The Leader News
BREAKING
Top Ad
පුවත්

බස් ගාස්තු 10% කට වඩා ඉහළ යයි ! - අවසන් තීන්දුව අද කැබිනට්ටුවට

T

The Leader Desk

March 23, 2026 • 3:40 AM

බස් ගාස්තු 10% කට වඩා ඉහළ යයි ! - අවසන් තීන්දුව අද කැබිනට්ටුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.
  • ඒ අනුව ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද බස් සංගම් පැවසීය.
  • මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද පැවසුවේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවය.
  • කෙසේ වෙතත් අද දිනයේදී නව බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව 10%කට ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනය විමටද නියමිතව ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.

පසුගිය වසරේ (2025) ජූලි මස සිට ක්‍රියාත්මක වන බස් ගාස්තුව වර්තමානයේ ක්‍රියාත්මක වන අතර එම ගාස්තුව සකස් කිරීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 289 ක් ලෙස ගලපා ඇති බවත් ඩීසල් ලීටරයක මිල පෙරේදා (21) රුපියල් 79 කින් ඉහළ යෑමත් සමඟ ඩීසල් ලීටරයක මිල රුපියල් 382 ක් දක්වා ඉහළ ගිය බවත් මිරැන්ඩා කීය.

බස් ගාස්තු සූත්‍රයට අවසන් වරට ඩීසල් මිල ගැලපීම සළකා බැලීමේදී ඩීසල් මිල රුපියල් 93 කින් ඉහළ ගොස් ඇති බව කී ආචාර්ය නිලාන් මිරැන්ඩා,  2025 වසරේ ජූලි මාසයෙන් පසුව අවස්ථා කීපයකදී ඩීසල් මිල සංශෝධනය වුවද එය සමස්ත ගාස්තු සුචිය සියයට 4 කට අධික ප්‍රතිශතයක් නොවීම නිසා ගාස්තු ඉහළ නොදැමූ බව වැඩි දුරටත් සඳහන් කළේය.

බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව බස් සංගම් පවසයි

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් රැසක් සඳහන් කළ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද බස් සංගම් පැවසීය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද පැවසුවේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් අද දිනයේදී නව බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව 10%කට ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනය විමටද නියමිතව ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බස් ගාස්තු 10% කට වඩා ඉහළ යයි ! - අවසන් තීන්දුව අද කැබිනට්ටුවට | The Leader