ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති ජල සමුළුවට සහභාගී වීමට ප්‍රථම ජනපති රනිල් වික්‍රමසිංහ කෑගල්ල බලා පිටත්ව ගියේ කෘතිම බුද්ධිය

උපයෝගී කරගෙන නිර්මාණය කෙරුණු ගොවිපලක් නැරඹීමටය. ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රික් කාරයක් නිර්මාණය කළ වේගා ආයතනය විසින් මෙම ගොවිපොල පවත්වාගෙන යනු ලබයි.

 

ජනපති ඇතුළු ප්‍රභූ පිරිස ගොවිපොල වෙත කැදවාගෙන ගියේ වේගා ආයතනය නිර්මාණය කළ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයකිනි.
එදින පෙරවරුවේ කෑගල්ල නෙළුම්දෙණියට ගිය ජනපති ඇතුළු ප්‍රභූ පිරිස ගොවිපොල වෙත කැදවාගෙන ගියේ වේගා ආයතනය නිර්මාණය කළ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයකිනි. එය පදවාගෙන ගියේ වේගා ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ විසින් වීම ද විශේෂත්වයකි.

එහි පැවැති සාකච්ඡාවකින් පසුව ජනපති රනිල් කොළඹ පැමිණි අතර ගොවිපොල නැරඹීමේ අවස්ථාවට ඔහුත් සමඟ ඇමති රංජිත් සියඹලාපිටිය හා කනක හේරත් ද එක්ව සිටියහ.

 

 

පසුදින අළුයම ඔහු ලෝක ජල සම්මන්ත්‍රණයට එක්වීමට ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට ගුවන් තොටුපොල වෙත යද්දී ඉරාන ජනාධිපති ඇතුළු පිරිස අතුරුදන්ව ඇති පුවත දැනගන්නට ලැබුනි.

 

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා...(ආචාර්ය මහේෂ් හපුගොඩ)ජනපති රනිල්ට එහි ව්‍යාපාරික කටයුතු කරමින් සිටින ස්ටාර්ලින්ක් ආයතනයේ ඉලෝන් මස්ක් මුණ ගැසීමට අවස්ථාව උදාවුනි.

 

ඉන්දුනීසියාවට ගිය ජනපති රනිල්ට එහි ව්‍යාපාරික කටයුතු කරමින් සිටින ස්ටාර්ලින්ක් ආයතනයේ ඉලෝන් මස්ක් මුණ ගැසීමට අවස්ථාව උදාවුනි. එම හමුව සම්බන්ධීකරණය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන විසිනි.

 

මෙම සාකච්ඡාවේදී ලංකාවේ ස්ටාර්ලින්ක් ආයතනයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ඔවුන් යොමු කර තිබූ ඉල්ලුම් පත්‍රය ගැන ද කතා බහ කෙරුණි. ඊට අවශ්‍ය නීති රීති සකස් කිරීමේ කටයුතු ඉක්මණින් අවසන් කරන බව මෙහිදි ජනපති රනිල් කියා සිටියේය.

 

ඉන්පසු ලෝක ඉතිහාසය ගැන මෙන්ම දේශපාලන තත්ත්වය ගැන ද ඔවුන් කතා බහ කෙරිනි. ගෝලීය බලශක්තිය ගැනද ඔවුන් කතා බහ කළේ ලංකාවට ද එහි අවස්ථා පිළිබඳව දැනුම්වත් කරමිනි. අවසානයේ ජනපති ඉලෝන් මස්ක් ට ලංකාවේ සංචාරයකට එක්වන ලෙස කළ ආරාධනය ඔහු ඉතා කැමැත්තෙන් බාරගත් අතර පවතින කාර්ය බහුල තත්ත්වය හමුවේ ඔහුට මෙරටට පැමිණිය හැක්කේ මෙම වසර අවසානයේ යැයි ද කියා සිටියේ කණගාටුවෙනි.

මේ අතර ඔවුන්ගේ කතා බහේ ඡයාරූප ගනු ලැබූවේ රුවන් විජයවර්ධන විසිනි. මාධ්‍ය ගැන හසල දැනුමක් ඇති රුවන්ගත් ඡායාරූප අවසානයේ මෙරට මාධ්‍ය මෙන්ම ඉලෝන් මස්ක්ගේ කණ්ඩායමට ද භාවිතා කළ හැකි ඒවා වූවේය. ඉලෝන් මස්ක් ඔහුගේ එක්ස් පිටුවේ පළ කර තිබුණේ ද මෙම ඡායාරූපයකි.

