කලින් 15% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා එම පොලී ආදායම නොලැබීමෙන් ජ්‍යෙෂ්ඨ

පුරවැසියෝ අති විශාල පිරිසක් මේ වන විට කබලෙන් ලිපට ඇද වැටී සිටිති. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිණුම්වලට මේ වන විට ලැබෙන්නේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවකට හිමි 8% කටත් අඩු පොලි අනුපාතයකි.

 

එමෙන්ම එම පොලී ආදායමින් ද 5% ආණ්ඩුව බදු වශයෙන් බලහත්කාරයෙන් කපා ගනිමින් සිටියි. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හමුවේ තමන් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු බව සනාථ කිරීමෙන් පසු එම බදු වශයෙන් කපා ගත් 5% ආපසු ලබා ගත හැකි බවක් ආණ්ඩුව කීව ද එසේ කපා ගත් එක තඹ දොයිතුවක් වත් ආපසු ලබා ගත් කිසිවකු ගැන මෙතෙක් අසන්නට නැත. ආණ්ඩුවක් මේ අන්දමින් ජනතාව හමුවේ හෑල්ලුවීම රටක්, සමාජයක් වශයෙන් බරපතල විපත් ඇති කරවන්නකි.

 

පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්නය - අජිත් පැරකුම් ජයසිංහජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිණුම්වලට මේ වන විට ලැබෙන්නේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවකට හිමි 8% කටත් අඩු පොලි අනුපාතයකි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලයේ කීයේ ගල් පැලෙන බොරුවකි.එහෙත්, පසුව මුදල් අමාත්‍යාංශය කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම පසුව ගත් කැබිනට් තීරණයකට අනුව සිදු වූවක් බවකි.මෙහි ලස්සනම වැඩේ වත්මන් ජනාධිති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ධුරය හොබවන අතරේම මුදල් අමාත්‍යාංශය එවැනි කතාවක් කීම ය.ඊට හේතුව ලෙස මුදල් අමාත්‍යාංශය පවසනුයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලට ලබා දෙන අතිරික්ත පොලිය වාණිජ බැංකුවලට ගෙවන්නට “ආණ්ඩුවට සල්ලි නැති” කතාවකි.මෙය හෝටලයකින් තේ බී ඒ බිල ගෙවන්නට සල්ලි නැතැයි එහි කැෂියර් උන්නැහේට කීමක් මෙනි.

 media 2305140147162015 අය වැය යෝජනා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් මිලියනයක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා වන15% වි‍ශේෂ පොලී අනුපාතය 2015 වර්ෂයේ අය වැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ඉතිරි කිරීම් ගිණුම් සඳහා ලබා දෙනු ලැබූවකි. එය 2015.03.13 දින සිට ක්‍රියාත්මක විය. 2015 අය වැය යෝජනා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් මිලියනයක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලදී. 2018 අය වැය යෝජනා මගින් මෙම විශේෂ පොලී සහන සීමාව රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කරන ලදී. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවදුරටත් සහන ලබා දීමේ අරමුණින් වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ 15 දක්වා රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කර තිබිණ.එය එවක රජය මඟින් ක්‍රියාත්මක කළ ඉතා සාධනීය මෙන්ම මානුෂීය වැඩ සටහනකි.

5c08d8dba7cd2aa4b56896e6b8effb2f Mජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන ලබා දුන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 16කට ආසන්න මුදලක් වාණිජ බැංකු වෙත ගෙවන ලදී. වැඩිහිටියන්ගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගීත්වය හා අභිමානය සහතික කිරීමත්, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගීත්වය උනන්දු කරවීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් රැකදීමත් අරමුණු කර ගත් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කියා “එකක්” අප රටේ තිබේ. මා එසේ පවසනුයේ එවැන්නක් ගැන අදටත් රටේ බහුතරය නොදන්නා බැවිනි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හතඑම පොරොන්දුව මහ බැංකුව ඉටුකර නැතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කීය.  

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් තැන්පතුවලට කලින් ලබාදුන් සියයට 15% වි‍ශේෂ පොළී අනුපාතය සාමාන්‍ය ස්ථාවර තැන්පතු බැංකු පොළී අනුපාත ඊට වඩා පහළ යන අවස්ථාවක පවා සියයට 15%ක් ලෙස ලබා දීමට අදාළ චක්‍රලේඛය බලගන්වන බවට මහ බැංකුව තමන්ට පොරොන්දුවක් ලබා දී තිබුණ ද එම පොරොන්දුව මහ බැංකුව ඉටුකර නැතැයි ඒ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පසුගිය දා කීය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යළිත් මෙම පොළී ප්‍රතිශතය ලබා දීමට කටයුතු කරන්නැයි තමන් මහ බැංකු අධිපතිවරයාගෙන් මේ වනවිටත් ලිඛිත ඉල්ලීමක් සිදුකර සිහි ගන්වා ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කොට තිබිණ.

