ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින්, වාර්ගික හා ආගමික සහජීවනය

හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ වරදකට උසිගැන්වීම, සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි සීමාවන්ට යටත්ව ඕනෑම මාධ්‍යයක ප්‍රකාශනය ද ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහතික කර ඇත.

එසේ වුව ද, අන්තර්ජාලය ඔස්සේ කථා කිරීම, ප්‍රකාශනය සහ එයට  අදාළ ක්‍රියා දැඩි ලෙස සීමා කරන පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. එමගින් යෝජිත සීමාකිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) වගන්තියේ දක්වා ඇති සීමාවන් ඉක්මවා යයි.



මෙම පනත් කෙටුම්පතෙන් කරන්නට යන්නේ සත්‍ය සහ අසත්‍ය පිළිබඳ පුද්ගල නිශ්‍රිත විනිශ්චයන් මත පදනම්ව කුමන කතාවට අවසර දෙන්නේද සහ තහනම් කරන්නේද යන්න තීරණය කරන “ඔන්ලයින් සත්‍ය කොමිසමක්” ලෙස විස්තර කළ හැකි ආයතනයක් ස්ථාපිත කිරීමය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත ඉදිරියට ගෙන යාමට ඉඩ දුනහොත්, විධායකයේ කොටසක් වන මෙම ආයතනය ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියා පටිපාටි හරහා එහි කාර්යයන් ඉටු කරනු ඇත.



පොදු කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ තීරණ ගන්නා නිලධාරීන් ස්වභාවික යුක්තියේ රීති ලෙස විස්තර කෙරෙන පොදු නීති පටිපාටි මාලාවකට යටත් විය යුත්තෝ ය. මෙම පනත කෙටුම්පත් කළ අය ඔවුන්ගේ නීති අධ්‍යාපනයේ එම කොටස අතපසු කර ඇති බව පෙනෙන්නට තිබේ. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල බෙදීම පමණක් නොව, පරිපාලන නීතියේ මූලික මූලධර්ම ද උල්ලංඝනය කරයි.



ප්‍රකාශ සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීම



“ඔන්ලයින් සත්‍ය කොමිසම” මගින් යම් ප්‍රකාශයකට විරුද්ධව කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාදක කරගත් සන්නිවේදන සේවා භාවිතා කරන්නන් විසින්, ඇසීමෙන් , දැකීමෙන් හෝ වෙනත් ආකාරයකින් අවබෝධ කරගන්නා තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් අගතියට පත් වූ තැනැත්තෙකු කොමිසමට වාචිකව, ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් එවැනි සන්නිවේදනයකට අදාළ තොරතුරු සපයන පැමිණිල්ලක් කිරීම පමණි (s. 26). ICCPR පනත (2007 අංක 56) යටතේ ශක්තික සත්කුමාර පීඩාවට ලක්කිරීම මෙය ක්‍රියාත්මක විය හැකි ආකාරය නිරූපණය කරයි.

"තහනම් ප්‍රකාශය" සංනිවේදනය කළ පුද්ගලයාට එහි සංසරණය වළක්වන ලෙස දැනුම් දීමට කොමිසමට බලය ඇත. දෙපාර්ශවයට ම සවන් දීමේ අවශ්‍යතාවයක් නැත. පැය 24ක් ඇතුළත ප්‍රකාශය ඉවත් නොකළේ නම්, අන්තර්ජාල සේවා සපයන්නා (ISP) හෝ අන්තර්ජාල අතරමැදියා/වේදිකාව හරහා පියවර ගත හැකි ය. ISP හෝ වේදිකාවේ අදහාස් විමසීමේ අවශ්‍යතාවයක් නොමැත. තමන්ට එරෙහි සාක්ෂිවලට ප්‍රතිචාර දැක්වීමට සෑම පාර්ශවයකට ම අවස්ථාව ලබා දෙන, සාධාරණ විභාගයකින් තොරව කිසිඳු පුද්ගලයකු විනිශ්චයට ලක් නොකළ යුතුය යන ස්වභාවික යුක්තියේ මූලික මූලධර්මය මෙහි දී උල්ලංඝනය වෙයි..



