විජය කුමාරණතුංගයන්ගේ 33 වැනි ගුණානුස්මරණය යෙදෙන පෙබරවාරි 16 අද දින පමණක් ඔහු රඟපෑ චිත්‍රපටි 02 ක් ප්‍රචාරය කිරීමට ඩයලොග් ටීවී ආයතනය තීරණය කර තිබේ.
 
 
ඩයලොග් රිදී ටීවී තුලින් විජය කුමාරතුංග නම් වූ සිංහල සිනමාවේ සිහින කුමරාට දක්වන කුඩම්මාගේ සැලකිලි පිළිබදව 'ද ලීඩර්' පෙබරවාරි 10 දා විශේෂ හෙළිදරව්වක් සිදුකරනු ලැබිය. ඒ, 'ඩයලොග් ටීවී වෙතින් විජයට රිදී කැපිල්ලක් !' යන සිරස්තලයෙන් යුතුවය.
 
පසුගියදා ඩයලොග් ටීවී මගින් නදීකා ගුණසේකර රඟපෑ චිත්‍රපටි දින 7 ක් පුරා ප්‍රදර්ශනය කරන ලදි.
 
ඉන් පසු පෙබරවාරි 16 පටන්  තවත් දින 7 කට ජෝ අබේවික්‍රම රඟපෑ චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදි.
 
සිංහල සිනමාව බැබළවූ විජය කුමාරතුංගට චිත්‍රපටි 2 ක් පමණි.
 
කෙසේ වුවත් අද (16 ) දින ඩයලොග් රිදී ටීවී ඔස්සේ පස්වරු 3.00ට 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටි විකාශනය කර අවසානයේ පැය භාගයක කාලයක් පුරා සිනමා ගීත ප්‍රචාරය කළ අතර එහිදී විජය පෙනී සිටින ගීත එකක් හෝ තෝරා නොගැනීමට ඩයලොග් රිදී ටීවී කළමණාකාරිත්වය ප්‍රවේසම් විය.
 
තත්ත්වය මෙසේ තිබියදී ජාතික රූපවාහිනීය මගින් අද දින (16) වරින් වර විජය රඟපෑ ගීතමය ජවනිකා ප්‍රදර්ශනය කරමින් තම උපහාරය මෙම සොඳුරු කලාකරුවා වෙත පුද කරනු ලැබීය.
 
මනුස්සකමින් පිරිපුන් විජය කුමාරතුංග නම් වූ මේ අසහාය යුග පුරුෂයාගේ හඬින් ගැයූ ගීත කිහිපයක් මෙහි දක්වන්නේ ඔහුට කරන උපහාරයක් වශයෙනි.
 
 

 

 

 


 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්