leader s

මහවැසි නොතකා පාර්ලිමේන්තු පිවිසුම දෙවනත් කළ ජනබලය, කළු ඇඳුමින් සභාගැබට පැමිණි මන්ත්‍රීවරුන් සහ අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම පිටුපස ඇති සැබෑ කතාව.


පැලවත්තේ මඩ ප්‍රහාර බිඳ දමමින් අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කොළඹට ගැලූ ජනගඟ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සජිත් තැබූ දැඩි කොන්දේසි.



ආණ්ඩුවේ විවිධ බාධා කිරීම් සහ මඩ ප්‍රචාර හමුවේ වුවද, 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය මහවැසි මැද පාර්ලිමේන්තු පිවිසුම අසල දියත් කළ දැවැන්ත විරෝධය මෙරට දේශපාලන කරළිය උඩුයටිකුරු කර තිබේ. අධිකරණ ස්වාධීනත්වය සුරැකීමේ පාර්ලිමේන්තු සටන, සෞදියේ සිරවූ අනෝජන් වෙනුවෙන් කළ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තීරණාත්මක සාකච්ඡා හරහා සජිත් ප්‍රේමදාස පසුගිය සතිය තුළ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාව රට හමුවේ යළිත් තහවුරු කළේය.


සජිත්ගෙන් තීරණාත්මක දේශපාලන මෙහෙයුමක්!

 

WhatsApp Image 2026 09 27 at 07.31.54ආණ්ඩුවත් තැති ගත් 24
පැලවත්තේ මුදලට යැපෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ මහජන සංඛ්‍යාත යටතේ ක්‍රියාත්මක ඇතැම් මාධ්‍යවල අවලාද, අපහාස මැද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය 22ට විරුද්ධව අති සාර්ථක විරෝධතාවයක් පසුගිය බ්‍රහස්පතින්දා (24) බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේදී සිදු කළේ රටේම අවධානය දිනා ගනිමින්ය.

මහ වැසි නොතකා විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වූ එම විරෝධය සජබයේ සැබෑ ජයග්‍රහනයක් බව මධ්‍යස්ථ දේශපාලන මතධාරීන් මුහුණු පොතේ අදහස් දැක්වමින් ප්‍රකාශ කර තිබූ අයුරුත් පෙනෙන්නට තිබුණි.

සතියේ වැඩ කරන දිනයක, මහවැසි මැද මෙතරම් ජනතාවක් රැස් කිරීම ලෙහෙසි, පහසු කාර්යයක් නොවන බව කිව යුතුමය.

ආණ්ඩුවත් තැති ගත් 24

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව ගෙන ආ 22 වන සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව, ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 60 කට අධික පෙත්සම් ප්‍රමාණයක් ගොනු කර තිබුණි.

එම පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අවසන් තීන්දුව පසුගියදා කතානායකවරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වුණේ, 22 වන සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර එකඟතාවකින් සම්මත කිරීම ප්‍රමාණවත් බවය.

එහෙත් එම අධිකරණ තීන්දුව ගැන ඊට පෙර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැතිඇමතිවරු කිහිප දෙනෙකුම ඉඟි පළ කර තිබූ පසුබිම 22 ට එරෙහිව සජබය විරෝධතාවයක් සංවිධානය කළේය.

 

WhatsApp Image 2026 09 27 at 07.32.56

එහිදී සමගි ජනබලවේගය අවධාරණය කළේ..,“ 22 වන සංශෝධනය හරිද? වැරදි ද? කියන එක නෙමෙයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියලා තියෙන්නේ. ඒකේ කියලා තියෙන්නේ 22 සම්මත කරගන්න පුළුවන් විදිහ. ඒක නිසා 22 කට විරුද්ධ බවට අපි කියපු මතය වෙනස් කරන්න අවශ්‍ය නෑ. ඕනනම් ආණ්ඩුවට මේ 22 ඉල්ලා අස්කර ගන්න පුලුවන්. නැත්නම් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ඇත්ත උවමනාවක් තියෙන අයට 22කට විරුද්ධව ඡන්දය දෙන්න පුලුවන්. නැත්නම් පාර්ලිමේන්තුව මගහරින්න පුළුවන්. ඒක නිසා මේ 22 වෙනි සංශෝධනය හරහා මේ ආණ්ඩුව කරන්න හදන වන් පාටි ස්ටේට් එකක් කරන්න හදන වැඩේ පරාජය කළ යුතුමයි. ඒ ගැන ජනතාව දැනුවත් කළ යුතුමයි. ඒකයි මේ අපේ විරෝධතාවයේ අරමුණ.”

