අපේ රටේ දැන් ඉන්නේ ජේ.ආර් ටත් වඩා බලම්පන්න පාලකයෙක්. 
 ඒ වගේම එතුමාට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකුත් තියනවා.
 
එතුමා බලයට ගේනකොට ගොඩක් අය කිව්වේ තවත් පුටින් කෙනෙක් කියලා. සමහරු ලී ක්වාන් යූ කෙනෙක් කියලත් කිව්වා.
 
ජනාධිපතිවරණයෙන් පස්සේ තියපු මහ මැතිවරණයෙන් එතුමාගේ උදව්වට තවත් මහතීර් මොහොමඩ් කෙනෙක් අගමැති කරලත් දුන්නා.
 
පහුගිය දවස්වල ආර්ථික විද්‍යාවේ පියා වුණු ඇඩම්ස් ස්මිත්ටවත් දෙවෙනි නොවෙන මොළ හතේ ආර්ථික විශේෂඥයෙකුත් කැබිනට් එකට දාලා දුන්නා.
 
ඊළග වැදගත්ම දේ තමයි මේ තුන්දෙනාම රාජපක්ෂවරු.
 
ආරම්භයේ සිටම එතුමාට උපදෙස් දෙන්න උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සෑදුණු වියත් මඟකුත් තිබුණා. දැන් ඉතින් මොනවද කරන්න බැරි.
 
අර විමල් කියනවා වගේ දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වෙන රටක් හදන්න පුළුවන්.
 
හැබැයි අද අපට උරුමවෙලා තියෙන්නේ මොනවගේ රටක්ද?
 
ඒක නිසා රටේ රාළ හිතුවා අපේ ලී ක්වාන් යූ ජනාධිපතිතුමා, නැත්නම් ශ්‍රී ලන්කන් පුටින් ජනාධිපතිතුමා ඇතුළු ඩුබිලිකේට් මහතීර් මොහොමඩ්ලා, මොළ හතේ විද්වතා ඇතුළු කණ්ඩායම අපට උරුම කරලා දීලා තියෙන රට ගැන ටිකක් කතා කරන්න ඕනි කියලා.
 
රටේ රාළට ඔය ගැන කියන්න නං උදාහරණ සිය ගාණක් තියෙනවා. 
 
ඒත් රටේ රාළ මේක ඔප්පු කරන්න ගන්නේ උදාහරණ පහයි.
 
ඒ උදාහරණ පහෙන් ඔයාලට තේරෙයි රටේ පාලන බලය කොච්චර දුරට පෙළපතෙන් ගිලිහිලා ගිහිල්ලද කියලා.
 
සියල්ල පාලනයෙන් මිදිලා. මේකේ අවසාන ගිලිහී යෑමත් සිද්ධ වෙන්න පුළුවන් මේ විදිහට ගියොත්. 
 
ඒක නිසා සර්ත් මේ ලියුම කියවා ගන්න එක හොඳයි.
 
 
 2021 08 20T101326Z 839391132 RC2Y8P9SVPZA RTRMADP 3 HEALTH CORONAVIRUS SRI LANKA.jpg
 
ඇත්තටම මේ රට දැන් දේශපාලන වශයෙන් අරාජික වෙලා.
 
එතකොට කවුරු හරි අහයි මෙච්චර බලසම්පන්න විධායක බලයක් තියෙන ජනාධිපති කෙනෙක් ඉන්දැද්දී, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තියෙද්දී කොහොමද රටක් දේශපාලන වශයෙන් අරාජික වෙන්නේ කියලා.
 
රටේ රාළට පිස්සුද කියලත් අහයි.
 
ඇත්තටම මේ ආණ්ඩුවට නිශ්චිත දේශපාලන මතයක් නෑ.
 
ජනාධිපති එක මතයක, අගමැති වෙන මතයක. කැබිනට් එක තව මත ගොඩක, මන්ත්‍රීවරු වෙනමම මතවල. නිළධාරින් වෙනම පිස්සු මතවල. සෞභාග්‍යයේ දැක්ම හමස් පෙට්ටියේ.
 
