ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්,

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි.

කොළඹ නගරයේ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රසිංහ ගෙන එන ලද යෝජනාවට දැනටමත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සැබවින්ම මෙවැනි ස්මාරකයක් ඉදිකිරීමේ ඇති වැදගත්කම කුමක්ද? එය රටට අවශ්‍ය ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.


1948 නිදහසින් පසු මෙරට ඇතිවූ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා සහ සිවිල් කැළඹීම් මොනවා ද ?

1948 පෙබරවාරි මස 04 වනදා ශ්‍රී ලංකාව යටත් විජිතවාදයෙන් නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හා සිවිල් කැළඹීම්වලට අදාළ ප්‍රධාන සිදුවීම් කිහිපයකි.

56

* 1956 වර්ෂයේදී මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක තේරී පත් වූ අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන ලදී. නව නීතිවලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයෙන් පසු පැතිර ගිය ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දෙමළ ජාතිකයන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.


* 1958 වසරේදී ඇතිවූ දෙමළ විරෝධී සංහාරය හේතුවෙන් පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

* 1971 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරන ලද කැරැල්ල.

* 1981 වසරේදී ඇතිවූ ජාතිවාදී කෝලහල - මෙහිදී යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී.

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුග්‍රහයෙන් බුදුන් නසා අවුරුදු 41 යි

* 1983 වසරේ ඇතිවූ කළු ජූලිය. - එල්. ටී. ටී. ඊ සංවිධානය යාපනයේදී සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගිය අතර, දෙමළ ජාතිකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මෙය හේතු විය.

 

මෙම කෝලහල හේතුවෙන් පුද්ගලයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ අතර රාජ්‍ය සහ පුද්ගලික දේපල රැසක්ට හානි සිදුවිය.

දශක තුනකට අධික කාලයක් පැවැති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය මෙය බව විශ්වාස කෙරේ.



rs 1
* 1989 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරන ලද කැරැල්ල.

* 2001 වර්ෂයේදී මාවනැල්ල ප්‍රදේශයේ ඇතිවූ සිංහල සහ මුස්ලිම් ගැටුම.

* 2002 වර්ෂයේදී බේරුවල ප්‍රදේශයේ දී මුස්ලිම් ජාතිකයින් අතර ඇතිවූ ගැටුම.

* 2014 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයේ දී ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම.

* 2018 වර්ෂයේදී දිගන ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම.

* 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය.

* 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශවල ඇතිවූ ජන අරගලය.

rs 2

මෙරටට අහිමිවූ සහ අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණ ද?

වසර 26ක් පුරා මෙරට පැවති බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් පුද්ගලයින් 80,000-100,000 අතර සංඛ්‍යාවක් මියයන්නට ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද්ධය අවසන් වූ 2009 වර්ෂයේ මැයි මස 20 වැනිදා සඳහන් කරන ලදී.

 

එමෙන්ම ඇම්නෙස්ටි ජාත්‍යන්තරය හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ 1995 සිට අවම වශයෙන් පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි 65,000ක් ලැබී ඇති බවට 2016 ජූනි මාසයේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරියක සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රජයේ කාර්යාලයේ ප්‍රධානියා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පිළිගත් බවයි.

 

2017 වර්ෂයේ පෙබරවාරි මස 14 වැනිදා නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වෙයි.

" වාමාංශික ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට සැක කෙරෙන සිංහල තරුණයින් 1989 සහ 1990 දී රජය විසින් ක්‍රියාත්මක කරන ලද ඝාතක කල්ලි විසින් ඝාතනය කර හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී."

අතුරුදහන් ළමයි හොයා නොදෙන ආණ්ඩුව හෙලා දැකීමට දෙමළ අම්මලා කොළඹ

"1983 සන්නද්ධ ගැටුමේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට සම්බන්ධ බවට සැක කරන දෙමළ ජාතිකයන් පොලිස්, හමුදා සහ පැරාමිලිටරි ක්‍රියාකාරීන් විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී."

"සටන්කරුවන් ලෙස සේවය කිරීම සඳහා එල්. ටී. ටී. ඊ ය වැඩිහිටියන් හා ළමුන් පැහැරගෙන ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් අතුරුදන්."

මේ අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් 2020 වර්ෂයේදී නිකුත් කරන ලද වාර්තා වේ සඳහන් වන්නේ සිය කාර්යාලය පිහිටවනු ලැබූ දිනයේ සිට 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 39,417ක් ලැබී ඇති බවය.

rs 3


වටිනා අදහසක්...

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය පිරිස් සිහි කිරීම සඳහා ස්මාරකයක් ඉදි කිරීමට රජය විසින් යෝජනාවක් සම්මත කිරීම ඉතා වටිනා අදහසක් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර බීබීසී සිංහල වෙත පැවසීය.