26 වගන්තියේ ක්‍රියාදාමය වෙනුවට, අගතියට පත් පුද්ගලයෙකුට සෘජුවම මහේස්ත්‍රාත්වරයෙකුගෙන් අතුරු නියෝගයක් ඉල්ලා සිටිය හැකි ය (s. 27). සති දෙකක් ඇතුළත  විභාගය අවසන් කළ යුතු ය. කෙසේ වෙතත්, නොතීසි භාරදීම ගැන ඇති විධි විධාන සහ මහේස්ත්‍රාත්වරයාගේ කොන්දේසි සහිත නියෝගය අවසන් නියෝගය නොවිය යුත්තේ මන්දැයි පෙන්වීමට පාර්ශවයන් පෙනී සිටිය යුතු දින හතක කාලසීමාව මගින් සාමාන්‍ය අර්ථයෙන් සාධාරණ විභාගයක් වළක්වයි. 26 වැනි වගන්තියේ සරල බව නිසා 27 වැනි වගන්තිය කලාතුරකින් පමණක් භාවිතා කිරීමේ තත්ත්වයට පත්වීමේ  ඉඩ ඇත. ඔන්ලයින් සත්‍ය කොමිසමට අපේක්ෂිත ප්‍රහාරයට එරෙහිව පලිහක් ලෙස එය ඇතුළත් කර තිබෙනවා විය හැකි ය.

එක හොඳ දෙයක් නම් ICCPR පනතේ තිබු ඇප ලබා ගැනීම අපහසු කිරීමේ වැරැද්ද නැවත සිදු නොකිරීමයි. 47 වැනි වගන්තියේ සඳහන් වන්නේ අත්අඩංගුවට ගැනීමක් කළ හැක්කේ වරෙන්තුවකින් පමණක් බව සහ මෙම වැරදි සඳහා ඇප දිය හැකි බව ය.


අධික ස්වයං-නියාමනයකට තුඩු දෙන නොපැහැදිලි පාරිභාෂිතය

පුද්ගලයෙකු අගතියට පත්වීම පිළිබඳව පනත් කෙටුම්පත හඳුනා ගන්නා බොහෝ ක්‍රම අතර:

• ජාතික ආරක්‍ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් එල්ල කිරීම හෝ අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කිරීම (s. 12);

• ප්‍රකෝප කිරීමෙන් කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බව චේතනාන්විතව ම හෝ ඒ බව දැන දැන ම  යම් තැනැත්තෙකු විසින් ද්වේශ සහගතව හෝ නිකරුනේ අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් යම් තැනැත්තකු ප්‍රකෝප කළ අවස්ථාවක දී  (s.14);

• අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ආගමික වැඳුම් පිදුම් කිරීමක හෝ ආගමික පුජාවන්හි නීත්‍යනුකුලව යෙදී සිටින යම් රැස්වීමකට ස්වේච්ඡාවෙන් ම බාධා කිරීම (s 15 )

• ආගමික හැගීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම ( s 16)

• අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම, ඒ පන්තියේ ආගමට සහ ආගමික විශ්වාසවලට නින්දා කිරීම හෝ නින්දා කිරීමට තැත් කිරීම ( s 17 )

• අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් යම්  පුද්ගලයකු මහජන සාමය කඩ කිරීමට හෝ වෙනත් වරදක් කිරීමට හේතු වන ලෙස පුද්ගලයෙකුට අපහාස කිරීම හෝ ප්‍රකෝප කිරීම (s. 20).

ඉහත කෙටියෙන් විස්තර කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහසට සෘජුවම බාධා කරන  වැරදි ලෙස අර්ථ දක්වා ඇති තෝරාගත් වැරදි සමූහයකි.