මෙවැනි පසුබිමක සමගි ජනබලවේගය 24 වෙනිදා පැවැත්වීමට සැලසුම් කළ විරෝධයට පෙර රට තුළ ඊට එරෙහි සමාජ මතයක් ගොඩනැගීමේ වගකීම පැලවත්ත භාරදී තිබුණේ, නිරුක්ෂ කුමාර, විදර්ශන කන්නංගර, චානක බණ්ඩාර වැනි කණ්ඩායමකටය.

ඒ අනුව මාධ්‍ය හමු පවත්වමින් මේ පිරිස සජිත් ප්‍රමුඛ සජබයේ විරෝධතාවට එරෙහි ජනමතයක් සමාජය තුළ නිර්මාණය කරන්නට විවිධාකාරයෙන් උත්සාහ ගත් අයුරු පෙනෙන්නට විය.

23 සවස සජිත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්

23 වනදා පස්වරුවේ සජිත් විශේෂ රැස්වීමකට මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිරිසක් කැඳවා තිබුණේ 24 වනදා පැවැත්වෙන විරෝධතාවයේ අවසන් සමාලෝචනය සඳහාය.

WhatsApp Image 2026 09 27 at 07.32.1223 සවස අවසන් තීන්දුව
“සර්.. දැන් මතයක් ගෙනියන්න හදනවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයටත් අභියෝග කරමින් අපි ජනමත විචාරණයක් ඉල්ලන්න මේ විරෝධතාව සංවිධාන කරනවා කියලා...අපි මේ කරන්නේ ජනමත විචාරණයක් ඉල්ලන එක නෙමයිනේ... අපි කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකරයි... ඒක නිසා මේක ආණ්ඩුව වහාම හකුලාගත යුතුයි කියන ඉල්ලීමනේ”

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය එහෙම කියද්දී, ඊට පිළිතුරු දුන් සජිත් කියා සිටියේ…

“ මමත් දැක්කා මටයි, පක්ෂයටයි චෝදනා කරලා මේ විරෝධතාවය කරන්නේ ඇප පිට, සැකපිට ඉන්න අයයි කියලා බොරු මතයක් සමාජගත කරන්න හදනවා. ඔය ඕන කෙනෙන් ඕන දෙයක් කියපුදෙන්... අපි කළබල වෙන්න ඕන නෑ...සත්‍යවශයෙන්ම අපි මේක කරන්නේ රට වෙනුවෙන්, සද්භාවයෙන්... අපි 24 වෙනිදා මේ බොරු කාරයින්ට පැහැදිලි උත්තරයක් දෙමු.”

කට උත්තර ගන්නා පොලිසියටත් උත්තර නැතිවූ හැටි...

සජබ විරෝධතාව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලිසියේ නිළධාරීන් පිරිසක්, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් පිළිබද සජබයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරව දැනුම්වත් කළේය. එය කියවා බැලූ රංජිත් කීවේ “ අපි මාර්ග අවහිර කරන්නේ නෑ නේ. අපි මේ සාමාකාමීව නේ 22 ට එරෙහි ජනමතය ඉදිරිපත් කරන්නේ. ඇයි ආණ්ඩුව බයවෙලා ද? අපි එයාලා වගේ පාර්ලිමේන්තුව ගිණි තියන්න ජනතාවට එන්න කියලා නෑ. පොලීසියේ ඔබතුමාලා බයවෙන්න එපා අපි නීති විරෝධී වැඩ කරන්නේ නෑ.”

 

WhatsApp Image 2026 09 27 at 07.32.20කට උත්තර ගන්නා පොලිසියටත් උත්තර නැතිවූ හැටි...
ඒ මොහොතේ “හරි සර්..” කියා ආපසු යාමට සැරසුණු පොලිස් නිළධාරියාට රංජිත් යළිත් කතා කර විමසුවේ, “දැන් කඳුළු ගෑස් එහෙමත් ගෙනැල්ලද ?”.. කියාය.. ඊට පොලිස් නිළධාරීන්ටද සිනහවක් ගිය අතර අවට සිටි ජනතාවට මහා ශබ්දයකින් සිනාසෙනු ඇසෙන්නට විය.

මහවැසි මැද නොසෙල්වුණු ජනතා බලය

සජිත් ඇතුළු සමගියේ නායකයින්ගේ මගපෙන්වීම යටතේ දසදහස් ගණනක් පාක්ෂිකයින් 24 වනදා විරෝධතාවයට එක්වූ අතර, විවිධ බාධා කිරීම්, අවලාද, මඩ ප්‍රචාර හමුවේ ඒවා මායිම් නොකළ ජනතාව වීදි බැස්සේ මාලිමා ආණ්ඩුව අධිකරණය තමන් සතු කරගන්නට යන උත්සාහට එරෙහිවය.