 
ඇත්තට එහෙම මතවාදී එකඟතාවයක් නැතිව, උපායමාර්ගික වැඩපිළිවෙලක් නැතිව රටක් කොහොමද ඉස්සරහට යන්නේ.
 
ඔක්කොම ළග තියෙන්නේ ඇහින්දාස් මත.
 
ඒක නිසා එක වැඩක්වත් හරියට කරන්න බෑ.
 
තනිකර මැලේ අච්චාරුවක් වගේ.
 
උදේ කරන එක හවසට රිවස්.
 
ඇත්තටම දේශපාලනයේදී හා රාජ්‍ය පාලනයේදී අතිශයින්ම වැදගත් මතවාදී ආධිපත්‍යය.
 
මෙයාලගෙන් ඒක ගිලිහිලා නෙවෙයි. මෙයාලට එහෙම එකක් නෑ.
 
කිසිම දේක ඉලක්කයක් නෑ. හරියට නාකි බල්ලො කොළඹ යනවා වගේ. යනවා තමයි.
 
අනික රටේ ආර්ථිකය හැසිරවීමේ ආධිපත්‍යය සම්පුර්ණයෙන්ම මෙයාලා අතින් ගිලිහිලා. 
 
ඇත්තටම ආර්ථික දැක්මක් නෑ. එදාවෙල ටුවර් එකක් දුවන්නේ.
 
ලෝක වෙළඳපොළ දිහා කට ඇරගෙන බලා ඉන්න එක ඇර වෙන උත්තරයක් මෙයාලට තියනවද?
 
ලෝක වෙළඳ පොළේ ඉන්දන, ගෑස්, කිරිපිටි, සීනි, බෙහෙත්.... වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවුණා කියන්න තමයි මෙයාලා ඉන්නේ, ඒකට ඉතින් ආණ්ඩුවක් මොකටද.
 
අඩුම ගානේ කිසිම භාණ්ඩයකට පාලන මිලක් දාන්න මෙයාලට බෑ. ගැසට් ගහනවා විතරයි. 
 
අද අපේ රටේ භාණ්ඩවලට මිල පාලනය කරන්නේ සමාගම්කාරයෝ. ආනයනකාරයෝ. කොමිස්කාරයෝ.
 
ආණ්ඩුව උන්ට ඕනි විදිහට වැඩ. උන්ට තමයි බඳු සහන. 
 
පාරිභෝගික කටයුතු අධිකාරිය කරන්නේ පාරිභෝගිකයා ගසාගෙන කන්න මුදලාලිලාට පහසුකම් සපයන එක.
 
අද අපිට ඩොලර් නෑ. හරි හමං විදෙස් වත්කම් සංචිතයක් නෑ. ණයක් ගන්න තැනක් නෑ.  භාණ්ඩ ගොඩක් වරායේ හිරවෙලා. ඩොලර් නැතුව.
 
ආයෙත් පෝලිම් යුගය පටන් අරන්. රටේ මහ කන්නයේ අස්වැන්න ගොඩක් අඩුයි. 
 
හැමතැනම හිගය. හැම භාණ්ඩයක්ම තිබුණට වඩා දෙගුණයක් මිල වැඩී.
 
මිනිස්සු කන්න නැතිව ලත වෙනවා. 
 
ආණ්ඩුව වැඩපිළිවෙලක් නෑ. නාස්තිය, ගසා කෑම, හොරකම් රජ වෙලා. 
 
ගේන්න හදන්නේ Jogging Track සංවර්ධනයක්.
 
ඉතින් කොහොමද රටේ ආර්ථිකය හසුරවන්නේ.
 
අද අපේ රටේ තියෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් අයාලේ යවන ආර්ථිකයක්.
 
දැන් නම් මොළ හතක් නෙවෙයි මෝළ 1127 තියන කෙනෙක් ආවත් ආර්ථිකය හරවන්න බෑ. ඒක රජයේ පාලනයෙන් ගිලිහිලා.
 
