1200 x 80 DMirror
 
 

අලි  මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය.
2019 දී  අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක්  අලි ඇතුන් පහරදීමෙන් මිය ගියහ. 
 
සාම්ප්‍රදායික අලි මංකඩ ආක්‍රමාණය  කිරීම, ඔවුන්ගේ භූමිය ඛණ්ඩනය කිරීම, සංවර්ධනය සඳහා සහ නීති විරෝධී ක්‍රියාකාරකමි සඳහා ඔවුන්ගේ භූමිය භාවිතා කිරීම, හේතුවෙන් මෙම තත්වය උදා වී තිබුණි.
 
 දකුණු ආසියාවේ අලි මිනිස් ගැටුම දරුණුම ලෙස පවතින රට ලෙස ශ්‍රී ලංකාව හැදින් විය හැකිය.
 
මෙම තත්වය මෙසේ පවතින විට මීට මාසයකට පෙර හම්බන්තොට වල්සපුගල ගම්මානයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ අලි මිනිස්  ගැටුමට විසඳුමක් ඉල්ලා අඛංඩ උවාසයක් ආරම්භ කළ අතර හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිතය විධිමත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.  
 
ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් නියෝජනය කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර අධ්‍යාපනිකව ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශයේ දරුවන්ද දැනුවත් කරමින් අද වන විටත් මෙය ඉදිරියට ඇදමින් ඇත.
 
Hambantota Elephants
වසර දොළහකට පමණ පෙර හම්බන්තොට ජනගහනය අඩු කලාපයක් වූ අතර එහි වැඩි භූමි ප්‍රමාණයක් සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබීනි.   
 
 
 
නමුත් ජාතික භෞතික සැළසුමට අනුව හම්බන්තොට මහ නගරය සංවර්ධනය කිරීම නිසා අලි ඇතුන් විසින් භාවිතා කල වනාන්තර විනාශ වී ගොස් ඇති අතර අද වන විට ඔවූන් වෙනුවෙන් වෙන් කර ඇති අක්කර 20000 ක භූමි ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා එළි පෙහෙලි කර භාවිතයට ගනිමින් සිටී.
 
අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි විමත් සමග අලි මිනිස් ගැටුම ඉහළ යාමත් විශේෂයෙන් 2006 වසරේ ගෙන එල ලද ජාතික අලි කළමණා කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම උදෙසාත් හම්බන්තොට මහා නගර සංවර්ධන වැඩසටහන විසින් අලි ඇතුන් සඳහා හෙක්ටයාර් 1500 ප්‍රදේශයක් වෙන් කරන ලෙස සැලසුම් කරන යෝජනාවක් ඉදිරිපත් විය.
 
හම්බන්තොට මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සකස් කරන ලද එම සංවර්ධන සැලැස්ම මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවකගේ අත්සනින් අනුමත කරන ලද අතර 1639/1,  2 යටතේ 2020 පෙබරවාරි 2 වන දින ගැසට් කරන ලදී.
 
විවිධ සංවර්ධණ කටයුතු නිසා හම්බන්තොට නගරය සිරිබොබුර දක්වා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින අතර හම්බන්තෝට යෝජිත අලිකළමණාකරණ රක්ෂිත ගැසටි කර අලි පරපුර හා මිනිස් ජීවිත මෙන්ම වාගාවන් බේරාදීම උදෙසා රජය හැකි ඉක්මණින් මැදිහත් විය යුතුය.
 
අදවන විට සුරියවැව, හම්බන්තොට හා වල්සපුගල ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ ද එයයි.
 
හම්බන්තොට මහා නගර සැළසමු යටතේ අලි කළමණාකරන රක්ෂිතය අයත් විය යුතු ඉඩම් නිදහස් කිරීමට  යොජනා කර ඇතත් එය යොජනාවකින් එහාට ගොස් නැත.
  
එම නිසාම අද වන විටත් යොජිත අලි කළමණාකරණ රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හා සමාගම් අතට ලබාදෙමින් ඇති නිසා අලි කළමණාකරන රක්ෂිතයේ ඉඩම් දිනෙන් දින අඩුවෙමින් ඇත. එමෙන්ම අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වැඩි වෙමින් පවතින අතර අලි ඇතුන්ට අමතරව ප්‍රදේශයේ අනික් සතුන්ට සිය වාස භූමි අහිමිවෙමින් පවති.
 
