සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට මුලදී තිබුණ රැල්ල අකාමකා යනවාත් එක්ක පොහොට්ටුවත් දැන් ටිකටික එළියට එන්න පටන් අරන්. ඒ තමන්ට අහිමි උන මහජන බලය ආයෙත් ගොඩනගාගන්න අදහසින් වෙන්න ඕනි.

 

පොහොට්ටුවේ මේ අලුත් උත්සාහයේ මූලිකයා වෙලා ඉන්නේ නාමල්. මහින්ද සිම්බල් එක විදිහට තියාගෙන, තිරය පිටිපස්සේ භූමිකාව බැසිල්ට බාරදීලා නාමල් කරලියට ඇවිල්ලා.

 

හැබැයි අලුතෙන් කරලියට ආව නාමල් අලුතෙන් කියලා කිසිම දෙයක් අරන් ඇවිල්ලා නෑ. අර පරණ වැඩවසම් රාජපක්ෂ සංකල්ප ටික නාමල්ගේ භාෂාවෙන් කියවන එක විතරමයි කරන්නේ.

ගෝල්ෆේස් අරගලයත් එක්ක ගැලවුන නාමල්ගේ සාටකය ආයෙත් කරට ඇවිල්ලා. නාමල්ට අනුව නං සාටකය කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලන සංකේතය වෙන්න ඕනි. ඒක දාගෙන ඉන්නකොට එයාට ලොකු පෞරුෂයක් දැනෙනවාත් ඇති. රටේ රාළ නං ඔය සාටකය දකින්නේ රාජපක්ෂලාගේ වැඩවසම්කමේ සංකේතය විදිහට.

රටේ රාළ නාමල්ගේ දේශපාලන මතයට විරුද්ධ උනාට නාමල්ගේ දේශපාලන ආගමනයට විරුද්ධ නෑ. මොකද තමන් දරන මතය වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය නාමල්ටත් තියනවා. අපේ දේශපාලනය කියන්නේ ඒ මතය මතවාදීමය වශයෙන් පරාජය කිරීමයි. ඒක නිසා පහුගිය දවස්වල එලියට ආපු රාජපක්ෂලා කියපු කතාවලට උත්තර දෙන්න ඕනි.

 

mahinda gota

 

තවමත් පොහොට්ටුව තියෙන්නේ සජබයට, ජාජබයට සහ එජාපයට වඩා ගොඩක් පස්සෙන්. කාට හරි ඕනිනං ගිය මැතිවරණයේ ප්‍රතිඵලය පෙන්නලා එහෙම නෑ කියලා කියන්න පුලුවන්. මොකද පොහොට්ටුව තවමත් විකුණමින් ඉන්නේ ගෝඨාභයගේ 69 ලක්ෂයේ ජනවරම සහ මහින්දගේ 68 ලක්ෂේ ජනවරම.

 

හැබැයි එහෙම දෙයක් දැන් මේ මහ පොලොවේ ඉතිරි වෙලා නෑ. පොහොට්ටුවේ ඡන්ද පදනම දැන් 10% කටත් වඩා පහලට වැටිලා. ඇත්තටම ඒක හරියටම බලාගන්න තිබුණ අවස්ථාව තමයි පවත්වන්න නියමිතව තිබුණ ගිය පලාත් පාලන මැතිවරණය. ජොන්ස්ටන්ලා, රෝහිතලා, එස්එම්ලා, පවිත්‍රලා, එස්බිලා කියන බලයක් මහ පොලොවේ නෑ වගේම එහෙම ඡන්දදායකයෙකුත් දැන් මහ පොලොවේ නෑ.

ඊළගට එයාලගේ සද්දවලින්, රාජපක්ෂලාගේ වැඩවසම් පම්පෝරිවලින් ඒ ගොඩට එක ඡන්දයක් එකතු කරන්න පුලුවන් වෙලා නෑ. නාමල් අනාගත ජනාධිපති, අනාගතය පොහොට්ටුවේ නායකයා කියලා වේදිකා උඩ තියාගෙන කට්ටිය යටිගිරියෙන් කෑගහනවා. ඒකත් අපට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පොහොට්ටුවේ කැමැත්ත.

