ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, වර්තමාන ආණ්ඩුවේත් බලය සඳහා 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මහෝපකාරී විය.

පාස්කු ප්‍රහාරය ගැන සරල සත්‍යය අපට තේරෙන පරිදි නම් මෙසේයි:

මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට යම් තොරතුරු ලැබී තිබුණත්, මේ තරම් දැවැන්ත, විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවකු අනුමාන කළේ නැත.

දැන් ත්‍රස්තවාදය පිළිබඳ ඔස්තාර්ලා, පකීර්ලා ලෙස පෙනී සිටින රොහාන් ගුණරත්න වැනි පත්තර වාර්තාචාර්යලාගේ සිට කමල් ගුනරත්න හා ගෝඨාභය රාජපක්ෂ දක්වා කිසිවෙකු එසේ අනුමාන කර තිබුණු බවට පෙන්විය හැකි සාක්කියක් නැත.

pasku attack

''දැන් ත්‍රස්තවාදය පිළිබඳ ඔස්තාර්ලා, පකීර්ලා ලෙස පෙනී සිටින රොහාන් ගුණරත්න වැනි පත්තර වාර්තාචාර්යලාගේ සිට කමල් ගුනරත්න හා ගෝඨාභය රාජපක්ෂ දක්වා කිසිවෙකු එසේ අනුමාන කර තිබුණු බවට පෙන්විය හැකි සාක්කියක් නැත.''

මුස්ලිම් ත්‍රස්තවාදයේ උපරිම මට්ටම තිබුණේ බුදු පිළිම කඩන තැනකය.

එතන සිට මෙතරම් දැවැන්ත ප්‍රහාරයක් අනුමාන කිරීමට තරම් හැකියාවක් ලංකාවේ දේශපාලනික බුද්ධි අංශවලට තිබුණු බවක් දැන් කරනු ලබන සාක්ෂි විමසීම්වලින් නොපෙනේ.

ජාත්‍යන්තර බුද්ධි අංශ පවා ප්‍රහාරයේ තරම අනුමාන කර තිබුණු බවට වාර්තා නැත.

 

මුස්ලිම් ඡන්ද සමග ක්‍රීඩාවක් !

දේශපාලකයන් කරමින් සිටියේ මුස්ලිම් ඡන්ද සමග ක්‍රීඩාවකි. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ඡන්දවලින් බලය ගොඩනගාගන්නට උත්සාහ කළ අතර රාජපක්ෂලා කරමින් සිටියේ මුස්ලිම් විරෝධයෙන් බලය ගොඩනගාගැනීමයි. ඒ අතරම මුස්ලිම් නායකයන් බාගැනීමේ උවමනාවක් ද ඔවුන්ට තිබිණි.

මුස්ලිම් දේශපාලකයන් කරමින් සිටියේ වැඩි මිලට අලෙවි වෙමින් ලාභ සෙවීමයි. ඔවුන්ට එරෙහිව මුස්ලිම් සමාජයෙන් විරෝධය මතු වූයේ අන්තවාදය ඔස්සේය.

අන්තවාදයට තිබුණු මුස්ලිම් මහජන සහයෝගය නිසා සහරාන් වැන්නන්ට මුස්ලිම් දේශපාලකයන් සමග පමණක් නොව දේශපාලන අරමුණු සහිත ආරක්ෂක බුද්ධි අංශ සමග ද සුරතල් වීමේ අවස්ථාව ලැබිණි. කවුරු කවුරුත් උත්සාහ කළේ මෙම අන්තවාදීන් තමන්ගේ වාසියට පාවිච්චි කිරීමටයි.

''අන්තවාදයට තිබුණු මුස්ලිම් මහජන සහයෝගය නිසා සහරාන් වැන්නන්ට මුස්ලිම් දේශපාලකයන් සමග පමණක් නොව දේශපාලන අරමුණු සහිත ආරක්ෂක බුද්ධි අංශ සමග ද සුරතල් වීමේ අවස්ථාව ලැබිණි. කවුරු කවුරුත් උත්සාහ කළේ මෙම අන්තවාදීන් තමන්ගේ වාසියට පාවිච්චි කිරීමටයි.''

එහෙත්, අන්තවාදය යනු අන්තයක් නැති එකකි. අන්තවාදීන් පාලනයෙන් මුළුමනින් ම ගිලිහෙන බව කිසිවෙකු දැන සිටි බවක් අපට නම් නොපෙනේ.

 

කපටි නරින් පිරිසක් !

රිෂාඩ් බදිඋදීන්, රාවුෆ් හකීම්, අතාවුල්ලා, හිස්බුල්ලා පමණක් නොව ඉමිටියාස් බාකීර් මාකර්, අලි සබ්‍රි වැනි දේශපාලකයන් පවා පෞද්ගලික උන්නතිකාමයන්, බලය, ආර්ථික ලාභ හා පටු ජනප්‍රියත්වය පසුපස යන කපටි නරින් පිරිසක් මිස සහරාන්ලා මෙන් අන්තවාදයට තබා තමන්ටවත් අවංක අය නොවේ.

ඔවුන් හා සිංහල, දෙමළ අනෙකුත් බොහෝ දේශපාලනඥයන් අතර වෙනසක් නැත.

