලංකවේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වුන ආකර්ෂණීය සටන තමයි ගෝල්ෆේස් අරගලය. ඒකත් අනුර, සජිත්,ප්‍රේම කුමාරලා එකතුවෙලා පාවලා දුන්නා. ඒ පවාදීම ඇතුලේ බලය අල්ල ගත්ත රනිල් අද ලාංකීය දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්වෙලා. අද අපේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය රනිල්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවට පත්වෙලා. රනිල්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හෙළිකිරීම රනිල්ට කඩේ යෑමක් විදිහට තමයි ගිරා පෝතක ජවිපෙ සහ වැඩවසම් සජබෙ සාමාජිකයන් දකින්නේ.

ඇත්තටම රටේ රාළ අදත් හදන්නේ ඒ අග්ඥාන විපක්ෂයට රනිල් ගැන තවත් හෝඩුවාවක් දෙන්න. දැන් ටික දවසක ඉදලා රනිල්ගේ යම් දේශපාලන චලනයක් පේනවා. රටේ රාළ ඒක අල්ල ගත්තේ රනිල්ගේ කතාවලින්. ඇත්තටම රටේ රාළ රනිල්ගේ කතා A to Z අහනවා. මොකද රනිල්ගේ කතාවල High Politics තියනවා. රනිල් අගමැති වෙච්චි දවසේ පටන් අද දක්වා රනිල්ගේ කතා හොදින් විශ්ලේෂණය කළොත් ඒ වෙනස හදුනා ගන්න පුළුවන්.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්