The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

මහ බැංකු නව දියුණු මුදල් ප්‍රතිපත්තිය. මැලේසියාවෙන් ආනයනයක් ද?

T

The Leader Desk

December 1, 2024 • 11:30 AM

මහ බැංකු නව දියුණු මුදල් ප්‍රතිපත්තිය. මැලේසියාවෙන් ආනයනයක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කෙටි ලිපියේ අරමුණ වත්මන් මැලේසියානු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය කෙටියෙන් ඉදිරිපත් කිරීම යි.
  • පසුගිය 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි දියුණු කළ, ශක්තිමත් මුදල් ප්‍රතිපත්තිය ලෙස නව මුදල් ප්‍රතිපත්ති මොඩලයක් ඉදිරිපත් කොට, මාධ්‍යය පුරා විවිධාර ප්‍රවෘත්ති මවන ලදි.
  • එහි දී, මෙවැනි මුදල් ප්‍රතිපත්තියක් මැලේසියාව අනුගමනය කරන බව ද දැක්වින.
  • නව ක්‍රමය මගින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සංඥාවන් පැහැදිලි සහ පිරිසිදු වී, මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වඩාත් කාර්යක්ෂම වී, ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික අවධමන ගැටළුව ඇතුළු සියළු ආර්ථික ලෙඩ දොස් සුව වී, ආර්ථිකය කඩිනමින් ස්ථායිකරණය කෙරෙන බවට විශේෂ ප්‍රවෘතියක් ද වපුරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම කෙටි ලිපියේ අරමුණ වත්මන් මැලේසියානු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. ඊට පසුබිම මෙසේ ය.

පසුගිය 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි දියුණු කළ, ශක්තිමත් මුදල් ප්‍රතිපත්තිය ලෙස නව මුදල් ප්‍රතිපත්ති මොඩලයක් ඉදිරිපත් කොට, මාධ්‍යය පුරා විවිධාර ප්‍රවෘත්ති මවන ලදි. එහි දී, මෙවැනි මුදල් ප්‍රතිපත්තියක් මැලේසියාව අනුගමනය කරන බව ද දැක්වින.

නව ක්‍රමය මගින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සංඥාවන් පැහැදිලි සහ පිරිසිදු වී, මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වඩාත් කාර්යක්ෂම වී, ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික අවධමන ගැටළුව ඇතුළු සියළු ආර්ථික ලෙඩ දොස් සුව වී, ආර්ථිකය කඩිනමින් ස්ථායිකරණය කෙරෙන බවට විශේෂ ප්‍රවෘතියක් ද වපුරන ලදි.

 


එසේම, මෙය විශේෂයෙන් ආර්ථික විද්‍යාව අ.පො.ස. උසස් පෙළ සහ උපාධි සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ වැදගත් කමක් ඇති මාතෘකාවකි. ඊට හේතුව, මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විෂය නිර්දේශය සහ ප්‍රචලිත විභාග ප්‍රශ්න සංශෝධනය කිරීමට සිදු වන බැවිනි. එබැවින්, මෙම ලිපිය විශේෂයෙන් ඔවුන් ඉලක්ක කොට සැකසී ඇත.

එබැවින්, නව මුදල් ප්‍රතිපත්තිය කුමක් ද? යන්න හැදෑරීමට ප්‍රථම, මැලේසියානු මුදල් ප්‍රතිපත්තිය කුමක් ද? යන්න අවබෝධ කර ගැනීම ප්‍රයෝජනවත් වෙයි. 

එහෙත්, මෙම ප්‍රවෘත්තිය පරීක්ෂා කිරීමෙන් පසු මට හැඟී ගියේ, මෙම නව මුදල් ප්‍රතිපත්තිය යනු කෙසේ මුදල් මුද්‍රණය කරන්නේ ද? යන්න, මහ බැංකුව විඳවන හිසරදයට කොට්ටය නොව, කොට්ට උරය මාරු කිරීමක් ලෙස ය.

 

මහ බැංකුවේ හිතුවක්කාරී වැටුප් වැඩිකිරීම නීති විරෝධියි !

වර්ෂ 2000 දී පමණ වත්මන් ස්වරුපයේ ප්‍රතිපත්ති පොලී අනුපාත සහ මුදල් ප්‍රතිපත්ති සභාව මත පදනම් වූ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය IMF/ලෝක බැංකු උපදෙස් අනුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී, එවක මහ බැංකු අධිපති වූ ඒ එස් ජයවර්ධන මහතා විසින් සටහන් කරනු ලැබුවේ, එය "හිසරදයට කොට්ටය මාරු කිරීමක් " සේ පෙනෙන බව යි.

එසේම, පසුගිය දිනවල මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කළ ආකාරය පිළිබඳ ව නැගුන මහජන චෝදනාවන් දක්ෂ ලෙස වැසීමේ සැඟවුණ අරමුණු කිහිපයක් ද මෙහි දැකිය හැකිය.

මුදල් ප්‍රතිපත්තිය යනු කුමක් ද?

මහ බැංකු සහ ආර්ථික විද්‍යාඥයන් විසින් කුමන විද්‍යාත්මක දේශනයන් පැවැත් වුව ද, මුදල් ප්‍රතිපත්තිය යනු හුදෙක් මහ බැංකුව විසින් ආර්ථිකයට අවශ්‍ය මහ බැංකු මුදල් හෝ සංචිත මුදල් නිකුත් කරන ආකාරය යි. එනම්, කෙසේ, කොපමණ, කා සඳහා මුදල් මුද්‍රණය කරන්නේ ද? යන මහ බැංකුව මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්නයන් නිරාකරණය කිරීමේ ක්‍රමවේදය යි. එය දේව ධර්මයක හෝ ස්වාභාවික විද්‍යාවක හෝ ආධාරයෙන් නොව, හුදෙක් මහ බැංකුවල පෞද්ගලික සංකල්පයන් අනුව සිදු කෙරේ. මෙසේ නිකුත් කෙරෙන මුදල්, කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ ඇති බැංකු ගිණුම් ශේෂ ලෙස ආර්ථිකයෙහි ගනුදෙනු කෙරේ.

 

රුපියල ශක්තිමත්වීම හා ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම - (රජිත් කීර්ති තෙන්නකෝන්)
මෙය රටවල් අතර යම් යම් වෙනස්කම් පවතී. එසේම, අතීතයේ සිට එය වෙනස් වී විකාශය වී ඇත. නූතන මුදල්වල සිදු වන නවීකරණය දෙස බලන විට, ඉදිරි අඩ සියවස තුළ රටවල මහ බැංකු හෝ මහ බැංකු මුදල් මුද්‍රණය හෝ ජනසමාජයෙන් වඳ වී යාමට ද හැකියාව පවතී. එහෙත්, ආරම්භයේ සිට සෑම මහ බැංකුවක්ම විඳවන හිසරදය එකමය. මුදල් මුද්‍රණය නොකරන බව පවසමින්, මුදල් මුද්‍රණය කරන බව පවසන්නේ, මෙම හිසරදය අසාධ්‍ය වී ඇති අවස්ථාවල ය.

මහ බැංකු පවතින්නේ හුදෙක් රජය වෙනුවෙන් ආරක්ෂාකාරී ලෙස මුදල් මුද්‍රණය සඳහා ය. අනෙක් මහ බැංකු කාර්යයන් හුදු රජය සඳහා කෙරෙන ලිපිකාර කාර්යයන් ය.

මැලේසියානු මහ බැංකු මුදල් ප්‍රතිපත්තියේ මූලික මෙවලම්

 

රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතය. එනම්, බැංකු අතර සිදු වන එක් දින ණය සඳහා වූ පොලී අනුපාතයන් (අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතය) සඳහා මහ බැංකුවේ  ඉලක්ක පොලී අනුපාතය යි. දැනට, එය 3% ක් වෙයි. එබැවින්, එය ගනුදෙනු කෙරෙන සැබෑ පොලී අනුපාතයක් නොවේ. හුදෙක් උපකල්පිත පොලී අනුපාතයකි. මහ බැංකුව විසින් කලින් කලට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති තීරණය යනු මෙම උපකල්පිත පොලී අනුපාතය වෙනස් කිරීම හෝ ස්ථාවරව තබා ගැනීමේ තීරණය යි. තව ද, මෙය හුදෙක් හුදකලා මෙවලමක් නොව මහ බැංකු නිත්‍ය පහසුකම් අනුපාතයන් සමඟ බද්ධ වූ මුදල් මුද්‍රණ මෙවලමකි. එය පහත පැහැදිලි කෙරේ.

- අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් උපරිම වශයෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතයේ සිට 0.25 ක් ඉහළට හෝ පහළට වෙනස් වීමට ඉඩ සැපයෙන මහ බැංකු නිත්‍ය පහසුකම් පොලී අනුපාතයන් දෙකක් නියම කිරීම. එනම්, එක් දින ණය පොලී අනුපාතය සහ එක් දින තැන්පතු පොලී අනුපාතය යි. 

- එක් දින තැන්පතු පොලී අනුපාතය, ප්‍රතිපත්ති පොලී අනුපාතයට වඩා 0.25 ක් පහළ වෙයි. ඕනෑම බැංකුවකට තම අතිරික්ත මුදල් හෝ සංචිත එම පොලී අනුපාතයට (එනම්, 2.75%) එක් දිනක් සඳහා මහ බැංකුවේ තැන්පත් කළ හැකිය. 

- එක් දින ණය පොලී අනුපාතය, ප්‍රතිපත්ති පොලී අනුපාතයට වඩා 0.25 ක් ඉහළ වෙයි. මුදල් හෝ සංචිත හිඟ ඕනෑම බැංකුවකට එම පොලී අනුපාතයට (එනම්, 3.25%) එක් දිනක් සඳහා මහ බැංකුවෙන් ණය ගත හැකිය. 

- මෙම පොලී අනුපාතයන් දෙක පොලී අනුපාත කොරිඩෝව ලෙස දැක්වෙයි. ඊට හේතුව, අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් ඉන් පිටත යාමට නොහැකි බැවිනි. එය සීමා රහිත මහ බැංකු නිත්‍ය පහසුකම්වල ප්‍රතිඵලයකි. මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන බැවින් එය කළ හැකිය. එබැවින්, මෙය හුදෙක් මුදල් මුද්‍රණය හරහා කෙරෙන මිල පාලනයක් ලෙස දැක්විය හැකිය. එය කිසිම විද්‍යාවක් නොවන ඉතා සරල කාර්යයකි. එසේ මුදල් මුද්‍රණය කළ නොහැකි නම්, එසේ මිල පාලනය කළ නොහැකිය.

* සුරැකුම් රහිත ණය - 

 

ඩොලරයේ අගය පහළ වැටීම හොඳ ද? නරක ද?

 
මහ බැංකුව විසින් මෙම ණය එක් දින සිට මාස 6 දක්වා පරිණත කාලයන් සඳහා ප්‍රදානය කරනු ලැබේ. මෙම ණය ස්ථාවර වෙන්දේසි මෙන්ම පරිණත කාලය අනුව වෙනස් වන චල වෙන්දේසි මත ද නිකුත් කෙරේ.

* සුරැකුම්පත් වෙන්දේසි 

- එනම්, නව මුදල් සැපයීම සඳහා ප්‍රති විකුණුම් ගිවිසුම් වෙන්දේසි සහ අතිරික්ත මුදල් උකහා ගැනීම සඳහා ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් වෙන්දේසි ය. මේවා රාජ්‍ය සුරැකුම්පත් සහ වෙනත් පිළිගත් ණය සුරැකුම්පත් ආශ්‍රිතව සිදු වෙයි. 

- මහ බැංකුවේ මුදල් ඇස්තමේන්තු අනුව එක් දින සිට වර්ෂය දක්වා වූ පරිණත කාලයන් සඳහා මෙම මුදල් වෙන්දේසි පැවැත් වෙයි. එසේම, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතය මහ බැංකු එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතයට ආසන්න මට්ටමක් පවත්වා ගැනීම සඳහා එක් දින සහ කෙටි කාලීන වෙන්දේසි පැවැත් වෙයි. 

- එය, එම වෙන්දේසි මුදල් සඳහා මහ බැංකු ණය පොලිය නිත්‍ය ණය පොලියට වඩා පහළ ද, මහ බැංකුව මුදල් උකහා ගැනීමේ පොලිය නිත්‍ය තැන්පතු පොලියට වඩා ඉහළ ද  ලෙස පවත්වා ගැනීම හරහා සිදු කෙරෙයි.

* මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසි - 

මේවා මාස 3 - 12 දක්වා පරිණත කාලයක් සහිත අතර ස්ථාවර පොලී අනුපාතය හෝ චල පොලී අනුපාතයන් මත නිකුත් කෙරේ. මේවා විශේෂයෙන් කෙටි කාලීන ද්විතීය මුදල් වෙළෙඳපොළ කිරීම සඳහා භාවිතා කෙරේ.

* මහ බැංකු අන්තර් බැංකු බිල්පත් - 

මේවා ඉහත දැක්වූ මහ බැංකු සුරැකුම්පත්වලට සමාන අතර එකම වෙනස වන්නේ ඒවා අන්තර් බැංකු වෙළෙඳාම සඳහා පමණක් නිකුත් කිරීම යි.

* රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළේ බැංකු සමඟ පූර්ණ විකිණීම සහ මිල දී ගැනීම.

*  විදේශ මුදල් හුවමාරු ගිවිසුම් - 
 
ඩොලරය අදත් පහළට ගිය හේතුව ?
මෙහි දී, මහ බැංකුව විසින් යම් පරිණත කාලයක් සඳහා බැංකු සමඟ විදේශ මුදල් මිල දී ගැනීම සහ අළෙවිය සිදු කෙරේ. මේවා විදේශ මුදල් ආශ්‍රිත ප්‍රති මිල  දී ගැනුම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම් ලෙස දැක්විය හැකිය. ඒවා විදේශ මුදල් සහ දේශීය මුදල් අතර හුවමාරු කිරීම වන බැවින් ඒවා මගින්  බැංකු පද්ධතියෙහි පවතින සංචිත ප්‍රමාණය වෙනස් වනු ඇත.

* ව්‍යවස්ථාපිත සංචිත නියමය - 

එය දැනට 2% කි. එමගින්, බැංකු සතු සංචිතවල අවම මට්ටමක් ආරක්ෂා කෙරේ.

* ඊට අමතරව, සම්ප්‍රදායික අවසාන ණය දෙන්නා ලෙස අර්බුදයට පත් වී ඇති බැංකුවලට ණය දීමේ හෝ නව සංචිත සැපයීමේ මෙවලම ද මහ බැංකුව සතු ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව දියුණු කරන ලද මුදල් ප්‍රතිපත්තිය කුමක් ද?
 
පසුගිය දිනවල මාධ්‍යය පීරා ගිය ශ්‍රී ලංකා නව මුදල් ප්‍රතිපත්තිය යනු එතෙක් පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දෙක වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාත දෙකෙහි මධ්‍ය ලක්ෂය ලෙස මැලේසියාවේ මෙන් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාත ඉලක්කය හඳුන්වා දීම යි. එබැවින්, එම ඉලක්ක පොලී අනුපාතය මත 0.50 ක් (මැලේසියාවේ 0.25 ක්) ඉහළ සහ පහළ ලෙස එම නිත්‍ය පහසුකම් අනුපාතයන් දෙක ද, එක් දින සිට දින 7 දක්වා වූ මුදල් වෙන්දේසි (ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම් වෙන්දේසි) ද. මත පදනම් වී මුදල් මුද්‍රණය ක්‍රමවේදය අඛණ්ඩව සුපුරුදු ලෙස ක්‍රියත්මක වෙයි.
 
එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතය දැනට 8% ක් ලෙස තීරණය කොට ඇත. ඒ අනුව, නිත්‍ය තැන්පතු අනුපාතය 7.5% ක් ද, නිත්‍ය ණය අනුපාතය 8.5% ක් ද වෙයි. එබැවින්, නව එක් දින අන්තර් බැංකු පොලී අනුපාත කොරිඩෝව 7.5%-8.5% වෙයි. මීට පෙර එය 8.25%-9.25% විය. එබැවින්, මහ බැංකුව විසින් මෙවර ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.75 කින් පහළ දමා ඇත.

එබැවින්, නව මුදල් ප්‍රතිපත්තිය ද හුදෙක් මෙතෙක් පැවති නිත්‍ය පහසුකම් අනුපාතයන් දෙක මත පදනම් වූ මුදල් මුද්‍රණ ක්‍රමවේදයම ලෙස දැක්විය හැකිය.  ඒ පිළිබඳ ලිපියක් ඉදිරියේ දී නිකුත් කෙරේ.

සමාප්ත සටහන
 
KUALA LUMPUR, MALAYSIA - JUNE 27, 2018 : The Central Bank of Malaysia (BNM; Bank Negara Malaysia) is the Malaysian central bank. BNM is to promote monetary and financial stability.
මැලේසියානු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය දෙස බලන විට, එය එක් දින සිට වර්ෂය හෝ ඊට වැඩි කාලයක් දක්වා ආර්ථිකයෙහි සංචිත අවශ්‍යතාවන් සැපිරීම සඳහා සැකසී ඇත. එමගින්, අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් ගනුදෙනු සඳහා අවශ්‍ය දෛනික සංචිත සැපයුමට අමතරව ආර්ථිකයෙහි සංවර්ධන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස මැදි හා දිගු කාලීන ණය ප්‍රවාහය පවත්වා ගැනීමට අවශ්‍ය සංචිත පදනම සැපයෙයි.