පොහොට්ටුවේ අනාගත නායකකම ගැන අපි නං දැන්ම අනාවැකි කියන්න යන්නේ නෑ. මොකද මේ යන විදිහට නාමල්ට නායකයා වෙන්න පොහොට්ටුවටක් ඉතුරු වෙයිද කියන ප්‍රශ්නය අපට තියනවා.ඒකට හේතු කීපයක් තියනවා.

image 111 461x1024

 

එකක් තමයි පොහොට්ටුවට තියෙන සමාජ විරෝධය තවම එක දශමයකින්වත් අඩුවෙලා නෑ. තවමත් රාජපක්ෂලාගේ පෝස්ට් එකක් දැක්ක ගමන් නිවන් සැප ලැබේවා කියලා තමයි අති බහුතර කමෙන්ට්ස් වැටෙන්නේ. ජනතාව මහත් උත්කර්ෂයට නංවලා ගෙනාපු ගෝඨාභය පන්නලා දාපු එක වැ‍රැද්දක් විදිහට කවුරුත් දකින්නේ නෑ. ජාතියේ අප්පච්චී කියලා කිව්ව මහින්දට ඒ කියපු අයම අද මයිනා කියනවා.

 

රටේ ආර්ථිකය හදන්න පුළුවන් මහ මොළකාරයා විදිහට නම් කරපු බැසිල්ට කට්ටිය කපුටා කියනවා. තව ඉතින් කියන කතා ගොඩක් තියනවා. ඒත් ඒවා ලියන්න බෑ. රාජපක්ෂ  විරෝධය සමාජ පතුලේ තැන්පත් වෙලා තියෙන්නේ. ඕනිම වෙලාවක උඩට ගන්න පුලුවන්.

ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ බලය දාලා පැනලා ගිය රාජපක්ෂලා තවමත් පැනලා යෑමට අදාලව සාධාරණ කතාවක් රටට කියලා නෑ .නාමල් දැන් කතා කරන්නේද මැරිලා ඉපදිලා වගේ. හැබැයි නාමල්ට කියන්න ඕනි කවුරු මැරිලා ඉපදුනත් මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නෑ කියලා. නාමල්ට අනුව දැන් මේ රටේ හතුරා වෙලා තියෙන්නේ ගෝල්ෆේස් අරගලය. අරගලය ඇතුලේ හිටපු කණ්ඩායම්.

නාමල් කියන විදිහට ගෝඨාභයගේ නායකත්වයෙන්, මහින්දගේ අගමැතිත්වයෙන්, බැසිල ඇතුළු රාජපක්ෂලාගේ දායකත්වයෙන් රට හොඳට ගිහින් තියනවා, එහෙම තිබුණ රට බංකොලොත් කරලා තියෙන්නේ අරගලකාරයෝ. එතනදී නාමල් කෙලින්ම ඇගිල්ල දික් කරන්නේ සජබයට, ජවිපෙට, සහ පෙරටුගාමීන්ටයි.

 

ඇත්තටම රටේ රාළටත් එයාලත් එක්ක දේශපාලන ප්‍රශ්න තියනවා, හැබැයි එහෙම ප්‍රශ්න තියනවා කියලා නාමල්ලාගේ කුහක අර්ථකතනවලට වටිනාකම් දෙන්න බෑ. ඇත්තටම ගෝල්ෆේස් අරගලයේ වගකිව යුත්තෝ රාජපක්ෂලා හැර වෙන කවුද? හොරකම, දුෂණය, ඥාති සංග්‍රහ, වැරදි දේශපාලන තීරණ සහ මෝඩ ආර්ථික කළමණාකරණය විසින් තමයි මේ විනාශය ගෙනාවේ.

 

සිනී ටිකෙන්, පරිප්පු ටිකෙන්, සුදු ළුණු ගෙඩියෙන් හොරකම් කළා. නිරූපමාගේ Pandora Pepers ගැන ගෝඨාභය කරන්න කියපු පරීක්ෂණය ගැන මේ රටේ ජනතාවට තවම අමතක නෑ. ඒ සියලු විනාශයන් එක්ක තමයි මේ රටේ ඡනතාව මහ පාරට ආවේ.

 

ඉන්ධන පෝලිම්වල ඇත්ත කතාව මෙන්න!

එහෙම නැතිව තෙල් පෝලිම්, හාල් පෝලිම්, කිරිපිටි පෝලිම් ඇතුලු පෝලිමි හැදුවේ ජවිපෙවත්, සජබෙවත්, පෙරටුගාමින්වත් නෙවෙයි.

