ලොව විශාලතම චිත්‍රපට උළෙලක් වන සහ 73වෙනි වරට මෙවර පැවැත්වෙන බර්ලින් චිත්‍රපට උළෙලේදී, 'ප්‍රචණ්ඩත්වය සහ සාම්ප්‍රදායික නොවන ආදරය' පිළිබඳ අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.

 

'යුක්‍රේන යුද්ධය පිළිබඳ ශෝන් පෙන්ගේ උද්‍යෝගිමත් ප්‍රවේශයේ සිට ලිංගික නිදහස සෙවීම' දක්වා බර්ලින් සිනමා උළෙලේ සීමාවන් එපිටට ගොස් තිබේ.

 

1.ශෝන් පෙන්ගේ යුක්‍රේනය සඳහා වූ ආදරය

 

shaun penn

යුක්‍රේන යුද්ධය ගැන කියැවෙන ශෝන් පෙන්ගේ 'Superpower' වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා සහභාගීවීමට මට ලැබුණේ අහම්බෙනි. (එම) දර්ශනය පැවැත්වුණේ උත්සව භූමියට එපිටින් තිබූ සංගීත ශාලාවකදීයි. ජර්මනියේ සංස්කෘතික අමාත්‍ය ක්ලෝඩියා රොත් ද එහි සිටි අතර, පෙන් මෙන් ම තිගැස්සුණු සහ බිඳුණු ස්වභාවක් ඇය පෙන්නුම් කළාය.

චිත්‍රපටය හරහා නව යමක් නොකියවෙන නිසා එය ආරම්භ වන තුරුම මම ලොතරැයියක් ජයග්‍රහණය කර අන්දමේ හැඟීමකින් සිටියෙමි. එහි සරළ ප්‍රවේශයට ඇතැම් විචාරකයෝ සිනාසුනහ. එක අවස්ථාවකදී පෙන් දුම්පානය කරමින් සහ මත්පැන් පානය කරමින් සිටි අතරේ එක් රජයේ නිලධාරියෙක් විද්‍යුත් සිගරට්ටු දුමාරය මැදින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය.

එක් මාධ්‍යවේදියෙකු මෙම චිත්‍රපටය, නියත වශයෙන් ම ආදර කතාවක් ලෙස හැඳින්විය.

"සෙලෙන්ස්කි (යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි) මුණගැසීම මගේ දරුවන්ව එයාලා ඉපදුන වෙලේම හම්බුනාට සමානයි" යැයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ පෙන් පැවසුවේ ය.

"චිත්‍රපටය බැරෑරුම් ලෙස සිතීමට දේවල් ලබා දෙන" බව විචාරකයෙකු වන හියුගෝ එමර්සල් පැවසුවේ ය. "ඇයි ඔහු [පෙන්] එය නිර්මාණය කළේ?, ඇයි එය බර්ලින් හි ප්‍රදර්ශනය කරන්නේ?, අප නැරඹිය යුතු වෙනත් බොහෝ හොඳ චිත්‍රපට එහි තිබිය දී, අපට එය (චිත්‍රපටය) නැරඹීමට දරුණු කුතුහලයක් පවතින්නේ ඇයි?" ඔහු ඇසුවේය.

 

2.'The survival of Kindness' ජාතිවාදයට උපහැරණයකි.

 

survivl
 

'The Survival of Kindness' යනු, උපසිරැසි නොමැති, නිර්මාණය කරන ලද භාෂාවකින් සිදු කරන (අදහස්) හුවමාරු කිහිපයක් හැරුණුවිට දෙබස් නොමැති ඕස්ට්‍රේලියානු චිත්‍රපටයකි. එය උදෑසන 9.00ට තෙත්වුණු දෑසින් සිටි චිත්‍රපට උත්සවය නරඹන්නන්ට ප්‍රදර්ශනය කෙරිණි.

