අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවාට වඩා CID කිව්වාම ලස්සන ‍ය.

ගාම්භීර ‍ය.

නමත් පොෂ් ය.

පොඩි මෙව්වා එකකුත් තියෙනවා ය.

කොරෝනාවට පසු ලංකාවේ වැඩිපුරම කතා කරන වචනය CID ය.

කොරෝනා ගැන කතා කරන්නේ එය වේගයෙන් පැතිරෙන නිසා ය.

CID ගැන කතා කරන්නේ වේගයෙන් ඇදගෙන නාන නිසා ය.

CID එක තියෙන්නේ 4 වැනි තට්ටුවේ ය.

CID එක තියෙන්නේත් පාළු මූසල ගුබ්බෑයමක් වැනි තැනක ය.FB Post 2020.16

ඇටමැස්සා ද වරක් CID එකට ගියේය.

ඇටමැස්සා ගෙන් ප්‍රශ්න කළේ CID එකේ මහත්මයෙකි.

කට උත්තරය ගෙන අවසානයේ "උදේට කාලා නෑ නේද? " යැයි විමසූ ඔහු තම පර්ස් එකෙන් සල්ලි ඇද යෝගට් 2 ක් ගෙනැවිත් දුන්නේය.

එවැනි මහත්වරුන් ද CID එකේ සේවය කර ඇත.

CID එකේ 4 වැනි තට්ටුව සීගිරියටත් වඩා භයානක තැනකි.

මන්ද ‍යත් එහි ගෙන යන ඇතැම් සැකකරුවන් මිය යන්නේ 4 වෙනි තට්ටුවෙන් ඇද වැටීම නිසා ය.

සීගිරියෙන් ඇද වැටී එතරම් ගානක් මියගොස් නැත.

ඉස්සර CID එක ගැන කතා කළේ ඔවුන්ගේ 
දක්ෂතාවය නිසා ය.

අද CID එක ගැන කතා කරන්නේ ඔවුන්ගේ අදක්ෂතාවය නිසා ය.

යහපාලන ආණ්ඩුව කාලේ CID එකේ සමහරු වැඩ කළේ CID එක යනු සිරිකොතේ ශාඛාවක් යැයි සිතාගෙන ය.

CID එක වැඩ කරන තාලය දැක්කම තාමත් එය සිරිකොතේ ශාඛාවක් දැයි සැක සිතේ.

CID එක ගැන රට්ටු කියන්නේ මාර කතා ය.

මිනිසුන් දාන්නෙ මාර පෝස්ට් ය.

ඒවා දැනගෙන සිටීම CID එකේ ඇඟට ගුණ ය.

පහත දැක්වෙන කරුණු CID එකට අපහාස පිණිස නොව CID එකේ මොරාල් එක ඉස්සීම පිණිස ය. 

ලංකාව  යනු තමිල් සෙල්ලම් ගේ ලැප්ටොප් එක ටාගට් කර ප්‍රහාරයක් එල්ල කොට තමිල් සෙල්ලම්වත් විනාශ කළ රටකි.

මැලේසියාවට ගොස් KP ගේ කාමරයේ සිටි අනිත් එකාටත් හොරෙන් KP ව කුදලාගෙන ලංකාවට ගෙනා රටකි.

අත්තනායක ලෙස වෙස් වළාගෙන අයිඩෙන්ටිටි කාඩ් එක පවා වෙනස් කරගෙන සිටි විජේවීරත් ඇල්ලූ රටකි.

විජේවීර ගෙන් පටන් ගෙන ජවිපෙට නායකත්වය දුන් සියලු දෙනා මාස 6 ක් තුල කොටු කරගත් රටකි.

ලොව අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය 
වසර 3 ක් ඇතුළත කම්බස් කළ රටකි.

අපේ රටේ බුද්ධි අංශ ක්‍රියා කළේ එතරම් සූක්ෂ්ම අයුරිනි.

එහෙව් බුද්ධි අංශ තිබුනු රටේ CID එක අත ගැසූ ගැසූ එක කෙළවා ගත්තේ ‍ය.

CID එකට රවී කරුණානායකව හොයාගන්න බැරි විය.

රාජිත සේනාරත්නව හොයාගන්න බැරි විය.

කුරුණෑගල නගරාධිපතිව හොයාගන්න බැරි විය.

සම්පායෝව හොයාගන්න බැරි විය.

බදුර්දීන් ගේ මල්ලි පාවිච්චි කළ ජංගම දුරකථන 12 මාස 6 කට පසුවත් හොයාගන්න බැරි විය.

බදුර්දීන් ගේ මල්ලි ට එරෙහිව සාක්කි හොයාගන්න බැරි විය.

දැන් අන්තිමට බදුර්දීන්වත් හොයාගන්න බැරි වී තිබේ.

අවසන් වශයෙන් ඇටමැස්සා CID එකට උපකාරයක් කරන්නට කැමැතිය.

ඒ මෙයයි.

CID එක පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ, රේගු මූලස්ථානයේ 4 වැනි මහළේ ය.

මෙය මෙසේ සටහන් කර තබන්නේ මේ යන විදියට CID එකට CID එක තියෙන තැනවත් හොයාගන්න බැරි වේ යැයි හිතෙන නිසා ය.

(ඇටමැස්සා)

 

namal026569 1418814057035834078 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්