එම ස්මාරකය කොළඹට පමණක් සීමා නොවී උතුර සහ නැගෙනහිර යන පළාත්වලද ඉදිකළ යුතු බව මහාචාර්යවරයා පවසයි.
 
 
සුදු වැන්' අයෙත් එවන්න - ගොට්ටන්ගෙන් වියන්ගොඩට හා තේනුවරට තර්ජන!මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සඳහන් කළ මහාචාර්ය තේනුවර,"ඇත්තටම දැන් සංහිදියාව සඳහා යාන්ත්‍රණයක් හැටියට හැමදාම අවශ්‍යයි කිසියම් ආකාරයක සිහිකිරීම් සිදුකිරීම. යලි එබදු ඛේදවාචක සිදු නොවීමටත්, එබදු මිනිස් ජිවිත හානි නොවීමටත් කියන එක. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන්ම ස්මාරකවලින් අරුත් ගන්වන්නේ ඒ වගේ දෙයක්. මම හිතනවා එබදු ස්මාරක හැදීම හොඳයි, එය හුදෙක් කොළඹට පමණක් සීමා වීම ගැනයි මගේ ප්‍රශ්නය තියෙන්නේ."
 
"විශේෂයෙන් උතුරු පළාත, නැගෙනහිර පළාත් ඒ වගේ තැන් වලත් හැමෝටම හමුවෙන්න පුළුවන් තැනක් හැටියට. උතුරේ අය දකුණට එනවා අඩුයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් පීඩාවට පත්වූ අය ඒ පළාත්වලත් ඉන්නවා. සුදුසු තැනක් සොයාගෙන ඒ වගේ ස්මාරකයක් ඉදිකරනවා නම් හොදයි. කොළඹ හුදෙක් පාලකයින්ගේ පහසුව වෙනුවෙන් නෙමෙයි. මා හිතනවා ජනතාවට නිතර ගිහිල්ලා ඒ පිළිබඳව සිහිකිරීම සඳහා යමක් වෙනවා නම් හොදයි."

"ආරම්භයක් විදිහට මේ වගේ අදහසක් පහල වීම අගය කරන්න ඕන. සාමාන්‍යයෙන් එදිරිවාදිකම් පිරිමහන සමාජයක් තිබුනේ. එක්කෝ දෙමළ ජනයා වැරදි, නැත්නම් සිංහලයා වැරදි. ඒ වගේ අනෙකා වැරදි කියන අඟවන මතයක තමයි හැමෝම හිටියේ. විපක්ෂයේ ඉන්නකොට එක විදිහක්, බලයේ ඉද්දි එක විදිහක්, රාජ්‍ය බලය ලබා ගන්න සුදානම් වෙද්දී තවත් විදිහක්. ඒ නිසා සියලු බෙදීම්වලට තිතක් තබන්න ජාතික වශයෙන් එකඟතාවයක් අවශ්‍යයි. ඒ එකඟතාවය පහසු කිරීම සඳහා මෙවැනි ස්මාරක ඉදිකිරිම අවශ්‍යයි."
 
 
"එය ආගමික හෝ වාර්ගික එක වර්ගයකට සීමා නොවිය යුතුයි. හුදෙක් රණවිරු විතරක් නෙමෙයි මහවිරු සැමරුමක් වුවත් සිදුකරන්න ඔවුන්ගේ ඥාතීන්ට හැකියාව තියෙන්න ඕන. ඒ අයත් ශ්‍රී ලාංකික මිනිස්සු. ඔවුන් අරගලයක් වෙන්න පුළුවන්, වැරදි මතයක් නිසා වෙන්න පුළුවන්. මේ ගැටුම් වලදී දෙපැත්තේම සිවිල් වැසියන් මියගියා, ගොදුරු බවට පත්වුනා. මේ ස්මාරකය කියන අදහසම වටිනවා කියන එකයි මගේ මතය" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
 
 
‘උතුරේ ඇති හමුදා ස්මාරක ඉවත් කළ යුතුයි.’
 
එජාපය සහ සජබ එක් කරන කපුකම අසාර්ථක වුණා - මනෝ ගනේෂන්
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්
 
