leader s

බේකරිය අවකාශය කියලා කියන්නේ සමාජ දේශපාලන සංස්කෘතික අවකාශය තුල ලංකාවේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට නිර්මාණය කරගත නොහැකි වුණු  ප්‍රායෝගික අතිශය දියුණු මිනිස් සබඳතා නිර්මාණය කල මේ

ලෝකය ලස්සන ලෝකයක් බවට පත් පත්කිරීම වෙනුවෙන් සංස්කෘතික දේශපාලනය ඇතුලේ අතිශය සංකීර්ණ සහ දැවැන්ත ක්‍රියාවලියක් සිදුකල සමූහයක්...

බේකරිය ස්ථානගත වෙලා තියෙන්නෙ, පන්නිපිටියේ මහල්වරාවේ.

බේකරිය කේන්ද්‍රගත කරගෙන ඉන්න අය හදුන්වන්නේ "බේකරිය කට්ටිය" කියලා.

මේ බහුතරය කලා-සාහිත්‍ය ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරන,අභ්‍යාස කරන, කලාවට ලැදි පිරිසක්. මිතුරු අල්ලාප සල්ලාපයෙන් එහාට ගිහින් දැනෙන වැඩක් කරන්න හදන අපූරු රසකාමීන් පිරිසක්.


අවකාශයක්මය..


මිනිස්සු හිතන විදිය වෙනස් කරවීම.. මෙතෙක් අප ශිෂ්ඨාචාරයක් ලෙස පවත්වන් යන ආත්මාර්ථකාමී සියල්ල මුදල් මත තීරණය වන ජීවන විලාශය වෙනස් කිරිම වෙනුවෙන් ලෝකයට කතාකරන්නට භාෂාවක් සෙවූ පර්යේෂකයන් ය..

බස්රියේ සින්දු කියපු ගීතදේව "මාලෙ ගෙලේ... චේ පපුවේ... කිසිම දෙයක් නැහැ ඔළුවෙ...." යණුවෙන් විකල්ප සංගීත ධාරාවේ හඬ බවට පත්වූයේ බේකරිය අවකාශයේ වේදිකාව මතය..




සංගීත සටන් කරුවනි, ඔබ හා එක්ව  සටන් කරුවන් ඒ ඔබ හා අප එක්ව සටන් වදිමු.. කලාවේදී ප්‍රබෝධය හෝ විනෝදය හෝ ජනනය කිරීම පමණක් නොව සත්‍යය එළි දැක්වීම සමගම ද කටයුතු කළ යුතුය.



විල්හෙල්ම් හෙගල්ගේ එකී දෘෂ්ඨිවාදයද සමගින් එකට මුහුව බේකරිය අවකාශය යණු කලාවට පමණක් සීමා වූ තැනක් නොව සමාජ දේශපාලන සංස්කෘතික ක්‍රියාකාරකම් හි සත්‍යවාදී අරගල මධ්‍යස්ථානයක් විය..

මේ ලෝකය ලස්සන ලෝකයක් බවට පත් කිරීමට සිහිණ දකින්නන්ගේ නවාතැන්පළක් බවට පත්විය..



එකී බේකරිය අවකාශය තුල පෙබරවාරි මාසයේ ආරම්භයේ සිට අතිශය නැවුම් වෙනස් ආකෘති රැසකින් වූ චිත්‍ර ප්‍රදර්ශණයක් සහ එකී මාසය තුළ සිකුරාදා දින සංගීතමය මොහොතවල්... චින්තක ගීතදේව.. මාධව වැනි විකල්ප සංගීත ධාරාවේ හඬවල් ද... සෙනසුරාදා දින නාට්‍යය සහ චිත්‍රපට සහ එකී නාට්‍ය චිත්‍රපට පිළිබඳව සංවාද විසංවාද කරගන්නට ඔබ අප හමුවිය යුතුම මිස් කරගත නොයුතුම මොහොතවල් රැසක්ය...



නැතිනම් පත්තර තරම් දිග තප්පර ගොඩවල් විදින්නට ඔබට එන්න කියනා ගමන්මම...

එකී ප්‍රදර්ශණය සහ සංගීත චිත්‍රපට වැඩසටහන ගැන පමණක් නොව විරාජ් ලියනාරච්චි සහ ලක්මාල් රණබාහු සිදුකරන මේ දේශපාලන සංවාදය විනාඩි කිහිපයක් නරඹන ලෙසත් ....

එය මේ තප්පරයේ අප මුහුණ දී සිටින සමාජ ආර්ථික සංස්කෘතික දෙබඩි බව..  නිවට බව.. සහ  ඇත්තටම පොළොවේ ප්‍රශ්ණය තිබෙන්නේ කොතැනද ? පිළිතුර කුමක් දැයි යනුවෙන් ද යම් කතාබහක් සහ සංවාදයක් සහිතය...

එකී දේශපාලන කතාබහේ ගැටළු ඔබට වේ නම් පෙබරවාරි මාසේ මුල සිට බේකරිය අවකාශයේ නිර්මාණය වන සංස්කෘතික අවකාශය තුළ ඔබට නැවත නැවත ප්‍රශ්ණ කරන්නට කතාබහ කරන්නට සංවාද විසංවාද කරන්නට හැකියාව ඇත.....

 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 

දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්