( ft.lk හි දෙසැම්බර් 02 දා පළවූ Tharaka vs. the Mangala doctrine  ලිපියේ පරිවර්තනයකි)

දැනට මාස 3කට පෙර කෝවිඩ් -19 වෛරසය හා සටනින් පරාජිත වූ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීරයන්ට අයවැය විවාදයේ දී ප්‍රාදේශීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බලාසූරිය විසින් සමච්චල් සහගත තියුණු ප්‍රහාරයක් එල්ල කරනු ලදී.

බාලසූරිය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලි පාර්ශවයක සාමාජිකයෙකු ලෙස පුළුල් පිළිගැනීමකට ලක්ව සිටින්නෙකි. සමරවීර මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ කැබිනට් අමාත්‍ය මන්ඩලයේ අනුදැනුමකින් සහ අනුමැතියක් තොරව ජාත්‍යන්තර එකඟතාවන්ට එළඹ ඇති බව බාලසූරිය අමාත්‍යවරයා පවසා සිටියේය.  

අමාත්‍ය බාලසූරිය මහතා මේ සඳහන කළේ, 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව කවුන්සිලයේ දී ඉදිරිපත් වූ 30/1 යෝජනාවට (co-sponsor Resolution 30/1 at the UN Human Rights Council in 2015) සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය අනුසාර කරගනිමිනි.

එවක විදේශ ඇමතිවරයා වූ සමරවීර එකී තිරණයට පක්ෂව කටයුතු කළ අතර, මෙහිදී ඔහුට ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙපලගේ ම පූර්ණ අනුදැනුම සහ ආශීර්වාදය ඊට ලැබුණු බව යහපාලන පරිපාලනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන දන්නා අය පිළිගනු ඇත.



මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය නිසා, දිවයින තුළ පැවති වසර 26ක සිවිල් යුද්ධයෙන් සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් උදෙසා යුක්තිය සාක්ෂාත් කර ගැනීම සහ සංහිඳියාව ඇති කරගැනීම සඳහා දැනට වසර 12ක් තිස්සේ ජිනීවාහිදී සහ ඉන් එපිටදී සිදුවූ අන්තර්ජාතික ප්‍රයත්නවල මෙහෙයුම් හිමිකාරීත්වය සහ නායකත්වය ශ්‍රී ලංකාව වෙත පවරා ගැනීමට ඉඩකඩ සලසාගත හැකි විය.



2015 වසරේ දී ජිනීවා කවුන්සිලය විසින් සම්මත කරන ලද බොහෝ සේ අපකීර්තියට පත් වූ මෙම 30/1 යෝජනාව සම්බන්ධ කථා ආඛ්‍යානය ගොඩනගා ප්‍රචාරය කරනු ලැබුවේ ද දැනට බලයේ සිටින උදවිය විසින් ම ය.

SLPP බවට පත්වූ ඒකාබද්ද විපක්ෂය කියා සිටියේ 30/1යෝජනාව ශ්‍රී ලංකාවට අහිතකර බවයි. ඔවුන්ට අනුව, මෙම ජිනීවා කෙටුම්පතට සම අනුග්‍රහය දැක්වීම සහ යුක්තිය සහ සංහිඳියාවේ මාර්ග සිතියමට එකඟවීම නිසා යහපාලන රාජ්‍යය කර ඇත්තේ රාජ්‍යද්‍රෝහි ක්‍රියාවකි.  

මානව කවුන්සිලයේ 30/1 විසින් යෝජනා කරන පශ්චාත් යුධ සංහිඳියා ගණනය කිරීම් පිලිබඳ ක්‍රියාවලිය දේශීය වශයෙන් ශ්‍රී ලංකාවට පමණක් මෙහෙයවන්නට ඉඩ සකසා ගැනීම උදෙසා රාජපක්ෂලා ප්‍රමුඛ විපක්ෂය ගෙනගිය කථා ආඛ්‍යානයට එරෙහිව සටන් කිරීම සම්බන්දයෙන් යහපාලන පරිපාලනය කනගාටුදායක ලෙස අසමත් වූයේ, එම පරිපාලනයේ සන්නිවේදන උපාය මාර්ගයන්හි තිබූ දුර්වලතා නිසාවෙනි.  


