leader s

 "ආදරයෙන් ඇරඹී, රාගයෙන් තෙත්වී, කඳුලෙන් අවසන් වූ මගේ "මතක" වල බර ඔබේ හිතට බාර කරමි. දැන් මා නිදහස්‍ ය. කරුණාරත්න දිවුල්ගනේ නම් ඒ ප්‍රවීන, නවීනයාට මගේ හිස නමා ආචාර කරමි.
 
වාසනාවක් කල්හි ද, අවාසනාවක් කල්හි ද මා තනි නොකළ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තූතිවන්ත වන්නෙමි.
 
ආදරය වෙනුවෙන් ජීවිතයේ සන්තකය දන් දී උපේක්ෂාවෙන් ජීවිතය උහුලා ගත් හයිය හිත් වලට "මතක" මතකයක් වනු ඇත.
 
එදා මරණය පරදවා ජීවිතයට ආදරය කරන්නට ඉගැන්වූයේ ඔබ ය. එනිසා අද ඔබ දුන් ගින්දරෙන් මා දැවෙන්නේ නැත. මා මියැදෙන්නේ ද නැත. මගේ පියාපත් ෆිනික්ස් කිරිල්ලියකගේ තරම් සවිමත් ය.
 
මම මරණයට වෛර කරමි.
ඒ ...................                                                         Mathak 2021.02.12
ඔබේ මතකය සමග 
මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා බැවිණි."
 
-අභිෂේකා විමලවීර-
 
 
ඇය-
මතක ලන්තෑරුම් අඳුර මැද 
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා
 
ඔහු -
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි 
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක 
වුණත්  මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට 
සුදු කමිස උරහිසට රිදුණා
 
ඔහු -
පරවෙලා මිහිදන් වෙලා උන් 
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
 
ඇය-
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම 
බිම බලාගෙන යන්න තිබුණා
........................................
 

ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්