පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතුවලදී පැහැදිලි වූ ආකාරයට, ආර්ථික හා සදාචාරාත්මක පරිහානියක දිගින් දිගටම

පවතින රට යළි ගොඩනැගීමේ භාරදූර කාර්යයකට රජය මුහුණ දී සිටී. පූර්ව අරගල සමය සමඟ ඇති වූ ආර්ථික හා සදාචාරාත්මක පරිහානිය වෙතින් ඉක්මන් සංක්‍රමණයක් පිළිබඳ මූලික අපේක්ෂාවන් අවසන් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟය.

ආර්ථික යහපැවැත්ම ඉතා පහළ මට්ටමක පැවතියද, පැරණි ක්‍රමය, ආණ්‌ඩු පාලනය සහ ආර්ථිකය ස්‌ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රථම අවස්‌ථාවේදී ආරක්‍ෂක අංශ සහ ඉන් පසුව පාර්ලිමේන්තු බහුතරය දක්‍ෂ ලෙස භාවිත කළේය. එමගින් ඔහු, තවමත් තම සාමාන්‍ය ජීවිතය ගතකළ හැකි ජන කොටස්වල සහ ශ්‍රී ලංකාව ප්‍රතිවාදී බලවතුන්ගේ ගොදුරු බවට පත්වීමට අකමැති වූ අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීමට සමත් විය.

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය, මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළකර තිබේ. ආදායම් සහ වියදම් අතර පරතරය අඩුකිරීම ඇතුළු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසි සපුරාලීමට රජය අපොහොසත් වුවද, ඔහු මෙම අනාවැකිය පළකර ඇත.

කොන්දේසිවලට සම්පුර්ණයෙන් අනුකූලවීමට හැකියාව නොලැබුණද, IMF අරමුදල් වෙත ප්‍රවේශවීමට ඇති හැකියාව හිතකර තත්ත්වයක් පෙන්නුම් කරයි. රජය විසින් සකස් කරන ලද අයවැය ලේඛනයෙන් පෙන්නුම් කරන්නේ, වැඩිවන බදු ආදායම පිළිබඳ පුරෝකථනයන් මගින් අගාධය තවත් පුළුල් වීමකි. දූෂණය මැඩලීමට සහ නව කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදී විනිවිදභාවයෙන් කටයුතු කළයුතු බවට වන අවශ්‍යතාවය ඉස්මතු කරන ලද IMF හි “පාලන රෝග විනිශ්චය” වාර්තාවට අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සංඥාත්මකව අසමත් වී ඇත.

 imf 1450

 සමාජ මාධ්‍ය වාර්තා සහ පෞද්ගලික කතා විශ්වාස කරන්නේ නම්, දූෂණය සෑම තරාතිරමකම වර්ධනය වෙමින් පවතී. අන්තර්ජාතික සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නියමයන් සහ කොන්දේසි ගැන එතරම් දැනුමක් නොමැතිව වන අතර, චීනය සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම පවා රහසක්ව පවතී. එහෙත් ශ්‍රී ලාංකීය ජන කොටස් අතර මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව අතර ද විශ්වාසයක් පවතිනුයේ රට ස්වයංපෝෂිත ආර්ථික වර්ධනයක් කරා සංක්‍රමණය වනතුරු වත්මන් අසතුටුදායක පාලනය ඉවසා සිටිය යුතු බවයි.

මේ මොහොතේ සිදුවන ඕනෑම ආණ්ඩු මාරුවක් ඔස්සේ රට අත්පත් කර ගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය අනතුරේ හෙළනු ඇතැයි කනස්සල්ලක් නිර්මාණය කර ඇත. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව අනාගතයේදී පිටරටකට පැනගොස් තමන්ට හැකි සෑම මහජන ඡන්දයකදීම විරෝධය පළකරමින් අනාගතය පිළිබඳ විශ්වාසයක් නොමැතිකම ප්‍රකාශ කරනු ඇත.

 

විශ්වාසය නොපවතී

 

ආණ්ඩුව දිගින් දිගටම අවිවාදිත ලෙස බලය අල්ලාගෙන සිටියද, ආණ්ඩුවේ පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු බහුතරය සහ ආරක්‍ෂක හමුදාවන් දක්ෂ ලෙස යොදාගත්තද, සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයකගේ පිටුබලය තමන්ට ඇති බව පෙන්වීමට එයට හැකියාවක් නැත.

