මෙරට මීළඟ ආණ්ඩු බලය ලබා ගැනීම ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපෘති හතරක් පසුගිය සති දෙක තුළ දියත් වනු දක්නට ලැබිණි. එම දේශපාලන ව්‍යාපෘති වන්නේ:
 
 
# බැසිල් රාජපක්ෂ ව්‍යාපෘතිය
# සාධාරණ සමාජය ව්‍යාපෘතිය 
# වාමාංශික බලවේග ව්‍යාපෘතිය 
# සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය විසින් ඉදිරි දශකයේ මෙරට දේශපාලන දිශානතිය තීරණය කරනු ඇත.
 
 මීට අමතරව මෙරට ආණ්ඩු සෑදීම සඳහා සීමිත මහජන දේපලක් වන විද්‍යුත් තරංග මාලා යොදාගත් මහරාජාගේ නික්ම යෑම ද පසුගිය සතියේ සිදුවිය.Dilih kili1
 
 
 
එය මෙරට මාධ්‍ය දේශපාලනයේ එක් යුගයක අවසන සනිටුහන් කරයි. ඒ සමග එක් අතකින්  දිලිත් ජයවීරට  මාධ්‍ය දේශපාලනයේ  ඒකාධිකාරයක් සඳහා අවකාශය විවර වී ඇත. අනිත් අතට සිරස මාධ්‍ය ජාලයට වෘත්තීය මාධ්‍ය ප්‍රවේශයකට පරිවර්තනය වීමට ද අවස්ථාව ලැබී ඇත.
 
දීර්ඝ කාලයක සිට රට මුහුණ පා සිටින අර්බුදවලට ඉහත දේශපාලන ව්‍යාපෘතිවලින් විසඳුම්ක් ලැබේ ද?  සැබෑ විකල්පය කුමක්ද?  ආදී ප්‍රශ්න මේ මොහොතේ අප සිත් තුළ මතුවෙමින් පවතී. 
 
මෙම වියමන මගින් උත්සාහ කරන්නේ ඉහත දේශපාලන ව්‍යාපෘතීන්හි විභවයන් උපරිම මහජන යහපත සහ තිරසාර මානව සංවර්ධන ප්‍රවේශයකින් විමසා බැලීමටයි. 
 
 
 
බැසිල් රාජපක්ෂ ව්‍යාපෘතිය:
 
 
 
214612868 347970963662238 7174800833305204676 n 
 
වර්තමාන ආන්ඩුවේ නොනිළ මෙහෙයුම්කරු වන බැසිල් රාජපක්ෂ ව්‍යාපෘතියේ ඉලක්කය වනු ඇත්තේ මීළඟ මැතිවරණයේදී ඡන්දයෙන් නොව ඡන්ද ක්‍රමයෙන් රටේ නායකත්වයට පත්වීමයි.
 
 ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය යොදා ගනිමින් ගණිතමය උපාය මාර්ගයක් ඔස්සේ මෙරට ඡන්දදායකයාගේ හැසිරීම විශ්ලේෂණය කර ඡන්ද ක්‍රමය තමන්ට ජයග්‍රහණය ලබාගත් ලබාගත හැකි තාක්ෂණික උපාය මාර්ගයක් බවට සංශෝධනය කරගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය බව පෙනේ.
 
 බැසිල් රාජපක්ෂට සෙසු නායකයින්ට වඩා දැක්මක් සහ වැඩ වැඩපිළිවෙළක් තිබුණද ඔහු ආණ්ඩු තුනක වසර  පහළොවකට ආසන්න කාලයක් අවම වශයෙන් දෙවන නායකයා වශයෙන් කටයුතු කරමින් ප්‍රතිපත්ති තීරණය කිරීමට මැදිහත්වී තිබේ.
 
 ඔහුගේ එම මැදිහත්වීමවීම් මහජන යහපත සහ මානව සංවර්ධනයට ඔහුගේ දායකත්වය ඔස්සේ තක්සේරු කරන විට පැහැදිලි වන්නේ මෙරට මානව සංවර්ධන අර්බුදයට ඔහුට විකල්ප විසඳුම් නොමැති බවයි.
 
 
 
සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය :
 
 
 
Karu Sajith 
 
 
2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට මුල් වූ 'සාධාරණ  සමාජයක් සඳහා වන ව්‍යාපාරය' පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකරාශි කරගනිමින් 2015 ට සමාන දේශපාලන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. 
 
දෙදහස් පහළොවේ දී මෙන්ම මෙම ව්‍යාපෘතියට ද නායකත්වය දෙනු ලබන්නේ ප්‍රභූ සහ මධ්‍යම පාන්තික නියෝජිතයන්ය. 
 
