සමාජ මධ්‍ය තුල පලකර තිබු පොස්ටුවකි.

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දින කිහිපයකට ඉහතදී හඳුන්වාදෙන ලද රථවාහන මංතීරු භාවිතය පිළිබඳ ක්‍රියා පිළිවෙත කෙරෙහි එල්ල වූයේ දැඩි විවේචනයකි.

මාර්ග තදබදය අඩු කිරීමේ අරමුණ ඇතිව එම පියවර ගත්ත ද පසුව ඊට යම් වෙනසක් කිරීමට පොලිසියට සිදුවිය.

කෙසේවෙතත්, මතු වූ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ මෙහෙයවන ඇතැම් විද්‍යාර්ථීන් පෙන්වා දෙන්නේ අවිද්‍යාත්මක කරුණු මත කෙරෙන අත්හදා බැලීම්වල ප්‍රථිඵලය ලෙස විසඳුම්වලින් ඈත් වීමක් සිදුවන බවය.

කළින් ක්‍රියාවට නැගූ මං තීරු වැඩපිළිවෙල පිළිබඳ මිශ්‍ර අදහස් සමාජ මාධ්‍ය තුළ පළවන්නට වූ අතර ඇතැම් ප්‍රකාශවලින් පෙන්නුම් කෙරුණේ මෙම වැඩපිළිවෙල හුදෙක් මාර්ගයට පමණක් අදාළ වුවක් නොව එය සමාජ විෂමතාවට දිරි දෙන්නක් ද වන බවකි.
 114588687 lanediciplineawanthaartigalaවාහන වර්ගය අනුව මංතීරු වෙන් කිරීම:

ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර පාර යන කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග කේන්ද්‍ර කරගෙන සැප්තැම්බර් 14 දින සිට නව රථවාහන සැලැස්ම මුලින් ආරම්භ කෙරුණි.

ඒ අනුව,

   #  මංතීරු දෙකක් ඇති මාර්ගයක වම් මං තීරුවේ බස්, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ධාවනය කිරීමට ඉඩ ලබා දුන් අතර අනෙකුත් වාහන සඳහා දකුණු මං තීරුව වෙන් කරන ලදී.

    # මංතීරු තුනක් ඇති මාර්ගවල වම් කෙළවරේ මංතීරුව බස්, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා ද දෙවන මංතීරුව බස් රථ හැර සෙසු වාහන සඳහා ද තුන්වන මංතීරුව බස්, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි හැර වෙනත් වාහන සඳහා ද ඉඩ ලබා දෙන ලදී.

    # මංතීරු හතරක් ඇති මාර්ගවල පළමු වම් මංතීරුවේ බස් රථ, දෙවන මංතීරුවේ බස් රථ, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ද තුන සහ හතරවන මංතීරුවල බස් රථ, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි හැර සෙසු වාහන ධාවනයට ද ඉඩ ලබා දෙන ලදී.

වෙනසක්:

කෙසේ වෙතත් එම ක්‍රමය සැප්තැම්බර් 23 වැනිදා යළි වෙනසකට ලක් විය.

   #  නව තීරණයට අනුව බස් ප්‍රමුඛතා මංතීරුවේ මගී ප්‍රවාහන බස් රථ, පාසල් වෑන් සහ පාසල් බස් රථ මෙන්ම කාර්යාල ප්‍රවාහන වෑන් සහ බස් රථ සඳහා ඉඩ ලබා දෙන ලදී. එම මංතීරුවේ ධාවනය වන වාහනවලට නවතා ඇති වාහන ඉස්සර කිරීමට දෙවන මංතීරුව භාවිත කළ හැකිය.

    # මංතීරු දෙකක් ඇති ස්ථාන වල අනෙකුත් වාහන දෙවන මංතීරුවේ ගමන් කළ යුතු වේ.

    # මංතීරු තුනක් ඇති මාර්ග වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ දෙවන මංතීරුවේ ද අනෙකුත් වාහන තුන්වන මංතීරුවේ ද ධාවනය කළ යුතුය.


රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන වෙනස්කම් සිදු කළ අතර තවදුරත් එය අධ්‍යනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය.

අවිද්‍යාත්මක කරුණු:

 114589628 whatsubject
වාහනයක් ධාවනය කළ යුතු මංතීරුව තීරණය කළ යුත්තේ එහි වේගය මත මිස වාහනයේ වර්ගය වැනි අවිද්‍යාත්මක කරණු මත නොවන බව මොරටුව විශ්ව විද්‍යාලයේ, ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමල් එස්. කුමාරගේ පැවසීය.

''වාහනයක් ධාවනය කළ යුතු මංතීරුව තීරණය කළ යුත්තේ එහි වේගය මත මිස වාහනයේ වර්ගය වැනි අවිද්‍යාත්මක කරණු මත නොවන බව මොරටුව විශ්ව විද්‍යාලයේ, ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමල් එස්. කුමාරගේ පැවසීය.''

ඔහු පෙන්වා දුන්නේ මාර්ග තදබදයට විසදුම් සෙවීමේදී ගුණාත්මක සේවයක් ලබා දී පොදු ප්‍රවාහනට ජනතාව ආකර්ෂණය කර ගැනීමට ක්‍රියා කිරීම හැර වෙනත් දේ අත්හදා බැලීමෙන් විසදුමෙන් ඈත් වීම පමණක් සිදුවන බව ය.