රාජ්‍යතාන්ත්‍රික කවයන් තුළ දෝංකාර දෙන මතය වන, දැනට වඩා හොඳ විකල්පයක් නොමැති බව, ව්‍යාපාරික සහ ඉහළ සමාජ පන්තිවල ආකල්පයද වන අතර, රජයේ ප්‍රතිපත්තිවලට ඔවුන්ගේ සහාය තිබෙන බව පෙනෙන්නට තිබේ. එහෙත් ආණ්ඩුවට සහ එහි නායකත්වයට ලැබෙන සහයෝගය සියයට 20කටත් වඩා අඩු බවත්, ඇතැම් විට ඊටත් වඩා අඩුවෙන් ලැබෙන බවත්, අඛණ්ඩව සිදුකෙරෙන මහජන මත විමසුම්වලින් සැබෑ ලෙස පිළිබිඹු නොවේ.

දිගු කලක් ප්‍රමාදවී ඇති පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වූ ඉල්ලීම් ආණ්ඩුව අධිෂ්ඨානශීලීව ප්‍රතික්ෂේප කිරීමට හේතුව මෙයයි.

 image 749f91ada2

 ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, නැවුම් ජනවරමක් ලබානොගෙන තවදුරටත් බලයේ සිටීම සාධාරණීකරණය කළ නොහැකි බව ආණ්ඩුවට අවබෝධ වී ඇති බවට පිළිගැනීමක් විය හැකිය. යෝජිත අයවැය එම මැතිවරණ සඳහා ආණ්ඩුවේ සූදානම පිළිබඳ ඇඟවීමකි. විවිධ ජන කොටස් සඳහා ප්‍රතිලාභ ලබාදීමට එහි උත්සාහයන් ඇතත්, සම්පත් හිඟකම නිසා මෙම පොරොන්දු ඉටුකළ හැකිද යන්න තවත් ප්‍රශ්නයකි.

 

දස දහස් සංඛ්‍යාත ගොවි පවුල් විසින් දැනට රාජ්‍ය බදු යටතේ වගාකරන ඉඩම්වලට නොමිලේ හිමිකම ලබාදීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දී ඇත. ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින් ජනතාවගේ ඡන්දය ලබාගැනීමට පෙළඹවීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ එක් ප්‍රධාන ලක්ෂණයකි.

 

කෙසේ වෙතත්, ආර්ථික ප්‍රතිලාභ ලබාදීම සඳහා රාජ්‍ය බලය දක්ෂ ලෙස භාවිතා කිරීම, නව නීති ගෙනඒම සඳහා පාර්ලිමේන්තු බහුතරය භාවිත කිරීම සහ එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක හමුදාවන් යොදාගැනීම පාලනයේ සාර්ථකත්වය සඳහා එකම අමුද්‍රව්‍යය නොවේ. සාමාන්‍ය ජනතාවට බලයේ සිටින පිරිස් විශ්වාස කළ හැකිවිය යුතුය. මෙම විශ්වාසය පැමිණෙන්නේ වචනයේ සහ ක්‍රියාවේ එකඟතාවෙනි. වත්මන් ආණ්ඩුවේ එක් ලක්‍ෂණයක් වන්නේ ක්‍රියාවන් වචන සමග නොගැළපීමයි.

ධූරාවලියේ පහළ මට්ටමේ අය අල්ලා ගැනීමට දූෂණ විරෝධී නීති භාවිත කරන නමුත් ඉහළ මට්ටමේ සිටින අය දිගටම එම නීතිවලට හසුනොවී පැනයති. අතිවිශාල ජනතාවක් දරිද්‍රතාවයට ඇද දැමූ ආර්ථික අර්බුදයට ඛේදවාචක වගකිවයුත්තන් නම්කරමින් ලබාදුන් මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වී නොමැති අතර එය ක්‍රියාත්මක වන බවට දැනට ඉඟියක් හෝ නොමැත.

 

නොවිසඳුණු ගැටලුව

 1a027460 2c48 11ee b1d7 8fdc93c2782e

 ආණ්ඩුවට ජනතා විශ්වාසය යළි ගොඩනැගිය යුතු තවත් ක්ෂේත්‍ර දෙකක් තිබේ. පළමුවැන්න නම්, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේදී දැරීමට සිදුවන බර සාධාරණව සෑමදෙනා අතරම සමාන ලෙස බෙදාහරින බව ඔවුන්ට ඒත්තු ගැන්වීමයි. EPF සහ ETF විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දුප්පත් ජනතාවට අහිතකර ලෙස බලපානු ලබන අතර, බැංකු ක්ෂේත්‍රයේ කඩාවැටීම සැබෑ හැකියාවක් පිළිබඳවද බියක් නිර්මාණය වී ඇත.

