ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඇය 78 වැනි වියේ පසු වූවාය.

1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගනයේ දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින් නිර්මාණය වූ සාමා චිත්‍රපටයෙන් රඟපාමින් සිනමාවට පිවිසියාය.

චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලත් සෝමාගේ සිහිනය, තාරාදේවි, චරිත තුනක්, කුමාරහාමි, චාරුලතා, අරවින්ද සහ ඉන්ද්‍රා, හිරුට මුවාවෙන්, නෑදෑයෝ වැනි ටෙලි නාට්‍ය රැසකටත් රංගන දායකත්වය සැපයූ ඇය ජාත්‍යන්තර සම්මානයට පත් දැවෙන විහඟුන් සිනමාපටයට ද සිය රංගන දායකත්වය ලබා දුන්නා ය.

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්