වදන් වගේම නාමයන් නිළධාරින් කාලයෙන් කාලයට එක් එක් විදියට හඳුන්වා ගන්නා ආකාරයක් වේ.

එසේම පුද්ගලයා හඳුන්වා ගන්නා විදියක් ද වේ. එයම පුද්ගලයන් ගති ස්වභාවයන් හා හඳුනා ගැනීම් දක්වා පැතිර යන ආකාරයද දැකිය හැකිය.

තිස්සලා ගොඩක් සිටිය නිසා " කාක වර්ණ තිස්ස" විදියට අනෙක් තිස්සලාගෙන් ඒ තිස්ස වෙන් කර ගනී. තව කාලයක මේ විධියට දෙවන පෑතිස් විදියට වෙන් කර ගෙන තිබේ. තවත් කාලයක තිස්සලා අතර තවත් තිස්ස කෙනෙක් "සද්ධාතිස්ස" වේ. ඒ පුද්ගල නාමයන් වල ඉතිහාසය කිසිවෙක් සොයා බලා නැත. අතීතය, සමාජය දේශපාලනය සහ අනෙක් තතු විත්ති සොයා පාදා ගැනීමටත් මේ පරීක්ෂණයන් ඉතා වැදගත්ය.

මන්ද සයිබරය රූපවාහිණී හෝ ගුවන් විදුලිය නොමැති සමයේ ලෝකය තිබුනේ භාව රූප හා සංවාද වදන් අතරය. එනම් නෙතින් දැකීම නොවේ නම් ඇහීම හෝ පෙනීම මත හඳුනා ගත්ත ලෝකයේ පුද්ගල රූප සහ ජීව අනන්‍යතාව අති ප්‍රබල වූ නිසාය. එම නිසා ඉතිහාසය ගොඩ නංගාගෙන මතු කර ගැනීමට මේ පැතිමානයද යොදාගත යුතු මානයකි. ඒක මානය තවත් බහු මානීය කරන තැනක් සේ මෙම ඉතිහාස ප්‍රවේශයද වැදගත්ය.

cc1a4d25 0009 5940 aae1 03d7702b1d2a

 නිමලව, හොයාගත් දීඝාභය කුමාරයා ඔහුව තම වැඩිමහල් මල්ලී දුටු ගැමුණුවන්ට පරිත්‍යාග කොට එවන හේතුව කුමක්ද. එය තවදුරටත් සොයා යන්න බල කරන්නේ ඉතිහාස පොත මතමය. මන්දයත් ඒ ඔහු වෙනුවෙන් තබන වදන් පුද්ගල නාමයන් හා  ජීව හැසිරීමය. තම "සිරියහන" නිමලට වෙන් කරන දුටු ගැමුණු කුමරු නිමලගේ නම මුලට "සුර" යන වදන එක් කරන්නේය. එතැන් පටන් නිමල " සුරනිමල " සේ නම් ගත්තේය. මේ මන්ද?. සුරයන් නමින් දේව කොට්ඨාශයකි. එමෙන්ම සුරඟන,  සුර යහන,  සුරංග, සුරංගනාව මෙන් සුර තාන්තය වන් වදන් වලින්  "සුර"  යන්න ආදේශ වන්නේ කවර  මානව භාව ප්‍රභේදයකටද යන්න හැඟුම් කරණය වේ. ඒ අනුව " සුර" වදන නිමලට යා වන්නේ කවර හේතුවකටද? යන්න පැහැදිළිය.

 
සැබවින්ම එම යුගයේ සිටි අනෙක් නිමලලාගෙන් මෙම " නිමල " වෙන් කොට හඳුනා ගන්නටද ඔහුගේ මෙම භාව ජීවමය විශේෂය හේතු විය යුතුය. එක් නමක් ඇත්තාට  තව උප පදයක් ආදේශ කරන්නේ ඔහුගේ මතුවන ගුණයක් හැඩරුව හෝ අංග ලක්ෂණ හැකියාවන් හෝ දුබලතාවයන් ආදිය නිසාය. එය කපුටු පාට තිස්ස කාකවර්ණ තිස්ස කීවා වාගේමය. නැත්නම් මිටි පටු කොට අභයට ගෝඨාභය කිව්වා වාගේය. දේවියට "විහාර මහා දේවිය" කීවා සේමය. ගැමුණුව "දුටු ගැමුණු" සේ නම් කලා වැනිය.

