ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වෙනි සභාපති ධුරයට පත්ව, (අ) පක්ෂ දේශපාලනයෙන් බැහැරව නීතිඥ සංගමයට නායකත්වය දෙන බවට

මෙන්ම, (ආ) අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන්නේ නම් අධිකරණයේ ආරක්ෂකයා ලෙසද නීතිඥයන්  ක්‍රියා කළ යුතු බවටත්,  (ඇ) ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට අවධරණය කිරීම, නීතිඥ වෘත්තිකයන්ගේ සතුටට හේතු වේ.

සමාජ මාධ්‍ය, කෞෂල්‍ය නවරත්න, සාලිය පීරිස් ගිය මඟ යන බවට  ඔබේ කතාව සාරාංශ කිරීමෙන් හැඟෙන්නේ, ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සමස්තය සාලිය පීරිස්මම වන හෙයින්, ඔබද සාලිය පීරිස් අනුව යා යුතු බවකි. විවිධ මත දරන්නන් ගෙන් සමන්විත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පක්ෂ දේශපාලනයෙන් බැහැර විය යුතු බවට ඔබ කළ අවධාරණය නීතිඥ වෘත්තියට ගෞරවයකි. එසේම, ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට නිකුත් කළ පණිවිඩයට ඇත්තේ සර්වකාලීන වටිනාකමකි.  

gdfg

වෙනත් නීතිඥ සංගම් සභාපති වරයෙකු උපයා නො ගත් ජනප්‍රියත්වයක් උපයා ගත් සාලිය පීරිස්, හරක් කටා වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ දැක්වුණ ප්‍රතිචාරය උපයා ගත් ජනප්‍රියත්වයේම අතුරු පලයකි. කිසිදු නීතිඥ වාත්තිකයෙකුට එවැනි බාධාවන් සිදු නො කළ යුතුවේ. අධිකරණ කටයුතු පිළිබඳ යටි බිම්ගත ගැඹුරු සමාජ කතිකාවක් දිගු කලක සිට රටේ පවත්නා බව රහසක් නොවේ. මෙහිදි “යටිබිම්ගත” යනුවෙන් අවධාරණය කරන්නේ අධිකරණයට එරෙහිව අපහාස කිරීම දඬුවම් කළ වරදක් නිසාය.



සනත් නිශාන්ත කළ ප්‍රකාශයක් ගැන නඩු තුනක් පැවරී ඇත. රන්ජන් රාමනායක සිව් වසරකට බන්ධනාගාර ගත විය. අධිකරණයට අපහාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රින්වූ ඒ දෙදෙනාගෙන් මන්නාරම් උසාවියට මහ දවල් ගල් ගැසූ ඇමති රිෂාඩ් බදුර්දීන්ට ලැබුණ දඬුවම කුමක්ද?  

රිෂාඩ් බදුර්දීන් ඇමතිවයා මන්නාරම් විනිසුරු වහා මාරු කරන්නැයි අධිකරණ සේවා කොමිෂමට පැමිණ කළ තර්ජනය අගවිනිසුරු වරයා නො දැන සිටියේද? රන්ජන් හෝ නිශාන්ත එතරම් දුර ගොස් නො තිබුණද හිරේ විලංගුවේ නො වැටීමට රිෂාඩ් වාසනාවන්ත විය.

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පවරා ගත් අවස්ථාවේ නිතිඥ සංගමය නිහඬ විය. ශිරාණි  බණ්ඩාරනායක වෙනුවෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවට විනිසුරුවන් කැඳවීම වැළැක්විය හැක්කේ කාටදැයි සිවිල් සමාජය ප්‍රශ්න කරති.