 

මහ බැංකු අධිපතිගේ නිල කාලය ජුනි 30 දා ඉවරයි !වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ලෙස අප ජ්‍යෙෂ්ඨ වැඩිහිටි ගිණුම් සඳහා සියයට පහළොව පොළිය ලබා දෙන්න යැයි මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා

“පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු පොළී අනුපාත ඉහළ ගියා. එහිදී සාමාන්‍ය ස්ථිර තැන්පතු සඳහා සියයට 15 ඉක්මවූ පොළියක් ලැබුණා. ඒත් චක්‍රලේඛයට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට ගෙවිය හැකි වුණේ සියයට පහළොවක් පමණයි. ඒ අවස්ථාවේ දී ඔවුන්ගේ ගිණුම් පොලියට සිදුවන අසාධාරණය අවම කිරීම සඳහා මහ බැංකුව එම චක්‍රලේඛය අවලංගු කර එම ගිණුම්වලටත් සාමාන්‍ය ස්ථිර තැන්පතු සඳහා හිමි සියයට විසි ගණනේ පොළී ගෙවීමට හැකිවන ලෙස හැදුවා.ඒත්, මෑත කාලීනව නැවතත් වාණිජ බැංකුවල තැන්පතු පොළී අනුපාතය පහළ යාම නිසා ඊට සමානව ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොළී අනුපාතයත් පහළ දැමීමට සිදුවුණා.හරි නම් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොළී අනුපාතය වෙනුවෙන් පෙර ක්‍රියාත්මක කළ චක්‍රලේඛය මහ බැංකුව විසින් නැවත වරක් නිකුත් කළ යුතුයි. එම චක්‍රලේඛය ඉවත් කරන අවස්ථාවේදීම මේ ප්‍රශ්න යථා තත්ත්වයට පත්වූ වහා ම නැවතත් චක්‍රලේඛය ක්‍රියාත්මක විය යුතු යි කියා මම ලිපියකින් මහ බැංකුව පොරොන්දු කර ගෙන තිබුණා.ඒ වගේම මේ වන විට වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ලෙස අප ජ්‍යෙෂ්ඨ වැඩිහිටි ගිණුම් සඳහා සියයට පහළොව පොළිය ලබා දෙන්න යැයි මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා” යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කොට තිබිණ.

image cdb45ad3a4රෝගාබාධ උදෙසා වෛද්‍යවරුන් හමුවීමට සහ මාසිකව ගන්නා ඖෂධ ප්‍රතිකාර සඳහා එම පොලී මුදල ඔවුනට යම් තරමකට හෝ ප්‍රමාණවත් විය.

 

මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ, මෙම පොළී අනුපාත යළි 15% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා වී නොමැති බව ය.හැබැයි එවැනි “ලූස් උත්තර” නම් නම් එතරම් හොඳ නැති බව අප ගේ වැටහීම ය. මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සඳහා ලැබුණු 15% පොලියෙන් විශේෂිත සහන ලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිප දෙනකු පිළිබඳව මම පෞද්ගලිකවම දනිමි. දූ දරුවන් විවාහ කර දුන් ඔවුන් ගෙන් කිහිප දෙනකුම එම දරුවන් ගේ නිවෙස් වල ඔවුන් සමඟ ජීවත්වන අය වෙති. ඔවුන් ගෙන් වැඩි පිරිසක් තම දරුමල්ලන් ගෙන් යැපුණු අතර ඔවුන් තම තමන් ගේ එදිනෙදා වියහියදම් පිරිමසා ගැනීම පිණිස පසුගිය කාලය පුරාම යොදවන ලද්දේ එම ස්ථාවර තැන්පතුවෙන් ලත් මාසික පොලියයි. එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් වැඩි දෙනකු දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අධි කොලොස්ට්‍රෝලියතාව,ආතරයිටිස් වැනි බෝ නොවන හා අන්තරාසර්ග රෝග වලින් පීඩා විඳින්නවුන් වන අතර එම රෝගාබාධ උදෙසා වෛද්‍යවරුන් හමුවීමට සහ මාසිකව ගන්නා ඖෂධ ප්‍රතිකාර සඳහා එම පොලී මුදල ඔවුනට යම් තරමකට හෝ ප්‍රමාණවත් විය.

 

රජයේ රෝහල් ගැන ජනතා විශ්වාසය නැති වෙයි ද?ඇතැමකු ඒ සඳහා රජයේ රෝහල් වෙත ඇදී ඒම මුල් කොට එහි ජන පීඩනය දිනෙන් දින ඉහළ යනු දක්නට ලැබේ.

