The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලාෆ් ගැස් : ආන්ඩුවේ තවත් ගජමිතුරු මගඩියක් !- ශිරාල් ලක්තිලක

T

The Leader Desk

May 31, 2021 • 6:21 AM

 ලාෆ් ගැස් : ආන්ඩුවේ තවත් ගජමිතුරු මගඩියක් !- ශිරාල් ලක්තිලක 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංකොලොත්වී සිටින ලාෆ් ගැස් සමාගම සමග රජයේ ගැස් සමාගමක් වන ලිට්‍රෝ ගැස් සමාගම සමග merger (ඒකාබද්ධ කිරිමක්) මහා භාන්ඩාගාරය යෝජනා කරයි.
  •   ලාෆ් සමාගම මෙරටේ ගැස් ඉල්ලුමෙන් මෙට්‍රික් ටොන් 60 දහසක් සැපයීමේ හැකියාව පවතින අතර හම්බන්තොට පිහිටවු නවතම ටර්මිනලයෙන් මෙට්‍රික් ටොන් 30,000 ක් බෙදාහැරීමේ හැකියාව ලබාගෙන තිබුනි.
  •       මේවන විට ලාෆ් ගැස් සමාගම රුපියල් බිලියන 22 පමන ණය බරකට මුහුන දෙමින් සිටින අතර දේශීය බැංකු මේවන විට සලකන්නේ සමාගම බංකොලොත්වු ව්‍යාපාරයක් ලෙසටය.
  •     ලිට්‍රෝ සමාගම ගැස් සමාගමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 8000 කි.
අකුරු ප්‍රමාණය (Font Size):
එහි මුලික ඉලක්කය ලෙස දක්වන්නේ දේශිය වෙළඳපලෙහි මිල ස්ථායීකරන යයි.  නමුත් සැබැ අරමුන ගජමිතුරු මගඩියකි.
 
ලාෆ් සමාගම මෙරටේ ගැස් ඉල්ලුමෙන් මෙට්‍රික් ටොන් 60 දහසක් සැපයීමේ හැකියාව පවතින අතර හම්බන්තොට පිහිටවු නවතම ටර්මිනලයෙන් මෙට්‍රික් ටොන් 30,000 ක් බෙදාහැරීමේ හැකියාව ලබාගෙන තිබුනි.
 
 
 
මේවන විට ලාෆ් ගැස් සමාගම රුපියල් බිලියන 22 පමන ණය බරකට මුහුන දෙමින් සිටින අතර දේශීය බැංකු මේවන විට සලකන්නේ සමාගම බංකොලොත්වු ව්‍යාපාරයක් ලෙසටය.
 
 
ලිට්‍රෝ සමාගම ගැස් සමාගමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 8000 කි. එයද මේවන විට දුවන්නේ අලාබ පිටය. එහි ප්‍රධාන ආයෝජකයා ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවයි. ලිට්‍රෝ සමාගම පුර්න රාජ්‍ය සමාගමකි.
 
 
 

LAUGFS Terminals Hambanthota Image 01

 
දැන් කැබිනට් පත්‍රිකාව යෝජනා කරන්නේ මිල ස්ථායීකරනයේ නාමයෙන් ලාෆ් සමාගමේ ණය බර රජයේ කරට ගන්නය. ආණ්ඩුව දැන් කියන්නේ මෙය PPP ඝනයේ (public private partnership) ගිවිසුමක් බවයි. එසේ නම් බිලියන 22 ක අලාබය උකහා ගැනීමට වෙළඳ ලෝකයේ සිදුවන පලමු PPP එකක් වෙනුවෙන් සිදු කරන merger එක මෙය වනු ඇත.
 
 
ලාෆ් සමාගමේ සම්පුර්න ණය බර දරන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුවයි. රජය මෙම PPP ය හරහා ලාෆ් සමාගමේ ණය බරද තම හිසට ගත් පසුව බැංකු දෙකට හිමිවන්නේ තවත් අයකර ගත නොහැකි bad debt එකකි.
 
හරි නම් බැංකු දෙක කල යුත්තේ ණයකරුවන් ගේ ඇවර කිරීමක් හරහා හෝ පරාටේ වෙන්දේසියකින් තම ණය අය කර ගැනීමට කටයුතු කිරීමය. එවිට වෙලඳපල අතික්‍රමනය කිරීමට විභවය ඇති සමාගමක් ලාෆ් සමාගමේ වත්කම් මිලට ගෙන නැවතත් ගෑස් වෙළඳාම සිදු කරනු ඇත.
 
 
 
 
දැන් කරන්නට යන්නේ ණය රටට බරක් කොට ගමිතුරන් කන්ඩායමකට රට තව තවත් ණය කිරීම සඳහා PPP ලේබලයක් ගසා දැවැන්ත දුෂණයකට හා නාස්තියකට පාර කැපිමටය.
 
 

z bus piii LAUGFS Ch                 ලාෆ් සමාගමේ නිර්මාතෘ වෑගපිටිය

 
මෙම සංකල්පය තුල සිටින ගජමිතුරන් කව්දැයි ලාෆ් සමාගම හා ලිට්රෝ සමාගමේ අතිත හා වර්තමාන පාලනයේ කොටස් කරුවන් කව්දැයි සොයා බැලීමෙන් සනාත වනු ඇත.
 
ලාෆ් සමාගමේ නිර්මාතෘ වෑගපිටිය මහතා මෙරට පහලවු සැබැ ව්‍යවසායකයෙකි. ඔහුගේ ඉනිම අවසානවී තිබේ. ඒ පිලිබඳව අපට ඇත්තේ සංවේගයකි. 
 
නමුත් ඔහුගේ කළමනාකරණයේ වැරදි සඳහා මෙරට ජනතාව වන්දි ගෙවිය යුතු නැත. ලාෆ් සමාගමට විකල්ප පවතින්නේ වෙළඳපොල නිර්මාන තුල මිස රාජ්‍ය තුල නොවේ.
 
 
shiral3(නීතිඥ ශිරාල් ලක්තිලක) 
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
 
 
 
 
 
 
###############

 

THE LEADER TV 
 

කුරුණෑගල හොඳටම කළේ ජොනී

 

සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාෆ් ගැස් : ආන්ඩුවේ තවත් ගජමිතුරු මගඩියක් !- ශිරාල් ලක්තිලක | The Leader