කෙසේවෙතත්, විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කරන පරිදි, සමාගම් විසින් ලබාගෙන ඇති අතිවිශාල ණය ප‍්‍රමාණයක් බැංකු විසින් අවශෝෂණය කරගෙන ඇති බවට දැන් අනාවරණය වන සාක්‍ෂි මගින් යහපත් තත්වයක් පිළිබිඹු වන්නේ නැත. හිතවතුන්ගේ සමාගම්වලට අනුග්‍රහය දක්වමින් බදු සහන ලබාදීම ඇතුළුව හැකි ඉක්මනින් එවැනි අනෙකුත් වැරදි සහ අසමානතා නිවැරදි කරන බවට රජය පොරොන්දු විය යුතුය.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු විවාදයන්වලදී විපක්ෂයට රටේ ස්ථාවරභාවයේ අවශ්‍යතාවය පෙන්වාදෙන කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලැසිණි.

 GettyImages 1148084845

 ආමන්ත්‍රණය කළ යුතු දෙවැනි ක්ෂේත්‍රය වන්නේ රටේ ජනවාර්ගික ගැටුමයි. මෙය ආර්ථික අර්බුදයේ විශාලත්වය නිසා ජාතික කතිකාවේ පසුපසට පසුබැස ගිය ගැටලුවකි. කෙසේවෙතත්, රටේ ආර්ථික අර්බුදයට මූලික හේතුවක් වන්නේ, අන්තර් වාර්ගික යුක්තිය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිපත්ති පැවැතියා නම් සිදුනොවන, එහෙත් නිර්මාණය වූ යුද්ධයක් සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් කැපකිරීමයි. ආරක්ෂක හමුදා වෙනුවෙන් අයවැයෙන් විශාල කොටසක් වෙන්කිරීම දිගටම කරගෙන යයි.

විවිධ ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් සිටි පමණින් ශ්‍රී ලංකාව අද්විතීය රටක් වන්නේ නැත. වෙනත් රටවලද එවැනි විවිධත්වයන් ඇත. එහෙත් එම බොහෝ රටවල්, විශේෂයෙන් ආර්ථික වශයෙන් සාර්ථක වූ රටවල්, සමස්ත සමාජයටම ප්‍රයෝජනවත් වන පරිදි සංවාදයෙන් සහ අන්‍යෝන්‍ය එකඟතා තුළින් තම මතභේද විසඳාගැනීමට ක්‍රම සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ නම් වසර පහකට වැඩි කාලයකින් පළාත් සභා මැතිවරණ පවත්වා නැත.

 

ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් රටේ දේශපාලනයේ කොටසක් බවත් සමාන ඔවුන්ට පුරවැසියන් ලෙස සළකන බවත් ඒත්තු ගැන්වීමේ අවශ්‍යතාව පවතී. පළාත් සභා මැතිවරණය තවත් වසර දෙකකින් කල්දැමීමට හැකියාවක් නොමැත. ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එළඹෙන වසර තුළ එම මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශවල තර්කානුකූල පදනමක් නොමැත.

මෑතකාලීනව ගත්කල, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට නිදහස ලබාදීමේ දී සිදුවූ වරද තවමත් නිවැරදි කර නැත. ඔවුහු තවදුරටත් රටේ දුප්පත්ම සහ වඩාත්ම නොසළකා හරින ලද ප්‍රජාව ලෙස ජීවත්වෙති. මේ වන විට දෙමළ සහ මුස්ලිම් ජනතාවට පිඩාවක් බවට පත්ව ඇති ප්‍රශ්නයක් වන්නේ නැගෙනහිර ප්‍රදේශයේ තණබිම් පිටස්තර පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීමයි. එම ප්‍රදේශවල පදිංචිකරුවන්ව ආරක්ෂා කිරීමට රජයක් නොමැත. ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනතාව රජය සමඟ ඒකාබද්ධ කරන විශ්වාසය ගොඩනැගීමේ මාර්ගය මෙය නොවේ.

jehan perera

ආචාර්ය ජෙහාන් පෙරේරා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්