 

එහෙත්, මේ වන විට ආණ්ඩුව මගින් එම පොලිය “පත අට එකට සිඳුවා” ඇති පසුබිමක ඒ සඳහා වන මුදල් තම දරු මල්ලන්ගෙන් ඉල්ලීමට නොහැකි ඔව්හු එම වෛද්‍ය ප්‍රතිකාර වලින් පවා වැළකී සිටිති. ඇතැමකු ඒ සඳහා රජයේ රෝහල් වෙත ඇදී ඒම මුල් කොට එහි ජන පීඩනය දිනෙන් දින ඉහළ යනු දක්නට ලැබේ. මෙය ද රාජ්‍ය සෞඛ්‍ය සේවාව කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බව අතිශයින් පැහැදිලි ය. ඊට අමතරව පසුගිය කාලය තුළ එම මාසික පොලියෙන් තම ජීවිකාව ගැටගසා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසි කිහිප දෙනෙක් ද සමාජයීය කටයුතුවලදී අපට හමු වෙති. ඔවුන් පවසනුයේ වැඩිහිටියන්ට සැළකීම නම් වන මානුෂීය ගුණාංගය තුට්ටුවකටවත් මායිම් නොකරන වත්මන් ආණ්ඩුවේ ඉරණම නුදුරේ දීම සොබා දහම විසින්ම තීරණය කරනු ඇති බව ය.

සමගි ජන බලවේග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමාජ සුබසාධන දේශපාලනයක් ගැන යන යන තැන උගුර හඬවමින් කතා පවත්වන්නෙකි. එහෙත්, වත්මන් ආණ්ඩුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කරන මෙම බරපතල අසාධාරණය කෙනහිලිකම ගැන ඔහු හෝ කට හැර හරියට කතා කළ බවක් අප නම් අසා නැත.

 

 

පූජකයන් රාජ්‍ය පාලනයට දේශපාලනයට සම්බන්ධ කර ගැනීමේ ආචීර්ණ කල්පික සම්ප්‍රදාය නූතන දේශපාලනයේ වැදගත් දෙයක් කොට නොසැළකේ. මක් නිසාද යනු ඒ ඔස්සේ පැන නගින පූජකවාදය ජනතා පරමාධිපත්‍යයට සංකල්පයට පරිබාහිර වූවක් බව ලෝක දේශපාලනය විසින් මනාව පෙන්වා දී ඇති බැවිනි. එවන්, පසුබිමක් තුළ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඔවුන් ගේ දේශපාලන දැක්ම තුළ භික්ෂුන්ට විශේෂ කාර්ය භාරයක් ඇති බව ගම්පහ පැවැති සඟ සමුළුවක දී පවසා සිටියේ ජාතික ජන බලවේගය ද ශ්‍රී ලංකා පොදු පෙරමුණේම තවත් වර්ෂන් එකක්ද? යන සාධාරණ අනුමානය අප සිත් තුළට පිවිසුවමිනි.එමෙන්ම බුදුන් භික්ෂූන් විෂයෙහි ස්ථාපිත කළ විනය ප්‍රඥප්තිය “අප්ඩේට් කිරීමට” ජාතික ජන බලවේගයට බලය පවරන ලද්දේ කවුරුන් විසින් ද යන්න ද අපි නොදනිමු. නමුදු ඔවුන් ද වත්මන් ආණ්ඩුව මගින් අප රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවන මෙම අසාධාරණය ගැන හරි හැටි යමක් කියා නැත.

 

ඩැට්' එකට අදත් විරෝධය - සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකදොස්තරලාට දෙන “ඩැට්” දීමනාව ඉල්ලා මේ වන විට තවත් සෞඛ්‍ය කාර්ය මණඩල කිහිපයක් අරසණ රෝගීන් කබලෙන් ලිපට ඇද දමන වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති.

අශ්වයන් අං ඉල්ලා සිටීමේ න්‍යායට අනුව දොස්තරලාට දෙන “ඩැට්” දීමනාව ඉල්ලා මේ වන විට තවත් සෞඛ්‍ය කාර්ය මණඩල කිහිපයක් අරසණ රෝගීන් කබලෙන් ලිපට ඇද දමන වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති. ඒවා පොල් කොළ පොල් හනසු දැල්වෙන ගින්දර නම් සමස්ත ලෝකයේම පොදු සම්භාවනාවට ලක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි හදවත් වලින් නැඟෙන මෙම ගිනි වියළි වනස්පති රුක් කඳන් දැවීමෙන් මතු වන ගිනි අඟුරු බඳු ය. පිටතට ගිනි දළු ලෙස නොපෙනුණන ද ඒවායේ ඇති උණුසුම අතිශයින් ප්‍රබල ය.ඒ අනුව මහ පාරේ බෝඩ් ලෑලි ඔසවා ගෙන නොසිටියත් ඉදිරි මැතිවරණ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසි තීරක බලය සුළු පටු නොවන බව වත්මන් මුදල් අමාත්‍ය පදවිය හොබවන ජනපති රනිල් වික්‍රමසිංහගේ සිට සියළු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් තරයේම සිහි තබා ගත යුතු ය.


WhatsApp Image 2024 03 01 at 2.33.58 PM(ඒ ජී රේණුකා දමයන්ති)
ගවේෂණාත්මක මාධ්‍යවේදිනී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - vinivida.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image