පාරිභෝගිකයන්ට සැලකිය යුතු මූල්‍යමය අභියෝගයක් නිර්මාණය කරමින් සෑම එළවළු වර්ගයක ම මිල

ඉහළ ගොස් තිබේ. පිටකොටුව වෙළඳපොළේ කැරට් සහ බෝංචි වැනි එළවළු වර්ග වල කිලෝවක මිල පිළිවෙලින් රු.1900ක් හා රු.1200ක් වී ඇත.

බිත්තර, කට්ටා කරවල, පරිප්පු, පොල්තෙල් වැනි ඇතැම් සිල්ලර භාණ්ඩවල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් දැකිය හැකි වුවත්, ඇපල්, අන්නාසි වැනි පලතුරු සහ සාලයා මාළු වැනි අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

මෙම උච්ඡාවචනයන් පාරිභෝගිකයින් හට බලපාන්නේ කෙසේදැයි පැහැදිලි චිත්‍රයක් සැපයීම සඳහා, බීබීසීය විසින් දෛනිකව වාර්තා වන මිල ගණන් යොදාගෙන සිල්ලර බඩු මල්ලක මිල ගණනය කරන ගණකයක් නිර්මාණය කර තිබේ. එමගින් වසරක් තුළ ඔබගේ සිල්ලර බඩු මල්ලේ මිල ගණන් වෙනස් වී ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.

දැන් අපි ඔබේ සිල්ලර බඩු මල්ලේ මිල ගණනය කරමු


ක්‍රමවේදය

මෙහිදී සාමාන්‍ය සිල්ලර මිල ගණන් තීරණය කිරීම සඳහා, ප්‍රධාන වෙළඳපොළවල පාරිභෝගික අයිතමයන්වල විකුණුම් මිල ගණන් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් දෛනික මිල වාර්තාව පදනම් කොට ගෙන තිබේ.

ඒ අනුව 2024 ජනවාරි 16 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එලෙස ලබාගත් දෛනික සිල්ලර මිල ගණන් 2023 ජනවාරි 13 දින මිල ගණන් සමග මෙමගින් සංසන්දනය කරයි.

මීගමුව වෙළඳපොළෙන් ලබාගත් සාලයා මිල ගණන් හැර, මෙහි සපයා ඇති අනෙකුත් මිල ගණන් මූලිකව ම ගෙන ඇත්තේ පිටකොටුව වෙළඳපොළේ මිල දර්ශකයෙනි.

සිල්ලර බඩු මල්ලේ අනිවාර්යයෙන් ම ඇති භාණ්ඩ

ඔබ නිශ්චිත භාණ්ඩ කිසිවක් තෝරා නොමැතිවිට දී, සිල්ලර බඩු මල්ලේ පහත අනිවාර්යය භාණ්ඩ ඇතුළත් වේ.

අමු මිරිස් (1kg), බෝංචි (1kg), කැරට් (1kg), සාලයා (1kg), බිත්තර (1ක්), සම්බා (1kg), කැකුළු (1kg), සීනි (1kg), ඇපල් (1kg) සහ අන්නාසි (1kg)

(ස්වාති ජෝෂි)
දෘෂ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම

 BBC සිංහල සේවය 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image