රාජපක්ෂලා ජනාධිපති වූ විට රටේ අධිකරණය හැකිළී යාමත් ශ්‍රී ලකා නිතිඥ සංගම් සභාපතිවරු වික්‍රමසිංහ ජනාධිපතිට අතපය දික් කිරීමත් සිවිල් සමාජය නිරීක්ෂණය කරමින් සිටින්නාහ. “මහත්තයා සිප් එක ඇරිලා” යයි කෙරෙන සංනිවේදනය, එය තේරුම් ගත යුත්තේ තම අතපසුව හදා ගැනීමට පමණකි, ඇයි තමුසෙට අවුල් කියා හැදිච්ච කිසි මිනිහෙක් අසන්නේ නැත. නීතියේ ආධිපත්‍යය, කටුස්සාගේ කරේ රත්රන් බැඳීම හෝ කටුස්සන් මෙන් පාට වෙනස් කිරීම වැනි උදාහරණයකට කෙනෙකු ලඝු කළොත් එහි ආඩම්බරය කාටද?  



පිස්සු පූසා නමින් අපකීර්තියට පත් විනිසුරෙකුට රාජපක්ෂලා දේශපාලන පලිගැනීම් කොමිසම භාරදීම ගැන නීතිඥ සංගමය කතා කළ බවක් මට මතක නැත. රාජ්‍ය මන්ත්‍රි සනත් නිශාන්ත රිමාන්ඩ් කිරීමත්, කැබිනට් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අපේක්ෂිත ඇප ලැබීමත් ජනප්‍රිය මාතෘකා බවට පත්ව ඇත. මේ නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස ඔබ සාලිය පීරිස් නොවී, අධිකරණ පද්ධතිය පිළිබඳ යටි බිම්ගත ආලෝලනයන් ගැන සිවිල් සමාජයට සංවේදී  විය යුතුවේ.

පොදු දේපල බලෙන් අල්ලා ගෙන සිටින කිසිවෙකු වෙනුවෙන් පෙනී නො සිටින බවට පසුගිය ජූලි 13 වෙනිදා නීතිඥ සංගමයේ සභාපති ලේකම් අත්සන් කළ  නිවේදනයෙන් කියැවිණ. එදිනම අරගලයේ පෝල්ම:කාරයන් තමන් බව සිතා සිටි අන්තරයේ කණ්ඩායම අත්පත් කර ගත් පොදු දේපල යළි භාරදෙන බවට සහතික විය. එහෙත් ජූලි 20 වෙනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටි පිරිසක් ආරක්ෂක හමුදා යොදවා ඉවත් කිරීම ගැන නීතිඥ සංගම් සභාපති වරයා දැක්වූ ප්‍රතිචාරයෙන් අයුතු ඇතුල්වීමක් අරගලය මුවාවෙන් නිෂේධ කළ හැකි බවට බරපතල ඉඟියක් පළවිය.  

අරගලය පළවා හැරිය ගෝඨා වෙනුවට පාර්ලිමේන්තුව, ව්‍යවස්ථානුකූලව  තෝරා පත් කළ නව ජනාධිපති සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර ගැනීමට රාජ්‍ය බලය යෙදීම රාජ්‍ය ත්‍රස්තවාදයක් නම් එහි අර්ථය ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවත් පිළි නො ගන්නා බව නොවේද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීම ජන මතය නො වන්නේ නම් 21 සංශෝධනයට ලැබෙන නෛතික බලය කුමක්ද?  ඩයනා ගමගේට එරෙහි ද්විත්ව පුරවැසි පැමිණිල්ලට අධිකරණ පාත්‍රතාවක් තිබේද? මේ සිවිල් සමාජයේ යටි බිම්ගත අවධාරණයන් වේ. උද්ඝෝෂණ යනු අසහනකාරින් කිහිප දෙනෙකුගේ මානසික වැමෑරීමක් බවට සර් අයිවෝ ජෙනින්ස් කළ ප්‍රකාශය මෙහිදී පාද සටහනක් ලෙස සැලකිය යුතු වේ.