එය ආරම්භ වන්නේ ම්වජාමි හුසේන් විසින් රංගනයෙන් දායක වන, කාන්තාරයක් මැද කූඩුවක තනිව සිටිනා කළු ජාතික කාන්තාවකගේ දර්ශනයකින් ය. ඇය (කූඩුවෙන්) පැන යන නමුත් මරණයට පත් වීමට නැවත ඇගේ කූඩුවට පැමිණීමට පෙර ඇයට එළඹී මීලඟ අතිශය වේදනාකාරී පැය එකහමාරේ දී බොහෝ කුරිරු දේවල්වලට මුහුණ දීමට සිදු වේ.

රොල්ෆ් ද හීර් නම් සුදු ජාතිකයෙකු විසින් අධ්‍යක්ෂණය කළ (මෙම ) චිත්‍රපටය ජාතිවාදයට උපහැරණයකි. මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු එය විස්තර කළේ "විශිෂ්ට කෘතියක්" ලෙසයි.

හුසේන්ගේ චරිතය කනවා හෝ බොනවා කිසි අවස්ථාවක අප නොදැක්කේ ඇයි යන්න සහ ඇය විශාල දුරක් පාවහන් නොපැළඳ පයින් ගමන් කරන්නේ ඇයිදැයි විමසූ විට ඇය (මෙම) පිළිතුර ලබා දුන්නා ය: "සුළුකොට සැලකීමට හෝ වෙනස්කොට සැලකීමට ලක්වන මිනිස්සු පුදුම වෙන්නේ ඔවුන් විඳවන ආකාරය බලයේ සිටින අයට පෙන්නේ නැත්තේ ඇයි කියලා."

"මම එන්නේ පාවහන් පළදින්නේ නැතුව ඇවිදින (තැනක) ඉදලා. ඔබට වෙන විකල්පයක් නැත්තන් ඒක ලොකු දෙයක් හෝ ප්‍රශ්නයක් වන්නේ නෑ."

 

3.විසකුරු පුරුෂාධිපපත්‍ය සහිත සංස්කෘතිය පිළිබඳ හොඳ තත්වයේ නාටකයක්

 

manodrome

 

සංස්කෘතික ගතිකත්වයන් සහ විසකුරු පුරුෂාධිපත්‍ය පිළිබඳ ගොතන ලද සිත්ගන්නාසුළු කතාවක් වන 'Manodrome', අද අමෙරිකාවේ ගැටුම්කාරී ආධ්‍යාත්මය මූර්තිමත් කරන චිත්‍රපටයකි.

එය, හිම තිබෙන අඳුරු නිව්යෝක් නගරයේ (සිටින), ජෙසි අයිසන්බර්ග් රංගනයෙන් දායක වන, මුදල් ප්‍රශ්න ඇති සහ කිසිවෙකුත් තමාට ගරු නොකරන බවට දැනෙන, පියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙකු වන රැල්ෆ් ගේ ජීවන තත්වය අපට හැඟෙන්නට දෙයි. ඔහු ඇන්ඩ්‍රියන් බ්‍රෝඩි විසින් රංගනයෙන් දායක වන ආශිර්වාද ලබා දෙන පියතුමෙකු විසින් මෙහෙයවන ඇදහුම් කණ්ඩායමකට එකතුවන අතර එතැන් සිට දේවල් කනපිට හැරීමට පටන් ගනියි.

මෙම චිත්‍රපටය සඳහා, දකුණු අප්‍රිකානු ජාතික අධ්‍යක්ෂකවරයෙක් වන ජෝන් ට්‍රෙන්ගෝ, "සහෝදරත්වය සහ ලිංගිකත්වය අතර ඇති සීමාවන් බොඳ කරන පිරිමින්ගේ ලෝකයක්" ලෙස ඔහු හඳුන්වන දෙය පිළිබඳව හාරා අවුස්සන ස්ත්‍රීන් කෙරෙහි විරෝධය ප්‍රවර්ධනය කරන ඔන්ලයින් සාමූහිකයක් වන Manosphere පිළිබඳව අධ්‍යයනය කර තිබේ.

