BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සම්මුති - විසම්මුති : 'මගේ කවියේ තේමාව ප්‍රති-විරුද්ධකම්පෑමයි!' - චේරන් රුද්‍රමූර්ති | සුනන්ද දේශප්‍රිය

T

The Leader

September 12, 2025 • 3:25 AM

සම්මුති - විසම්මුති : 'මගේ කවියේ තේමාව ප්‍රති-විරුද්ධකම්පෑමයි!' - චේරන් රුද්‍රමූර්ති | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළකින් ලංකාවට පැමිනීමට ලැබීම සතුටක්. මගේ කවි එකතුවක් සිංහල බසින් පළ කිරීමට ආසාවක් මට තිබුණ ආසාවක්. මා ලියන්නේ මගේ මව්බසින්. ඒ කියන්නේ දෙමළ බසින්.
  • නමුත් මෙවර තමයි මගේ කවි පොතක් ලෙස සිංහල බසින් පළවූණේ.
  • 1975 සිට 2025 දක්වා මා ලියූ කවිවලින් තොරාගත් කවි 60ක් ‘ළසෝ දියවෙන භූමිය’ නම් මෙම සංග්‍රයට ඇතුළත්.
  • එය එක අතකට මාගේ කවි සිතෙහි ඇති වූ වර්ධනයන් පෙන්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය වසර 25 පුරා මගේ කවි සීතා රංජනී සහ ඉබ්නු අස්මත්, නිලාර් එම් කාසිම්, සභාපති සිවගුරුනාදන්, කුමුදු කුසුම් කුමාර, සුනිලා අබේසේකර සහ සුනිල් විජේසිරිවර්දන වරින්වර සිංහලට පරිවර්ථනය කර තිබෙනවා. නමුත් මෙවර තමයි මගේ කවි පොතක් ලෙස සිංහල බසින් පළවූණේ.

1975 සිට 2025 දක්වා මා ලියූ කවිවලින් තොරාගත් කවි 60ක් ‘ළසෝ දියවෙන භූමිය’ නම් මෙම සංග්‍රයට ඇතුළත්. ඒවා පෙන්වන්නේ මගේ කවිවල හරස් කඩක්. නියෝජනාත්මක නොවෙයි.

Cheran book

එය එක අතකට මාගේ කවි සිතෙහි ඇති වූ වර්ධනයන් පෙන්වනවා. කවි කියවන විට එය ඔබට වැටහේවි. අනෙත් මෙය අතට මගේ කාව්‍යමය හැගීම්වල කැඩපතක්. මා කැමතියි එය බෙදා ගන්න.

කාව්‍ය, ජීවිත කතා, කෙටි කතා, මතක සටහන් වැනි සාහිත්‍ය දෙමළ බසින් සිංහලටත්  සිංහල බසින් දෙමළ බසටත්  පරිවර්ථනය කිරීම මගින් අපේ ජනතාවන් අතර පුළුල් අවබෝධයක් ඇති කළ හැකි බව මා විශ්වාස කරන කෙනෙක්. ඇතතෙන්ම එ්වා පරිවර්ථිත දේශපාලන සාහිත්‍යට වඩා බලවත්.

මගේ කවි හරහා දිව යන ප්‍රධාන තේමාව ගැන ඔබ ඇසුවා. මූලික වශයෙන් එය ප්‍රති-විරුද්ධකම් පෑම එනම් රිසිස්ටන්ස් ලෙස දක්වන්න පුලුවන්. ඊට සියලු ආකාරයේ හෙජමොනියන්ට, මර්දනයන්ට සහ දුරාවලියන්ට විරෝධයක් මේ  ප්‍රති-විරුද්ධකම්පෑමට ඇතුළත් වෙනවා. එය දෛනිකව වෙන්න පුලුවන්. අනවරතව වෙන්න පුලුවන්.

Cheran 01
මා ප්‍රති-විරුද්ධකම්පෑම යයි කියන විට ඉන් අදහස් වන්නේ දේශපාලනික කාරණයක්ම නොවෙයි. මා දකින විදිහට බල අසමතුලිතතාවය ඇති සෑම තැනකම දේශපාලනයක් තියෙනවා යන්නයි මගේ වැටහීම. එය මුලුතැන්ගෙයි, නිදන කාමරයේ, වීදියේ හෝ දේශපාලන භූමියේ වෙන්න පුලුවන්.

සෑම මානවයකුම දිනපතා බල අරගලයකට මුහුණ දෙනවා. අප ගමනක යෙදුනත්, ඇවිද්නන ගියත්, බැංකුවට ගියත්  බල දේශපාලනයට මුහුණ දෙනවා. සියළු මිනිසුන්ගේ පැවැත්ම තුළ විරුද්ධකම්පෑමේ හැකියාවක් තියෙන්නේ ඒ නිසා. ප්‍රති-විරුද්ධකම්පෑම, ඒ තමයි මගේ කවි වල එක් ප්‍රධාන යොමුවක්.