අධිකරණ තීන්දු හා නියෝග හමුවේ හිස නමා ස්තුති කළ යුතු  නීතිඥ වෘත්තිකයන් පිරිසක් මහා මාර්ගය අවහිර කළ අරගල කරුවන්ට ශරීර ඇප නියම කළ අවස්ථාවක අධිකරණය තුළ අත්පොලසන් දෙමින් සතුට පළ කිරීම විවෘත අධිකරණය, ලිප්ටන් වට රවුමට ලඝු කිරීමෙන් නො නැවතී, අරගල කරුවෙකුට විවෘත අධිකරණයේදී සස්ටජන් ලබා දීමට විනිසුරුවෙකු පොළඹවන තරමේ උත්තේජනයක් නොවීද? තමන් එල්ලා මැරීමට නියම කිරීම නිහඬව දරා ගන්නා අධිකරණය පද්ධතිය තුළ ජනතාව මෙවැනි විකාර අපේක්ෂා නො කරති.



නීතිඥ සංගමයටද මෙවැනි අවස්ථා කළමනාකරණය කිරීමට අපහසු වුවද, තම ස්ථාවරය සාමාජිකත්වයට හෝ දැන්විය යුතුව තිබිණ. අධිකරණයේ ස්වාධීනත්වය ගෞරවය වෙනුවෙන් නීතිඥ සංගමයට මෙන්ම අධිකරණ පද්ධතියට තවමත් කළ හැකි දේ බොහෝ දේ මග හැරී ඇත. සිවිල් සමාජය තුළ පමණක් නොව නීතිඥයන් අතරද යම් තිගැස්මක් ඇති කළ මෙවැනි විකෘතීන් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය අතර පැවතිය යුතු අවියෝජනීය සහ සම්බන්ධය බිඳී යාමේ ආරම්භය විය හැකිය.  

අධිකරණය කෙරෙහි පවත්නා ගෞරවය හේතුවෙන් විවෘත සමාජ ප්‍රසිද්ධියේ කතා නො කරන ආයතනික පැවැත්මට අනුනකූල සිදධින් සමාජ ආතතියක් වී පුපුරා ගියොත් මේ රටට කුමක් වේද? ඔබ සාලිය පීරිස් අනුගමනය කරතී යයි යනුවෙන් පළ කළ සමාජ මාධ්‍ය වාර්තාව, නීතිඥ  සංගමයේ ඒකමතික තේරීම මෙන්ම ඔබගේ අනන්‍යතාව දුර්වර්ණ කිරීමක් මිස ඔබට ලැබෙන උත්තේජනයක් නම් විය නො හැකිය. එය අධීකරණය තුළ සිදු කළ තවත් නින්දනීය අත්පොලසමක් මිස ඔටුන්නක් නම් විය නො හැකිය,

ශිරාණි බණ්ඩාරනායක සංසිද්ධියේදී සමහර ප්‍රකට නීතිඥයන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධනද, පාලකයන් වෙනුවෙන් පෙනී සිටියද, නීතිඥ සංගමයේ බහුතරය අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් පෙනී සිටියහ. නීතිඥ දොලවත්තට පාරම් බෑවාට, කිසිවෙකු දොලවත්තට සාපේක්ෂව ශිරාණි බණ්ඩාරනායක නෙරපා දැමූ පාර්ලිමේන්තු කමිටුවේ නිමල් සිරිපාල සිල්වා, අනුර යාපා වැනි නීතිඥයන්ට කිසිවෙකු බලා ගන්නම්  කීවේ නැත. විනිසුරු ශිරානි තිලකවර්ධනට ඇඟිල්ල දිගු කළේ නැත.  

cfghy6y

යම් සේවා දායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම ගැන සාලිය පීරිස්ට දැක්වූ විරෝධය සකල නීතිඥ වෘත්තියට කළ අභියෝගයකි. ඊට සමගාමීව අපි උඹ ගැන බලා ගන්නම් යයි දොලවත්තට පාරම්බෑ නීතිඥයන් හා හරක් කටාගේ ඤාතීන් අතර ඇති වෙනස කුමක්ද? විශ්වවිද්‍යාල පද්ධතියටම සාපයක්වූ හරක් කටාලා වෙනුවෙන් සාලිය පීරිස් ශක්තිමත් කළ විරෝධතා සම්ප්‍රදාය සාලියගේ නිවහන වෙත පැමිණිම අවාසනාවක් නො වන්නේද? ව්‍යවස්ථාදායකයට අභියෝග කරන රටක නීතියේ ආධිපත්‍යයට කුමක් සිදුවිය හැකිද?



පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් නැතද, විධායකයට ජන මතයක් නැතද, විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවීම වැළැක්විය හැකිද? පවත්නා එකම ගැටලුව භාණ්ඩාගාර ලේකම්ට එරෙහි අතුරු නියෝගය පමණක් නොවේ. ජනතාවට බිත්තරද නිෂ්පාදකයන්ට වෙළඳ පොළද අහිමි වුණේ මිල පාලන නීතිය නිසා නම් නොවේ.  වැටුපෙන් බදු කපා ගැනීමට එරෙහිව ඇත්තේ එක් අතුරු තහනම් නියෝගයකි. එවැනි නියෝග 10ක් නිකුත් වී නම් හතලිස් හය ලක්ෂයක් දෙනාට ලැබෙන මාසික දීමනා පමා කිරීමට ආණ්ඩුව කල්පනා කරන්නට ඉඩ තිබිණ.  

ආර්ථිකය වැටුණේ දේශපාලන තීරණ නිසාය. ඉන්ධන පෝලිම් අවසන් කළේ කිව්ආර් කේතය මිස අරගල හෝ අතුරු තහනම් නියෝග නොවේ. අද ඉන්ධන සැපයෙයි. වැටුප් ගෙවෙයි. භාණ්ඩ මිල අඩුවෙයි. ඒ වර්තමාන බදු ප්‍රතිපත්තිය නිසාය.

 ශ්‍රී දළදා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ එරෙහි නීතිය වහා සක්‍රිය විය. එහෙත් ඒ 26 මාර්ගය අනවසරයෙන් වසා දැමීමට එරෙහි 2017දී ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි හය වසරක් ගෙවුණ අදටත් තීරණය වී නැත. ඒ 26 මාර්ගය වසා දැමීමෙන් මහනුවර නගරයේ වායු දූෂණය වැඩිවූ ස්වසන ආබාධ හේතුවෙන් වඩාත් පීඩා විඳින්නේ පාසල් දරුවන් ය. අසාධ්‍ය රෝගින් රැගත් ගිලන් රිය වැව රවුමේ යාමෙන් අසාධ්‍ය රෝගින් හුස්ම ගන්නේ නො මැරී මැරෙමිනි. අතර මග මියගිය රෝගීන් ගැනද වාර්තා වේ.  අහිමි වෙමින් පවත්නා මහනුවර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පමා වී හෝ ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් නොවේද? ඒ 26 පාර වසා දැමුවාට මල්වතු මහ නා හිමියන් මෙන්ම මහනුවර නගර සභාවත් විරුද්ධය. පාර වැසීමට මාර්ග අධිකාරිය අනුමැතිය දීලාත් නැත. දළදා වහන්සේට ලබ්බ  යයි කී සේපාල්ද, ඒ 26 පාර විවෘත කැරනවාට විරුද්ධ දියවඩන නිළමේද, මහනුවර මහ නගර සභාවද සමග මල්වතු මහ නා හිමියන් පෙළ ගස්වා නීතියට ඉහළින් සිටින්නේ කවුදැයි මහනුවර ජනතාවට කියන්නේ කවුද ? ඒ කවදාද?  නීතියේ දෙවඟන දෑස් වසා සිටින්නේ නීතිය කඩවී ඇද්ද යන්න මිස කඩ කළේ කවුද යන්න නො දැකිය යුතු නිසාය. එක් විශ්‍රාමික විනිසුරෙකු පිස්සු පූසෙකු ලෙස ගර්හාවට ලක් වුණේ ඔහුගේ විනිසුරු භූමිකාව නිසා ය.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලය භාණ්ඩාගාර ලේකම් ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට කරන උත්සාහය ව්‍යවස්ථාදායකය ඉක්මවා යාමක් ලෙස පාර්ලිමේන්තුව තීරණය කළොත්.. විනිසුරුවන් තේරිම් කාරක සභාවට කැඳවූවොත්... මේ සියල්ල තවමත් නිරවුල් කරගත හැකි මට්ටමේ පවතී. නීතිඥයන් අධිකරණයට සහාය වෙනවා කියන්නේ පාරේ කැරළි ගසනවාට නොවේ.