තමා කෙරෙහිම සිතේ ඇති වූ කම්පනයක වින්දිතයෙකු වන රැල්ෆ් ව අප තේරුම් ගැනීමට උත්සහ කරන විට දී චිත්‍රපටය හිංසාකාරී කණ්ඩායමකට වැඩි කරුණාවක් දක්වන්නේ ඇයිදැයි අපට පුදුමයක් ඇතිවිය හැකිය.

"රැඩිකල් මතවාදය ප්‍රධාන ධාරාවට සමීප වන ආකාරය මට තරමක් සිත්ගන්නා සුළු කරුණක් වුණා. අපි මෙය අමෙරිකානු දේශපාලනයේ දී හැමවෙලේම දකිනවා" යැයි ට්‍රෙන්ගෝ පවසයි.

"චිත්‍රපටය වින්දනාත්මක එකක් වුවත් මිටීන් එකකට දුවන්න උන නිසා මට ඒක ඉවරවෙන්න කලින් යන්න උනා. පස්සේ මම විචාරකයෙකුගෙන් ඒක ඉවරවුණේ කොහොමද කියලා ඇහුවම ඔහු කිව්වේ 'ඉතාම කණගාටුදායක විදියට, මට ඇහැරලා ඉඳගෙන ඒක බලන්න වුණා' කියලා."

 

4.කාන්තා අධ්‍යක්ෂකවරියන් දෙදෙනෙකු විසින් සොයා යන 'ලිංගික නිදහස'

 

marilyn beurau

තරගාවලියේ චිත්‍රපට දෙකක් කාන්තාවන් සහ අපයෝජක පිරිමින් අතර ඇති සංකීර්ණ බැඳීම පිළිබඳව සොයා යයි. මේ දෙකම ජර්මානු (චිත්‍රපට) වන අතර ඒවාට අසාමාන්‍ය දිගු නම් තිබේ. අවුරුදු 30ක කාල පරාසමය වෙනසක් ඒවායේ වේ.

එමිලි අටිෆ්ගේ 'Someday We'll Tell Each Other Everything' තම පෙම්වතාගේ අසල්වැසියා වන "කාන්තාවන් සහ අශ්වයන් මෙහෙයවීමට දන්නා" හතළිස් හැවිරිදි ගොවියෙකු කෙරෙහි බැඳෙන 19 හැවිරිදි මාරියා නමැති තරුණියක පිලිබඳවය. අප බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව නැගෙනහිර ජර්මනියේ සිටි අතර එය උණුසුම් ගිම්හානයක් විය.

ජර්මානු අධ්‍යක්ෂකවරියක් වන මාගරීටා වොන් ට්‍රෝටාගේ I'ngeborg Bachmann - Journey into the Desert', (සබඳතාවයේ අනෙකා ව) පාලනය කරන සහකරුවෙකු සහ වැම්පයර් ප්‍රවණතා පිළිබඳ රචකයෙකු ලෙස පැමිණෙන මැක්ස් ෆ්‍රිච් සමග ඔස්ට්‍රේලියානු කිවිඳියකට තිබූ වධහිංසාවෙන් පිරුණු ආදර සම්බන්ධතාවය ගෙන හැර පා තිබේ. ඔහු ඔහුගේ බිරිඳ ව ලිවීමේ මූලාශ්‍ර ලෙස යොදාගෙන තිබේ.

ඔවුන් වෙන් වූ පසුව, ඉන්ජ්බෝග්, මැක්ස් නැමැති දරුණු බල්ලෙකු පිළිබඳව බියකරු සිහින දකියි. අවසානයේ දී ඇය කාන්තාරයට යන සිත පිනවන චාරිකාවක් අතරතුර දී යථා තත්වයට පත් වේ.