මහවැසි මැද විරෝධතාකරුවන් සමග පාගමනින් පැමිණි සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසලදී රැළිය පැවැත්වූයේ පැමිණි ජනගඟේ ඔල්වරසන් සමගින්ය.

 

WhatsApp Image 2026 09 27 at 07.32.30මහවැසි මැද නොසෙල්වුණු ජනතා බලය

“ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි 22වන සංශෝධනය මාළිමා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න පුලුවන්. ඒත් මේ සංශෝධනය ජන සමාජය තුළ සම්මත කරගන්න ආණ්ඩුවට බෑ. දැනටමත් ආණ්ඩුව පරාජය වෙලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කරමින්, තනි පක්ෂ පාලනයක් පිහිටුවා රටේ බලය පැලවත්තට ලබාගැනීමේ මේ උත්සාහය අපි ජනබලයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කරනවා. අපි මෙතෙන්ට ආවේ පාර්ලිමේන්තුව පුච්චන්න නෙමෙයි. පාර්ලිමේන්තුව පුච්චන්න හදපු අය දැන් පාර්ලිමේන්තුව ඇතුළෙම ඉන්නවා. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන අද ලක්ෂ 220ක් වූ සමස්ත රටවැසියන් අවදිවෙන්න පටන් අරන්. ඒ නිසා මේ ගැම්මෙන්ම 22 කට විතරක් නෙමෙයි ආණ්ඩුවත් පරාජය කරමින්, ජනතාව ජීවත්කරනවන, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීමේ සටන අපි ආරම්භ කරනවා... ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මේ වෙද්දි අපි එක්ක එකතුවෙලා ඉවරයි. රටට ආදරය කරන පිරිසිදු සියලු බලවේගත් අපි ඒ සටනට එක්කර ගන්නවා.” යනුවෙන් සජිත් කියා සිටියේය.

WhatsApp Image 2026 09 27 at 07.32.56 1

 

ගයන්තට බිමල්ගෙන් සහතිකයක්

24 වෙනිදා සමගිය සංවිධානය කළ විරෝධතාවයෙන් පසු මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවට ගියේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳ විවාදය යෙදී තිබූ නිසාය.

එදින විවාදයට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක තම කතාව නිමා කර පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවතට පැමිණෙමින් සිටියදී ඉදිරියට පැමිණි සභානායක බිමල් රත්නායක හමුවිය.

 

WhatsApp Image 2026 09 27 at 07.33.04 ගයන්තට බිමල්ගෙන් සහතිකයක්.
“ ආ මන්ත්‍රීතුමා, විරෝධතාවය හොඳට තිබුනද? 5000 විතර ඉන්න ඇති නේද?”

බිමල්ගේ ඒ පැනයට ගයන්ත ගත් කටටම කිව්වේ 10,000 කට වැඩිය ඉන්න ඇති, වැස්ස නිසා සමහර පාක්ෂිකයින්ට එන්නත් බැරිවුනා. ඇයි ඔබතුමාට බුද්ධි තොරතුරු ලැබිලා ඇතිනේ කීයක් විතර ආවද කියලා. ඇයි රිපෝට් එක තාම ලැබුනේ නැද්ද?”

එහිදී ඇඹුල් වූ මූණට මද සිනහවක් ආරූඩ කරගත් බිමල් “ මම හිතන්නේ සමහරවිට 9000 ක් විතර එන්න ඇති” කියමින් ඒ ස්ථානයෙන් පිටව ගියේය.

මේ සංවාදය ගැන සජිත්, රංජිත්, කබීර් දැනුවත් කළ ගයන්තට ඔවුන්ගෙන් ලැබී තිබූ පිළිතුරු වුනේ…

“ අනිවාර්යෙන්ම 10,000 පන්නලා ඉන්න ඇති, ඒකනේ එයා 9000ක් විතර කියන්නේ, බුද්ධි තොරතුරුවලින් එයාලා ගණන දැන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් රිදිලා ඉන්නේ. එයාලා හිතුවේ වැස්සත් එක්ක වැඩේ දියාරු වෙයි කියලා. බලං ගියහම ඇත්තටම වැස්සේ නැත්නම් 15,000 විතර එන්න ඉඩ තිබුනා කොළඹට.”

