ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක

යෝජනාවට ඊයේ දිනයේද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැත.

අක්කර 185කින් යුත් මෙම ඉඩම අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් මිලියන 15කට ලබාදීමට මීට පෙර එකගවී ඇති නමුත් පසුව මුදල් අය කිරීමකින් තොරව එය ලබාදීමට ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ.

 මීට පෙරද එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළ කර තිබිණ.

එම ඉඩමේ වටිනාකම පිළිබද ඇස්තමේන්තු වාර්තාව ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනගෙන් ඉල්ලා තිබිණ.

ඒ අනුව ඉඩමේ ඔප්පු, ගිවිසුම් හා තක්සේරු වාර්තා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධ්‍යයනය කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත.

කෙසේවෙතත් මෙම ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ පැවති රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නොමැත.

මෙම යෝජනාවට එරෙහිව අදහස් දක්වා ඇති අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ අක්කර 185 ක් පමණ මෙලෙස වෙනත් පාර්ෂවයකට ලබාදීම අනුමත කළ නොහැකි බවයි.

මෙම ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදිම සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවට දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විරෝධය පළ කර තිබිණ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින්ට රජයේ ඉඩම් අක්කර සිය ගණනක් පවරා දී ඇතැයි ද වාර්තාවේ. පාරිසරික වැදගත්කමකින් යුතු නකල්ස් හි ඉඩම් අමාත්‍යවරයා විසින් මෙසේ ව්‍යාපාරිකයින්ට පවරා දී ඇතැයි වාර්තාවේ.

 මෙම ආන්දෝලනාත්මක ඉඩම් පරිත්‍යාගය සිදුකිරීමට එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයාට දිගින් දිගටම බලපෑම් එල්ල කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානියකු විසින් බව ඉඩම අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.


සබැඳි පුවත් :


ඉඩම් ඇමැති දෙන්න ගිය 'බිලියන ගේමක්' අතේ මාට්ටු  !



Leader Whats app


 
 
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්