The Leader News
BREAKING
පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා●විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකුට පළමු වරට බුකර් ත්‍යාගය හිමිවෙයි ●නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම●චීනයේ පියාඹන මෝටර් රථ අහසට එසවෙන හැටි●ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●විදෙස් ශ්‍රමික අයිතීන්ට ෆයිසර් මුස්තාෆාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●
Top Ad
සාහිත්‍ය - කලා

විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකුට පළමු වරට බුකර් ත්‍යාගය හිමිවෙයි

Awara

Awara

November 11, 2026 • 2:28 PM

විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකුට පළමු වරට බුකර් ත්‍යාගය හිමිවෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝන් හැරිසන් The End of Everything කෘතිය වෙනුවෙන් මෙවර බුකර් ත්‍යාගය දිනාගෙන තිබේ.
  • ඒ අනුව, බුකර් ත්‍යාග ඉතිහාසයේ එම සම්මානය දිනාගත් වයස්ගතම ලේඛකයා බවට ඔහු පත්ව ඇත.
  • බුකර් ත්‍යාග පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනී ගේබි වුඩ් සඳහන් කර ඇත්තේ මීට පෙර බුකර් ත්‍යාග දිනාගත් ලේඛකයන් කිහිපදෙනෙකු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සමඟ සම්බන්ධ වී තිබුණ ද, විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේම ප්‍රවීණ ලේඛකයෙකු බුකර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය බවයි.
  • ලන්ඩන් නුවර සඳුදා (9) සවස පැවති සම්මාන උළෙලේදී හැරිසන්ට පවුම් 50,000ක මුදල් ත්‍යාගය සහ බුකර් ත්‍යාග කුසලානය පිරිනමා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

81ක් හැවිරිදි එම්. ජෝන් හැරිසන් The End of Everything කෘතිය වෙනුවෙන් මෙවර බුකර් ත්‍යාගය දිනාගෙන තිබේ. ඒ අනුව, බුකර් ත්‍යාග ඉතිහාසයේ එම සම්මානය දිනාගත් වයස්ගතම ලේඛකයා බවට ඔහු පත්ව ඇත. 

බුකර් ත්‍යාග පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනී ගේබි වුඩ් සඳහන් කර ඇත්තේ මීට පෙර බුකර් ත්‍යාග දිනාගත් ලේඛකයන් කිහිපදෙනෙකු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සමඟ සම්බන්ධ වී තිබුණ ද, විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේම ප්‍රවීණ ලේඛකයෙකු බුකර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය බවයි.

ලන්ඩන් නුවර සඳුදා (9) සවස පැවති සම්මාන උළෙලේදී හැරිසන්ට පවුම් 50,000ක මුදල් ත්‍යාගය සහ බුකර් ත්‍යාග කුසලානය පිරිනමා තිබේ.

ජයග්‍රහණයේ විශේෂත්වය

* විද්‍යා ප්‍රබන්ධ කෘතියක් පළමු වරට බුකර් ත්‍යාගය දිනාගත් අවස්ථාව 

* බුකර් ත්‍යාග ඉතිහාසයේ වයස්ගතම ජයග්‍රාහකයා බවට පත්වීම 

* එම්. ජෝන් හැරිසන් පළමු වරට බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ වූ අවස්ථාවේ ම ජයග්‍රහණය කිරීම  

* ඔහු ගේ ප්‍රකාශකයා වන Serpent's Tail සඳහාද මෙය පළමු බුකර් ජයග්‍රහණය යි.

පිටු 198කින් සමන්විත මෙම කෘතිය මෙවර බුකර් සම්මානය සඳහා අවසන් වටයට තේරුණු කෘති අතරින් කෙටිම නවකතාව ද වේ.

කෘතියේ සාරාංශය

මහා ව්‍යසනයකින් වසර ගණනාවකට පසු, තවත් දශක කිහිපයකින් එළඹෙන අනාගතයක් පසුබිම් කරගනිමින් මෙම නවකතාව රචනා කර තිබේ. එම ව්‍යසනයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කළ නොහැකි පසුබිමක කතාව දිගහැරෙයි.

එංගලන්තයේ කෙන්ට් වෙරළ තීරය කේන්ද්‍ර කරගත් මෙම කතාවේදී පිලිප් ටෙනන්ට් සහ වයස්ගත ඔහුගේ නැන්දණිය වන මාර්නි ජීවිතය රැකගැනීමට උත්සාහ කරති. ඒ අතර ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ iGhetti නමින් හැඳින්වෙන අද්භූත ජීවීන්ගෙන් එල්ල වන තර්ජනයටයි. විවිධ හැඩයන්ට පරිවර්තනය විය හැකි මෙම දැවැන්ත ජීවීන්ගේ ආරම්භය සහ අරමුණු පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නවකතාව තුළ ඉදිරිපත් නොවේ.

විනිශ්චය මණ්ඩල සභාපති ගේ ප්‍රකාශය

විනිසුරු මණ්ඩලයේ සභාපතිනි මේරි බියර්ඩ් සඳහන් කළේ, දිනක් පුරා පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒකමතිකව මෙම තීරණයට එළඹි බවයි.

“මෙම කෘතිය පාඨකයාගේ සිතුවිලි උඩුයටිකුරු කරන අතරම සියුම් හාස්‍යයක් ද ඉස්මතු කරයි. පුදුමයට කරුණ නම්, එහි සාකච්ඡා වන විෂය කරුණු අනුව අපේක්ෂා කළ නොහැකි වුවත්, එය පාඨකයා තුළ සුළු හෝ බලාපොරොත්තුවක් ඇති කිරීමයි” යනුවෙන් ඇය පැවසුවාය.

“මෙම කෘතියේ ප්‍රධාන අදහසක් වන්නේ එවැනි ලෝක විනාශයක් සිදුවුවහොත් හෝ සිදුවන අවස්ථාවකදී එය කිසිවෙකුට නිසි ලෙස වටහාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවයි. එවැනි අවස්ථාවක පැරණි නීතිරීතිවලට ද තවදුරටත් වැදගත්කමක් නොතිබෙනු ඇත. මෙය අනාගතය දෙසින් වර්තමාන දේශපාලනය දෙස බැලීමක් ලෙස හැඳින්විය හැකියි” යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

2026 බුකර් විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් වූයේ රේමන්ඩ් අන්ත්රෝබස්, යාවිස් කුකර්, රෙබෙකා ලියු සහ පැට්‍රිෂියා ලොක්වුඩ් යන අයයි. ඔවුන් මෙවර බුකර් ත්‍යාගය සඳහා ඉදිරිපත් වූ කෘති 163ක් සලකා බලා අවසාන කෘති හය තෝරාගෙන තිබුණි. 

2026 බුකර් සම්මානය සඳහා නිර්දේශිත අවසන් කෘති හය

The End of Everything - M. John Harrison 
The Disappearers - Marlon James
Black Bag - LukeKennard
May We Feed the King - Rebecca Perry
The Things We Never Say - Elizabeth Strout

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...