රිෂාඩ් බදිඋදීන් හෝ ඔහුගේ සොයුරා හෝ මුස්ලිම් ජාතිවාදයටවත් අවංක පුද්ගලයන් අය යයි අපට නම් නොපෙනේ. ඔවුන්ගේ ඉතිහාසය එයට දෙස් දෙයි.

ඔවුන් ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඊබ්‍රාහිම්ගෙන් ඉතා පැහැදිලිව වෙනස්ය.

ඊබ්‍රාහිම්ගේ පුතුන් ධනවතුන් වුවත්, අන්තවාදයට ප්‍රමුඛත්වය දුන් අයයි.

රිෂාඩ්ලාට එහෙම ඉතිහාසයක් නැත. ඔවුන් අන්තවාදීන් සමග පවත්වන්නට ඇත්තේ කූට සම්බන්ධතා ය.

එම සම්බන්ධතා තමන්ට හානියක් වන බවට අවබෝධයක් තිබිණි නම් ඔවුන් එහිදී පවා බලන්නේ අවදානමට සාපේක්ෂව එහි ඇති ලාභයයි.

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය.

එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත.

ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතා ගෙතීම හා ඉන්පසු ඒ කතා බොරු බව කියා එම පුද්ගලයා නිදහස් කිරීම පොලිසියට නම් ඉතාම සාමාන්‍ය දෙයකි.

Police Sporkmenපුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතා ගෙතීම හා ඉන්පසු ඒ කතා බොරු බව කියා
එම පුද්ගලයා නිදහස් කිරීම පොලිසියට නම් ඉතාම සාමාන්‍ය දෙයකි.

පොලිසිය ගෙතූ කතා බොරු බව හෙළි වන විට, අසරණයන්ට නම් කරන්නේ විමර්ශන හෝ අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව දිගටම රැඳවුම් භාරයේ සිටින්නට ය.

අවසානයේදී බොරු පාපොච්චාරණයක් එකම සාක්ෂිය ලෙස ඉදිරිපත් කරමින් පවරන ලද නඩුවකට මුහුණ දෙන්නටය. එහෙත්, බදිඋදීන්ලා වැනි බලවතුන්ට එසේ වන්නේ නැත.

ඔවුන් වෙනුවෙන් කතා කරන්නට බැසිල්ලා වුණත් ඉදිරිපත් වනු ඇත.

මේවා ප්‍රශ්න වන්නේ, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගත් රාජපක්ෂ බලවේගයට හා ඒ පාන්වලට හොදි වෙමින් ක්‍රිස්තියානි ජනතාව අතර අනියමින් දේශපාලනය කළ කාදිනල් කුරේ වැනි අයටයි. ඕනෑනම්, එදා තමන් කළ දේශපාලනය තවදුරටත් කරගෙන යන්නට ද ඔවුන්ට පුළුවන.

''මේවා ප්‍රශ්න වන්නේ, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගත් රාජපක්ෂ බලවේගයට හා ඒ පාන්වලට හොදි වෙමින් ක්‍රිස්තියානි ජනතාව අතර අනියමින් දේශපාලනය කළ කාදිනල් කුරේ වැනි අයටයි. ඕනෑනම්, එදා තමන් කළ දේශපාලනය තවදුරටත් කරගෙන යන්නට ද ඔවුන්ට පුළුවන.''

 

නස්රුදීන් කියවන්න !

ඔවුන්ට අපට දිය හැකි උපදෙස නම් නස්රුදීන් කියවන ලෙසයි.

නස්රුදීන්ගේ කතාවක පල්ලියට ගොස් ආපසු එමින් සිටින ඔහු මග දිගට ‘යන්නෙ නැද්ද පල්ලි? අද එතන රසකැවිලි බෙදනවා දන්නෙ නැද්ද?’ යි බොරුවක් කියමින් එයි.

මිනිස්සු රසකැවිලි ගන්නට පල්ලියට දුවති. ටික දුරක් ඉදිරියට එන විට, බොරුව ඔහුටත් වඩා වේගයෙන් පියඹා ගොස්, ඔහු ඉදිරියෙනුත් මිනිසුන් පල්ලිය පැත්තට දුව එති. ‘කොහෙද දුවන්නෙ?’ යි නස්රුදීන් ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන් කියන්නේ ‘යන්නෙ නැද්ද පල්ලි? අද එතන රසකැවිලි බෙදනවා දන්නෙ නැද්ද?’ කියායි.

ටික වෙලාවකින් නස්රුදීන් ද ඔවුන් පසුපස පල්ලිය දෙසට දුවමින් සිටියි.

තමන්ගේ ම බොරුවට තමන් ම රැවටීම ඛෙදවාචකයකි. එහෙත්, රැවටුණු බව පෙන්වමින් තවදුරටත් බොරුව ම කරගෙන යන්නට ද ඕනෑ නම් පුළුවන.

මේ ලිපියත් කියවන්න:

රිෂාඩ්, හකීම් ආණ්ඩුවට එක්වනු ඇත. 

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(උපුටා ගැනීම - praja.lk )

#අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්