මේ අනුව "සුර" යන්න තුල දක්ෂ, ලෞකික, සරාගී, ශූරවත් සෞම්‍ය හා තෘප්තිමත් ආදී හැගුම්කාරක ධවනිතයන් මතු කරයි. මහාවංශය නිමල "සුර නිමල" වූ සිදුවීම වාර්තා කරන්නේ මෙම හැඟුම්කාරමය භාව ආදේශමය කරුණු සමඟ යා කරමිනි. ඒ අනුව දුටු ගැමුණු කුමරුගේ භාව හැඟුමන් වලට වඩාත් සමීපම සඟයා ඔහුට එවන්නට දීඝාභය අයියා ගත් වෑයම මනාව දිස් කර දේ. මෙම කරුණ වැදගත් පිවිසුමක් මතු කරයි.පසුකාලීනයන්ට ඉතිහාසය වඩාත් මානවීය අරුතෙන් හා පොදු බවකින් හඳුනා ගැනීම විෂයෙහි ඉතිහාස කතුවරයන් ගත්තා වූ මෙම වෑයම ඒ තරම් විශිෂ්ඨය.

dutugamunu12I

 දැන් ඉතිහාසයේ එම මානවීය ගුණැති බවත් බහු සරාගීත්වයෙන් යුතු ලාංකික වටිනාකමත් තේරුම් ගන්නේ නම් මේ සිදුවීම ඒ සඳහා වටිනාම තැනය. දුටු ගැමුණු කුමරුන් රණ ශූරයෙකු සේ පමණක් සිර කර තබා ගන්නා වෑයම අති පටුය. ඔහු එතරම් ශූර මානවයෙකු වනුයේ ඔහුගේ මේ චමත්කාරමය ජීව භාව හැඟීම්ද සමඟය. තමා අතින් මිය ගිය එළාර රජු වෙනුවෙන් ස්ථූපයක්ද තැනුවේ එම චමත්කාර හැගීම් සහිත මිනිසාය. එමෙන්ම තමන්ගේ අණ නිසා රන් තෙළඹු විමාන ජීවිතය අහිමි වූ ස්වර්ණමාලිය වෙනුවෙන් ස්වර්ණමාලී මහා සෑය නම් කලේද ඒ චමත්කාර මිනිසාමය. ඒ චමත්කාර මිනිසාව ඒක ජාතිමානයේ පසුව සිර වීම ඛේදයක්මය. කෙසේ වුවත් දුටු ගැමුණු රජ එවන් බහුමානවීය මිනිසෙකු  බව නොසිතන තැනට නූතන ඉතිහාසයෙන් හැගීම් අපගමනය වී ඇත.

ඉතින් මේ නිමලව " සුර නිමල "  සේ නම් කරන්නේ ඒ බහුමානවීය චමත්කාරමය තුලින්ම විය යුතුය. මෙහිදී සිහිපත් කල යුතු වන්නේ මහානාම හිමියන්ගේ මහාවංශය නිමලව " සුර නිමල " සේ නම් කරන විට, මොග්ගල්ලාන හිමියන්ගේ   මහාවංශයෙහි  සංස්කරණය  නිමලව " නිම්මල "  ලෙසද  සුර  " සූර" ලෙසද නම් කිරීමය. ඒ අනුව මොග්ගල්ලාන මහාවංශය ඔහුව " සූර නිම්මල " සේ නම් කරයි. ඒත් ඒ කිසිවකින් මූලික අරුත බිද නොවැටේ. දුටු ගැමුණුව මෙන්ම සුරනිමලයන් ද ජීවත් වූ යුගයෙන් සියවස් පහක් ගෙවී යන විටත් මහා විහාර ලේඛණාගාරයේ මෙම තතු සුරැකිව තිබී ඇති බව පැහැදිළිය. ඒ වගේම ජනතාවගේ ජන අන්දර ජනමතයේ කථා බහේ මේ අදහස වඩාත් හොඳින් තියෙන්නට ඇත.
mahawanshaya 1
මහානාම හිමි එම පුවත වාරණයට ලක් නොකර ලියා තැබුවේය. ඒ ලක් දිව ජන ජීවිතය සතු බහුමානීය විසිතුරු බව ප්‍රකට කරමින්ය. වඩාත් අපූරුම කාරණයකි. එනම් දුටු ගැමුණු යුගයෙන් සියවස් 12ක් හෙවත් වර්ෂ 1200 ගෙවී ගොස් තිබූ සමයේ මහාවංශය මොග්ගල්ලාන හිමියන් සංස්කරණය කරමින් "සුරනිමල" යාවත්කාලීන කිරීමය.

මහානාම හිමියන් මෙන්ම මොග්ගල්ලාන හිමියන්ද තම මහාවංශය සංස්කරණය සිදු කරන විට සුරනිමල - දුටු ගැමුණු හද බැදීම එලෙසින්ම තබා ගියේය. ඒ ලක් භික්ෂූ වංශයේ ප්‍රබුද්ධ භාව ධර්ම අවබෝධය පෙන්වමින්ය. එසේ තිබූ ලක් භික්ෂූ චින්තනය මෙලෙස පටුව ගියේ කෙසේද?. ඒ ඇයිද යන්න විමසීම් කර බැලීමට මෙය කදිම කරුණකි.

