රට බංකොලොත් කිරීම නිසා තම මූලික අයිතිවාසිකම්  කඩ වූ බවට ගොනු කළ මූලික අයිතිවාසිකම්

පෙත්සම් විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ බහුතරය, මහින්ද බැසිල් ගෝඨා යන රාජපක්ෂලා ඇතුළු නිලධාරින් පිරිසක් ඊට වගකිව යුතු බවට තීන්දු කළහ.


මේ තීන්දුව ඇසූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු කීවේ දිගු කලකට පසුව රටේ අධිකරණයක් පවත්නා බවට දැනුණ බවය. තවත් පුරවැසියෙකු මේ ආකාරයට රටට අවාසිදායක හෙජින් ගිවිසුම අත්සන් කිරීමට මුල්වීම නිසා පී.බී.ජයසුන්දර රාජ්‍ය සේවයට නුසුදුස්සෙකු කරමින් ප්‍රකාශිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඊළඟට පැමිණි අග විනිසුරු විසින් ඉරා කුණු කූඩයට වීසි කළ බව සිහිපත් කළේය.


2020ට පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු හරහා  මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු විධායක ජනාධිපති වරුන් තිදෙනාට එරෙහිව ඍජු තීන්දු ලබා දී ඇත. වරක් විධායක ජනාධිපති චන්ද්‍රිකාබණ්ඩාරනායකට දඩ මුදලක් ගෙවීමටද නියම විය.  

එසේම සිරිසේන සහ ගොඨාභය ජනාධිපති වරුන් මිනි මරුවන් තිදෙනෙකුට හා අදාන්ත තෙය්‍ය සංවාසිකයෙකුට ලබා දුන් ජනාධිපති සමාව සාධාරණද යන්න  අධිකරණය හමුවේ ප්‍රශ්න කරමින්  සිටියි.


ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිට අභියෝග කළ හැකි  දෝෂාභියෝග විධිවිධානය කිසි විටෙකත් සාර්ථකව නැත. ඊට හේතුව මජර දේශපාලනයයි. ඕනෑම නියෝගයක් දීමට විධායක ජනාධිපතිට බලයක් නැත යන්න සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුව තහවුරු කළද, එකී අභියාචනා තීන්දුවෙහි විනිසුරු ගිහාන් කුලතුංග කරුණු නො වටහා නො ගැනීමෙන් එකී තීන්දුව දුන් බවට දැක්වෙන සටහන අධිකරණ ක්‍රියාවලියක සද්භාවය මෙන්ම ස්වාධීනත්වය පිළිබඳ සාකච්ඡාව අනාගතයට භාර කෙරෙයි.  


අලි හොරකම් නඩුවේ චුදිත උඩුවේ ධම්මාලෝක භික්ෂුව තම පන්සල අසල සිටි හිමි කාරයෙකු නැති අලි පැටවෙකුට ආරක්ෂාව දුන් බවට කළ ප්‍රකාශය පිළිගත් අධිකරණ තීන්දුවද ඊට සමානය. පොදු දේපල නීතිය යටතේ කෝටි ගණනක මුදල් වංචාවක් ගැන ගෝඨාභය රාජපක්ෂට චෝදනා කෙරිණ. ඔහු වහා එකී මුදල ගෙවා දැමූ පසුව නීතිපති මුදල් ආපසු ගෙවීම මත නඩුව අවසන් කළේය. රජයේ නීතිඥයා වන නීතිපතිගේ ස්ථාවරය තවත් නීති නිරීක්ෂණයක් පමණකි. එය තීන්දුවක් වන්නේ අධිකරණය නීතිපති නිරීක්ෂණ වටහා ගත්  ආකාරය අනුවය.

රාජපක්ෂලාට එරෙහි ගවර්ස් කෝපරේෂන් ජොන්ස්ටන්ට එරෙහි සතොස මුදල් මැතිවරණයට භාවිතා කිරිම ආදි නඩුකර අසාර්ථක වුණේ අදාළ පැමිණීලි ගොනු කිරිමේ දුර්වලතාවය නිසාය. එකී නඩු අධිකරණයට ගොනු කළ සහ පැමිණිල්ල මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෝඨාට එරෙහි ඉහත කී පොදු දේපල නඩුවද ඉවත් කර ගැනීම මෙන්ම  ඉහත කී මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු තීන්දුව දැඩි කතාබහට ලක් වෙමින් පවතී.


