ඇය, ඇගේ සුකොමළ ස්මිතය පිරි මුවකමල ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළ බහා ලූයේ ඔහුගේ දෙනෙත් මතු නොව මනස ද නිම් හිම් නොමැති ප්‍රහර්ෂයකින්

පුරවාලමිනි. නෙත් සිත් පිනවන ඇගේ ඒ ස්මිතය විකසිත වූයේ අහඹු ලෙස ද, එසේත් නොමැති නම් ඇය සිතා මතා ම එසේ කළා ද යන්න පවා ඔහුට නිශ්චය කරගත නොහැකි විය.    

 
 
 

දැන් ඇය පෙනී සිටින්නී ප්‍රතිෂ්ඨ පළමු වරට ඇය දුටුවාට වඩා සමීපව ය. කිසිදු පැකිළීමකින් තොරව ඇගේ ශ්වේත වර්ණැති දසන් විහිදා පෑ පූර්ණ ස්මිතය තුළ මීට එක් හෝරා අඩකට පමණ පෙර දිස් වූ සුන්දරත්වය එසේ ම පැවතිය ද එහි අභ්‍යන්තරයේ කිසියම් වෙහෙසකාරී, පීඩාකාරී බවක් සැඟව පවත්නා බව ප්‍රතිෂ්ඨ අවබෝධ කරගත්තේ ය.

 

ඇගේ සුන්දර ස්මිතය පිරි මුවකමල වෙත තමාගේ නෙත් සර විහිදුවා ඒ ස්මිතය තුළ ගිලී සැනසෙන්නට දැඩි ආශාවකින් පෙළුණ ප්‍රතිෂ්ඨ ඉමහත් ආයාසයකින් එය යටපත් කර නැවතත් පුස්කොළ පොත වෙත අවධානය යොමු කළේ ය. ඔහු එබඳු තීරණයකට එළඹියේ ඇගේ සිත රිදවීමට හෝ සැබැවින් ම ඇගේ ස්මිතය මගහැරීමට නොව ඔහුගේ අනාගත සුබසිද්ධිය සඳහා යොදවන ආයෝජනයක් ලෙසිනි. ක්ෂණිකව ම ඔහුට සිහිපත් වූයේ ඉවසීමේ උත්තම බව විදහා දැක්වෙන උපදේශ කාව්‍යයකි.

 

මෙර උසුලන මහ මිහිකතටත්                වැඩිය

ලොව සුරකිනා පින් ඇති අයටත්            වැඩිය

හැම සැපදෙනා සුගතිඳු බණටත්                        වැඩිය

ඉවසන දනා රුපු යුධයට ජය                 කොඩිය

 

එම කාව්‍ය සිහිපත් වීමත් සමග ම ප්‍රතිෂ්ඨගේ සිරුරු පුරා විදාරණය වෙමින් පැවති කාමාසක්ත සිතුවිලි සියල්ල සැණෙකින් වසා දැමුවේ ‘ස්වයං වාරණය’ නමැති කඩතුරාවෙනි.

‘පෙරේතයෙක් වගේ ඒකි දිහා බලාගෙන හිටියොත් අනිවාර්යයෙන් ම ඒකි වැරදි විදියට හිතනව. සමහරවිට ඒකි හිනාවෙන්න ඇත්තෙ මනුස්සකමට වෙන්න පුළුවන් නෙ...’ යැයි සිතමින් ම ප්‍රතිෂ්ඨ පුස්කොළ පොත වෙත හිස නැඹුරු කරගත්තේ සැබැවින් ම එය කියවා පිටපත් කරන්නට තරම් යහපත් මානසික මට්ටමක් නොපවතින බව දැන දැන ම ය. එහෙත් වටිනාකම මිනිය නොහැකි කාලය නම් වූ වස්තුවෙන් අවම කොටස් හැටක් ගෙවීමට ආසන්නව පවතිද්දී ප්‍රතිෂ්ඨ නොදැනුවත්ව ම ඔහුගේ හිස ඍජු විය; දෙනෙත්, තරමක් දුරින් වුව ද ඔහු ඉදිරි පස සිටි ඇගේ රූපකාය වෙත ඇදිණ. එවිට ඔහුගේ දෙනෙත්වලට හසු වූයේ ඇය, ඇය අබියස ම සිටින පාලිත සමග ඉතාමත් කුළුපග ලෙස සිනාසෙමින් කිසියම් වදන් හුවමාරුවක යෙදී සිටින ආකාරය යි. ක්ෂණිකව ම ඔහුගේ සිතුවිලි ව්‍යාකුලත්වයට පත්විණ. ඒ, මීට මොහොතකට පෙර පාලිත ඇය කෙරෙහි දැක්වූ ආකල්පය සමග සසඳන විට මෙය අදහාගත නොහැකි දසුනක් වන බැවිනි.