ඉන්දුනීසියානු ජනාධිපති ජාකෝ විඩාඩෝ හමුවූවේ ඉන් පසුවය. ද්වි පාර්ශවික සාකච්ඡාවේදි ලංකාව හා ඉන්දුනීසියාව එකට වැඩ කරන ආකාරය ගැන පිරිස සාකච්ඡා කළෝය. ඉදිරියේදි සිදුවනු ඇතැයි අපේක්ෂා කරන දේශගුණික විපර්යාස ගැන ද ඔවුනොවුන් කතා බහ කළහ. ලෝක ජල සංරක්ෂණයට හා සංවර්ධන වැඩවලට සියලු රටවල සහාය ගැනීමේ මිශ්‍ර යෝජනාවක් ද ඉන්දුනිසියාව ඉදිරිපත් කර තිබූ අතර ඊට සහාය දෙන බවද ජනපති රනිල් ඉන්දුනීසියානු ජනපතිට පොරොන්දු වූවේය.

 



ලෝක බැංකුවේ ජල සංරක්ෂණයට අදාළ අංශය භාරව සිටින පිරිස මුණ ගැසුණු ජනපති රනිල්, ඇමති තොණ්ඩමන් ඇතුළු කණ්ඩායම සාකච්ඡා කළේ පවතින ජල තත්ත්වය ගැනය. මේ අතරවාරයේ ජනපති ඇතුළු කණ්ඩායම එරට බලශක්ති ඇමතිනිය මුණ ගැසී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ගැන සාකච්ඡා කළහ.

 

IMG 20240524 WA0020එය ජනපති රනිල්ට කදිමට ගැලපෙන බව ඉන්දුනිසියානු ජනපති ඇතුළු අනෙකුත් නායකයන් කිවේ “හැන්ඩ්සම්“ කියමිනි.

ජල සමුළුවට ගිය ජනපති රනිල්ට ආසනය පනවා තිබුණේ ඉන්දුනිසියානු ජනපති අසලින් වීම ද විශේෂත්වයකි. එදින සවස ජනපති රනිල් ඇතුළු එරටට පැමිණි පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබූ අතර එම උත්සවයට පැමිණි නායකයන්ට එරට ට ආවේනික කමිසයක් ද ලබාදී තිබුනි. එය ජනපති රනිල්ට කදිමට ගැලපෙන බව ඉන්දුනිසියානු ජනපති ඇතුළු අනෙකුත් නායකයන් කිවේ “හැන්ඩ්සම්“ කියමිනි.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර එරට දේශීය මෙන්ම පොප් ගායකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විනි. ප්‍රසංගය අවසාන භාගය වෙත ලගා වෙද්දී ඉන්දුනිසියානු මැති ඇමතිවරු ඇතුළු නායක නායිකාවන්ද ඊට එක්වී නටන්නට පටන් ගත්තේ පැමිණ සිටි නායකයන්ගේ උද්වේගකර අත්පොලසන් හඩ මධ්‍ය යේය. රුවන් අසල සිටි ඉන්දුනිසියාවේ මෙරට තානාපති ජයනාත් කොළඹගේ කීවේ එරට පැවැත්වෙන විශේෂ උත්සවවලදී නායකයෝ මෙලෙස නැටුමේ යෙදීම සම්ප්‍රදායක් බවය.

 

උමා ඔය යෝජනා ක්‍රමය: ආණ්ඩුව සහ ජනතාව කියන්නේ කුමක්ද?ඉරාන ජනාධිපතිගේ අභාවය ගැන පුවත ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ බාලිවල සිටියදීය.
ඉරාන ජනාධිපතිගේ අභාවය ගැන පුවත ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ බාලිවල සිටියදීය. ඔහු විදේශ ඇමති අලි සබ්‍රිට කතා බහකොට ශෝකය පළ කළ යුතු බව දැනුම් දුන්නේය. එසේම ඔහුට අවසන් කටයුතුවලට සහභාගීවීමට ඉරානය බලා පිටත්ව යන ලෙස ද කීවේය. අගමැති දිනේෂ්ට කීවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසය.