 


Kaburupitiye wanarath himi එම නිසා දුටු ගැමුණු රජතුමාගේ "සිරි යහන" ත්‍යාග ලබන සුරනිමලයන් ද රණකාමියෙකු පමණක් නොව ආල භාවයන්හි වෙලුනු පුරුෂ
විරුවෙක්ය. ඒ තැනට දීඝාභය කුමරුන්ද තබා වංශ කතුවරුන් කර ඇති ශාස්ත්‍රීය භාවය අගනේය.එම තේමාව මැදින් හිත ගත කුහුල හා බැඳීම ලක් ඉතිහාසය දෙස එබී බලන්න තවත් බල කලේය. ඉතින්, එක් දිනක සුරනිමල උපන් ගම මැදින් විත් අමුතු තැනකට වැටිණි. "සුරනිමල , කුමරු ගැමුණුට භාර දීමට දීඝාභය කුමරු අරන් ගියේ මේ පාරෙන්ය". එ

සේ කියමින් අම්බලන්තොට වැල්ල දිගේ පානමට පාරක් පෙන්වා දුන්නේ උන් වහන්සේය. ඒ පුරාවිද්‍යා සක්විති කඹුරුපිටියේ වනරතන මහ තෙරිඳුය. ඒ වන විට ඔත්පලව සිටි උන් වහන්සේ ඉතිහාසයේ පරිච්ඡේදයකට දොර හැරවන්න මඟ ලකුණු කීවේය. ඒ මාවත දිගේ ගිය විට හමු වූ මිනිසුන් ගැන වූ මේ පුවත මෙතෙක් කාලයක් වසා තැබුයේ කෙසේද. සුරනිමලයන්ගේ ජීවිතය හා ඒ රාජ සමය යටතේ ලංකා සමාජය එකට හමු කරන මේ පුවත තවත් තැනක වඩාත් අපූරුවට ලියා තිබිණ. එසේ නිළ වංශ කතා රචකයා ලියා තබන්නේ සුරනිමලගේ තවත් අභිධානමය ගෞරව ගාම්භීර භාව නාමයක් පාමිනි. ඒ සුරනිමලගේ භාව රුචියට හා ශරීර අඟපසඟයට බැඳුණු නාමකරණයෙන්ය. එනම් සුරනිමලයන් පුරුෂයන් අතර වෙනස්ම  පුරුෂයකු  සේ  සුවිශේෂි  කරමින්ය. මහාවංශ  කතුවරයා  ඔහුට " පුරුෂ ආජානීයා " නමින් නමක් ලියා තබයි.

දැන් බැලිය යුත්තේ " පුරුෂ ආජානීයන් සේ හදුන්වන පුරුෂයන් කවුද කියාය. සුරනිමලගේ උපන් ගමින් පටන් අරන් අම්බලන්තොට ගොඩවාය වාරය තිබූ තැනින් පානමට වැටී ඇති වෙරළ වනාන්තරය අමුතු භූ තැටියකි. එය පූර්ව යුගයේ ලංකාවට ලෝකය එක්කල වැලිතලාවය. තවත් කාලයක ලංකාවෙන් ගැලවී ගිය භූ තැටිය ලක්දිවට හාවී තිබූ භූ රේඛණයය. එහි භූගෝලීය කථාව වෙනම ගෙන ලිවිය යුතුය. " පුරුෂ ආජානීයන්" ගැන හෝඩුවා හමුවූයේ එතැනින්ය.