Wangechi Mutu Non je ne regrette rien

‘මටත් පිස්සු නෙ ඇත්තට ම... පාලිත මෙතන සේවකයෙක්. මිනිහගෙ ජොබ් එක මෙතනට එන අය එක්ක සුහදව කටයුතු කරන එක. ඒ අයගෙ අවශ්‍යතා හොයල බලල ඊට අදාළ පහසුකම් සපයන එක. ඉතිං මං මොකට ද ඒකට කලබල වෙන්නෙ...?’

තමා සමග ම තර්ක ප්‍රතිෂ්ඨ ප්‍රතිෂ්ඨ යළි හිස පුස්කොළ පොත වෙතට නැඹුරු කළේ ය. තර්කය එසේ වුව ද ඔහුගේ හෘද අභ්‍යන්තරය යළි වෙනස් අදහසක් මතුකරලී ය. ඒ සමග ම යළි සිය දෙනෙත් පාලිත සමග වදන් හුවමාරු කරගන්නා සුරූපිනිය වෙත යොමු කළේ ය. එසැණින් දුටු දසුනෙන් ඔහුගේ සියොලඟ ම සිහින් විදුලි සැරයකට හසුවුවා සේ දැනිණ. ඒ, පාලිත ඔහුගේ දබරැඟිල්ල තමා දෙසට යොමු කරමින් ඇයට යමක් පැවසූ ආකාරය දුටු බැවින.

‘මේ යකාට පිස්සද මංද... මගේ දිහාට අත දික් කර කර මොනවද ඒ කියවන්නෙ... මං ඒකි ගැන අහපු බව වත් කියනවද දන්නෑ...? නෑ නෑ... පාලිත එහෙම මිනිහෙක් නෙවෙයි...මං දැං මාස තුන හතරක ඉඳන් ම පොර ගැන දන්නව නෙ...’

ප්‍රතිෂ්ඨ එසේ සිතුවේ පාලිත ඔහු කෙරෙහි නොමනා හැඟීමක් ඇති කරගත්තා ද යන සැකයෙනි. නමුදු එසැණින් ම ඔහු එම සිතුවිල්ල මකා දැමී ය. ඒ, පසු ගිය මාස තුන හතරක කාලයක සිට පාලිත ප්‍රතිෂ්ඨ කෙරෙහි දැක්වූ හිතෛෂිවන්ත භාවය ද තුලාවකට දමා සමබර කරගන්නට උත්සාහ කරමිනි. ඔහු, පාලිත සහ තවමත් නම නොදන්නා සුරුපිනියගේ අදහස් හුවමාරුව වෙත ම අවධානය යොමු කරමින් සිටිය දී දක්නට ලැබුණේ ඇගේ මුව පෙර සේ ම ස්මිතයකින් ඔප් නැංවෙන ආකාරය යි. ඒ පූර්ණ ස්මිතය තුළ සිතුවම් ව තිබුණේ ආන්ත්‍රාවක ලකුණු නොව සුබදායී ලකුණකි. ඒ ලකුණ තව තවත් ඔහුගේ සිත ඇය කෙරෙහි ආකර්ෂණය කරගන්නා මාවතක් බවට පත්විය.

Pablo Picasso Ma Jolie

ඇය නිමේෂයක් පාලිතගේ නෙත් මානයෙන් ඉවත්ව අත තිබූ පොත වෙත අවධානය යොමු කළ  සැණින් පාලිත ප්‍රතිෂ්ඨ දෙස බලා ඇසක් ඉඟිමැරී ය. ඒ ඉඟියේ ලියැවී තිබුණේ ‘ඔන්න මහත්තයො මං මගේ වැඩේ කරා. ඉතිරි ටික මහත්තය බලාගන්න’ යනුවෙන් බව ප්‍රතිෂ්ඨ එක පැහැර ම අවබෝධ කරගත්තේ ය. ඔහු තම දෙනෙත් විසල් කරමින් පාලිත දෙස බලා සිටිය ද ඒ දැස්වල ලියැවී තිබුණේ අමනාපයක් ද මනාපයක් ද යන්න වටහා ගැනීමට පාලිත සමත් නොවිණ. මන් ද මින් පෙර පාලිත ප්‍රතිෂ්ඨ සමග හෝ ප්‍රතිෂ්ඨ පාලිත සමග හෝ මෙවන් ඉඟි-බිඟි කර නොමැත. තමාගේ ආත්මාභිමානය තමා විසින්ම සුනු විසුනු කර දමනු ලැබුවා නොවේද යන සිතුවිල්ල ප්‍රතිෂ්ඨගේ මනස මතු නොව සමස්ත සිරුර ම වෙළාගත්තේ ය.