අද රට තුළ නිර්මානය වී ඇත්තේ මුලඅග පටලවා ගත් වියවුලකි. විනිසුරුවන්ගේ නිල නිවෙස්වලට ගල් ගැසීමෙන් ආරම්භවූ කිසිදු අත පෙවීමක් කිසිවෙකු අනුමත නො කළ යුතුවේ. ඒ බලපෑම් වෙනස් කිරීමට පාරට බැසීමෙන් පලක් නොවේ. ඔබ සිවිල් සමාජයේ හා ඉහළ අධිකරණයේ පාලම විය යුතු වේ. හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව පිළිබඳ  අපකීර්තිමත් පාපොච්ඡාරණය කිසි විටෙක සරත් නන්ද සිල්වාට එරෙහි නඩුවක් නො විය. විශ්‍රාමික සරත් නන්ද සිල්වා 2019 ජනාධිපති මැතිවණය සමයේ අපේ විනිසුරුවන් පිළිබඳ කළ ප්‍රකාශයත් එවැන්නකි. රන්ජන් හිරේ ගියේය. සනත් නිශාන්ත හිරේ යාමට නියමිතය. සරත් නන්ද සිල්වා යෙහෙන් ජීවත් වේ. එසේම සරත් නන්ද සිල්වා අග විනිසුරු ලෙස පී.බී.ජයසුන්දර ගැන දුන් විනිශ්චය අග විනිසුරු අසෝක සිල්වා නිශේධ කිරීම යනු දේවාලේ මහ කපුවාට දේවාල පරිශ්‍රය කැත කිරීමට ඇති විනිර්මුක්තිය විශ්‍රාමික විනිසුරුවන්ට ඇති බවද?  හෝ රටේ පාලකයන් රාජපක්ෂලා නම් අධිකරණ පද්ධතිය අසරණ බවද?  නීතියේ ආධිපත්‍යය පිළිබඳ අනන්‍යතාව සම්මුතියක් මිස සටන් පාඨයක් නොවේ.  මේ තත්වය ජනතාව සමග මෙන්ම  උපරිමාධිකරණය හා විධායකය  සමග සමාලෝචනය කළ යුතුවේ.

xfgrey

මේ ලියුම්කරු අධිකරණ විනිසුරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට එකඟ නොවේ. එහෙත්, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හිමි අනන්‍ය නෛතික බලය නිර්වචනය කළ කතානායක අනුර බණ්ඩාරනායක ප්‍රකාශය අනුගම්‍ය පූර්වාදර්ශයකි. එදා 43 වෙනි අග විනිසුරුවරියට වාඩි වීමට අසුනක් නොදුන් වීරවංශ, අපි උසාවි ගියාමත් ඉන්නේ හිටගෙන තමුන්ටත් මෙතන හිටගෙන ඉන්න වෙනවා යයි  කියද්දී නිමල් සිරිපාලත් අනුර යාපත්  සිනාසුනාහ. ඒ ඉරණමට උපරිමාධිකරණ සාමාජිකයෙකුට තබා කනිෂ්ඨ නීතිඥයෙකුට අත් විඳීමට සිදුවේ නම් එය ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙත් පරාජයක් නොවන්නේද?  



සමහර නීතිඥයන්ට වසන්ත මුදලිගේලා නායකත්වය දුන්නාට, ශ්‍රී ලංකා නිතිඥ සංගමයට පැවරුණ ඓතිහාසික වගකීම ඊට වෙනස් ය. කෞෂල්‍ය මේ ඔබේ වාරයයි. අප බලා සිටින්නෙමු.  


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )




 Anida


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image