 
 
 
WireAP ed8baca911e54689988e6e79f2723534 16x9 992
දැන් රට අමු සොහොනක් වෙලා ඉවරයි
 
 
 
ඊළඟ කාරනය තමයි අද රටම වෙලාගෙන තියෙන කොරෝනා වසංගතය. දැන් රට අමු සොහොනක් වෙලා ඉවරයි. 
 
ආණ්ඩුවට උත්තර නෑ. තියෙන එකම උත්තරය බොරු දත්ත ලබාදීම විතරයි. 
 
දවසකට වාර්තාවෙන රෝගීන් ගාන වගේ තුන් ගුණයක් වාර්තා වෙන බව දැන් අවස්ථා ගණනාවකදී ඔප්පුවුණා.
 
මරණ ගණනත් එහෙම වෙන්න පුළුවන්.
 
වෛරසය වේගයෙන් පැතිරෙනවා. 
 
වෛරසයට පිටි පස්සෙන් එන්නත්කරණයත් ඔහේ යනවා. එන්නත්කරණය වේගවත් උනාට එන්නත්කරණ වැඩපිළිවෙළේ කිසිම ප්‍රමිතියක් නෑ.
 
ඒක නිසා රටේ සිද්ධ වෙන කොරෝනා මරණ ප්‍රමාණය නතර කරන්න එන්නත්කරණයට බැරිවෙලා.
 
ආණ්ඩුව මුල ඉදින්ම වෛද්‍ය විශේෂඥයන්ගේ මතයට කන් දුන්නේ නෑ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අපි ගැන කරපු පුරෝකතන, නිර්දේශ ශත පහකට ගණන් ගත්තේ නෑ.
 
දැන් ඉතින් බයිලා කිය කියා බලා ඉන්නවා හැර වෙන කරන්න දේකුත් නෑ. 
 
වෛරසය තමන්ගේ උපරිමයට ඈවිත් බැහැලා යනකම් මරණ ගැන ගැන අපට ඉන්න වෙනවා.
 
ඒත් තවත් රැල්ලක් ආවොත් ඉවරයි.
 
ඒ කියන්නේ කොරෝනාවලට අදාළ සියලුම දේවල් රජයේ පාලනයෙන් ගිලිහිලා.
 
ඊළඟ කාරණය අද අපි නීතියේ ආධිපත්‍යය ගිලිහුණු රටක්.
 
රටේ ඇතුළේ එක නීතියක් නෑ. නීති ගොඩක් ක්‍රියාත්මක වෙනවා.
 
ජනාධිපතිට එක නීතියක්, අගමැතිට එක නීතියක්. 
 
අගමැතිගේ පුතාලට තවත් නීතියක්. 
 
උද්ඝෝෂකයන්ට වෙන නීතියක්.
 
බැසිල් වෙනුවෙන් පෙළපාලි යන අයට  අමුතු නීතියක්. 
 
සල්ලි හා බලය ඉස්සරහා නීතිය පහට හයට නැගෙනවා.
 
රටේ අහිංසක දුප්පතතාට අමුතුම නීතියක්.
 
ඇත්තටම නීතියේ ආධිපත්‍යය ගිලිහුණාම ඒ රට යන්නේ ආයාලේ.
 
මහ දවල් මහජන දේපල කොල්ලකාපු උන්ගේ නඩු අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගන්නවා.
 
ඇත්තටම නීතිය බල්ලට ගිහින් කිව්වට කමක් නෑ.
 
නීතියෙන් හොරු රකිනවා. දැන් මේ නීතිය අයාලේ ගිහින් තියන තරමටම ඒක ආපහු අදින්න බෑ.
 
දැන් නීතියේ ආධිපත්‍යය ගිලිහුණු පොළිස් රාජ්‍යයක් ආසන්නයටම අපි ඇවිත්.
 
තමන් කියන වචන තමයි නීතිය කියලා කියන තැනට ජනාධිපති පත් වෙච්ච රටක් මේක.
 
ගොඩක් තියෙන්නේ කැකිල්ලේ තීන්දු.
 
අනික තමයි අද රටේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා.
 
අද රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන්නේ වෘත්තීය සමිති.
 
