The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
පුවත්

20 ට ශ්‍රීලනිපයේ සහය පළවේ.- ද්විත්ව පුරවැසිභාවය ගැන තීන්දුව හෙට !

T

The Leader Desk

October 21, 2020 • 10:29 AM

 20 ට ශ්‍රීලනිපයේ සහය පළවේ.- ද්විත්ව පුරවැසිභාවය ගැන තීන්දුව හෙට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොන්දේසි සහිතව විසිවන සංශෝධනය සම්මතකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
  • කෙසේවුවද ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තියට සහය දෙන්නේ දැයි කල විමසීමේදී ඔහු පැවසුයේ ඒ සම්බන්ධයෙන් හෙට ප්‍රතිචාරයක් දක්වන බවයි.
  • ''මන්ත්‍රීවරු 150ක් නෙමෙයි 156 විතර අපට ඉන්නවා.
  • සංශෝධන තවදුරටත් සිදුවිය යුතුයි - මහා සංඝරත්නය ශ්‍රීලනිපට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එබව කියා සිටියේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය විසින් ඉදිරිපත්කල මුලික විරෝධතා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානය යොමුවූ බවත් ඒ අනුව කෙටුම්පතේ ඇතැම් වගන්ති ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයා එකඟවූ බවත් එය තම පක්ෂය ලැබූ ජයග්‍රහණයක් බවත් ඔහු කියා සිටියේය.

කෙසේවුවද ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තියට සහය දෙන්නේ දැයි කල විමසීමේදී ඔහු පැවසුයේ ඒ සම්බන්ධයෙන් හෙට ප්‍රතිචාරයක් දක්වන බවයි.

විසිවන සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය පමණටත් වඩා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව ද ඔහු අවධාරණය කර සිටියේය. ''මන්ත්‍රීවරු 150ක් නෙමෙයි 156 විතර අපට ඉන්නවා. විස්ස උඩින්ම දිනනවා'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සංශෝධන තවදුරටත් සිදුවිය යුතුයි - මහා සංඝරත්නය ශ්‍රීලනිපට කියයි


Daya21ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය.

අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් සමග 20 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජාතික සංවිධාන සහ ප්‍රගතිශිලී බලවේග ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු කණ්ඩායම 20 වැනි සංශෝධනයේ තවදුරටත් සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළේ ය.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ, ද්විත්ව පුරවැසි බාධකය ඉවත් නොකළ යුතු බවයි.


ගෝඨාවාදී මැදගොඩ හිමියන් ගෙන් දැඩි ප්‍රකාශයක් !

මේ අතර ගෝඨාවාදී හිමිනමක් ලෙස ප්‍රකට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසුයේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ජයග්‍රහණය කරවා සමාගම් විගනනය, හදිසි පනත් ගෙනඒම, ද්විත්ව පුරවැසිභාවය පරාජය කළ යුතු බවයි. 

උන් වහන්සේ මේ බව සදහන් කර සිටියේ අද ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් පැපිලියානේදි පැවති මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික විද්වද් භික්ෂු සංසදය නියෝජිතයින් වන මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද, ආචාර්ය දම්පහල රාහුල සහ පුස්සැල්ලයායේ චන්දිම යන ප්‍රකට ස්වාමින් වහන්සේලා ද සහභාගී වී සිටියහ. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...