මේ අතීත අධිකරණ කටයුතු සමග හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව ගැන ජාතියෙන් සමාව ඉල්ලා ප්‍රසිද්ධියේ පාපොච්ඡාරණයක් කළ සරත් නන්ද සිල්වා යනු රටේ අග විනිසුරු බව රහසක් නොවේ. එකී පාපොච්ඡාරණයේදී ඔහුම පිළිගත් ආකාරයට තමන් අගතිගාමි නො වුණා නම් රටේ ආර්ථිකයට මේ විනාසය වෙන්නේ නැති බවට කළ ප්‍රකාශය හරහා දිගු කලක් නො විසඳී සාධාරණත්වයට එරෙහි නඩුවක් තීන්දු වීම රටේ ජයග්‍රහණයකි.


එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ හෙල්පින් හම්බන්තොටින් නතර නොවී 2005 ජනාධිපති මැතිවරණය දිනුවේද ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද දායකයන්ට මරණ තර්ජන එල්ල කිරීමෙන් බව ප්‍රභාකරන් විසින් බිය වද්දා ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමුවේද හෙල්පින් හම්බන්තොට තින්දුවේ උත්තේජනයෙන් බව අප තේරුම් ගත යුතුවේ. මහින්ද ජනාධිපති වූ පසුව ජනාධිපති ලේකම් වූ හෙල්පින් හම්බන්තොට නඩුවේ පළමු නම දැක්වෙන ලලත් වීරතුංග සිල් රෙදි නඩුවේ විත්තිකරුවා වී සිර දඬුවම් ලැබීය. අභියාචනයෙන් නිදහස් වූ පසුව ගෝඨාභයගේ උපදේශක විය.

ගොඨා පත් කළ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර යනු රාජ්‍ය සේවයට නුසුදුස්සෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ තවත් අග විනිසුරු වරයෙකු විසින් නිදොස් කොට නිදහස් කළ චරිතයකි. හෙවත් සරත් නන්ද සිල්වාට පසුව අග විනිසුරු තනතුරට මහින්ද රාජපක්ෂ නම් කළ අසෝක සිල්වාගේ මුල්ම රාජකාරිය පී.බී.ජයසුන්දර නිදහස් කිරීම බවට නියම  විය. අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක පන්නා දැමුවේ බැසිල් රාජපක්ෂගේ පනත් කෙටුම්පතක වගන්ති අනනුකූල බවට තීන්දු කළ නිසාය.

ඒ නීතියේ අවභාවිතාව මේ මූලික අයිතිවාසිකම් නඩුවෙන් වෙනස් කළ හැකි නම් රට නිදහස්ය. ඒ කාර්ය කඩිනමින් කළ හැක්කේ පාර්ලිමේනතු සු`ථතරයක් හෝ නැති රනිල් නොව සජිත්ටය.


මේ තීන්දුව සම්බන්ධව නාමල් රාජපක්ෂ කීවේ රටේ බිම් මට්ටම තමන් සමග බවය. නාමල් මේ කියන බිම් මට්ටම රුපියල් තුන් දාහක මාසික සමෘද්ධි ආධාරය ලබන විසි ලක්ෂයක් පවුල් ය. මා පසුගිය සතිය ලියා පළ කළ අයවැය සර්කස් හරහා යථෘර්ථය කියවීම ලිපියේ මේ උපුටනය බලන්න.