ශෝක පණිවුඩයක් ද නිකුත් කළ ජනපති රනිල් ඉන්දුනිසියාවේ සිට කොළඹ බලා පැමිණි පසුව ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් සිය ශෝකය සටහන් කරනු ලැබුවේය. අගහරුවාදා අළුයම මෙරටට පැමිණි ජනපති රනිල් එදින උදේම කාර්යාලය වෙත ගියේ ගමන් වෙහෙසට වඩා කළයුතු රාජකාරි බහුලව පැවැති බැවිනි.

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණු අතර ජුනි මස අවසන්වීමට ප්‍රථම පක්ෂයේ කළාප කාර්යාල විවෘත කොට සංවිධාන කටයුතු ආරම්භ කළ යුතු බව ජනපති රනිල් දැනුම් දුන්නේ මහලේකම් රංගේ බණ්ඩාරටය. ඒත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ විය යුතු ආකාරය ගැන ද හෙතෙම සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ජුනි මස 2 දින පැවැත්වීමට දින නියම කළ ජනපති රනිල් ජනපති අපේක්ෂක ගැන කළ විමසුමට පිළිතුරු දුන්නේ “ඕක ප්‍රශ්නයක් ලෙසම තව ටික දවසක් තියා ගන්න“ කියමිනි.

IMG 20240524 WA0022උන්වහන්සේට පූජා කෙරුනු භූමියක ඔප්පුව ඇමති ප්‍රසන්න රණතුංග පරිනැමුවේ ජනපති රනිල් ඉදිරියේය.

 

බදාදා පෙරවරුවේ අකුරෙගොඩට ගොස් සේවාමුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කර පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය. ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙන විට ජපානයේ සංඝනායක බානගල උපතිස්ස නාහිමියන් එහි වැඩම කර සිටියහ. උන්වහන්සේට පූජා කෙරුනු භූමියක ඔප්පුව ඇමති ප්‍රසන්න රණතුංග පරිනැමුවේ ජනපති රනිල් ඉදිරියේය.

“ඔබතුමා පැමිණ කඩා වැටුණු රට ගොඩ ගත්තා. මේ රට ඉදිරියටත් ආරක්ෂා කරන්න ඔබතුමා හැර වෙන නායකයෙන් මට නම් පේන්න නෑ. ඒ නිසා තව කාලයක් ඔබතුමා මේ රට පාලනය කළ යුතුයි.“ බානගල උපතිස්ස නාහිමියේ ජනපති රනිල්ට ආශීර්වාද කළේ එලෙස කියමිනි.

IMG 20240524 WA0024උපතිස්ස නාහිමියන් ජනපති රනිල් වෙත වෙසක් තිලිණයක් ද පිරිනැමුවේය.

 

උපතිස්ස නාහිමියන් ජනපති රනිල් වෙත වෙසක් තිලිණයක් ද පිරිනැමුවේය. ඉඩම් හා සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ මේ අතරවාරයේය. ඒ ඉඩම් ඔප්පු ගැන මුද්‍රණය කළ පොතක් පිරිනැමීමටය. 

 

IMG 20240524 WA0019ඒ ඉඩම් ඔප්පු ගැන මුද්‍රණය කළ පොතක් පිරිනැමීමටය.
මේ සියලු කටයුතු අහවර කළ ජනපති රනිල් පැමිණියේ ඇමති මණ්ඩල හමුව වෙතය. ඔහු විදේශගතව සිටි බැවින් සදුදා එය පැවැත්වීමට නොහැකි විය. “ආර්ථික පරිවර්තනීය“ පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ බැවින් කැබිනට් රැස්වීම ද එදින පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකිර්ණයේ දී ය.

