The Leader News
BREAKING
Top Ad
පුවත්

සාක්ෂි ළඟ තබාගැනීමේ චෝදනාවක් - හිටපු CID ලොක්කා අත්අඩංගුවට

T

The Leader Desk

July 31, 2020 • 3:12 AM

සාක්ෂි ළඟ තබාගැනීමේ චෝදනාවක් - හිටපු CID ලොක්කා අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර
  • හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7කට අදාලව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේවනවිට එම විමර්ශන ක්‍රියාත්මකවේ.
  •   ශානිට ජම්පර් අන්දන බවට දිගින් දිගටම තර්ජන !
  • ඔහුව පටලවමින් එකින් එකට චෝදනා ගොනුකරන්නේ ඒ අරමුණින් යුතුව බවද පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පීඩාකාරී ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7කට අදාලව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේවනවිට එම විමර්ශන ක්‍රියාත්මකවේ.

 

ශානිට ජම්පර් අන්දන බවට දිගින් දිගටම තර්ජන !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව කෙසේ හෝ සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් මෙන්ම, ඔහු විසින් සිදුකරනු ලැබූ විමර්ශනයන්හි ප්‍රතිපලයක් ලෙස සිරගතවූ පුද්ගලයින් පිරිසක් ද සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ.

ඔහුව පටලවමින් එකින් එකට චෝදනා ගොනුකරන්නේ ඒ අරමුණින් යුතුව බවද පැවසේ.

අනාගතයේ බිහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරව සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයක් වන "නීතීඥ සංවිධාන ජාතික එකමුතුව" විසින් මිට ඉහත දී තර්ජනය කර තිබිණ. එම සංගමයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ ඉතාම පැහැදිලිව එබව අවධාරණය කර තිබිණ.  

මෙසේ ශානි අබේසේකරට ආණ්ඩුවේ ඇතැමුන් ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුවද මේවනවිට විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ නායකයින් ඔහු වෙනුවෙන් පෙනී නොසිටින්නේ, යහපාලන සමයේදී ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින් විසින් චෝදනා නොමැති රාජපක්ෂවරුන් පවා අත්අඩංගුවට ගනිමින් හිරිහැර කරන ලෙස ඔහුට දුන් නියෝග ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නිසා බව පැවසේ.

 

මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජුලි 30) තීන්දු කළේය.

මෙම පෙත්සම සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ දින කැඳවනු ලැබිය.

එහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට නියම කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...