“ පාස්කු ප්‍රහාරයට පසුව ගෝඨාභයට බලය ලැබෙන තෙක් කාලයේ ද 95 පැට්රල් ලීටරයක් රුපියල් 129කි. කිරිපිටි පැකට් එක 325කි. ගෑස් සිලින්ඩරය රුපියල් 1350කි. මේ පාරිභෝගික දර්ශකය අනුව 2019 හැට නව ලක්ෂයක් ජනතාව පාලනයක් වෙනස් කළේ ඇයි?  ඉහත කී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 2019 නොවැම්බරයෙන් පසුව ගෙවී ගිය වසර දෙකකුක් පස් මසක් තුළ හිඟ වුණේ කෙසේද? එසේම හැට නව ලක්ෂයක් ජනතාවට පැවති පාලනය පළවා හැර ගෝඨාට රට භාර දීමට තරම් ආර්ථීක බිඳ වැටීමක් 2019දී තිබුණේද? මෙයින් අදහස් වන්නේ රටේ කඩා වැටීමට ගෝඨාට වඩා ඔහු තෝරා ගැනීමට පෙළ ගැසුණ හැට නව ලක්ෂයක් ජනතාව වගකිව යුතු බවය. හෙට මැතිවරණයක් තිබුණත් තවත් රාජපක්ෂ කොනෙකු වෙනුවෙන් යටත් පිරිසෙයින් තිස් පන් ලක්ෂයක් පමණ ජනතාව පෙළ ගැසෙනු නියතය.” (උපුටනය අවසන්ය.)


නාමල් රාජපක්ෂ කියන මේ  බිම් මට්ටම රටට හානිකර දූෂණය වංචාවට පක්ෂව  නිකුත් කෙරෙන ඡන්ද ප්‍රතිපල සහතිකය 2019 රුපියල් 129ට ලබා ගත් 95 පැට්රල් ලීටරය රුපියල් 650 තෙක් වැඩ කළා පමණක් ඒ සඳහා මිනිසුන් පාරේ මැරෙන පෝලිම් නිර්මානය කළහ. 2019දී බිම් මට්ටම පෙළ ගැසුණේ ආර්ථික පීඩනයක් නිසා නොවේ. විමල් වීරවංශලා ජන ගත කළ වඳ කොත්තු සහ  දොස්තර ෂාපිට රැවටිලාය. අද දොස්තර ෂාපි සිය`ථ චෝදනාවලින් නිදහස්වී නැවත සේවයේ පිහිටුවා ඇත.

 බිම් මට්ටම රැවටීමට මහනුවර මහ මළුවේ උපවාස කළ අතුරලියේ රතන නම් කාසාව කන්ටකයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේය. පාස්කු බෝම්බ කුමන්ත්‍රණය සිදු වීමට ඉඩදීම හෝ වෙන යම් ආනුශංගික හේතු නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පිරිසක් වරද කරුවන්ව සිටිති. මේ විස්තර කළේ ආසන්න සිව් වසරක නාමල්ලා විශ්වාස කරන ජන මතය රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය උඩු යටිකුරු කළ ආකාරයයි. නාමල් රාජපක්ෂ කියන බිම් මට්ටම කසිප්පු ව්‍යාපාරික ප්‍රාදේශීය සභා කාරයන් විසින් සංවිධානය කරනු ලබන්නකි.


මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැතිවරණයකින් යටපත් කිරීමට දරණ උත්සාහය නාමල් රාජපක්ෂගේ කතාවෙන් පැහැදිලිය. ඊට අත තැබීමට පෙර පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතුවේ. රේගුවට කොටුවී මිලියන ගණනක දඩ ගෙවා පන බේරා ගත් පුත්තලම් ප්‍රදේශයෙන් තේරී පත්වූ කෙනාත් තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පිණිස පාලක මණ්ඩලය ඉවත් කිරීමට යෝජනා ගෙනා සජිත් ප්‍රේමදාස රටේ නීතිය කැඩූ වරද කරුවන් ලෙස තීන්දු කළ මේ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය සදහටම හෝ යම් කාලයකට අහෝසි කිරීමේ වගකීම මඟ හැර  ජනාධිපති වික්‍රමසිංහට ඒ වගකීම තල්ලු කරන්නේ හොර සල්ලි මල්ලක් සමග හසුවුණා යයි අජිත් රෝහණ කී  දුලාංජලි ප්‍රේමදාස නීතියෙන් මුදවා ගැනීමට  මහින්ද රාජපක්ෂ  උදව් කළ නිසා බව කියති. සජිත්ට ෂම්මි සිල්වා පසුපස යන්නේ  ක්‍රිකට් නිසා නෙවේ. ඊට  හේතුව මගේ ක්‍රිකට් ගැන කළ විග්‍රහයේ දක්වා ඇත.