ආණ්ඩුව ගහන චක්‍ර ලේඛණ රාජ්‍ය නිලධාරීන් ශත පහක් ගනන් ගන්නේ නෑ.
 
මේ වගේ වෙලාවක අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න ශක්තිමත්ව රාජ්‍ය යාන්ත්‍රණය ආණ්ඩුව අතේ තියෙන්නේ ඕනි. නමුත් එහෙම එකක් නෑ. 
 
ඇත්තටම රාජ්‍ය සේවකයා කළකිරිලා ඉන්නේ මේ රාජ්‍ය සේවය මත යොදලා තියෙන අනවශ්‍ය මිල්ටරීකරණය නිසා.
 
රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ තැන්වලට තමන්ගේ හෙන්චයියන් රිංගවලා.
 
හැම තැනම නමෙන් හරි ගෑවිච්චි රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. 
 
සුදුස්සෝ පැත්තකට දාලා යන ගමනක් මේක. 
 
ඒ වගේ තත්වයක් යටතේ රාජ්‍ය සේවයේ ගුණාත්මක අගය ගන්න බෑ.
 
ඒක හදන්න උත්සහ නොකර ආණ්ඩුව දැන් රජයේ සේවකයට බනින්න පටන් අරන්.
 
රජයේ සේවකයාගේ පඩිය කපන්න යෝජනා කරනවා. ඇත්තටම ඒක පිස්සු යෝජනාවක්.
 
දැන් පැහැදිලියි නේද ආණ්ඩුවේ පාලනයෙන් රාජ්‍ය යාන්ත්‍රණය ගිලිහිලා කියලා.
 
ඇත්තටම මේ උදාහරණ පහෙන් තේරෙන්නේ මොකද්ද?
 
දැන් අපේ රට අසාර්ථක රාජ්‍යයක් වෙලා. 
 
ෆේල් රටක් වෙලා ඉවරයි.
 
 
තව කියන්න උදාහරණ සිය ගාණක් තියනවා.
 
හැබැයි රටේ රාළට අවසාන වශයෙන් කියන්න ඕනි මේක. 
 
මෙහෙම ගියොත් ජනතාව රජයේ නියෝග පිලිපදින්නේ නැති දවසක් ලගදීම එනවා. 
 
දැනටත් ඒක පාලනය වෙලා තියෙන්නේ මේ වෛරස් එකේ පිහිටෙන්.
 
ළගදීම මේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු ලක්ෂ ගණනක් පාරට බහිනවා.
 
ඒක ඇදිරිනීතිය දාලා, වෙඩි තියලා පාලනය කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි.
 
නැව ඇතුළේ ඉන්න අයත් දැන් ගිලෙන නැවෙන් මාරු වෙන හැටි ගැන කතා කරන්න පටන් අරන්.
 
සමහරු රටේ රාළගෙනුත් අහනවා දැන් මොකද කරන්නේ කියලා.
 
ඒක නිසා මේ තත්වය ඉතාම භයානකයි.
 
ඡනතාව අසංවිධානාත්මකව බලයගැනීම මීටත් වඩා භයානකයි.
 
ඒකට නායකත්වය දෙන්න ඉක්මන් ජනතා සන්ධානයක් ඕනි.
 
ඒක හොඳ නායකත්වයක් ඕනි.
 
ඒක කරන්න පුළුවන්. ඒක අවශ්‍ය සැලැස්ම රටේ රාළලා ළග තියනවා. 
 
දැනට මේ ආණ්ඩුව බේරිලා ඉන්නේ මාරාන්තික කොරෝනා වෛරසයේ පිහිටෙන් කිව්වොත් ඒකේ කිසිම වැරදක් නෑ.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
තැටිය රත්වේගෙන එනවා. 
 
රොටී පුච්චන්න කළබල වෙන්න එපා.
 
මේ සැරේ පුච්චන්නේ එක රොටියයි.
 
 
 
බුදු සරණයි. ජයවේවා.
 මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
Priyant 2021 1
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
තොග මාසයකට : සීනිත් සලාකයට 
 
 
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්