leader s

ලොව පුරා වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් 12%කට ආසන්න පිරිසකට එම තත්ත්වය ඇතිවන්නේ වළක්වාගත හැකි ආසාදන හේතුවෙන් බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වේ.



ලොව පුරා හඳුනාගන්නා පිළිකා රෝගීන් අට දෙනෙකුගෙන් එක් අයෙකුගේ රෝගී තත්ත්වයට හේතුව විවිධ වයිරස සහ බැක්ටීරියා ආසාදන බව නවතම පර්යේෂණයක දැක්වේ.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවක් වන The Lancet Oncology හි පළවූ මෙම වාර්තාවට අනුව, 2024 වසර තුළ පමණක් වාර්තා වූ නව පිළිකා රෝගීන් මිලියන 2.3කට ආසන්න සංඛ්‍යාවක් ආසාදන සමඟ සෘජුවම සම්බන්ධ වී තිබේ.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම අවදානම ඉහළ අගයක පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රධාන වැරදිකරුවන් පස්දෙනා

 

canc3t54
ලොව පුරා ආසාදන නිසා හටගන්නා පිළිකාවලින් බහුතරයකට හේතුවන්නේ ප්‍රධාන ව්‍යාධිජනකයන් (Pathogens) පහක් පමණි:

* හෙලිකොබැක්ටර් පයිලෝරි (H. pylori) බැක්ටීරියාව: සමස්ත පිළිකාවලින් 4%කට පමණ වගකිව යුතු අතර, ප්‍රධාන වශයෙන් ආමාශයික පිළිකා ඇති කරයි.

* හියුමන් පැපිලෝමා වයිරසය (HPV): ගැබ්ගෙල පිළිකා ඇතුළු පිළිකා ගණනාවකට හේතුවන අතර ප්‍රතිශතය 4%කි.

* හෙපටයිටිස් B (2%) සහ හෙපටයිටිස් C (1%ට අඩු): අක්මා පිළිකා සඳහා ප්‍රධාන වශයෙන් බලපායි.

* එප්ස්ටයින්-බාර් වයිරසය (Epstein-Barr - 1%): වසා පද්ධතිය ආශ්‍රිත සහ ඇතැම් ලේ පිළිකා සඳහා බලපායි.


මෙම ආසාදන පහ මඟින් ශරීරයේ විවිධ ස්ථාන ආශ්‍රිතව පිළිකා වර්ග 20 කට වැඩි ප්‍රමාණයක් හටගැනීමේ අවදානමක් පවතී.

ආසාදනයක් පිළිකාවක් බවට පත්වන්නේ කෙසේද?

වයිරසයක් සිරුරේ සෛලයකට ඇතුළු වූ විට, එම සෛලයේ ජානමය ව්‍යුහය වෙනස් කිරීමට සමත් වේ. එහිදී සෛලයක ස්වභාවික විනාශය පාලනය කරන ප්‍රෝටීන අක්‍රිය කිරීම හෝ සෛල බෙදීම පාලනය කරන ජානවලට හානි සිදුකිරීම මඟින් සෛල පාලනයකින් තොරව වර්ධනය වී පිළිකා බවට පත්වේ.

අනෙක් අතට, H. pylori වැනි බැක්ටීරියා හෝ පරපෝෂිතයන් මඟින් ශරීරය තුළ දිගුකාලීන දැවිල්ලක් හෙවත් ප්‍රදාහයක් (Chronic inflammation) ඇති කරයි.
එවැනි පටක නිරන්තරයෙන් අලුත්වැඩියා වීමට උත්සාහ කිරීමේදී සෛල බෙදීමේ දෝෂ සහ ජානමය විකෘතිතා හටගන්නා අතර, එය අවසානයේ පිළිකාවක් දක්වා වර්ධනය විය හැකිය.

වැළැක්වීමේ හැකියාව

w456b565u
මෙම සොයාගැනීමේ වඩාත්ම වැදගත් පැතිකඩ වන්නේ, ආසාදන මඟින් හටගන්නා පිළිකා බොහෝ දුරට කලින්ම වළක්වා ගැනීමට හැකියාව පැවතීමයි.

එන්නත්කරණයේ සාර්ථකත්වය:
ගැබ්ගෙල පිළිකා වළක්වන HPV එන්නත සහ අක්මා පිළිකා වළක්වන හෙපටයිටිස් B එන්නත මේ සඳහා ප්‍රධාන උදාහරණ වේ.

ප්‍රතිකාර මඟින් අවදානම අඩු කිරීම:
 H. pylori වැනි බැක්ටීරියා ආසාදන සඳහා නිසි ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ආමාශ පිළිකා අවදානම වළක්වාගත හැක.

සමාජයීය පරතරය:
ආසාදන ආශ්‍රිත පිළිකාවලින් 75%ක්ම වාර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලිනි.


ශ්‍රී ලංකාව තුළ ද පාසල් සෞඛ්‍ය වැඩසටහන යටතේ දැරියන් සඳහා HPV එන්නත සාර්ථකව ලබාදෙන අතර, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නිසි පරිදි පවත්වාගෙන යාම මඟින් මෙරට තුළ පිළිකා රෝගීන් බිහිවීම සැලකිය යුතු ලෙස අවම කරගැනීමේ අවස්ථාව පවතී.


වැඩිදුර විස්තර සහ මූලාශ්‍ර අධ්‍යයනය සඳහා:

The Conversation සම්පූර්ණ ලිපිය: One in eight cancers are likely caused by an infection worldwide – new study

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil