කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය හරිම වෙනස්, 1වසරේ ඉඳන් 7 වසර වෙනකන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන කාලය තුළ කිසිම විභාගයක් පාසල තුළ

පවත්වන්නේ නෑ. 

දරුවකුට තවත් දරුවෙක් සමග තරගකාරීත්වය ඇති කරනවා වෙනුවට කැනඩාව භාවිතා කරන්න ඇත්තටම දරුවාට තමන් තුළම තරගකාරීත්වය ඇති කරලා ඒ දරුවව සංවර්ධනය කරන ක්‍රමයක්. 

ඒ වගේම තමයි අපිට අමතර පන්ති එහෙම නැත්නං tution classes කැනඩාව තුළ දකින්න හම්බ වෙන් නෑ. දරුවෙකුට උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් පාසල තුළ ලබාදෙන අධ්‍යාපනය තුළින් තමයි දරුවෙක් තමන්ට අවශ්‍ය සියලුම දැනුම ලබාගන්නේ.

තාවකාලිකව වසර කිහිපයකට කැනඩාවට පදිංචියට එන කෙනෙක්ගේ දරුවකුට වුණත් කැනඩාවේ 1වසරේ ඉඳන් 12 වසර වෙනකම්ම සමස්ත අධ්‍යාපනය ම නොමිලේ ලබා දෙන එකත් ඉතාම වැදගත් කාරණයක්.

කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන මේ විශේෂත්වයන් පිළිබඳව මේ වැඩසටහන තුළින් කතාබහ කරලා තියෙනවා.

මේවනවිට කැනඩාවේ පදිචියට ගොස් සිටින මාධ්‍යවේදී නිශාද් උපේන්ද්‍ර Life in Canada නමින් යු ටියුබ් නාලිකාවක් ආරම්භකර ඇති අතර  කැනඩාවේ අධ්‍යාපනය  සම්බන්ධයෙන් ඔහු විසින් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් පහතින්, 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image