උතුර සහ නැගෙනහිර පලාත්වල සිවිල් යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් ස්මරණය කරමින් ඉදිකර ඇති ස්මාරකයන් ඉවත් කළ යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය පිරිස් සිහි කිරීම සඳහා ස්මාරකයක් ඉදි කිරීමට රජය විසින් ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දකුණේ ඇතිවූ සිවිල් අරගලවලදී ඊට එරෙහිව ක්‍රියාකළ හමුදා සාමාජිකයින් සිහිකරමින් ස්මාරක ඉදිකර ඇති අයුරු තමන් දැක නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් කියා සිටියේ,"දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා හැටියට මේ වගේ තීන්දුවක් මම සුභවාදිව දකිනවා. මේ රටේ ඇතිවූ යුදමය අවස්ථාවේදී, ඒ වගේ උතුරේ සහ දකුණේ විවිධ අවස්ථාවන් වලදී ඇතිවූ කැරලි සහ සටන්කාමි තත්ත්වය නිසා ශ්‍රී ලංකා අපේ ජීවිත අහිමි වුනා. අහිමි වූ ජිවිත අතර හමුදා, පොලිසියේ අය වගේම සන්නද්ධ අරගලයේ නියුතු සටන්කාමීන් ද සිටිනවා. අවි ගත්ත සන්නද්ධ සටන්කාමින් උතුරේ පමණක් නොවෙයි දකුණේත් සිටියා. සටනට සම්බන්ධ නැති අහිංසක ජනතාවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන භේදයක් නැතිව මිය ගිහිල්ලා තියෙනවා. මේක සැමරීම කියන්නේ අත්‍යාවශය සිද්ධියක්."
 
 
"පසුගිය කාලේ තෝරා ගත්තු පිරිසකට පමණක් මෙය සැමරීමට අවසර ලබා දුන්නා. දකුණේ රාජ්‍යයට විරුද්ධව සටන් කරපු, සන්නද්ධ අරගලකරපු අයට විරුද්ධව සටන් කරලා ජීවිත අහිමිවූ අයගේ පවුල්වල සාමාජිකයින්ට ඒ ගැන ප්‍රසිද්ධියේ සමරන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් උතුරේ සහ නැගෙනහිර සම්බන්ධ වෙච්ච අය ගැන සමරන්න ඔවුන්ගේ පවුල්වලට ඒ අවස්ථාව හරියාකාරව ලැබෙන්න නැහැ. හැම අවස්ථාවේදීම එයට විරුද්ධත්වය දැක්වුවා. මේ එකම රට, එකම නීතිය කියන අය ඒක කළා. ඒ නිසා මේ වගේ යෝජනාවක් මම අගය කරනවා."


rs 4

"මේ වගේ ස්මාරක කොළඹ විතරක් නෙමෙයි, උතුරු සහ නැගෙනහිරත් ඉදිකරන්න ඕන. උතුර සහ නැගෙනහිර පළාත්වල මම දැකලා තියෙනවා ස්මාරක ඉදිකරලා තියෙනවා හමුදා සෙබළුන් මතක් කරමින්. ඒවා ඇත්තටම සමාජයක්, ජන වර්ගයක්, ජන කණ්ඩායමක් පරද්දලා ඒ අයට විරුද්ධව අපි ලබපු ජයග්‍රහණය කියලා අර්ථ කථනය කරන විදිහට තමයි ඒ ස්මාරක තියෙන්නේ. ඒ ස්මාරක සියල්ල අයින් කරන්න ඕන. ඒවා අවශ්‍ය නැහැ.මේ යුද්ධය ඇතිවුනේ වෙනත් රටකට සම්බන්ධව නෙමෙයි, අභ්‍යන්තරවයි."
 
 
"දකුණෙත් ඒ කාලයේ මේ වගේ හමුදාව සහ පොලිසිය සමග සිවිල් ජනතාව අතර තරුණ තරුණියෝ සටන් කළානේ. ඒ කාලයේ ඔවුන්ට විරුද්ධව වැඩ කරපු හමුදාවේ අය මතක් කරමින් ස්මාරක කොහේ හරි තියෙනවද කියලා මම දැකලා නැහැ. හැබැයි උතුරේ සහ නැගෙනහිර තියෙනවා. ඒවා අයින් කරලා, මියගිය හැමෝටම එකම තැනක රැස්වෙලා මේ මතක් කිරීම කරන්න ඉඩ දෙන්න ඕන."
 
 
"සිංහල, දෙමළ, මුස්ලිම් ද හමුදාවේද, සන්නද්ධ කණ්ඩායම් වල පවුල්වල ඉතුරු වෙලා ඉන්න අයට එකතුවෙලා මේ සිහිකිරීම කරන්න පුළුවන් එතකොට." පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේය.

'මේ හැමදෙයකටම මුල අවපාලනය'

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සියලු පුද්ගලයින් සිහිකිරීම පිණිස ස්මාරකයක් ඉදිකිරිම වැදගත් වනවා සේ නිදහසින් පසු එවැනි තත්ත්වයක් රටේ ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ රටේ පාලනය සම්බන්ධයෙන් සියලු ජනතාව තම අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීතිය පිලිබඳ මහාචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ අනාගතයේදී මෙවැනි තත්ත්වයක් නැවත රටේ ඇති නොවීම සඳහා ජනතාව ද වගබලා ගත යුතු බවයි.
 
