ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා පත්කර ගන්නා ආකාරය පැහැදිලි කරමින් එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය පහත පළවේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමග සංධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සංධානයකිනි. ඒ සංධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.

ඒ එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

මේ පදනම මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින්, පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගන්නා බවත්, ඒ තෝරා ගැනීමෙන් පසු සංධානයට අයත් සියළු පාර්ශවයන්ගේත්, අපේ ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්