තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන්

ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා ගාලුමුවදොර පැවැති ගෝඨා ගෝ ගම අරගලයට ක්‍රියාකාරිව මැදිහත් වූ බවයි.

පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙන්වා දෙයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඇත.


කිලී ෆීසර් ගෝල්ෆේස් අරගල පිළිබදව වීඩියෝ සහ ඡායාරූප සිය Instagram ගිණුම ඔස්සේ පළකර තිබිණ.

ka 1

කිලී ෆීසර්ගේ Instagram ගිණුම

 

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය
(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර BBC යට ප්‍රකාශකර තිබුනේ, අගෝස්තු 15 වැනිදා (සඳුදා) සිට ක්‍රියාත්මක වන පරිදී ඇයගේ වීසා අවලංගු කොට ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු විසින් අත්සන් කරන ලද නිවේදනයකට අනුව ඇයට මෙලෙස රටින් පිටවන ලෙස නියෝග කර ඇත්තේ පෙරේදා (10) දිනයි.

 

insta a

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිලී ෆීසර්ට රටින් පිටවන ලෙස දන්වා එවූ ලිපිය තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ පළකළ තුබූ අයුරු

 

අගමැති ලෙස රනිල් විදෙස් සංචාරකයින්ට දුන් සහතිකය !


මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

thura 1thura 2




ජන අරගලයට විදේශිකයන් ද එක්වෙයි ''GO HOME GOTA...GO TO GO TO GO''



සබැඳි පුවත් :
වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්