තමා දන්න මංගල සමරවීරට චරිත 3 ක් තිබුන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එබව පැවසුයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ අද (11) පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා විවාදයේදීය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''මංගල සමරවීර මැතිතුමාගේ දේශපාලන ජීවිතය ගැන අගමැතිතුමත්. ප්‍රධාන සංවිධායක තුමත් සඳහන් කරපු නිසා ඒ ගැන යලිත් සඳහන් කරන්නේ නැහැ. මම මෙතන කතා කරන්නේ මම දන්න මංගල සමරවීර ගැන. මම දැනගෙන හිටිය මංගල සමරවීරට චරිත 3 ක් තිබුනා.


එක චරිතයක් :

76 min 2021.02.11

එක චරිතයක් තමයි මම දැක්කේ 89 ඉඳන් එතුමා 2005 වෙනකන් ගත්ත චරිතය.

ඇත්ත වශයෙන්ම එතුමාට පෙර මම එතුමාගේ මව දැනගෙන හිටියා, එත් එතුමාව දැනගත්තේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා දවල් ආහාර ගන්නකොට එතුමාගේ මවට කතා කරන්න ගියාම තමයි මම එතුමාව හඳුන ගත්තේ.

එතුමා ගත්ත තීරණ වල හිටියා. විශේෂයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය පිලිබඳව, එතුමියට සම්පුර්ණ සහයෝගය දුන්නා. සුදු නෙලුම් ව්‍යාපාරයට සහයෝගය දුන්නා.




ඒ වගේම විශේෂයෙන්ම තව කාරණයක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇති කරන්න, පුද්ගලිකකරණය කරන්න .ඒ වගේම වරාය south Asia gate way එක ගෙන්න විශාල වැඩ කොටසක් කරා.



එ වගේම එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න විශාල වැඩ කොටසක් කළා. ඊට පසුව විදේශ ඇමති හැටියට ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ඉදිරිපත් කරපු LTTE තහනම තවත් ඉදිරියට ගෙනියන්න වැඩ කොටසක් කළා. යුරෝපිය සංගමය තුල LTTE තහනම් කරන්න එතුමා සාකච්ජා කළා.

එත් අන්තිමටම එතුමාට ඒ තමන් හිටපු පක්ෂයෙන් ඉවත්වෙලා මෙහෙ ඇවිල්ලා ස්වාධින මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියා කලා.



දෙවන චරිතය:


RW MS 1


ඊට පස්සේ මං කතා කරන්න කැමති මං දන්න දෙවන චරිතය, ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ අපි එක්ක වැඩ කරපු එක. පළමුවෙන්ම අප එක්ක සංවිධාන වෙලා ඊට පස්සේ සාමාජිකයෙක් හැටියට එතුමා ඇමතිවරයෙක් හැටියට විශාල වැඩ කොටසක් කලා.

විශේෂයෙන්ම මම සදහන් කරන්න කැමති එතුමා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙත් යුරෝපිය සංගමයත් එක්ක ඒවගේම විශාල වැඩ කොටසක් එතුමා අපිට කරලා දුන්න.

එතුමා නිසා අපිට ආපහු ජිනීවා නුවර අපේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න අවස්ථාව ලැබුණා. මෙතැනදී අපේ විදේශ ඇමතිතුමා කිව කාරණා දෙකක් මං පැහැදිලි කරන්න කැමතියි.




අපි මතක තියා ගන්න ඕනේ ගම්පෙරලිය වැඩසටහනෙන් විශාල මුදලක් අපි ගම් වලට යෙදෙව්වා එත් ඊටත් වඩා Enterprises sri lanka වැඩසටහනෙන් තරුණයන්ට ඉදිරියට එන්න අවස්තාව ලබලා දුන්නා ඒ තමයි අපි දන්න දෙවන චරිතය.



තුන් වන චරිතය :


අපි දන්න තුන් වන චරිතය තමයි පාර්ලිමේන්තු දේශපාලන වැඩ වලින් ඉවත් වුන මංගල සමරවීර චරිතය. එතුමා මට දුරකතනයෙන් කිව්වා මම දැන් තරග කරන්නේ නෑ අද මම අයින් වෙනවා කියලා. අපි හම්බෙලා කතා කරා , මම ඇහුවා මොකක්ද මංගල කරන්න ඕනේ කියලා.

ඔහු කිව්වා රට දිහා දේශපාලනේ දිහා අලුතින් හිතනවා කියල. මේ තියන දේශපාලනයෙන් ඉවත් වෙලා රට වෙනුවෙන් අලුතින් යමක් කරන්න හිතාගෙන ඉන්නේ කියල. අද තියන සාම්ප්‍රදායික පක්ෂ ස්ථාවර වල අපට ඉන්න බැහැ විශේෂයෙන්ම මේවා රටේ ප්‍රශ්න වලට විසදුම් නෙවේ කියලා...