ඒ සඳහා එකතු වී සිටින දේශපාලන පක්ෂද බලය ලබාගැනීම අරමුණු කරගත් ආදේශකයන්ය.  
 
 
 
මෙම කණ්ඩායමේ පළමු සාකච්ඡාවේදී චම්පික රණවක පමණක් මෙම අවස්ථාව වෙනත් ආකාරයකට සලකා බැලිය යුතු බව ප්‍රකාශ කර තිබුණ ද සෙසු නායකයින්ට 2015 සටන් පාඨවලට වෙනස් වූ වෙනත් විකල්පයක් පිළිබඳ දැක්මක් හෝ මාර්ග සිතියමක් තිබෙන බවක් නොපෙනේ.
 
 
 
 සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දෙක අතර බලය මාරු වීමේ ක්‍රමයට අනුව ඡන්දදායකයා මීළඟ මැතිවරණයේදී හැසිරෙනු ඇතැයි උපකල්පනය කළහොත් රටේ මීළඟ නායකයා බවට පත් විය හැකි සජිත් ප්‍රේමදාස,  සාධාරණ සමාජයක් වටා එකතු වූ නායකයින් අතරින් මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයා පිළිබඳව වඩාත් සංවේදී නායකයා වශයෙන් හැඳින්විය හැකිය.
 
 එහෙත් සජිත් ප්‍රේමදාසගේ නිර්ප්‍රභූ ජනයා සහ මානව සංවර්ධනය පිළිබඳ දැක්ම “සුභසාධන- සහනාධාර සංස්කෘතිය” මත පදනම් වී තිබේ.
 
මෙරට දීර්ඝ කාලයක සිට මුහුණ දී සිටින සමස්ත අර්බුදය පිළිබඳ ගැඹුරු විග්‍රහයකින් සහ ඊට විකල්ප විසඳුම් සහිත මාර්ග සිතියමකින් බලාත්මකවීමට තවමත් සජිත් ප්‍රේමදාස සමත්ව ඇති බවක් නොපෙනේ.
 
ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපෘතිය මෙරට තිරසාර මානව සංවර්ධනයට සහ මානව යහපතට හේතුවන නිශ්ශබ්ද බහුතරයේ උවමනාවන් අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනා ගත් විකල්පයක් නොව පවතින ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යනු ලබන ආදේශකයකි. 
 
එම ව්‍යාපාරය තුළ මෙරට නිශ්ශබ්ද බහුතරය වන නාගරික, ග්‍රාමීය, පීඩිත නිර්ප්‍රභූන් ගේ හඬට, අවශ්‍යතාවලට සහ ප්‍රමුඛත්වයන්ට ඉඩක් ඇති බවක් නොපෙනේ.  
 
 
 
වාමාංශික එකමුතුව :
 
 
 
Anura Kumar 
 
 
පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් විසින් මෙරට වාමාංශික බලවේග ජනතාවාදී ප්‍රවේශයකින් ඒකරාශී කිරීමේ ව්‍යාපෘතියක් ද පසුගිය සතියේ ආරම්භ කරනු ලැබිණි.
 
 මෙරට ජනවාර්ගික ගැටලුව පිළිබඳව ඉදිරිපෙළ පෙළ වාමාංශික බලවේගවල කියවීම පසුගාමී වන නමුදු මෙරට නිශ්ශබ්ද බහුතරයේ සමාජ, ආර්ථික යථාර්ථයන් පිළිබඳ ඔවුන්ගේ කියවීම සමාජ සාධාරණත්ව ප්‍රවේශයකින් ගත් විට පැහැදිලි විකල්ප තෝරා ගැනීමක්.   
 
එහෙත් දීර්ඝකාලීන මානව යහපත සහ තිරසාර සංවර්ධනය පිළිබද සැලකිල්ල යොමු කරන විට මෙරට වාමාංශික කණ්ඩායම් වල ආර්ථික සංවර්ධන සහ මානව සම්පත් කළමණාකරණය පිළිබඳ දැක්ම යථාර්ථවාදී එකක් නොවේ.
 
අනෙක් අතට මෙරට ඉදිරිපෙළ වාමාංශික දේශපාලන පක්ෂ පසුගිය දශක තුනේ වඩාත් සංවිධානාත්මක දේශපාලන ‍‍ව්‍යාපෘතිය ලෙස පවතිමින් ජනයාගේ වීදි සටන් වල පෙර ගමන්කරුවකු වුවද මැතිවරණතිවරණ වලදී ඔවුන්ට ආණ්ඩු බලය ලබා දීමට මෙරට ඡන්දදායකයා කැමැත්තක් නොදක්වන බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරන විට පැහැදිලි වේ.
 