ආචාර්ය ශිරාන් දැරණියගලයන් අම්බලන්තොට මිනිසා හිටි කන්දෙන්, වසර දෙලක්ෂයකට එහා සිටිය ලාංකීය මානවයා සොයා ගනු ලැබීය.Shiran daraniyagala 2023.10.28 ඒ සමයේ කතා වදන් මැදින් ඔවුත් මමත් මේ දිගේ ඇවිද ගියෙමි. ඒත් පුරුෂ ආජානීයයන් ගැන ඔහුට තිබුනේ ඉවමය අදහසකි. ඔහුගේ මානව පුරා විද්‍යාවත් මගේ ඉතිහාසය රමණ විද්‍යාවත් එකට පෑහු‍ණේය. ඔහු " මිනිසා සිටි කන්ද" සොයා එන්නට බලපෑ කතාව මට කියා සිටියේය. ඒ ආචාර්ය දැරණියගලයන්ගේ පියා වූ ඊ. ඩී.පී. දැරණියගලයන් තුරඟ මානව අස්ථි" ගැන සොයා තිබූ නිසාය. කොහොම නමුත් ඔවුන් කිසිදිනෙක මේ කථාව ලේඛණ ගත නොකලේය. ඔවුනට මහාවංශය තුළ සිටින පුරුෂ ආජානීයා වූ සුරනිමලගේ දත්ත දක්නට ලැබී නැත. ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට මෙම මහාවංශ ශාස්ත්‍රීය දත්තය විභේදා පෙන්වූ විට ඔහු තම පියාගේ ඉව ගැන තුටින් කීවේ " දැන් ඔබ එය සොයා යා යුතු බවයි". ශෝකය නම්  කොරෝනා කාලයේ ඔහු නික්ම යාමය. ඒ ආජානීය පුරුෂ පුවතට පණ දෙමින් ඔහු හා කතා බහ අතර උණුසුම් වූ කාලයේමය.

 ඉතින් ග්‍රීක රෝම අරාබි හා මැලේ චීන මෙන්ම අප්‍රිකානු සමාජ හමුවී  තිබුනේ ඒ තැනය. ඒ ගොඩවායේය. කෙසේ නමුත් ඒ භූ තැටියේ ද ලක්දිව විවිධ සමාජයන්ගේද ජිවත් වූ ජාන වංශයක් අතීතයේ වූයේය. ඔවුන්ට කීවේ " තුරඟන්" කියාය. ඔහුන්ට "තුරඟ වංශය" කියාද "වෙළඹ වංශය" කියාද කීවේය. ඒ එකම වංශයක ද්විත්ව බෙදීමටය. පිරිමින් බලයක්  වූ තැන "තුරඟන්" වූ අතර ස්ත්‍රීන් බලවත් වූ තැන "වෙළඹන්" විය. මෙය පණ්ඩුකාභය රජුගේ වෙළඹ පෙම්වතියද සෙන්පතිනියද වූ "චේතී" වෙළඹිය දක්වා දිවෙන වංශකතාවකි. මේ තුරඟ වංශය, ප්‍රකට රතු ඉන්දීය ඇමරිකා, යුරෝපීය "කව්බෝයි" වැනි සමාජමය වංශයකි. ඔවුන්ට එවිට වංශ කතා වල "අශ්ව පුරුෂයන්" හෝ තුරඟන් යැයි කීවේය. ඒ අතර වූ විශේෂ පිහිටීමක් සහිත පුරුෂයන්ට "පුරුෂ ආජානීය" හෝ "ආජානීය පුරුෂයන්" යැයි කීවේය.

 
Ajaniya 2023.10.28

 එවිට තුරඟ වංශිකයන් අතර සිටි පිරිමින් කොටසකට පුරුෂ ආජානීයන් කිවේ කුමක් නිසාද? සත්ව අශ්වයින් අතර ආජානීය අශ්වයා නමින් අශ්වයෙකි. වේගවත්ම අශ්වයා මෙන්ම ද්විත්ව අශ්වයාද වන්නේ ආජානීය අශ්වයන්ය. එවිට එම නම ආදේශ කරන මනුෂ්‍ය පුරුෂ අශ්වයන් කව්ද? මහාවංශය සුරූපී ආජානීයන් කියන්නේ පෞරුෂවත් සමරිසි භාවීය පුරුෂයන්ටය. ඒ කිවේ අශ්වයන් අතර ආජානීය අශ්වයන් වන්නේ ගොඩබිම ගුවන දෙකෙහිම ධාවනය යෙදෙන්නන්ටය. එම අශ්වයන් ගැන පුරාවෘත වල ලියා ඇත්තේ ඔවුන් සමරාගීන් සේය. එසේ නම් සුරනිමල තුරඟ වංශයෙහි උපන්නෙකි. එමෙන්ම ඔවුගේ භාවරාග ජීව ජානය එතැනින් ඉදිරියට ගොස් " පුරුෂ ආජානීය" වී ඇත.

එබැවින් මහාවංශය ඉතා පැහැදිලිව සුරනිමලව නම් කරන්නේ   "පුරුෂ ආජානීයෙක්" ලෙසය. සුරූපී සුරනිමල වීරත්වයට පාත්‍ර වූ ලාංකික පුරුෂ ආජානීයන්ගේ මතක පොතය. එය නොමකා ලියා ගිය මහානාම මහ තෙරිඳු ද මොග්ගල්ලාන  මහ තෙරිඳුද ලංකාවේ ජීව භාව ජීවිතයේ මනස්කාන්ත නිදහස කියා දී ඇත.

Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම
 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්