 සංවර්ධන කටයුතු වලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැවි ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්‍රමාණයක් මේවන විට නිදහස් කර ඇති අතර ප්‍රදේශයේ ජල පොෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය ඉටුකල වැව් පවා යොජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත.
 
 එමෙන්  බුරුතකන්ද සූර්ය බලාගාරය සඳහා අක්කර 500 ක් වෙන් කර ඇති අතර වලස්පුගල සහ දිවුල්පැලැස්ස  බලශක්ති ගම්මානයක් ඉදිකිරීම තවත් අක්කර 300 කට වෙන් කර ඇත .
 
 Hambantota
එසේම මෙම වනාන්තර විනාශය නිසා ගොන්නොරුවේ සිට බුන්දල දක්වා අලි ගමන් කරන ලද අලි මංකඩ විනාශ කර දමා ඔහුන්ගේ මෙන්ම අනේක් සත්ව ප්‍රජාවගේ වාස නිවහන් අහිමි කර ඇත.
 
 
 
හම්බන්තොට මේවන විට සිදු කරන ඉඩම් මංකොල්ලය හා වනාන්තර විනාශය හේතුවෙන් අලි කළමණාකරණ රක්ෂිතය සදහා වෙන් කර ඇති  හා අනෙක් සතුන්ගේ පැවැත්මට මෙන්ම ජනතාවගේ ජීවත ආරක්ෂාවට ඇති  අක්කර 20000  පමණ ප්‍රමාණයක් අහිමිවිමේ අවධානමක් පැන නැගී ඇත.
 
අලි කළමනාකරණ කලාපය සඳහා වෙන් කර ඇති ඉඩම විවෘත වනාන්තර ප්‍රදේශයක් වන අතර එය කටු පඳුරු සහිත වියළි කලාපිය ශුෂ්ක වනයන්ගේනද ගහණය.
 
 මෙහි ඇතම් ඉඩම් මෙන්ම යාබද ඉඩම් කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින ප්‍රදේශවාසීන් විසින් අත්පත් කර ගන ඇත.
 
 යොජත වන අළි කළමණකරන  කලාපය ගොන්නෝරුවා සහ කොහොලන්කලා යන ග්‍රාම නිලදාරි කොට්ශ යටතේ පවතින අතර හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ හෙක්ටයාර 1500 ක කලාපයක්  එයින් පිටත වනාන්තර හෙක්ටයාර 8000 ක ප්‍රදේශයක් රක්ෂිතය ලෙස වෙන් කිරීමට යෝජනා කර  ඇති අතර ඒ සඳහා සීමා මායිම් ලකූණු කර නිත්‍යානුකූල අවරණයක් ලබා දී නොමැති හෙයින්  එහි ඉඩම් බහු ජාතික සමාගම් හා පුද්ගලයන් විසින් කොල්ල කමින් ඇත.
 
 
අලි 400 කගේ පමණ වාසභූමියක් ලෙස යොදා ගත හැකි මෙම ප්‍රදේශය වටා සිග්සැග් ආකාරයෙන් දෙහි  බොගන්විලා  සහ හන ගස් වගා කිරීම මගින්  අලි මිනිසුන්ගෙ වගා භූමි ආක්‍රමණය කිරීම අවම කිරීමට බලා පොරොත්තු වන අතර අප මේ සඳහා තවද යොජනාවක් එකතු කරමු. ඒ ප්‍රදේශ වාසින්ගේ වගා බිමි වටේට මි මැසි ජනපද පිහිට වීම තුලින් තවද සිදුවිය හැකි වගා හානි අවම කිරීමයි.
 
  යොජිත අලි කළමණාකරණ රක්ෂිතය හම්බන්තොට කතරගම මාර්ගය දක්වා විහිදි යන අතර අනෙක් පසින් හම්බන්තොට ගෙන්නොරුව හා මි ගහ ජදුර මාර්ග ය කරාද විහිදි යන අතර මෙම යොජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ආරක්ෂා නෙකල හොත් ප්‍රදේශ වාසි ගොවි ජනතාවට සිය වගා බිමි පමණක් නොව ජීවිත බේරා ගැනිමද ගැටලුවක් වනු ඇත.
 
 
RKariyawasam(පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්)                       
Nature School  -සොබාදහම් පාසල

 

 

 


 

 
 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
 

පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58