1985 කවි ලිවීමට පටන් ගත් දා සිටම වාගේ මා මුහුණ දී තිබෙනවා විශ්වාස කළ නොහැකි තරමේ දුෂ්ඨ දේශපාලන වර්ධනයන්ට. ඉතිං මට අවශ්‍ය නැහැ හුදෙක් සාක්ෂිකරුවෙක් හෝ  වින්දිතයෙක් වීමට. මට අවශ්‍ය නැහැ හුදු කාව්‍යමය වාර්තාකරුවක් වීමට හෝ ඉතිහාසඥයකු වීමට.

අප කැමැති වුනත් නැති වුනත් අපේ ප්‍රජාව මුහුණ දුන් අසමානතාවයේ භයංකාරත්වය මගේ කවිවල සටහන් වී තිබෙනවා.

මගේ කවිවල මගේ ප්‍රජාව මුහුණ දුන් සෑම අසාධාරණයක්ම, සැහැසිකමක්ම කාව්‍යමය කාචයෙන් සටහන් වී තිබෙනවා. මෙය එක්තරා විදිහකට කවියා සාක්ෂිකරුවකු විදිහට කාව්‍යමය කාවයෙන් සටහන් කිරීමක්. කවියා ඉතිහාසඥයෙක් විදිහට.

මා මේ මඟට පිවිසුණේ කාව්‍යමය පරිකල්පනය දේශපාලන පරිකල්පනයට වඩා දියුණුයැයි මා විශ්වාස කරන නිසා. අන්න එනිසා තමයි අප අද පවතින සෑම ආකාරයකම ගැටුම් සඳහා ප්‍රායෝගික සහ කල්පවත්නා විසඳුම් සෙවීමට සාහිත්‍ය වෙතත් යොමු විය යුත්තේ.

මා කියන්නේ නැහැ කවිවලට වෙනසක් හෝ විප්ලවයක් කරන්න පුලුවන් කියා. නමුත් සාහිත්‍ය ටිකෙන් ටික විවිධ පුද්ගලයින්ගේ මනස යහපත් අතට වෙනස් කිරීමට සමත්. අප මෙම ක්‍රියාවලිය සහයෝගිතාවයේ ජීවගුනය ඇතිව දිගටම කරගේන ගියොත් එය ප්‍රබල අධ්‍යාපනික මෙවළමක් වේවි.

කුඩා කළ සිටම මුහුණ දුන් භාෂා අසමානතාවය දිගු කළකට පසු ලංකාවට පැමිණි මා අත්දකින්නේ කෙළෙසදැයි ඔබ ඇසුවානේ. දෙමළ භාෂාව පිළිවෙත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා කිසිම සාධනීය වෙනසක් දකින්නේ නැහැ. රාජ්‍යය මෙවළමක් ලෙස ගත්තොත් එය දෙමළ භාෂාව දන්නේ නැහැ.

මා කටුනායකික් ගොඩ බැස්සාට පස්සේ මා මුදල් මාරු කර ගැනීමට පෝලිමක් නොතිබූ නිසා සම්පත් බැංකුවට ගියා. ඔවුන් මට දුන් ලදුපතෙහි දෙමළ බසින් කිසිවක් තිබුණේ නැහැ. මං ඔවුන්ට කීවා මට දෙමළ බසින් ලදුපතක් අවශ්‍ය බව. දන්නවාද ඔවුන් කීදේ. දෙමළ බසින් ලදුපත් නිකුත් කිරීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි කියා තමයි කිව්වේ. මේ දෙමළ රාජ්‍ය භාෂාවක් බවට පත් කර දශක තිහකට විතර පස්සේ! මං සම්පත් බැංකුව ගැන දැන හිටියා නම් මහජන බැංකුවට යන්න තිබුණා.

අප මඩකළපුවේ ජීවත් වුණේ ආණ්ඩුවේ බංගලාවක. මා දවසක් අප්පච්චි නැති වෙලාවත එහි දොරකඩ නීලල් (நிழல் -සෙවනැල්ල) කියා නමක් ලියුවා. නිවසට ආ විගස අප්පච්චි කිවුවා ‘මේක මකන්න ඕන. ආණ්ඩුවේ බංගලාවක නම තියෙන්න ඕනේ සිංහලෙන් කියලා. අවශ්‍ය නම් පොඩි අකුරින් දෙමළෙන් ලියන්න’ කිව්වා. ඒ මගේ කුඩා කාලයේ අත්දැකීමක්.

 

x35345

දෙමළ රාජ්‍ය භාෂාවක් ලෙස ක්‍රියාත්මක නොවන්නේ මේ ආණ්ඩුව නිසාම නොවෙයි. 1956 සිට ක්‍රමාණුකූලව රාජ්‍යය සිංහල බෞද්ධ බවට පත් කරා. 1972 සහ 1978 ව්‍යවස්ථා මගින් එය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙනවා. අද ලංකාව පුරාම උරුමය ලෙස සිංහල බෞද්ධ උරුමය තහවුරු කිරීම තමයි කරගෙන යනවා. මේ තත්වය තුළ දෙමළ ජනයාට සාමානාත්මතාවය ලැබෙන්නේ නැහැ. උතුරු නැගෙනහිරදී පවා පොලිසිය කැදවීම් ලිපි එවන්නේ වැඩිම වුණොත් ඉංග්‍රිසියෙන්. වාසනාව තිබුණොත් ඒ ලියුමේ පිටු පස්සේ දෙමළ අත් අකුරින් එය ලියා තියේවි.