පවතින නීතිය යටතේ වරදක් වන වංචා කිරීම (s. 18) සහ ව්‍යාජ ලෙස පෙනී සිටීම (මාර්ගගත  පුද්ගලාරෝපණය ලෙස හැඳින්වේ, s. 19) වැනි වෙනත් වැරදි ද පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත්තේ   සාරාංශ ක්‍රියා පටිපාටිවල වාසිය ලබා ගැනීමට විය හැකි ය. පවතින නීතියෙන් ආවරණය නොවන පළිගැනීමේ කාමුක දර්ශන බෙදා හැරීම වැනි කරුණු ද ඇතුළත් කර ඇත (s. 23).



දීර්ඝ අර්ථකථන කොටස (s. 56) "දත්තය" යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේ සීමාව දක්වා යයි. නමුත් එය ඉහත විස්තර කර ඇති වැරදිවල ප්‍රධාන අංග, එනම්, “ආගමික හැඟීම් ප්‍රකෝප කිරීම හෝ රිදවීම” හෝ “පන්ති අතර අකැමැත්ත”  වැනි දෑ අර්ථ දැක්වීමට උත්සාහ නොකරයි. ICCPR පනතේ මෑත කාලීන අත්දැකීම් මත පෙනී යන්නේ මෙම අංග නිශ්චිතව නිර්වචනය නොකිරීම අපයෝජනයට ඉඩ හදන බව යි. නොපැහැදිලි ලෙස නිර්වචනය කරන ලද වැරදි නිසා ඇති වන අවිනිශ්චිතතාවය ඊටත් වඩා භයානක වනු ඇත. අවසර දී ඇති දේ සහ වරදක් වන්නේ කුමක්ද යන්න අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අන්තර්ගත නිර්මාපකයන්, අතරමැදියන් සහ අන්තර්ජාල පහසුකම් සපයන්නන් අධික ලෙස දැඩි ස්වයං-නියාමනයකට  පෙළෙඹ වීමට  ඉඩ ඇත. සමහර විට මේ පනතේ සැබෑ අරමුණ මෙය විය හැකි ය.




සත්‍යය තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අය විසිනි

ප්‍රකාශ අසත්‍ය බවත්, ඒවා ජාතික ආරක්ෂාව, මහජන සාමය, අමනාපය, ආගමික හැඟීම් රිදවීම යනාදී විෂයානුබද්ධව නිර්වචනය කරන ලද කාරණාවලට තර්ජන එල්ල කරන බවත් කොමිසම හෝ මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කිරීම මත ඉහත සඳහන් වැරදි රඳා පවතී. සාවද්‍ය ප්‍රකාශයක් නිර්වචනය කරනු ලබන්නේ “එහි නිර්මාතෘ විසින් වැරදි හෝ අසත්‍ය බව දන්නා හෝ විශ්වාස කරන ප්‍රකාශයක් වන අතර විශේෂයෙන් රැවටීමට හෝ නොමඟ යැවීමේ චේතනාවෙන් කරන ලද්දක්” වන අතර සද්භාවයෙන් කරන ලද අනතුරු ඇඟවීමක්, මතයක් හෝ චෝදනාවක් ඇතුළත් කොට නැත (s 56). විත්තිකරුවකුට ඔහුගේ හෝ ඇගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සහ චෝදනාවේ සත්‍යතාව අභියෝගයට ලක් කිරීමට, දිගු කලක් තිස්සේ පිළිගෙන ඇති  ක්‍රියා පටිපාටියේ නීති යටතේ ඉඩ දීමෙන් පසුව, ප්‍රකාශයක් සාවද්‍යද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයේ සාමාජිකයෙකු විසින් කරනු ලැබුවහොත්, යමෙකු ඕනෑවට වඩා තැකීමක් නොකරනු ඇත..

නමුත් එය එසේ නොවේ. බොහෝ අවස්ථාවලදී, මෙම තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පුද්ගලයන්ගෙන් සැදුම්ලත් "ඔන්ලයින් සත්‍ය කොමිසම" මගිනි. ජනාධිපතිවරයා විසින් "පවරන ලද හේතු මත" ඔවුන් ඉවත් කළ හැකිය. මෙය අධිකරණ ආයතනයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත් කරන ස්වාධීන කොමිෂන් සභාවක් නොවේ. ඔවුන් පත්කිරීමේ/ඉවත් කිරීමේ බලධාරියාගේ අවශ්‍යතා ඉටු නොකරන්නේ නම්, ඉල්ලා අස්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට හෝ කිසියම් සාදන ලද හේතුවක් මත ඉවත් කිරීමට ඉඩ ඇත.