සත්‍ය කාරණාව නම්, යටකී සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය නිසා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සමඟ එතෙක් සම්බන්ධකම් පැවැත් වූ ආකාරයෙහි වෙනසක් සනිටුහන් වීම ය. 2012 වසරේ සිට 2014 වසර දක්වා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය මගින් පැවැත්වූ ඡන්යක් සහ ඡන්දයක් පාසා ම ශ්‍රී ලංකා පාර්ශවයට පරාජය වන්නට සිදු වූ අතර, එම නිසා මේ දිවයිනේ සිදු වූ යුද අපරාද සම්බන්ධයෙන් විශේෂ කොමිසමකින් බලපෑම් ඇතිකෙරෙන තත්වයක් දක්වා ප්‍රශ්නය දුර දිග ගියේ ය.



මෙකී තත්වය එහි ඉවුර අද්දරදී ම ආපසු මෙපිටට ඇද ගැනීමට හැකි වූයේ, මංගල සමරවීර විසින් අයිතීන් උල්ලංඝනය වීම විසඳීම සඳහා ආමන්ත්‍රණය කිරීමත්, ශ්‍රී ලංකාව ගෙවූ ඒ දුෂ්කර අතීතය සමඟ කටයුතු කිරීමත් පාදක කරගත් තිරසාර වූ කැපවීම්සහගත රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක නියුතු වූ නිසාවෙනි.


රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා මෙම විෂය-වෘත්තියේ නියැලී වසර දෙකක් ගත වී ගොස් ඇතත්, ජාත්‍යන්තරයේ යුක්ති රෝදය කැරකැවෙන ආකාරය ගැන කිසිවක් උගෙන නැති අතර, මංගල සමරවීර එකී රෝදය ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිවාදී ආකාරයකින් කරකවනවා වෙනුවට ජාත්‍යන්තරය හා සහයෝගයෙන් කරකැවීමට දැඩි උත්සහයක් ගත්තේ ය.



මංගල ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය උදෙසා සැලැස්මක් ඉදිරිපත් කළේ ය. මෙම සැලැස්මට, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ද, අතුරුදහන් වූවන් උදෙසා වන කාර්යාලයක් ද, ඔවුනට වන්දි ගෙව්මේ කාර්යාලයක් ද, මානව හිමිකම් කඩ කළ අපරාධකරුවන් නීතිය හමුවට පුමුණුවන විශේෂ අභිචෝදකයෙක් ද ඇතුළත් විය. ඒ හෙයින් මානව හිමිකම් කවුන්සිලය විසින් ආණුඩවේ සැලැස්ම පිළිගනු ලැබූ අතර, මෙම පොරොන්දුව ඉටු කිරීමට ශ්‍රී ලංකාවට කාලය හා අවකාශය ලබා දෙන්නට ද තීරණය කෙරිණි.



ඒ අනුව තම පාලන කාලය තුළ දී, කවුන්සිලයට පොරොන්දු වූ යාන්ත්‍රණ 4න් දෙකක් පිහිටුවීමට යහපාලන පරිපාලනය සමත් විය. ඒවා නම් ඕ.එම්.පි ය (OMP) සහ වන්දි ගෙවීමේ කාර්යාලය ය.

එත් හාස්‍ය දනවන කරුණ වන්නේ, මෙම ආයතන දෙක රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ ගිගුරුම් දෙන විරෝධය මැද පිහිටුවීමට සිදුවීම ය.

මේ හේතුවෙන් ආණ්ඩුවට තම කාර්යාල දෙක ම නාමික ආකාරයෙන් තබාගෙන එය දේශීය සංහිඳියාව හැඩගැස්වීමේ ක්‍රියාවලියක් ලෙස ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කරන්නට සිදුවිය.



 බාලසූරිය අමාත්‍යවරයා නියෝජනය කරන ආණ්ඩුවට නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂලා තම පපුවට තට්ටු කරගනිමින් ජයග්‍රාහී ලෙස අද අත පිහදා ගන්නේ 2015හි දී 30/1 යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දරන්නට සිදු වූ වගකීම් සහ කැපකිරීම් වලිනි. මෙම පියවරේදී ශ්‍රී ලංකාවේ උකුසු ආකාර පදනම යහමින් ක්‍රීඩාවක යෙදුන නමුදු මෙම විජයග්‍රණය ඉතා ඉක්මනින් ම පරාජය තරමට ම සමපාත විය.



ඉදින් පපුව ගැහෙන තරම් වූ එකී 30/1 යෝජනාව ඉවත්කරගැනීමට හිලව්වක් වශයෙන්, 2021 වසරේ මාර්තුවේ දී ගෝඨාභය රාජපක්ෂ පරිපාලනයට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 22ක බහුතර චන්දයෙන් සම්මත කරගත් UNHRC  40/1 නම් අනුවර්තීය යොජනාව භාරගන්නට සිදුවිය.

40/1 යෝජනාව සම්මත වීමත් සමඟ ශ්‍රී ලංකාවට ගොඩවීමට ඉඩ නොදෙමින් ම ජාත්‍යන්තර යුක්තියේ දුම්රියපළෙන් දුම්රිය පිටවී ගොස් හමාර විණි. 2021 මාර්තු යෝජනාව හරහා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නියම කරනු ලබන්නේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වන අතර, එයින් “තොරතුරු සහ සාක්ෂි එකතු කිරීමත්, ඒවා ඒකාබදධ කිරීමත්, ඒවා විශ්ලේශනය කිරීම සහ සංරක්ෂණය කිරීමත්, ඒ මගින් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා ගතහැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමත්” අපේක්ෂා කෙරේ.


මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) ශ්‍රී ලංකා යාන්ත්‍රණය පසුගිය මාස කිහිපය තුළ එක්තරා හැඩයක් අරගනිමින් පවතී. එනම් අවසානයේ දී ශ්‍රී ලංකාවේ යුධ කාලීන ම්ලේච්ඡ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එයින් රැස් කරන ලද සාක්ෂි ජාත්‍යන්තර අධිකරණ බලය පවත්වාගෙන යාමට අයිතියක් ඇති විදේශ අධිකරණයන් වෙත ලබා දීමය.


සරලව කිවහොත්, මේ වන විටත්, හමුදා නිලධාරීන් ද ඇතුළු ශ්‍රී ලාංකික යුධ අපරාධ චෝදනා ලැබූවන්ට විදේශ අධිකරණවල නඩු පැවරීමට පදනම සකස් වී හමාර ය.

මින් මතුවට මෙය රාජ්‍ය ඇමති බාලසූරිය මෙන් ම ඔහුගේ ස්වාමිවරුන්ගේ ද උරුමය බවට පත්වනවා ඇත.

ජාත්‍යන්තර බහුවිධ පෙරමුණක් ලෙසින් එන ආරක්ෂක විමර්ශකයින්ට ශ්‍රී ලංකාව විවෘත කිරීම ඔවුන් විසින් ම සිදුකර දී ඇති අතර, මංගල සමරවීර යටතේ 2017 වසරේදී යලි ස්ථාපිත කරගත් මනාප වෙළඳ අවස්ථා ද අහිමිවීමේ තර්ජනයට ද ඔවුන් ලක්වී හමාර ය.


එසේ හෙයින් සමරවීර අමාත්‍යවරයාගේ විශ්වාසවන්තකම ප්‍රශ්න කිරීමට තරම් වූ කිසිදු සුදුසුකමක් ඔවුනට නැත. ඒ වෙනුවට හිටපු අමාත්‍යවරයාගේ දැක්මේ ගැඹුර අවබෝධයට ගැනීමෙන් බාලසූරිය වැනි නවක අමාත්‍යවරුනට යහපතක් සැලසෙනු ඇත. මන්දයත් නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙතට අනුගතවීමෙන් ශ්‍රී ලංකාවට බොහෝ දුර යා හැකි බව හිටපු ඇමති සමරවීරයන් දැන සිටි නිසාවෙනි.


(පරිවර්තනය - අරවින්ද හෙට්ටිආරච්චි)


මුල් ලිපිය
Tharaka vs. the Mangala doctrine

 



Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්