සජබ මන්ත්‍රි වරයෙක් කියන්නේ එවැනි පාර්ලිමේන්තු යෝජනාවක් පොහොට්ටු බහුතරය විසින් පරාජය කළ හැකි නිසා ඉදිරිපත් නොවන බවය. එසේ නම් කෙහෙළියට විශ්වාස භංගය ගෙනාවේත් ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව යෝජනාව ගෙනාවෙත් දිනුම අතපිට තියා ගෙනදැයි සජබ මන්ත්‍රීන් සජිත් ගෙන් විමසිය යුතුවේ. මේ බොරු වලින් ලිහුණ කලිසම බේරා ගත නොහැකිය.  කෙහෙළිය බහුතරයෙන් ආරක්ෂා වූ බව දැ දැක ගෙනා ක්‍රිකට් යෝජනාව ආණ්ඩුව සහාය දුන්නේ ඒක සජිත්ට හූනියමක් වන බව දැන ගෙනය.  

 

උක්ත විශිෂ්ට නඩු තීන්දුව යථාර්ථයක් කිරීම සඳහා අධිකරණය නම් කළ දූෂිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතුවේ. එහිදී ඒ දූෂිතයන් රකින්නේ කවුරුන්දැයි රටට දැන ගැනීමේ අවස්ථාව ලබා දීම සජිත්ගේ පමණක් නොව අනුර කුමාරලාගේද වගකිමකි.

 

ජනාධිපති කොමිෂමකින් නිර්දේශ කළ අශක්නුතාවට සිරිමා බණ්ඩාරනායක මැතිනියට දඬුවමක් ලෙස  බලාත්මක කළේ පාර්ලිමේන්තු යෝජනා ස්ථිරත්වයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රාජපක්ෂලා ඇතුථ කණ්ඩායම වරද කරුවන් කිරීම යනු ජනාධිපති කොමිෂමකට වඩා බරපතල තින්දුවකි.

ජනාධිපති කොමිෂමේ කාර්ය මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කර ඇති හෙයින් රාජපක්ෂලාගේ සිවිල් අයිතිය අහෝසි කිරීමේ ඉතිරි කාර්ය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය.  එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනුමත වේද නැද්ද යන්න ගැන කිසිවෙකු කලබල විය යුතු නැත. මුලින් කළ යුත්තේ විපක්ෂය තම වගකීම ඉටු කිරීම මිස ඒ ගැන අනාවැකි පළ කිරිම නොවේ. දැනටම ජනාධිපති වී සිටින අනුර කුමාර දිසානායක මෙහිදිත් ක්‍රිකට් ඡන්දයේදී මෙන් මඟ යාමේ ප්‍රවනතාව වැඩිය. උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන රටේ ජන මතය ඒකරාශී කිරීමට මෙවැනි අනගි අවස්ථාවක් නැවත උදා වෙන්නේ නැත.


ආසන්න වසර විසි ගණනක් රටේ විගණාකාධිපති වාර්තා යටපත් කර ඇත. සංස්කෘතික ත්‍රිකෝණයේ කොටි ගණනක් මුදල් අවභාවිකා කිරිමේ 2018 විගණන වාර්තාව පවා එසේ තිබියදී සජිත් ප්‍රේමදාස මේ රඟන නාට්‍ය ගැන අනුර කුමාර දිසානායක කතා කරන්නේ නැත.


අමරකීර්ති අතුකෝරාළ මහ පාරේ මැරුම් කෑවේ රාජපක්ෂලා රටේ ඇති කළ පීඩනය අතර තෙරපීමෙනි.  පාස්කු බෝම්බ සද්දයෙන් මන්ත්‍රින් විශාල පිරිසකගේ දේපල ගිනි බත් වුණා පමණක් නොව රටේ ආ්රථීකය සහ සම්මත ප්‍රජාතන්ත්‍රවාදය පවා සුණු විසුණු වී ගියේය. කී දෙනෙක් දෝ සිවිල් වැසියන් ඉන්ධන පෝලිම්වල මිය ගියේ රාජපක්ෂලාගේ කෙරුවාව නිසාය. වසරු ගණනාවක් විභාග නො පැවැත්වීම නිසා සිසුන්ගේ ජීවිත පාසල්වලට සිර වුණේ රාජපක්ෂලා නිසාය.  මහින්ද සහ නාමල් අප්පලා පුකාලා කියන්නේ ආර්ථීකය වැටුණේ යහ පාලන කායේ කෙරුවාව නිසා කියාය. රුපියල් එකසිය විසි නවයට 95 පැට්රල් ලීටරය විකිණුන රට වසර දෙකක් තුළ ගිනි ගත්තේ යහ පාපනය නිසාදැයි සජිත් අසන්නේ නැත්තේ  කුමක් නිසාද?  

