පුමාලේ මෙහෙයුම මගින් බලහත්කාරයෙන් ගුවන් මගින් උතුරට ආහාර හෙලා

ඉන්පසු ඉන්දු ලංකා ගිවිසුම  අත්සන් කර ගත්තේ මෙයට වසර  34 ක ට පෙර  1987.07.29 වනදා ය.



නමුත්  ජනාධිපති ජයවර්ධන මහවැලි මහ ගොවියා තේරීමේ උත්සවයේ දී ප්‍රකාශ කළේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම මගින් තමන් ලෙනින් කළා මෙන් මෙරටේ විප්ලවයක් සිදු කළ බවයි.  ජේ.ආර් ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් උරන වූ  ඉන්දියාව රෝ සංවිධානය හරහා තමිල්නාඩුවේදී සියලුම  දමිල ත්‍රස්තවාදී කල්ලි වලට ආයුධ පුහුණුව ලබා දීමත් ඒ මඟින් 1984 වනවිට එම කණ්ඩායම් ප්‍රබල ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරලීමත් සිදු කළේය.

jzhsj



ඉන්දියාවේ බලපෑම මත1985 තිම්පු සාකච්ඡා සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයා වන ජනාධිපති නීතිඥ එච්. ඩබ්ලිව් ජයවර්ධන ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් පිටත් කර හැරියත් ද්‍රවිඩ සංවිධාන ඉදිරිපත් කරන ලද තිම්පු මූලධර්මවලට එකඟ නොවීම මත සාකච්ඡා අසාර්ථක විය. නමුත් එම කාලසීමාවේ පැවති සටන් විරාමය මගින් උපරිම ප්‍රයෝජනය ලබාගත් ත්‍රස්තවාදී සංවිධාන රජයේ හමුදා කඳවුරුවලට කොටුවී සිටි එම කාලයේ දී ප්‍රබල ලෙස වර්ධනය විය. වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වන්නේ මෙවැනි පසුබිමක් යටතේය.

  රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එල්ටීටීඊ සංවිධානයට ආයුධ ලබා දීමට සිදුවන්නේ ඒ වනවිටත් ඉන්දියානු සාම සාධක හමුදාව ඊ පී ආර් එල් එෆ්  සංවිධානය සමග එක්ව දෙමළ ජාතික හමුදාවක් පිහිටුවා උතුරේ මහ ඇමති ලෙස සිටි වර්ධරාජා පෙරුමාල් පාලනය කරගත නොහැකි තත්ත්වයක සිටි නිසාය.



රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වී වසරක් ගතවන තුරුම ඔහුට ඉන්දියාවේ සංචාරයක් සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. පුවත්පත් සාකච්ඡාවේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි. මේ වන විට පළාත් සභා මැතිවරණ නොපවත්වා වසර පහක කාලයක් ගත වී ඇත.



ජනාධිපතිවරයාට සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට මතක් වූයේ ද ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීම සිදුවන්නේ ද මෙම පසුබිම යටතේ ය. නමුත් ඇත්තටම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉන්දියාවට හෝ ද්‍රවිඩ දේශපාලන පක්ෂවලට අභිලාෂයක් ඇත්ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු තත්ත්වයකි.

භූ දේශපාලනය මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල තීරණාත්මක කාර්යයක් ඉටු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඉවත් කිරීමේ සිදු වීමෙන් පෙනී යයි. චීනයේ පළාතක් සමග මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් කිරීමට කටයුතු කිරීම ඇයට එම ධුරය අහිමි වීමට ආසන්න ම හේතුවයි,  පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කලේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු ඉන්දියාව සමග සිදුකරන බවත් ඒ සඳහා දිස්ත්‍රික්කය කලාප කිහිපයකට බෙදා වරාය, පුනර්ජනනීය බලශක්ති, කාර්මික ලෙස දියුණු කිරීමට කටයුතු  කරන බවයි.



ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සඳහා 2003 වසරේ සිට පැවති එකගතාවය වෙනුවට වඩා බලවත් ගිවිසුමක් ආණ්ඩුවඅත්සන් කරන්නේ ගිය වසරේ උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසිනි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ජනාධිපති වරයාගේ පණිවිඩයක් සමග තමිල්නාඩු සහ තෙලංගනා ප්‍රාන්ත  මහ ඇමතිවරු හමුවන්නේත්‍ ලංකාවත් ඉන්දියාවත් අතර ඛනිජ තෙල් නළ මගින් සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා වන්නේ ද එකම කාලයකදී ය.



 ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේදී ව්‍යාපාරික ගෞතම් අදානි මුණගැසුණු අතර පුනර්ජනනීය බලශක්ති පිලිබද මන්නාරම සහ මුතුර් ප්‍රදේශයේ ඒකාධිකාරය ඔහුට හිමි වන්නේ දැනටමත් ඔහුගේ සමාගමට හිමි වී ඇති බටහිර කොළඹ වරාය පර්යන්තයට ( Colombo port western  container terminal-wtc ) අමතරවය.

hsas

2005 ජුනි 6 වන දින මන්මෝහන් සිං අගමැතිවරයා වැඩආරම්භ කරනු ලැබූ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉදිරියට සිදු නොකරන බවට භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව 2021 මාර්තු මාසයේදී ප්‍රකාශය පත් කළේ පාරිසරික හේතුවලට වඩා හින්දු මත වාද මුල්කරගනිමිනි. මහා භාරතයට අනුව රාම කුමරාගේ වානර සේනාව විසින් ඉදිකරන ලද මෙම පාලම ඉදිකිරීම භාරතීය ජනතා පක්ෂයේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආලෝකයක් වනු ඇත. මේ වනවිටත් භාරතීය ජනතා පක්ෂයේ කොඳුනාරටිය වන RSS සංවිධානය (Rashtriya Swaymsevak Sangh ) කොළඹ කාර්යාලයක් පිහිටුවා වතුකරයේ සහ උතුරේ වැඩකටයුතුවල නිරත වෙමින් සිටී.



ඉන්දීය රුපියල් මගින් භාණ්ඩ ආනයනය හැරුණු විට සංචාරක කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවති. ත්‍රිකුණාමලයේ සංවර්ධන කටයුතුවලට වෙනත් කිසිදු රටක සමාගමකට මැදිහත්වීමට අවකාශයක් නොමැති බව වැඩ කටයුතු සිදු වන ආකාරයෙන් පෙනී යයි. මෙය නව ආර්ථිකය යටත්විජිතවාදයකි. මේ සම්බන්ධයෙන් විපක්ෂය හැරුණු විට ඉන්දියානු ව්‍යාප්තවාදය තමන්ගේ දේශපාලන පන්ති පහටත් එක් කරගෙන සිටී ජනතා විමුක්ති පෙරමුණත් නිහඬය.


සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image