බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අයකළ ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 110 දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම, දෙවන කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් 90 (පෙර මිල රු.80) දක්වා මිල සංශෝධනය කර තිබේ.
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
මේ අතර, පවතින තත්ත්වය හමුවේ පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියි.
ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.
එමෙන්ම, අනෙකුත් බේකරි නිෂ්පාදනවලද මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බව එම සංගමය සඳහන් කරයි.
පවතින තත්වය අනුව කිසිදු රටකට බලශක්ති අර්බුදයෙන් මිදිය නොහැකියි - ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාටී බිරෝල්
මැදපෙරදිග යුදමය තත්වය දිගටම පැවතියහොත් ලෝකයේ කිසිඳු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාටී බිරෝල් පවසයි.
ඒ අනුව ලෝක ආර්ථිකය විශාල තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
එහිදී 1970 දශකයේ ඇති වූ අර්බුද සහ 2022 රුසියානු යුක්රේන ආක්‍රමණයේ බලපෑම වර්තමාන බලශක්ති අර්බුදය සමඟ ඔහු සංසන්දනය කර ඇති අතර, දැනට පවතින තත්වය අනුව මෙම අර්බුදය ‘තෙල් අර්බුද දෙකක සහ එක් ගෑස් කඩාවැටීමක එකතුවක්’ බවද එහිදී ප්‍රකාශ කරයි.
ලෝක ආර්ථිකය අද වනවිට ඉතා විශාල තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් මෙම ගැටලුව හැකි ඉක්මනින් විසඳනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
මෙම අර්බුදය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් කිසිදු රටකට එහි බලපෑම්වලින් මිදිය නොහැකි වනු ඇති බවට ඔහු අනතුරු අඟවා සිටී.
එබැවින් ගෝලීය වශයෙන් සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවයක් පවතින බවත්, මෙම ගැටුම හේතුවෙන් කලාපය පුරා අවම වශයෙන් බලශක්ති වත්කම් 40ක් පමණ දරුණු ලෙස හෝ ඉතා දරුණු ලෙස හානියට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඔහු සඳහන් කරන්නේ, යුද්ධය හේතුවෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැමීම හේතුවෙන් දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ ලොවට අහිමි වන බවය.





