විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය සහ දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.

සිනමා ප්‍රේක්ෂකත්වය වර්ධනය කිරීම සහ සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලබන සිනමා කතිකාව වැඩසටහනේ තවත් අදියරක් ලෙස මෙය සිදු කෙරේ.

එදින දේශන සහභාගිත්වය සමන් වික්‍රමාරච්චි සහ මහේෂ් හපුගොඩ විසිනි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු විසිනි.

වැඩිදුර විමසීම් සඳහා : 0112585721  

PHOTO 2023 09 13 12 56 25

සබැඳි පුවත්:

'විමුක්තිගේ පැතලි යථාර්ථය' ග්‍රන්ථය ජනගත කිරීමට සුදානම්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්