''වාහන වර්ගීකරණය කරලා එක එක මන් තීරුවට යොදන එක මං කොහේවත් රටක දැකලා නෑ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම උපදෙස් දීමත් විද්‍යානුකූල නැහැ. ඒකෙ සමාජයීය අර්ථකථනයක් වැරදියි. සමාජය තුළ කෙනෙක්ගෙ ආර්ථික තත්ත්වය බොහෝ වෙලාවට නිරූපණය වෙනවා එයා පදවන වාහනයෙන්.

 කාර් එකක් තියෙන කෙනෙක්ට දකුණු පැත්තෙන් හයියෙන් යන්න කියලා මෝටර් සයිකලයක් තියන කෙනෙක්, බස් එකේ යන කෙනෙක් වම් පැත්තෙන් හිමින් යන්න කියන එක මං හිතන්නේ බොහෝම දුර්වල සමාජ Amal 2020.09.26අර්ථකථනයක්.'' යනුවෙන් මහාචාර්ය අමල් එස්. කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.


ලක්ෂ 11කට අධික පිරිසක් දිනපතා කොළඹට පැමිණෙති. ඉන් ලක්ෂයක් පමණ දුම්රිය භාවිත කරන අතර ලක්ෂ 10ක් පමණ ප්‍රවාහනයට මහා මාර්ග භාවිත කරන බව හඳුනාගෙන ඇත. 

මාර්ග ඔස්සේ පැමිණෙන අයගෙන් ලක්ෂ 04ක් පමණ බස් රථ 10,000 - 12,000 අතර සංඛ්‍යාවකින් කොළඹට පැමිණෙති. 

තවත් ලක්ෂය හයක පමණ පිරිසක් දිනපතා කොළඹට පැමිණෙන්නේ යතුරු පැදි, ත්‍රීරෝද රථ සහ මෝටර් රථ වැනි පෞද්ගලික වාහන වලිනි.

වාහන තදබදය නිසා වසරක් තුළ රටට සිදුවන ආර්ථික අලාභය රුපියල් බිලියන 300ක් පමණ වන බවට ගණන් බලා තිබේ. 

ඊට අමතරව රිය අනතුරු නිසා ද වසරකට රුපියල් බිලියන 50ක් පමණ වැය වේ. 

වාහන තදබදය නිසා අපතේ යන කාලය ද ඇතුළත්ව ගණනය කළ විට එම අලාභය දිනකට රුපියල් ට්‍රිලියන 1.2ක් පමණ වන බව මහාචාර්ය අමල් එස්. කුමාරගේ පැවසීය.

මංතීරු නීතිය අලුත් එකක් ද ?

''මංතීරු නීතියේ අත්හදා බැලීමක් නෑ. මංතීරු නීතිය තියෙන්නේ මෝටර් වාහන පනතේ 148 වගන්තියේ. ඒක 1952 ඉඳලා තියෙන, නීතිය හඳුන්වාදීමේ ඉඳලා තියෙන එකක්. මංතීරු නීතියේ අත්හදා බැලීමක් නෑ. වාහන හැසිරවීමේ යම් අත්හදා බැලීමක් තියෙනවා.'' යනුවෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක පැවසුවේය.

1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පෙරවරු 6.00 සිට 09.00 දක්වා සහ පස්වරු 4.00 සිට 07.00 දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ. එය ක්‍රියාත්මක කිරීම මාර්ග තදබදය අඩු වීමට මෙන්ම මාර්ග ආරක්ෂාව හා විනය ඉහළ දැමීමට හේතු වී ඇති බව අධ්‍යයන මගින් හෙළිවී තිබේ.

නව තීරණයට එරෙහිව CID යට පැමිණිල්ලක්:

 ''මහජනතාව මරා දැමීමට තැත් කිරීම" සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ බීබීසී සිංහල සේවට කියා සිටියේය.''


නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් 21 වෙනිදා පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවේ යතුරු පැදි ධාවනය කිරීමට සැලසීම නීතිවිරෝධී වන අතර එය යතුරුපැදිකරුවන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පැවසීය. 

එබැවින් "මහජනතාව මරා දැමීමට තැත් කිරීම" සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ බීබීසී සිංහල සේවට කියා සිටියේය.

ෆොන්සේකා නව රථවාහන සැලැස්ම අගයයි :

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නව රථවාහන සැලැස්ම අගය කරමින් පසුගියදා අදහස් පළ කර තිබූණි.

''මංතීරු නීතිය ඉතා හොඳයි. මගෙත් අලුත් රියදුරෙක් ඉන්නේ. මේ දවස් ටිකේම කරන්නේ මංතීරු ගැන උගන්වන එක. ඒක ජනතාවගේ සහ වාහනවල ආරක්ෂාවට පිළිපැදිය යුතු කරුණක්'' යනුවෙන් ඔහු පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

(බීබීසී සිංහල සේවය)

(ඡායාරූප සහ ගැෆික් නිර්මාණ අන්තර් ජාලයෙන් - සංස්කාරක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්