සජබයේ 25 කළු විරෝධය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ජන්ද විමසීම පැවැත්වූ 25 වනදා සිකුරාදා සජබයේ සියළු මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

 

WhatsApp Image 2026 09 27 at 07.33.13සජබයේ 25 කළු විරෝධය
එහිදී විවාදයට එක්වෙමින් සජිත් කියා සිටියේ…,
“ මේ රටේ ජනතාවට අමතක නෑ 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අඩුකළා. නැවන 18 ගෙනත් ඒ බලය විධායකය විසින් ලබාගත්තා. පස්සෙ අපි 19 ගෙනැල්ලා විධායකයේ බලය අඩුකළා. නැවත 20න් එක වෙනස් කරලා අසීමිත බලයක් විධායකය විසින් පවරා ගත්තා. ඒ වගේම 21 ගෙනැල්ලා නැවතත් විධායකයේ බලය අඩුකරමින් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න පියවර ගත්තා. ඒත් මේ මොහොතේ වර්තමාන ආණ්ඩුව 22 ගෙනැල්ලා ප්‍රජාතන්ත්‍රවාදයයි අධිකරණයේ ස්වාධීනත්වයයි කෙළෙසන්න උත්සාහ කරනවා. තුනෙන් දෙකක් තිබුණ හැම අවස්ථාවකම ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය හානි කරන සංශෝධන. ඒවා විවේචනය කරපු අනුර කුමාර ඇතුළු ජවිපේ එයාලට තුනෙන් දෙකක බලයක් ලැබුනම ඒ දේම කිරීම කනගාටුවට කරුණක්.”

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් අවධාරණය කළේ, එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් නෙරපීමේ ක්‍රියාමාර්ගයට පක්ෂ වූ අය අද 22 ට විරෝධය දැක්වද්දී, ඊට එරෙහිව පෙනී සිටි ජවිපෙ නායකයින් අද අත්තනෝමතික ලෙස 22 සම්මත කරගැනීමට කටයුතු කිරීම දෛවයේ සරදමක් බවය.

“ දැන් මේ කරන්නේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්. මේකෙන් රටේම බලය පැලවත්තට ගන්නයි මේ අනුර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ 159 දෙනා උත්සාහ කරන්නේ. ඒ නිසා සෑම අවස්ථාවකම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී හිටපු සමගියේ අපි කොන්ද කෙළින් තියාගෙන මේ සංශෝදනයටත් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.” 22 හරහා කළු අනාගතයක් නිර්මාණය කරමින් පවතින බවත්, ඊට එරෙහිව ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කළේය.

නොහැකියාව හා මඩ ප්‍රහාර...

ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් මුහුණුපොතේ අදහස් දැක්වීමක් සිදුකළ බවට චෝදනා කරමින්, සෞදියේ මරණ දඬුවම නියමවී සිටින සිවරාසා අනෝජන් බේරාගැනීම දැන් රටේම මාතෘකාවක් වී තිබේ.

 

WhatsApp Image 2026 09 27 at 07.33.21නොහැකියාව හා මඩ ප්‍රහාර...
පසුගිය 21 වනදා අනෝජන්ගේ දෙමාපියන් සහ ඥාතීන් පිරිසක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් හමුවුණේ, අනෝජන් බේරාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කිරීමටය.

එහිදී වහාම ක්‍රියාත්මක වූ සජිත්, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අනෝජන්ගේ නිදහස වෙනුවෙන් රටක් ලෙස අපට ගතහැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කළේය.

මේ වනවිටත් අනෝජන්ගේ දෙමාපියන් නීතිඥ ගාස්තු සඳහා ලක්ෂ 19 මුදලක් පොළියට ලබාගෙන සෞදියට යවා ඇති බව දැනගත් සජිත්, වහාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය.

“ ලේකම්තුමිය, මම සජිත් ප්‍රේමදාස”

‍” ඔව් සර් කියන්න”

“ ඔබතුමිය දන්නවනේ සෞදියේ අපේ රටේ අනෝජන් කියලා තරුණයෙක්ට ප්‍රශ්ණයක් මතුවෙලා තියෙනවා. මම එයාගේ නීතිම පසුබිම ගැන සෞදියේ ඉන්න අපේ තානාපතිතුමාට කතා කරලා හොයලා බැලුවා. මම ඔබතුමියට කථා කළේ, අනෝජන්ගේ අම්මයි, තාත්තයි මගේ ළඟ දැන් ඉන්නවා, ඒ අය දැනට ලක්ෂ 19ක් එහෙට යවලා තියෙනවා පොළියට සල්ලි අරගෙන තමයි ඒ මුදල හදාගෙන තියෙන්නේ. අනේ අපිට ඒ අයට සහනයක් විදිහට මේ මුදල යළි ලබාදෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් නේද? මෙයා ෆොරීන් බියුරෝ එකේ ලියාපදිංචි වෙලා, ඉන්ෂුවරන්ස් එක අරගෙන තියෙන කෙනෙක් නේ.”