“අය වැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයකට පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා නම් ඒ වෙනුවෙන් මුදල් හොයා ගන්න වෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නිවේදනය කරලා තියෙනවා ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේ පවත්වනවා කියලා. මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවාද නැද්ද කියලා තීරණයක් ගන්න වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නැතිනම් අපිට සාමාන්‍ය ලෙස 2025 අය වැය ලේඛනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න මුදල් වෙන් කරන්නත් පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයට යනවා නම් දෙසැම්බර් ජනවාරි වෙන කොට ඡන්දය තියලා ඉවර කරන්න වෙනවා.  මොකද අපි අයි.එම්.එෆ් එකට පොරොන්දු වෙලා තියෙනවා 2025 අය වැය පෙබරවාරියට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා.“ ජනපති කියද්දී එය හොද තීරණයක් බව බොහෝ ඇමතිවරු කීවේ හිස සලමිනි. යළි හඩ අවදි කළ  ජනපති “මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නේ නම් මුදල් හොයා ගන්න විදියත් කල්පනා කරන්නත් වේවි“ කියා කීවේය.

මේ අතර වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප ගෙවීමට වතු හිමිකරුවන් අදි මදි කිරීම ගැන ඇමති මනූෂ නානයක්කාර ද මෙහිදි කරුණු මතු කළේය. ජනපති රනිල්  භාණ්ඩාගාර ලේකම්ගෙන් තේ වගාව හා ඊට අදාළ ආදායම් වියදම් විස්තරයක් රැගෙන වතු කම්කරුවන්ගේ ජීවන වියදම් තත්ත්වය සමඟ සංසන්දනය කරමින් වාර්තාවක් ලබා ගන්නා ලෙස මනූෂට උපදෙස් දුන්නේය.

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේවතු කම්කරුවන් වෙත රජය යෝජනා කරන වැටුප හාම්පුතුන් නොගෙවන්නේ මන්දැයි ප්‍රශ්න කරන ලෙස ද ජනපති රනිල් උපදෙස් දුන්නේ ඇමති මනූෂටය.
එසේම 2020 සිට 2022 අතර කාලයේ පැවැති ආර්ථික කඩා වැටීමේ බලපෑමත් ඉන් පසුව මතුවූ තත්ත්වයත් සලකා බලා එය කම්කරුවන්ගේ ජීවන වියදමට බලපෑ ආකාරය ගැනත් සොයා බලන ලෙසත් වතු කම්කරුවන් වෙත රජය යෝජනා කරන වැටුප හාම්පුතුන් නොගෙවන්නේ මන්දැයි ප්‍රශ්න කරන ලෙස ද ජනපති රනිල් උපදෙස් දුන්නේ ඇමති මනූෂටය.

ලෝක තේ මිල කඩා වැටීම වතු කම්කරුවන්ගේ ගැටළුවක් නොවන බැවින් ඔවුන්ට රජය නියම කළ වැටුප ගෙවිය යුතු බවත් එසේ නොගෙවන රාජ්‍ය වතුවල බදු ගිවිසුම අවලංගු කොට වෙනත් සමාගම්වලට එම වතු පවරණ ලෙසත් ජනපති මෙහිදි දැනුම් දුන්නේ දැඩි තීරණයක් ගනිමිනි.

ජනපති රනිල් ඉන් පසුව මුණ ගැසුණේ රාජ්‍ය ඇමතිවරුන්වය. ඔවුන් සමඟ ද ජනාධිපතිවරණය පළමුව පැමිණිම ගැන කතා බස් කළ අතර ජනාධිපතිවරණයට සුදානම් වන ලෙස ද දැනුම් දුන්නේය. එහිදි ද මහමැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති කාරණය කී ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දුන් සියලු කාරණා රජ්‍ය ඇමතිවරුන්ට පැවසීමට අමතක නොකළේය.

මේ අතර ජනපති මුණ ගැසීමට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත මන්ත්‍රී හාරිස් පැමිණ සිටි අතර කල්මුණේ කරුණාකරන් මන්ත්‍රීවරයා ද ඒ සමගසම පැමිණියේය. ඔවුන් දෙදෙනා එකම අවස්ථාවේ පැමිණීම ගැන උසුළු විසුළු කළේ ජනපති ලේකම් සමන් ඒකනායකය.

“මෙතුමන්ලා දෙන්නව එක කාමරයකට දාලා කල්මුණේ ප්‍රශ්නය විසදා ගන්න කියමු.“ ජනපති ලේකම් එසේ කියද්දී මහාචාර්ය ආශූ මාරසිංහ කීවේ “රුසියානු යුක්රේන ප්‍රශ්නය විසදා ගත්තත් කලමුනේ ප්‍රශ්නය නම් මේ කපේදි විසදාගන්න පුළුවන් වෙන එකක් නෑ“. කියා කියද්දී සැවොම කොක් හැඩලූහ.