ප්‍රකාශනය ආරක්ෂා කරන ඵලදායී විසඳුම්

පළිගැනීමේ අසභ්‍ය දර්ශන යන නව සංසිද්ධිය සඳහා ඉතා සුදුසු ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක් හරහා නව වරදක් නිර්මාණය කිරීම අවශ්‍ය වන බව පිළිගත හැකි ය. ව්‍යවස්ථාදායක අඩුපාඩු නිසා සිදුවී ඇති අසාධාරණයන් සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීම අවධානයට ලක්විය යුතු බවට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, නෛතික අඩුපාඩුව සියලු ආකාරයේ අපහාසයන්ට අදාළ වන බැවින් මාර්ගගත අපහාසය පමණක් ආමන්ත්‍රණය කරන නව නීතිය සඳහා ඇත්තේ දුර්වල සාධාරනීකරණයකි. එසේ වුව ද, බරපතළ කනස්සල්ල නම් මෙහි අවධානයට ලක්වන කරුණ බව පෙනෙන, හානියක් සිදුවිය හැකි යැයි දකින ඔන්ලයින් ප්‍රකාශයි.



ඔන්ලයින් ප්‍රකාශ මගින් සිදුවන හානි බොහෝ ආකාරවලින් වටහාගෙන ඇති අතර, සේවා සපයන්නන්ගෙන් සහ රජයෙන් එයට පිළියම් සෙවීම සිදුවෙයි. එම හානි අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම සහ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කිරීම්වල සිට ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම හෝ පහසුකම් සැලසීම දක්වා විහිදෙයි. හානිකර අන්තර්ගතයන් සඳහා වගකීම් ඵලදායි ලෙස පැවරීමට මුද්‍රණාලවලට, ප්‍රකාශකයින්ට සහ විකාශකයින්ට හැකියාව තිබු අතීතයේ මෙන් නොව, අන්තර්ජාලය මගින් මිලියන ගණනකට, සමහර අවස්ථාවලදී නිර්නාමිකව හෝ ව්‍යාජ නාමයෙන්, පරිශීලක-උත්පාදිත අන්තර්ගතයන් (user-generated content, UGC) සෘජුවම ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී ඇත. ආණ්ඩුවල සහ අධිකරණවල බල සීමාවෙන් පිටත සිට ද ප්‍රකාශනයන් කළ හැකි ය. මේවා අවධානයට ලක්විය යුතු නව ගැටලු බව පිළිගත යුතු ය.

පරිශීලක-උත්පාදිත අන්තර්ගතයන් (UGC) අතිශය වේගවත් හා පැහැදිලි ලෙස ප්‍රචලිත කිරීමට ඔන්ලයින් වේදිකා මගින් ඉඩ සලසන බැවින්, උසාවි නියෝග හෝ පරිපාලන ක්‍රියාමාර්ග හරහා ලබා ගන්නා ප්‍රතිකර්ම අගතියට පත් පාර්ශ්වයන්ට සහ රාජ්‍ය බලධාරීන්ට සම්පූර්ණයෙන් ම ප්‍රතිචාර දැක්වීමට අසමත් වෙයි.