 
 
සැබෑ දේශප්‍රේමියෝ 
 219856730 3689699934464311 7160925631510998364 n
 
මංගල සමරවීරගේ සම්බන්ධීකරණයෙන් පසුගිය සතියේ දී බිහිවූ “සැබෑ දේශප්‍රේමියෝ- නිදහසේ කේන්ද්‍රය” ව්‍යාපෘතිය මෙරට මෑත දශක කිහිපය තුළ බිහිවූ ලිබරල් මතවාදී තිරසාර මානව සංවර්ධන අරගලයක් සඳහා වන ඉදිරිගාමී දැක්මක් සහිතවැඩපිළිවෙළක්  වශයෙන් හැඳින්විය හැකිය.
 
සැබෑ දේශප්‍රේමියෝ දේශපාලන ව්‍යාපෘතිය තුළ මෙරට සමස්ත ජන සමාජය මුහුණ දී සිටින අර්බුදයේ යථාර්ථය විකල්ප ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කරන විභවයන් කිහිපයක් දක්නට ලැබේ:
 
සමානාත්මතාවය:  ව්‍යාපෘතිය විසින් සියලු දෙනා ප්‍රභූ, නිර්ප්‍රභූ, උගත්, නූගත් වාර්ගික, කුල, භාෂා, ආගමික භේදයකින් හෝ උස්- පහත් භේදයකින් තොරව සමානයන් ලෙස සැලකීමට දෘෂ්ටිවාදී ප්‍රායෝගික ප්‍රවේශයක් ලබාදී තිබීම. නිදසුනක් වශයෙන් සංකේතාත්මකව සියලු දෙනා ඔවුන්ගේ නමින් ආමන්ත්‍රණය කිරීම.
 
 සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමි තුළ මෙරට සමස්ත ප්‍රජා කණ්ඩායම් වල නියෝජනයක් පැවතීම: නිදසුන් වශයෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවේදී අදහස් පළ කළ පිරිස තුළ බොහෝ දුරට මෙරට ප්‍රජා විද්‍යාත්මක විවිධත්වය නියෝජනය විය.
 
 
 
එහෙත් පොදුවේ ගත් විට එම හඬවල් තුළ නාගරික- ප්‍රභූ උගත් උච්චාරණයක් දක්නට ලැබුණ අතර නිශ්ශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයාගේ හඬට ප්‍රමාණවත් අවස්ථාවක් ලබාදී තිබුනේ නැත.
 
 
තරුණ අලුත් මුහුණු දක්නට ලැබීම: සැබෑ දේශප්‍රේමියෝ ආරම්භ කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ මංගල සමරවීර සහ චින්තන ධර්මදාස හැරුණු විට සෙසු පිරිස් තරුණ අලුත් මුහුණු වූ අතර ඔවුන් සාම්ප්‍රදායික පක්ෂ  දේශපාලන භාවිතාවන්ට, බලය, වරප්‍රසාද ලබා ගැනීමේ දේශපාලනයට විකල්පයක් වෙනුවෙන් මතවාදී අරගලයකට  සූදානම් බව ප්‍රකාශ වීම.
 
පොදුවේ ගත් විට සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපෘතියට මෙරට සමස්ත පුරවැසියා මුහුණු දී සිටින අර්බුදයේ ගැඹුරු යථාර්ථයන් පිළිබඳ විචාරශීලී  කියවීම්කට ඉඩ සලසා ඒවා ආමන්ත්‍රණය කරමින් මානව යහපත සහ තිරසාර මානව සංවර්ධනය සඳහා විකල්ප දැක්මක් සහ විකල්ප මාර්ග සිතියමක් සකස්කර ගැනීමට  සමබිමක් වීමේ  විභවයන් තිබේ.  
 
 
සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපෘතියේ දරිද්‍රතාවය වන්නේ මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයාගේ හඬට ඉඩ ලබාදීම සඳහා යාන්ත්‍රණයක් නොමැති වීම සහ මෙරට සමස්ත ජනයාගේ දේශපාලන, සමාජ, සංස්කෘතික, ආර්ථික සහ ප්‍රාදේශීය  යථාර්ථයන් පිළිබඳ ගැඹුරු කියවීමක් හෝ අත්දැකීම් ඔවුන්ට නොමැති වීමයි.
 