පෝලිම්වල මිනිස්සු කවුරුත් මරලා දැමිමේ නෑ. තෙහෙට්ටුව, බඩගින්න සහ මානසික පීඩනය හින්දා මැරිලා වැටුනා. ඒ මැරුණ හැම කෙනෙක්ම ඇස් පියා ගත්තේ රාජපක්ෂලාට වෛර කරමින්. ඒ ජනතා විරෝධය නිසා තමයි නාමල්ගේ තාත්තිට, බාප්පිලාට සහ වරිගයටම පැනලා ගිහින් හැංගෙන්න සිද්ධ වුනේ.

අද නාමල් කියනවා අපිව බේරේ වැවේ ඔබලා බය කරන්න බෑ කියලා. රාජපක්ෂලා තමන්ගේ බත් බැලයන්ට පොලු මුගුරු දීලා මයිනාගෝගමටයි, ගෝඨාගෝගමටයි එව්වේ එයාලා බේරේ වැවේ ඔබන්න බලාගෙන නෙවෙයි. එතනින් කට්ටිය මුහුදට දාලා වැඩේ අවසන් කරන්න. ඒ රාජපක්ෂලාගේ උත්තරයට තමයි මේ රටේ ජනතාව උත්තර දුන්නේ. එහෙම නැතිව මේ රටේ ජනතාව රාජපක්ෂලා බේරේ වැවේ ඔබන්න ආවේ නෑ.

 

image eeeef4ac8e

ඒ ජනතා නැගිටීම ප්‍රචන්ඩත්ඩයි තමයි. ඒක අනුමත කරන්න බෑ තමයි. ඒ ජනතා නැගිටීම ඉස්සරහා රාජපක්ෂලා යටතේ තිබුණ හමුදාවට සහ පොලීසියට උනෙත් අත් බැදගෙන බලා ඉන්න. ඒ ප්‍රචන්ඩත්වය ඇතුලේ විවිධ මිනිස්සු ඉන්න ඇති. ඒ අතර ජවිපෙ, පෙරටුගාමීන්, සජබෙ අයත් ඉන්න ඇති. හැබැයි එතන වැඩිපුරම ඉන්න ඇත්තේ පොහොට්ටුවට ඡන්දය දුන්න අය.

ඒ නිසා ඒ ප්‍රචන්ඩත්වය කාගේවත් සැලසුමක් නෙවෙයි. බොරුවට ජවිපෙ සහ පෙරටුගාමින් ගාව ගන්න එපා. තවත් පැහැදිලි නැත්තං වෙලාවක එන්න රටේ රාළ හම්බ වෙන්න. වෙච්චි සියල්ල A to Z කියලා දෙන්නම්. ඕනි නං අරගලය ගැන සමාජ විද්‍යාත්මක විග්‍රහයකුත් කරලා දෙන්නම්. ඒක නිසා රාජපක්ෂලාගේ පරණ වැඩවසම් පම්පෝරි දේශපාලන නං මේ රටට දැන් අදාලම නෑ. ඊට වඩා හොදයි වෙච්චි වැරදිවලට රාජපක්ෂලා ජාතියෙන් සමාව ඉල්ලලා දේශපාලනය පටන් ගන්න එක.

අනිත් කාරණය තමයි පොහොට්ටුවේ ජනපදනම ගලවගෙන ගියා වගේම දැන් පොහොට්ටුව පාර්ලිමේන්තු බලයත් ගලවගෙන ගිහින් තියෙන්නේ.

ඒකමදේ ඒක තවමත් එලියට නොපෙනෙන එකයි. හැබැයි මුලදී පලු පලු ගැලවුන පොහොට්ටුවේ අවසන් පලුව ගැලවෙන්න දැන් කිට්ටුයි. ඇත්තටම ඒක පොහොට්ටුව තරම්ම ලොකු පලුවක්. ඒක නිසා රාජපක්ෂලා හොදටම කළබල වෙලා.

එදා පොහොට්ටු වේදිකාවේ රාජපක්ෂලා ඉදිරියේ රනිල් පතුරු ගහපු අය අද රනිල්ගේ ගුණ ගායනා කරනවා. ඒවා ඇහෙනකොට රාජපක්ෂලාට කාලා ඉන්න බැරි බව අපිත් දන්නවා .ඕකේ අනිත් පැත්තේ අද්දැකීමත් රාජපක්ෂලාට හෙට දවසේ විදගන්න සිද්ධ වෙනවා.

එදා වේදිකා උඩ රාජපක්ෂලාට ප්‍රසස්ථි ගායනා කරපු අය හෙට දවසේ රාජපක්ෂලා පට්ට පතුරු ගහන හැටිත් බලාගන්න පුළුවන්. දැනට නාමල්ට ඔය ටික ඇති.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ අද දිනයේ (10) පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න




 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image