BREAKING
Top Ad
Life

ඩයලොග් TV ඇස් ඇරෙයි! - එහෙත් විජය කුමාරතුංග ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මට චිත්‍රපටි 2 ක් පමණයි!

T

The Leader

February 16, 2021 • 9:00 AM

ඩයලොග් TV ඇස් ඇරෙයි! - එහෙත් විජය කුමාරතුංග ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මට චිත්‍රපටි 2 ක් පමණයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජය කුමාරණතුංගයන්ගේ 33 වැනි ගුණානුස්මරණය යෙදෙන පෙබරවාරි 16 අද දින පමණක් ඔහු රඟපෑ චිත්‍රපටි 02 ක් ප්‍රචාරය කිරීමට ඩයලොග් ටීවී ආයතනය තීරණය කර තිබේ.
  •   පසුගියදා ඩයලොග් ටීවී මගින් නදීකා ගුණසේකර රඟපෑ චිත්‍රපටි දින 7 ක් පුරා ප්‍රදර්ශනය කරන ලදි.
  •   ඉන් පසු පෙබරවාරි 16 පටන්  තවත් දින 7 කට ජෝ අබේවික්‍රම රඟපෑ චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදි.
  •   සිංහල සිනමාව බැබළවූ විජය කුමාරතුංගට චිත්‍රපටි 2 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඩයලොග් රිදී ටීවී තුලින් විජය කුමාරතුංග නම් වූ සිංහල සිනමාවේ සිහින කුමරාට දක්වන කුඩම්මාගේ සැලකිලි පිළිබදව 'ද ලීඩර්' පෙබරවාරි 10 දා විශේෂ හෙළිදරව්වක් සිදුකරනු ලැබිය. ඒ, 'ඩයලොග් ටීවී වෙතින් විජයට රිදී කැපිල්ලක් !' යන සිරස්තලයෙන් යුතුවය.
 
පසුගියදා ඩයලොග් ටීවී මගින් නදීකා ගුණසේකර රඟපෑ චිත්‍රපටි දින 7 ක් පුරා ප්‍රදර්ශනය කරන ලදි.
 
ඉන් පසු පෙබරවාරි 16 පටන්  තවත් දින 7 කට ජෝ අබේවික්‍රම රඟපෑ චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලදි.
 
සිංහල සිනමාව බැබළවූ විජය කුමාරතුංගට චිත්‍රපටි 2 ක් පමණි.
 
කෙසේ වුවත් අද (16 ) දින ඩයලොග් රිදී ටීවී ඔස්සේ පස්වරු 3.00ට 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටි විකාශනය කර අවසානයේ පැය භාගයක කාලයක් පුරා සිනමා ගීත ප්‍රචාරය කළ අතර එහිදී විජය පෙනී සිටින ගීත එකක් හෝ තෝරා නොගැනීමට ඩයලොග් රිදී ටීවී කළමණාකාරිත්වය ප්‍රවේසම් විය.
 
තත්ත්වය මෙසේ තිබියදී ජාතික රූපවාහිනීය මගින් අද දින (16) වරින් වර විජය රඟපෑ ගීතමය ජවනිකා ප්‍රදර්ශනය කරමින් තම උපහාරය මෙම සොඳුරු කලාකරුවා වෙත පුද කරනු ලැබීය.
 
මනුස්සකමින් පිරිපුන් විජය කුමාරතුංග නම් වූ මේ අසහාය යුග පුරුෂයාගේ හඬින් ගැයූ ගීත කිහිපයක් මෙහි දක්වන්නේ ඔහුට කරන උපහාරයක් වශයෙනි.
 
 

 

 

 


 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...