අපි විටින් විට හමුවෙලා කතා කළා..  කොහොමද අපි එතෙන්ට යන්නේ කියලා. අපි අලුතින් හිතන්න ඕනේ නැත්නම් අපිට අනාගතයක් නැහැ කියල ඔහු දැඩි ස්ථාවරයක හිටියා.

විශේෂයෙන්ම කොවිඩ් 19 ගැනත් ආර්ථික අර්බුදය ගැනත් අපි කතා කළා. සුමන්දරන් මන්ත්‍රී තුමත් අපිත් එක්ක එකතු වෙලා තිබුණා. සමහර සාකච්ජා වලට, එතුමාගේ ලිබරල්වාදයෙන් එතුමා ඉවත් වුනේ නැහැ.



එතුමා බැලුවේ ලිබරල්වාදයේ කේන්ද්‍රස්ථානය ඇති කරන්න කියලා. එකයි Freedom Hub ඇතිකළේ. එතුමා විශේෂයෙන්ම ඒ සංවිධානය ඇතිකළේ. ඒවගේම එතුමා හිතුවේ බොරු දේශප්‍රේමයෙන්, ජාතිවාදයෙන් රටක් හදන්න බැහැ කියල. සැබෑ දේශප්‍රේමීයෝ මෙහෙයුම ආරම්භ කලේ ඒ වෙනුවෙන්..



ඒවගේම පොරොන්දු දීලා රටක් හදන්න බැහැ. එතුමාගේ පරමාර්ථය වුනේ අපිට පුලුවන්ද මේ රටේ තරුණ තරුණියන්ට කතාකරල රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් දෙන්න. මං හිතන්නේ එකේ සත්‍යතාවය අද පෙනවා.

මොකද අද තරුණ තරුණියන් මේ රට ගැන විස්වාසයක් නැතුව මේ රටෙන් පිටවෙන්න කියල ඔය තනාපති කාර්යාල ඉස්සරහ වීසා පෝලිම්වල ඉන්නවා.

එතුමා බැලුවේ අපි කොහොමද මෙතෙන්නට එන්නේ. මං හිතන්නේ ඒ කාරණේ වැදගත්කමක් තියෙනවා.



රට ගොඩනගන රාමුවකට පොදු එකඟතාවයක් !


184819592 3689699931130978 8017617768215207746 n

අද විශේෂයෙන්ම මේ විශාල ආර්ථික අර්බුදයක ඉන්න ලංකාවේ  අපිට පුළුවන් වෙන්න ඕනේ අඩුගානේ මුලික පියවර ගැන එකගත්වයකට එන්න.  

අපි කියන්නෑ ජාතික ආණ්ඩු හදන්න කියල.. ඒවා කරලා වැඩක් නෑ  එත් අපිට පුළුවන් ද මේ අවස්ථාවේදී එතුමත් කතා කරපු දෙයක් හැටියට අපිට පුලුවන්ද මෙතන දී රට ගොඩනගන මුලික එකඟතාවය කුමක්ද කියලා හිතල බලන්න.



මමනම් යෝජනා කරන්නේ එතුමාට අපිට කරන්න පුළුවන් හොදම ගෞරවය තමයි අපි ඔක්කොම එකතුවෙලා ප්‍රශ්නවලට තියෙන විසදුම් මොකද්ද ? කොතෙන්නද එකඟවෙන්නේ කියල සොයා බැලීම ..


 මම දන්නා මංගල සමරවීර මැතිතුමා ඇත්ත වශයෙන්ම නිර්භීත පුද්ගලයෙක්. මම නම් එතුමා කියන්නේ ගං වතුරක් ආවාම එකෙන් පාවෙලා යන්න හේදිලා යන්න ඉඩදුන්නෑ. කොහොමහරි එතන ඉදගෙන අපහු ගංවතුරෙන් පස්සේ වැඩ කටයුතු පටන්ගන්නයි එතුමා බැලුවේ.

අපිත් දන්නවා ගංවතුරක් එනකොට සමහර ගස් ගලෝලා හේදිලා යනවා. සමහර ගස් එතනම තියෙනවා .. අන්න එතුමා එතන්ටයි වැටුනේ . ඉතින් එතුමා මේ වයසේදී නැතිවුන එක රටට විශාල පාඩුවක්.. මොකද එතුමා සමග රට ගොඩනගන වැඩපිළිවෙලක් ගැන විශාල සාකච්ඡා ගණනක් කරගෙන ගියේ.

 ඒ වටේ ගිහින් කට්ටිය හම්බුනා නිසා තමයි එතුමාට කොවිඩ් හැදුනේ. අපිත් රැස්වෙන්න හිටිය එතුමට කොවිඩ් හැදුනු දවසට ඉස්සෙල්ල කතාකරල කිව්වා මට අසනීපයි පස්සේ හම්බවෙමු කියල.  ඊටපස්සේ හම්බවෙන්න අපිට අවස්ථාව ලැබුනේ නැහැ. එත් එතුමා මේ රටේ දේශපාලනයේ ⁣වෙනසක් කරපු චරිතයක් ..''

 

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්