චිත්‍රපට දෙකම කාන්තාවන්ගේ ලිංගික නිදහස උත්කර්ෂයට නංවන නමුත්, (චිත්‍රපටයේ) ප්‍රධාන චරිත දෙකට සිතෙහි ඇතිවන කම්පනයට ලක්වන්නට සිදුවීම සහ 'වසර 30කට පසුවත් මෙම මාතෘකාව පිළිබඳව අප තවත් සාකච්ඡා කරමින් සිටිනවා' යන කරුණත් අමතක කිරීමට අපහසු එකකි.

 

5.අප මේ මොහොතේ ජීවත්විය යුතුයි.

 
here
 

 

"විසි එක්වන සියවසේ දී, අප සියල්ලන් ම ඩිජිටල් අවකාශයේ තමාගේ කැමැත්ත සහ අනන්‍යතාවය වෙනුවෙන් වල්මත්වුවෝ" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන බෙල්ජියානු ජාතික බාස් ඩෙවෝස් පවසයි.

"අඳුරු සිනමා ශාලාවක වාඩි වී සිටින විට පවා, අපි ඇත්තටම ඒ තුළ නොහිටින්නේ අපේ දුරකතය ගුම්නගමින් සහ ශබ්ද නගමින් මුළු ලෝකයේම අවධානය අප වෙත ඉල්ලා සිටින නිසයි. නමුත් පස්සේ ඔබ ඉන්නේ සැබෑ ලෝකයේ දේවල් සිදුවෙමින් පවතින තැනක කියන බව හදිසියේ ම ඔබට සිහිවෙනවා. ඔබ යම් කෙනෙක් සමග සම්බන්ධ වෙනවා."

ඔහුගේ චිත්‍රපටයේ, ස්ටෙෆාන් නැමැති නිතරම කොටකලිසම් අඳින තරුණ, කඩවසම් හා සංවේදී රුමේනියානු ඉදිකිරීම් සේවකයාට, පාසි පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන, දෙවන පරම්පරාවේ චීන ආචාර්‍ය උපාධියක් ඇති ශික්සු හමුවන අතර, (ඔහු) කුඩා අවන්හලක දී ඇගේ නැන්දාට උදවු කරයි.

එය, අප ජීවිතයේ දී සැලකිල්ලට ලක් කිරීමට අසමත් වන, ශික්සු අන්වීක්ෂීය කාච වලින් නිරීක්ෂණය කරන පාසි, හෝ ඉතිරිවන එළවළු වලින් පවුලේ අයට සහ මිතුරන්ට ස්ටෙෆාන් සාදන රසවත් සූපය වැනි සියළු කුඩා දේවල් පිළිබඳව නිර්මාණය වූවකි.

නාටකීය කිසිවක් සිදුවන්නේ නැත. එය මානව සබඳතා පිළිබඳව නව විශ්වාසයක් ඇති කරන, ඔබව අමුතු ම ආකාරයකට උද්‍යෝගිමත් කරන මන්දගාමී චිත්‍රපටයකි.

බ්‍රසල්ස් හි රුමේනියානු සමාජය ගැන අධ්‍යනයය කිරීමෙන් පසුව ඩෙවෝස් (මෙසේ) පවසයි: "සංක්‍රමණයවීම පිළිබඳව චිත්‍රපටයක් සෑදීමේ අවදානම ගැන මට තේරුම් යන්න පටන් ගත්තා. මම ඒ චිත්‍රපටය හදන්න සුදුසු කෙනා නෙවෙයි. නමුත් මම හිතුවා ඉතිරි එළවළු ශීතකරණයේ ගිහින් දාගන්න තරුණයෙකු ගැන චිත්‍රපටයක් කරන්න පුළුවන් කෙනා මම කියලා."



(ඇනා බ්‍රසනින් - බීබීසී සිංහල සේවය)



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්