 
 “සැබෑ දේශප්‍රේමියෝ” මෙරට සැබෑ විකල්ප දේශපාලන ව්‍යාපෘතියක්  බවට පත්ව විය හැක්කේ සමස්ත ජනයාගේ උවමනාවන් සහ ප්‍රමුඛතා ප්‍රකාශයට පත් වන්නට, සමස්ත ජනයාගේ හඬට ඉඩ ලබාදීම සහ මෙරට ආණ්ඩුකරණයට සෘජු පුරවැසි සහභාගිත්වය ලබාගැනීමේ සන්දර්භයක් ගොඩනැගීමට සමත් වන්නේ නම් පමණි.
 
  ඔවුන්ගේ සටන් පාඨය වන "පුරවැසියා වෙනස් කිරීම” ආකර්ෂණීය සටන් පාඨයක් වුවද එය යථාර්ථයක් බවට පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. අපි වැනි රටවල්වල මිනිසුන්ගේ හැසිරීම්, ආකල්ප වෙනස් කරමින් සමාජ පරිවර්තනයක් ඇති  කිරීම හුදෙක් උතෝපියානු අදහසක් වීමට ඇති ඉඩ කඩ බොහෝය.  
 
 
 
 
පුරවැසියා සහ පාරිභෝගිකයා:
 
 
 
GettyImages 1208075104 
 
සමකාලීන ශ්‍රී ලංකාවේ පුරවැසියා සහ පාරිභෝගිකයා වශයෙන් පුද්ගල කණ්ඩායම් දෙකක් දැකිය හැකිය.
 
 පාරිභෝගිකයා ජීවත්වන්නේ පාරිභෝගික සමාජය තුළයි. ඔහු යම් භාණ්ඩයක් මිලදී ගෙන පරිභෝජනය කර හෝ යම් මතවාදයක් අවශෝෂණය කරගෙන ජීවත් වෙයි.
 
 පාරිභෝගිකයා නිෂ්ක්‍රිය සහ සැහැල්ලු තැනැත්තෙකි. ඔහු නිතරම ප්‍රචාරණ  ක්‍රියාවලියේ ගොදුරක් බවට පත් වෙයි. ඔහු තම නිවසේ ආලින්දයේ දී, වෙළෙඳ පොළේ දී හෝ ඡන්ද පොළේදී තීරණ ගනු ලබන්නේ හැඟීම්බර ප්‍රවේශයකිණි.
 එම තීරණ තුළ දැනුම, දැනුවත් බව, තාර්කිකත්වය, හෝ විද්‍යාත්මක බව දක්නට නොලැබේ.
 
 හැඟීම් ආමන්ත්‍රණය කරන මැරතන් ප්‍රචාරණ ක්‍රියාවලියක් මගින් ඔවුන් ආලින්දයේ දී, වෙළෙඳ පොළේ දී, හෝ ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ ක්ෂණිකව වෙනස් කළ හැකිය.
 
 පුරවැසියා එසේ නොවේ. ඔහු සියලු අයිතිවාසිකම් සහිත ඒ වෙනුවෙන් පෙනී සිටින විචාරශීලි සක්‍රිය තැනැත්තෙකි.
 දැනුවත් බව, තාර්කිකත්වය, විචක්ෂණශීලිත්වය, විද්‍යාත්මක බව, මානව සමාජයේ දීර්ඝකාලීන පොදු යහපත ගැන උනන්දු වීම සහ සක්‍රීය වීම, සියලුම මතවාද සහ විකල්ප සඳහා විවෘත වීම, සහ විසම්මුතියට ඉඩ දීම හෙට දවසේ පුරවැසියාගේ ගති ලක්ෂණ විය යුතුය.
 
එවැනි ගති ලක්ෂණ සහිත පුරවැසියන් සහිත සමාජයක් විචාරශීලි පුරවැසි සමාජයක් වශයෙන් හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමස්ත අර්බුදයට විසඳුම් සොයා ගත හැක්කේ එවැනි විචාරශීලි පුරවැසි සමාජයක් ගොඩනගා ගැනීමෙනි.
 
 
වර්තමානයේ අප මුහුණ දී සිටින බරපතලම ගැටලුව වන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ බහුතරය නිෂ්ක්‍රිය පාරිභෝගිකයන් බවට පත්කර තිබීමයි. ඔවුන් සක්‍රීය විචාරශීලී පුරවැසියන් බවට පත් කිරීම අප හමුවේ ඇති බරපතලම අභියෝගය වේ.
 
(මතු සම්බන්ධයි.)
 
 
 
dr pradeep n weerasinghe 259x300 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
 
 
THE LEADER TV
THE LEADER TV 
 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !
 
 
 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image