දෙමළ භාෂාවෙන් ලියන සහ දිනපතා දෙමළ භාෂාව භාවිතා කරන මා වැනි අයෙකුට මේ භාෂා අසමානතාවය ලොකු ප්‍රශ්ණයක්. මගේ පියා 1971 දි මිය යන විට ඔහු රාජ්‍ය භාෂා දෙපාර්ථමෙන්තුවේ නියෝජ්‍ය කොමසාර්ස්වරයෙක්. දෙමළ භාෂා පිළිවෙත ක්‍රියාත්මක කිරීමට ඔහු ගත් හැම පියවරක්ම අසාර්ථක වුණා. බලන්න. එතරම් බලයක් තිබූ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයකුටවත් බැරි වුණා කළ යුතු දේ කරන්න. ඔහු විරුදාවලී ලබා තිබුණේ දෙමළ ‘මහා කවි’ කියා. ඉතිං ඔහු වැනි කෙනෙකුට කොතරම් සිත් වේදනාවක් තියෙන්න ඇතිද? එය දෙමළ සමාජයේ ආත්මීය වේදනාවක්.

ලාංකික රාජ්‍ය මානසිකත්වය, නිලධාරි තන්ත්‍රය සියල්ල එකට ගොනු වී තිබෙන්නේ සිංහල-බෞද්ධ රාජ්‍යත්වය කරා.

අප ජීවත්වන මේ සමාජය එන්න එන්නම ධ්‍රැවීකරණය වන තත්වය තුල සාමකාමී එක්සත් ලංකාවක් පිළිබඳ සිහිනය යතාර්ථයක් විය හැකිද යන ප්‍රශ්නය එක එල්ලේ පිළිතුරු දීමට අමාරු එකක්.

මට එකක් කියන්න පුලුවන්. සහජීවනය, සමානාත්මතාව සාකච්ජා යානාදී විවිධ වය්‍යාමයන්හි  යෙදී සිටින බොහෝ දෙනා අමතක කරන මූලධර්මීය ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකා රාජ්‍ය ව්‍යුහය. එය සිංහල බෙෘද්ධ ව්‍යුහයක්. එවිට අනෙක් ජනවර්ගයන්ට සමානාත්මතාවය ලැබෙන්නේ කොහොමද? ව්‍යාවස්ථාපිතවම ඔවුන් දෙවැනි හෝ තෙවැනි තැනට දමා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ක්‍රිස්තුස් වහන්සේ පත් වුණත් එරට යුද-දේශලපාලන හෙජමොනිය සහ රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න බැරි බවට කියමනක් තිබෙනවා. එ්ක ඇත්ත.

යාපනයේ ජනයාගේ ඉඩම් බලයෙන් අල්ලා ගෙන හමුදාව සහ බෞද්ධ භික්ෂුන් එක්ව විහාරයක් ගොඩ නැගූ විට එය ප්‍රශ්න කල නොහැක්කේ ඒ නිසායි. එවැනි ක්‍රියා ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරනවා. එතැන බෞද්ධ පුරා විද්‍යා ස්ථානයක් කියා  පුවරුවක් දැමීම විතරයි අවශ්‍ය. ව්‍යවස්ථාගත කළ උරුමය එය බව මා කලින් ද කිව්වා.

International Day Against Disappearances Jaffna
ලාංකික රාජ්‍යය ප්‍රතිසංංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් අද පෙන්න නැහැ. වෙන වෙනත් පියවර ගන්න පුලුවන්. නමුත් රාජ්‍ය ව්‍යුහය පිළිබද ප්‍රශ්නයට අත තියන තුරු කල්පවත්නා විසදුමක් ඇති වේ යැයි සිතීමට බැහැ.

උතුරු නැගෙනහිර භෞතික වශයෙන් යටපත් කිරීම අවසන් වුනත් දෘශ්ඨිමය යටපත් කිරීම අවසන් වී නැහැ. යුදකරණය එලෙසම පවතිනවා. හැම තැනම හමුදාව. සිංහල ප්‍රදේශවල එහෙමද? සන්නද්ධ ව්‍යාපාරයක තර්ජනයක් නැති බව කියන ආණ්ඩු උතුරු නැගෙනහිර පුරා යුදහමුදාවෙන් සියයට 70පමණ ස්ථානගත කර තිබෙන්නේ එම සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යුහය නිසා.

නව ආණ්ඩුව පත් වූ අවස්ථාවෙහි පැවැති වෙනසක් පිළිබඳ බලාපොරොත්තුව ක්ෂවෙමින් යනවා. යළිත් වතාවක් අහිමි වූ අවස්ථාවක් මෙරට ඉතිහාසයට එක්වීම ඛේදවාචකයක්.

රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය : බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ දැමු 'වීරයා'  මෙන්න - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...