මැලේසියානු මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යය වන්නේ, මැලේසියානු ආර්ථිකයෙහි තිරසාර වර්ධනයට හිතකර ලෙස මුදල් ක්‍රමයෙහි ස්ථායිතාවය සහ මූල්‍ය ක්‍රමයෙහි ස්ථායිතාවය ප්‍රවර්ධනය කිරීම යි. 

මුදල් ක්‍රමයෙහි ස්ථායිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව විසින් මිල ස්ථායිතාවය පවත්වා ගැනීම සමඟ රටෙහි යහපත සැලසෙන පරිදි සහ ආර්ථිකයෙහි සංවර්ධනය කෙරෙහි නිසි සැලකිල්ල ඇතිව, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය.
 
මහ බැංකු අරමුණක් ලෙස මූල්‍ය පද්ධති ස්ථායිතාවය දැක්වුව ද, එය හුදෙක් මුදල් පද්ධති ස්ථායිතාවයේ අතුරු ප්‍රතිඵලයකි. මූල්‍ය අර්බුද අවස්ථාවල මහ බැංකුවට කළ හැකි එකම කාර්යය වන්නේ, මුදල් මුද්‍රණය හරහා මුදල් පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පමණි. එවිට, ඒ මත මූල්‍ය පද්ධතිය නැවත ස්ථායිකරණය වනු ඇත. උද්ධමන පාලනය ද මුදල් පද්ධති ස්ථායිතාවය තුළින් ජනිත වන අතුරු ඵලයක් වන අතර එසේ නැතිව සෘජුව මුදල් මුද්‍රණය හැසිරවීම මගින් උද්ධමනය පාලනය කිරීමේ දේව දැනුමක් මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට ලැබීමේ හැකියාවක් නොමැත.
 
එබැවින්, මැලේසියානු මහ බැංකුව විසින් හුදෙක් කාර්ය සාදනය ඇගයිය නොහැකි සංකල්පීය මිල ස්ථායිතාවයක් සඳහා නොව, ආර්ථිකයෙහි මුදල් පද්ධති  ස්ථායිතා සහ ආර්ථික සංවර්ධන අරමුණු සඳහා අවශ්‍ය සංචිත මුදල් සැපයීම ඉලක්ක කළ පුළුල්  මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව පැහැදිලි ය. එබැවින්, මැලේසියානු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය මහ බැංකු ව්‍යවස්ථාපිත කාර්යයට බෙහෙවින් අනුකූල ලෙස මුදල් මුද්‍රණය සඳහා සැකසී ඇති බව කිව හැකිය.
 
රටක සංවර්ධන ක්‍රියාවලිය සඳහා අවදානම්කාරී ණය ප්‍රවාහය දිරිමත් කළ යුතුය. ඒ සඳහා ණය ප්‍රවාහයට අවශ්‍ය මැදි හා දිගු කාලීන සංචිත මුදල් අවශ්‍යතාවන් සැපයීම සඳහා මෙවැනි බහුවිධ මෙවලම් සහිත මුදල් ප්‍රතිපත්තියක් අවශ්‍ය ය. ඊට හේතුව, දෛනික පදනමක් මත කෙරෙන සංචිත සැපයුමකින් හෝ මුදල් මුද්‍රණ ක්‍රමවේදයකින් එවැනි ණය ප්‍රවාහයක ඇති ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීම දුෂ්කර වීම යි. එවිට, බැංකු විසින් හුදෙක් ඉතා කෙටි කාලීන අවදානම් අඩු ව්‍යාපාරික ණය කෙරෙහි පමණක් තම බැංකු ව්‍යාපාරය යොමු කරනු ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල් සංවර්ධනය නොවන්නේ, මෙවැනි විමධ්‍යගත ණය ප්‍රවාහයක් නොමැති බැවිනි.
 
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

P Samarasiri(පි සමරසිරි)

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)



(උපුටා ගැනීම : economydiscovery - November 30, 2024)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...