The Leader News
BREAKING
ගුප්ත ගංගාවේ කිමිදෙන්න 14වන දා ගම්පහට එන්න●නිවාස අර්බුදය හමුවේ ස්පාඤ්ඤය වසර 14කට පසු මහා වැඩවර්ජනයක●DIGInote : අයවැය අද පාර්ලිමේන්තුවට: ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 2යි●2027 අයවැය: ඉලක්කම්වල ස්ථාවරත්වය ජනතාවගේ සාක්කුවට දැනේවිද?●මාස 6කට මිලියන 271ක් පාඩුයි: රාජ්‍ය මාධ්‍යවලට මොකද වුණේ?●මූල්‍ය ක්ෂේත්‍රයේ නව අවදානම් හමුවේ මහ බැංකුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්●1990 සුවසැරියට ඉන්දියාවෙන් තවත් ගිලන්රථ 100ක්; ප්‍රතිචාර කාලය මිනිත්තු 10ට බසී●සෞදියේ මරණ දණ්ඩනයෙන් අනෝජන් සිවරාසා පූර්ණ නිදහස ලබයි●ජාතික උද්‍යානවල බිකිනි ඡායාරූපකරණය: නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතළ හිඩැසක්●රුපියල් කෝටියක චෙක්පත් වංචාවකට ගුවන්සේවා ප්‍රධානියෙක් රිමාන්ඩ්●
Top Ad
සාහිත්‍ය - කලා

ගුප්ත ගංගාවේ කිමිදෙන්න 14වන දා ගම්පහට එන්න

Nethmini

Nethmini

November 12, 2026 • 11:00 AM

ගුප්ත ගංගාවේ කිමිදෙන්න 14වන දා ගම්පහට එන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොරගල විමලතිස්ස හිමි , මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න විසින් පරිවර්තනය කරන ලද , " ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටි කතා" කෙටි කතා සංග්‍රහය පිළිබඳ සාහිත්‍යමය සංවාදයක් නොවැම්බර් 14 වෙනි සෙනසුරාදා උදෑසන 10 ට ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ දී පැවැත්වේ.
  • සංවාදය මෙහෙයවීම පැතුම් පුංචිහේවා විසින් සිදුකිරීමට නියමිත ය.
  • මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 111 වන සාහිත්‍ය සංවාද මණ්ඩපයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හොරගල විමලතිස්ස හිමි, මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න විසින් පරිවර්තනය කරන ලද, "ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටි කතා" කෙටි කතා සංග්‍රහය පිළිබඳ සාහිත්‍යමය සංවාදයක් නොවැම්බර් 14 වෙනි සෙනසුරාදා උදෑසන 10ට ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ දී පැවැත්වේ.

The Asian Review Sinhala විසින් සංවිධානය කරනු ලබන මෙම සාහිත්‍යමය සංවාදයේ දී කෘතිය පිළිබඳව මූලික අදහස් දැක්වීම් සඳහා: ජයසිරි අලවත්ත, අනිල් හේරත් සහ භූෂන් ප්‍රදීප් සම්බන්ධ වීමට නියමිතව සිටිනවා. සංවාදය මෙහෙයවීම පැතුම් පුංචිහේවා විසින් සිදුකිරීමට නියමිත ය.

මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 111වන සාහිත්‍ය සංවාද මණ්ඩපයයි.

මෙම කෘතිය පිළිබඳ සංවාදයට සහභාගී වීම සඳහා ඔබට ද ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට පැමිණිය හැකි අතර, 'ගුප්ත ගංගාව ඇතුළු ඔදියා කෙටිකතා' පිළිබඳ සංවාදයට සම්බන්ධ වීමටත්, ඔබේ අදහස් බෙදාහදා ගැනීමට මෙන්ම, සොඳුරු සහෘද මොහොතක් ගතකිරීමටත් ඔබ සැමට ආරාධනා කරනවා.

කිසිදු මුදලක් අය නොකරමින් පැවැත්වෙන මෙම සාහිත්‍ය සංවාදයට ඔබ ගෙන ආ යුත්තේ, සහෘද හදවත පමණි.

Google Map සබැඳිය: 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...