“ ඔව් සර්, ඒක අපිට කරලා දෙන්න පුලුවන් වේවි. මම ඒක ගැන හොයලා බලන්නම්”

මේ ආකාරයෙන් අනෝජන්ගේ ගැටළුවට සජිත් සැබෑ මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වෙද්දී කුපිත වූ ආණ්ඩුව ප්‍රමුඛ පැලවත්තේ මඩ බලකාය, සජිත් තානාපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරිය සමඟ පැවැත්වූ දුරකථන සංවාදය ඉවත් කර, සජිත් අනෝජන් සමඟ පමණක් පැවැත්වූ දුරකථන සංවාදය මාධ්‍යයේ පළ කර තිබුණේ හිතාමතාමය.

පැලවත්තෙන් ලොකු, ලොකු මුදල් කුට්ටි ගන්නා සමාජ මාධ්‍ය පිටු අයිතිකරුවන්, අනෝජන්ගේ ගැටළුව සජිත් දේශපාලන වාසියක් බවට පත් කරගන්නට සූදානම් වන බවට ඒ හරහා මතයක් සමාජ ගතකිරීමට උත්සාහ දරා තිබුණි.

එහෙත් රටට හෙළි නොවූ සත්‍ය නම්, සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ජා කරමින් සිටියදී අනෝජන්ගේ පවුලේ ඥාතියකුගේ දුරකථනයට ඇමතුමක් ලබාගත් නියෝජ්‍ය අමාත්‍යවරයකු එදිනම සවස ජනාධිපති අනුර කුමාරව හමුවීමට එන්නැයි ආරාධනා කිරීමය.

සජිත් ප්‍රේමදාස සෞදියේ තානාපතිවරයාට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ලබාගත් දුරකථන ඇමතුම් වලින් පසු මෙම සිදුවීම් පෙළ ගැන කණ වැකුණු ආණ්ඩුව වහාම අනෝජන්ගේ දෙමාපියන්ට ජනාධිපති හමුවෙන්නට අවස්ථාවක් සලසා දුන් බව මේ හරහා හොඳින්ම පැහැදිලිය.

සැබෑව නම් ආණ්ඩුවේද වගකිව යුතු ආයතනවලද මේ සම්බන්ධයෙන් ඇස් කන් විවරවූයේ සජිත්ගේ මෙම සාකච්ඡාවෙන් අනතුරුවය. පාර්ලිමේන්තුවේදී ද මාළිමා රජයේ මැති ඇමතිවරුන් මේ ගැන කතා කළේ සජිත්ගේ මෙම මැදිහත්වීමෙන් අනතුරුවය. අනෝජන් බේරාගැනීම වෙනුවෙන් දූත මණ්ඩලයක් සෞදිය වෙත පිටත් කර යවන තැනකට ආණ්ඩුව යොමු කිරීමට පාර කැපුනේ ද සජිත්ගේ මේ ක්‍රියාකාරීත්වය නිසාය.

අපි මිනිසුන් ජීවත් කරවමු - සජිත් IMF ට කියයි

 

WhatsApp Image 2026 09 27 at 07.33.30
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුත මණ්ඩල ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී සජිත් හමුවූයේ පසුගිය 22 වැනිදාය.

මෙරට ආර්ථිකය සහ ජනතාවට අත්විඳීමට සිදුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අවදානය යොමුකරමින් සාකච්ඡාවට මුලපිරූ සජිත්, එම නියෝජිතයින්ට පෙන්වා දුන්නේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ගන්නා වූ ක්‍රියාමාර්ග හමුවේ ජනතාව මත පැටවී ඇති පීඩනය අවම කිරීමේ අවශ්‍යතාව පිළිබදවය.

පවතින IMF ගිවිසුම 2027 මාර්තු මාසයේදී අවසන් වී‌මෙන් අනතුරුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා කිහිපයක්ද සජිත් මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත ඉදිරිපත් කර තිබුණේ, තම රටේ ජනතාවට කුමණ හෝ සහනයක් අත්කරදීමේ ඇත්ත උවමනාව පෙරදැරිවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ මෙම සාකච්ජාවට, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඇතුළු වෘත්තිකයින් පිරිසක් ද එක්ව සිටියේය.

(මම | බංගලා හන්දියේ ලියුම්කරු)  

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්