රටේ ඇද වැටීමට වංචාව දූෂණය හේතුව බව කියා බලය ඉල්ලන  මාලිමාව පාර්ලිමේන්තුවේ සිටින පුත්තලමේ රත්තරන් මන්ත්‍රීත් රාජපක්ෂලාත්  එක යෝජනාවට ගොනු කොට මිටියට බැඳ ගෙදර යැවීමට යෝජනාවක් ගෙනාවොත් රාජපක්ෂ බැලයන්ට එක්කෝ යෝජනාවට පක්ෂව හෝ නැතොත් විරුද්ධ ඡන්දය පාවිච්චි කිරීමට සිදුවේ.


ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුව මඟ හැර ගියා සේ තමන්ගේ දේශපාලන තුරුම්පුව වන වංචාව දූෂණය සටන් පාඨය බලය නො ලබාම සක්‍රිය කර ගැනීමට අවශ්‍ය නම් අනුර කුමාරලා නම් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතිහාසයේ ලියැවීමට සීමා නො කොට භූමියේ පැළ කර ප්‍රජාතන්ත්‍රවාදයේ අස්වැන්න නෙලීමට කිරීමට නායකත්වය දිය යුතුවේ.


ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟ නොවන  සමහරුන්ට අනුව දේශපාලන  ප්‍රතිපත්තියක ප්‍රතිපලය අධිකරණයකින්  වරදක් ලෙස තීන්දු කිරීම ගැට`ථ සහගත බවය. යහ පාලන අවදියේ පළාත් පාලන ඡන්දයට සහාය ඉල්ලීමට මහින්ද රාජපක්ෂ කැඳවූ ත්‍රි විලර් රියැදුරන්ගේ සම්මේලන රැස්වීමේදී ආණ්ඩුව දඩ වැඩි කරලා නේද මම ආවාම බලා ගන්නම් යනුවෙන් මැතිවරණයක් ආසන්නයේ කළ ප්‍රකාශය රාජපක්ෂ ප්‍රතිපත්තිය නොවන්නේද? ප්‍රතිපත්ති ප්‍රශ්න කළ නොහැකි මේ රට යන්නේ කොහාටද? අමෙරිකාවේ වෝටර් ගේට් සිද්ධිය ජය ගත් ජනාධිපති ගෙදැ යැවුවේ නීතියේ ආධිපත්‍ය නිසාය. ඉන්දියාවේ ජය ලලිතා හිරේ ගියේත් නීතියේ ආධිපත්‍ය නිසාය. ලංකාවේ අමන ප්‍රජාතන්ත්‍රවාදයට වැඩි ආයුෂ නැත. ඒකාධිපතියෙකු ගෙන් මෙපිට මේ රට ගොඩ ගැනීමට නො හැකිය.

රටක් ශක්තිමත් කළ හැක්කේ ආණ්ඩුවක් ශක්තිමත් නම් පමණකි. හමැම ලබ්බටම ආණ්ඩුවේ සහාය ඉල්ලා සිටීමට ජනතාව පොළවන පක්ෂ දේශපාලනය සමාලෝචනය කරන විට, සජබේත් මාලිමාවේත් කිසි වෙනසක් නැත. සිද්ධ වන්නේ කෙටි කලකින් රට යළි ලේ විලක් වීම පමණකි.  රාජපක්ෂලා රටේ ඇද වැටීමට වගකිව යුතු බවට දුන් තීන්දුව පාර්ලිමේන්තුව හරහා ශක්තිමත් කරයි නම් හෙට දවසේ රටේ පාලනයට අවශ්‍ය ක්‍රමවේදය සැකසෙනු නියතය.

 

 

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image