 

ජනපති රනිල්, ස්ටාලින්ට කතාකරලාලබන සතියේ මහබැංකු අධිපතිතුමාත්, බැංකු ප්‍රධානීනුත් එක්ක අපි සාකච්ඡාවක් දාගෙන තියෙන්නේ. ඒ කමිටුවේදි මේ ගැන කතා කරලා අපිට පිළිතුරක් දෙන්න පුළුවන්.

ණය නොගෙවූවන් සේම ඇපයට අත්සන් කළ අයත් ක්‍රිබ් එකට ගොස් සිටින පැනය යළි මතු කළේ දොළවත්ත මන්ත්‍රීවරයාය. “මම ඒක ආශුට පවරලා තියෙන්නේ.“ ජනපති කීවේ ආශු දෙස බලමිනි. ලබන සතියේ මහබැංකු අධිපතිතුමාත්, බැංකු ප්‍රධානීනුත් එක්ක අපි සාකච්ඡාවක් දාගෙන තියෙන්නේ. ඒ කමිටුවේදි මේ ගැන කතා කරලා අපිට පිළිතුරක් දෙන්න පුළුවන්.“ ආශු කියද්දී දොලවත්ත මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ සුබ පිළිතුරක් ගෙන එන ලෙසටය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් ගණනාවක් පසුගිය දින කිහිපයේ ජනපති රනිල් මුණ ගැසුණේය. ඒ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පදිංචි පිරිසක් ද වූහ. එම කණ්ඩායමේ නායකත්වය ගෙන තිබුණේ ප්‍රවීණ නාට්‍ය වේදී සිසිල් ගුණසේකරය. ඔහු ප්‍රවීණ නිවේදිකාවක වූ දිල්කා සමන්මලී ගේ පියාණන්ය.

ජනපති ගෙන යන වැඩපිළිවෙල මේ කණ්ඩායම අගය කරද්දී සිසිල් ගුණසේකර කීවේ ඉදිරියේ පැවැත්වෙන දේශපාලන රැස්වීම්වල ඒකාකාරීත්වය නැති කිරීමට විනාඩි කිහිපයක නාට්‍යක් තමන්ට නිර්මාණය කර දිය හැකි බවය. මෙලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජනපතිගේ ඡන්ද සටනට සහායදීමට ඉදිරිපත්ව සිටියි.

වෙසක් පොහෝ දින රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සහභාගීවීමට ජනපති රනිල් මාතලේ බලා පිටත්ව යාමට සුදානම් වුවත් ගුවන් හමුදාවෙන් දැනුම් දී තිබුණේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගත විය නොහැකි බවකි. 

එය පිළිගත් ජනපති රනිල් ගමන අවලංගු කරද්දී ඔහුට දුරකතන ඇමතුම ලැබුනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගෙනි. “ඔබතුමා අයහපත් කාලගුණය පිළිගත්ත ආරංචිය මට ගුවන් හමුදාපතිතුමා කිව්වා. මට ඉරාන් ජනාධිපතිතුමා මතක් වුනා. දිනිත් චින්තක කියද්දී ජනපති රනිල් කීවේ නායකයෝ ලෙස අපි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් කියන දේ පිළිගත යුතුය කියාය.

 

1000083441සවස බුද්ධ රශ්මි වෙසක් කළාපය, ජනාධිපති කාර්යාලය අවට වෙසක් කලාපය මෙන්ම පෑලියගොඩ වෙසක් කලාපය විවෘත කළ ජනපති රනිල්
සවස බුද්ධ රශ්මි වෙසක් කළාපය, ජනාධිපති කාර්යාලය අවට වෙසක් කලාපය මෙන්ම පෑලියගොඩ වෙසක් කලාපය විවෘත කළ ජනපති රනිල් අවසානයේ පැමිණියේ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ හා දන්සැල විවෘත කිරීමටය.

සිකුරාදා සිට ඉරිදා දක්වා ජනපති ගත කළේ උතුරු පළාතේය. ඒ එම ප්‍රදේශයේ ජනතාව සමඟය.

සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්