එබැවින්, හානියක් ලෙස සලකනු ලබන UGC  ඉවත් කිරීම හෝ අඩු කිරීම සඳහා වන ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග පිළිබඳ වගකීම, ඒ සඳහා තාක්ෂණික හැකියාව ඇති වේදිකා සපයන්නන් (ෆේස්බුක් වැනි සමාගම්) මත පැටවීමට නැඹුරුවක් ඇතිවෙයි. ඔන්ලයින් ආරක්ෂණ පනත එම කාර්යය සෘජුව කිරීමට රාජ්‍යය විසින් දරනු ලබන උත්සාහයක් ලෙස සැලකිය හැකි ය.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් ලෙස සලකන්නේ ද යත්, ශ්‍රී ලංකාවේ මෙන් ම බොහෝ ශිෂ්ට රටවල එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇත. සීඝ්‍රයෙන් සහ සන්ධිගත අයුරින් දාමයක් ලෙස අදහස් ප්‍රචලිත කිරීමෙන් මතුවන නව ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ කරන ව්‍යවස්ථාදායකයන් පළමුවෙන් තීරණය කළ යුතු වන්නේ ප්‍රමුඛතාව කුමක්ද යන්න යි.. එය වේගවත්ව කළ යුතු ඉවත් කිරීමක් නම් (ක්‍රයිස්ට්චර්ච් සමූලඝාතනය සජීවීව විකාශනය කිරීම වැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා), විසඳුම මෙම පනතේ යෝජනා කර ඇති දේ නොවේ. බොහෝ නියාමන ආයතන මෙන් සම්පත් අතින් අඩුපාඩු සහිත වීමට බොහෝ ඉඩ ඇති “ඔන්ලයින් සත්‍ය කොමිසම” සිය නියෝග නිකුත් කරන විට හානිය සිදු වී හමාර විය හැකිය..



රජය කළ යුතු වන්නේ නවසීලන්තය වැනි රටවල අත්දැකීම් පදනම් කර ගෙන ඔන්ලයින් වේදිකා සියල්ලට බලපාන ආචාර ධර්ම සංග්‍රහයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ප්‍රයත්නයන්ට නිල පිළිගැනීමක් ලබාදීම යි. මෙම ආචාර ධර්ම සංග්‍රහය මගින්, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ක්‍රියා පටිපාටි හරහා, පුළුල් ලෙස උපදේශනය කරන ලද සහ ක්‍රමානුකුල කරන ලද අර්ථ දැක්වීම් තුළට වැටෙන හානිකර අන්තර්ගතයන් ඉක්මනින් ඉවත් කිරීම සහතික කරනු ඇත. වේගයෙන් වෙනස් වන තාක්‍ෂණය සහ පරිශීලකයින්ගේ නවෝත්පාදනභාවය  (ශරීර කැමරාවක් භාවිතයෙන් සමූලඝාතනයක් සජීවීව විකාශනය කරයි කියා සිතාගත හැකිද?) හේතුවෙන්, වගකීම් සහගත හැසිරීම් වල ප්‍රමිතීන් පවත්වා ගැනීමට උත්සාහ කරන අයගේ අත්හදා බැලීම්වල සහ වේගවත්භාවයේ අවශ්‍යතාවය ඇතිකරයි.



ශ්‍රී ලංකාව සඳහා කෙටුම්පත් කර ඇති ආකාරයේ මුළු ක්ෂේත්‍රයටම බල පාන ආචාර ධර්ම සංග්‍රහයක්, නියාමන වැලි පීල්ලක් (regulatory sandbox) ලෙස සිතිය හැකි ය. ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරයත්, එය වැඩිදියුණු කළ හැකි ආකාරයත් ඉගෙන ගැනීමට සහ අවශ්‍ය අවස්ථාවල දී සැහැල්ලු ස්පර්ශ නමුත් ඵලදායී නීති සම්පාදනය කිරීමට ද එය භාවිතා කිරීමේ හැකියාව ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, රජය විසින් මෙම පනත ඉල්ලා අස්කර ගත යුතු අතර ආචාර ධර්ම  සංග්‍රහයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු ය. හානිය අවම කිරීම සම්බන්ධයෙන් එය කෙතරම් ඵලදායි දැයි නිරීක්ෂණය කළ යුතු ය. ඉන්පසු කර්මාන්තයේ ශක්තීන් සහ දඬුවම් කිරීමට රාජ්‍යයට ඇති හැකියාව උත්තෝලනය කරන  සම-නියාමන යෝජනා ක්‍රමයක්, නිසි නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කරමින්. සකස් කළ යුතු ය.


Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතේ පළවූ ලිපියකි)

 

 

Anida

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image