යළිත් පාලිත ඇය හට යමක් පවසන ආකාරය ද, ඇය ඉඳ සිටි අසුණෙන් නැගී සිටින ආකාරය ද, එසැණින් පාලිත ඇය සිටි ස්ථානයෙන් ඉවත්ව යන ආකාරය ද සිනමා පටයක රුපරාමු පෙළක් සේ ප්‍රතිෂ්ඨගේ දෙනෙතට දර්ශනය විය. එහෙත් ප්‍රතිෂ්ඨ ඒ කිසිවක් ම නොදුටු පුද්ගලයෙකුසේ හිස පහතට නැඹුරු කරගත්තේ ඔහු දෙස බලන ඕනෑම කෙනෙකුට හෙතෙම පුස්කොළ පොත කියවන බවක් හඟවන්නට ය. එහෙත් සැබැවින් ම නම් එවැන්නක් සිදු නොවී ය. සිදුවෙමින් පැවතියේ ඒ සුරුපිනියගේ රූපකාය ඔහු වෙත ඇදෙන ආකාරය මනසේ සිතුවම් වීම ය. නමුදු එය සිතුවිල්ලක් නොව සැබෑවක් බව මේ මොහොත වන විට ප්‍රතිෂ්ඨ දැන නොසිටියා ය; ඔහු යටැසින් ඇය අසුන්ගෙන සිටින ස්ථානය දෙස දෙනෙත් යොමු කළ විට දක්නට ලැබුණ දසුනෙන් ඔහු විස්මයට පත්විය. ඒ, තමාගේ හද මනස කලඹාලමින් සිටින ඒ සුරූපිනිය ලාලිත ගමනින් ඔහු අසුන්ගෙන සිටින මේසය දෙසට ඇදි එනු දැකීමෙනි.

 

 

කිසිදු පැකිළිමකින් තොරව ප්‍රතිෂ්ඨ අසලට පැමිණි ඒ සුරූපිනිය ඔහුගේ දකුණු පස තිබූ අසුන ශබ්ද නොනැගෙන සේ පසුපසට ගෙන, එහි අසුන් ගත්තා ය. ප්‍රතිෂ්ඨ මේ කිසිවක් ම නොදන්නා සේ පුස්කොල පොත තුළට දෑස බහාලී ය. එහෙත් එහි ලියා ඇති එකදු අකුරක් ඔහුගේ දෑස් තුළ තැන්පත් නොවිණ. ඒ දැස් තුළ යමක් තැන්පත් වුවා නම් ඒ ඔහුගේ දකුණු පස සිටින සුරූපිනියගේ රූපකාය යි. ප්‍රතිෂ්ඨ රඟදක්වමින් සිටින චරිතය ඇය හඳුනාගනී ද යන සැකය හේතුවෙන් ඔහුගේ හදවතේ රිද්මය ද දෙගුණ තෙගුණ වෙමින් පැවතිණ. එය තව තවත් වේගවත් වූයේ ඇය යළි නැගිට, ඉඳසිටි අසුන ප්‍රතිෂ්ඨට ආසන්න කළ බැවිනි. මුළු ශාලාව ම දැඩි නිශ්ශබ්දතාවක පැවතිය ද ඇය පහත හෙළනා සුසුම් හඬින් ප්‍රතිෂ්ඨගේ දකුණු සවන පිරි පැවතියේ ය. තවත් මොහොතකින් ඒ සුසුමෙන් ඔහුගේ දකුණු සවන මතු නොව සමස්ත සිරුර ම උණුසුම් කරනවා මෙන් දැනිණ. එහෙත් ඔහු තවමත් නිහඬ ය; තමා අබියස කිසිවකු නොසිටිනා සේ නිහඬ ය.