 112009670 cfc15e74 6764 4de2 a538 f1982208ecc7
 
මහාචාර්ය දීපිකා උඩගම
 
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "බැලු බැල්මට මේක හරි හොඳ දෙයක්. පහුගිය කාලයේ ලංකාවේ බැරි වුනා හැමෝම වින්දිතයින් හැටියට පිළිගන්න. මෙතන සිවිල් වැසියන්, හමුදාවන් වල අය වගේම හිටපු සටන්කාමීන් ඇතුළු ඔක්කොමලා කියලා නේ තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්. හැබැයි අපි මෙනෙහි කරන්න ඕන මේ තරම් වින්දිතයින් ප්‍රමාණයක් ලංකාවේ ඇතිවුනේ ඇයි කියලා නිදහසින් පස්සේ විශේෂයෙන්ම."

"ඉතින් ඒක අපි පිලිගන්න ඕන මේ හැමදෙයකටම මුල අවපාලනය කියන එක. රට හොඳින් පාලනය වුනානම් තර්ක කරන්න පුළුවන් වාර්ගික වශයෙන් දශක තුනක මේ යුද්ධය ඇති වෙන්නෙත් නැහැ. අපිට බොහෝ දුරට උපකල්පනය කරන්න පුළුවන් දකුණේ කැරලි ඇතිවෙන්නෙත් නැති වෙයි. සමාජ සාධාරණත්වයක් සහිත සමාජයක් ගොඩ නැගුනා නම්. "
 
 
පළවෙනි කැරැල්ලේදීත් කියවුනු දෙයක් තමයි හැමදෙයක්ම ලැබෙන්නෙ ප්‍රභූ පැලැන්තියට කියලා. යම් කිසි පන්තියකට තමයි සියලුම වරප්‍රසාද ලැබෙන්නේ කියලා. අපි මේවා මෙනෙහි කරන්න ඕන මේ අවස්ථාවේදී. ස්මාරකය හදන එක හොදයි. ලංකාවේ වින්දිතයින් වූ හැම කෙනාවම ස්මරණය කරනවා නම්. ඒ වගේම ඒවා විවෘත කරන කොට ඒ හැම අවස්ථාවකම හැමෝම නියෝජනය වෙන විදිහට සංවේදීව සිදුවිය යුතුයි." මහාචාර්ය උඩගම පැවසුවාය.
 
 
"මේ වගේ ගැටුම්කාරී තත්ත්වයක් නැතිව හොඳ පාලනයක් තිබුනානම් අද වෙනකොට මේ රට සුඛිත මුදිත දේශයක්. ඒක අපි කවුරුත් පිලිගන්නවා නේ. මේ අවපාලනය ගැන අපි කවුරුත් මෙනෙහි කරන්න ඕනේ."

"ඒ වගේම ජනතාව විශාල වශයෙන් ආර්ථික අවපාතයකට ලක්වෙලා ඉන්න අවස්ථාවකදී, ආයතනවල විශාල අඩුපාඩු තිබියදී මේ ස්මාරකයට කොච්චර වියදමක් යනවද කියලා බලන්න ඕන. අනාගතයේදී යම් කිසි විදිහට ලංකාවට ස්ථාවරයක් ලැබුනම ස්මාරකයට ආයෝජනය කරන එක හොඳයි. අපි ගොඩක් මේ වෙලාවේ මෙනෙහි කරන්න ඕනේ අවපාලනය ගැන."

"මොකද අනාගතයේදී අපිට නැවත වරක් මේ වගේ තත්ත්වයක් අත්නොවෙන්න අපි හැමෝම වගබලා ගන්න ඕන. දේශපාලන පැලැන්තියේ ඉන්න රජය ඇතුළු සියලුම අය. බොහෝ දෙනා දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නේ."

මහාචාර්යවරිය පෙන්වා දුන්නේ,"ජනතාවට දෙන්න පුළුවන් හොඳම දේ තමයි අනාගතයේ දී යලි මේ වගේ දේවල් නොවෙන්න, මොකද පහුගිය අවුරුද්දත් ඇතුළුව. අද දවසෙත් දුප්පත්කම බැලුවොත් අපි වින්දිතයෝනේ. ඉතින් ඒ වගේ දේවල් නොවෙන්න හොද පාලනය ගැන අවදානය යොමු කරන්න ඕන."
 
 
"දෙවන ලෝක යුද්ධය ගැන ගොඩක් ස්මාරක තියනවා. ඒ ස්මාරක හැම එකක් භාවිත කරන්නේ නැවත ඒ වගේ ව්‍යවසනයක් ඇති නොවෙන්න. ජර්මනියනේ ගොඩක් හානි කරපු රට. ඒ රටේ සිටින ජනතාව හැම තිස්සෙම සිහිකරනවා ඒ රටින් ඇතිවූ ප්‍රචන්ඩත්වය ගැන." යනුවෙන් මහාචාර්ය දීපිකා උඩගම පැවසුවාය.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්