‘‘Excuse me... බාධා කරාට සමාවෙන්න සර්...’’

 

ඇගේ මුවෙන් නිකුත් වූයේ අවම ශබ්ද ධාරිතාවකි. නමුදු ඒ මිහිරි හඬ ප්‍රතිෂ්ඨගේ දකුණු සවනින් ඇතුළු වී සමස්ත සිරුර පුරා ම විහිද ගියේ ය. එහි ආශ්වාදය කෙතරම් ද යත් ඔහු තත්පර දෙකක් පමණ පියවි සිහියෙන් වියුක්ත විය. තත්පර දෙකක් ඉක්ම ගිය සැණින් හෙතෙම විස්මයට ද ලජ්ජාවට ද පත්විය. ඒ, තමා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවු ප්‍රතිචාරයක් ඇගෙන් ලැබීමත් මේ දැන් ගෙවුණු තත්පර දෙක තුන පිළිබඳ ඇය කුමක් සිතුවා ද යන සැකයත් හේතුවෙනි.

 

‘තවත් ප්‍රමාද වෙන්න හොඳ නෑ... වහාම ප්‍රතිචාර දක්වන්න ඕන.’

ප්‍රතිෂ්ඨගේ සිතුවිලි ඔහුට බල කළේ ය.

‘‘ආ... කමක් නෑ... කියන්න මිස්...’’

PaoloefrancescaCrop

වෙනත් කිසිවකුගේ සවන් ඔවුන් කෙරෙහි යොමු නොවන තරම් සිහින් හඬකින් ප්‍රතිෂ්ඨ ද ඇය ඇමතී ය. ඒ වදන් කිහිපය තුළ දැඩි විනයානුකුලභාවයක් අඩංගුව තිබිණ. ඇය ද ඒ විනයානුකූලභාවයට ගරුකරන අටියෙන් ‘‘මේ... සර්ට පුළුවන්ද මට පොඩි උදවුවක් කරන්න...?’’ යැයි විමසුවා ය. ඒ වදන්වලට අභ්‍යන්තරයෙන් ‘‘අනේ රත්තරං... මං වැටිල ඉන්න අමාරුවෙන් මාව ගොඩ ගන්න පුළුවං ඔයාට විතරයි රත්තරං’’ යනුවෙන් කරන ආයාචනයක් ගැබ්ව තිබෙන බව ප්‍රතිෂ්ඨ විශ්වාස කළේ ය.

‘‘හැබැයි සර්ට කරදරයක් නැත්නං විතරයි...’’

උවන පුරා මන්දස්මිතයක් සිතුවම් කරගත් ඇය යළිත් සිහින් ස්වරයෙන් විමසුවා ය.

මෙබඳු: සුකොමළ, හැඩකාර සුරුපිනියක් තමන්ගේ බලාපොරොත්තු වන උදව්ව කුමක්දැයි කල්පනා කළ ප්‍රතිෂ්ඨ ‘හම්ම්ම්... ඉබ්බ දියට දැම්ම ම ඇන්නෑවෙයි කිව්ව නෙ... ඒ වගේ මට මොන තරං වැඩ තිබුණත් මේ වගේ සුරංගනාවියක් උදව්වක් ඉල්ලුවම බැහැයි කියන්න පුළුවං ද...?’ තමාගෙන් ම විමසී ය.

අවට සිටින පිරිස් තම තමන්ගේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින බැවින් ඔවුන්ට බාධා නොවන පරිදි ඇය සමග අදහස් හුවමාරු කරගත යුතු යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ ඇගේ වම් සවන අසලට ඔහුගේ මුව සමීප කර රහසින් යමක් මිමිණී ය.

 

ඊට පිළිතුරු වශයෙන් ඇය ද පූර්ණ ස්මිතයකින් උවන සරසාගෙන ම හිස දෙපසට වැනුවා ය. එසැණින් ම ප්‍රතිෂ්ඨ කිසිදු හඬක් නොනැගෙන සේ ඉඳ සිටි අසුනෙන් නැගි සිටියේ ය. ඇය ද ඒ ආකාරයෙන් ම ඊට ප්‍රතිචාර දැක්වූවා ය.

 

ඉවර නෑ...

jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත

2022/01/25  

 

‘‘වජ්ජා’වජ්ජ’’ මින් පෙර පළ වූ කොටස්....

 

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

  

Leader Whats app


 
 
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්