ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යනවාද නැද්ද යන්න පිළිබදව විශාල කතා බහක් ඇතිවී තිබෙනවා.



බොහෝ දෙනා ප්‍රකාශ කලේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිපත්ති පිළිබදව විශ්ලේශණය කරන Advocata Institute ඔවුන්ගේ නවතම වීඩියෝවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඉතිහාසයේ ගණුදෙනු කර ඇති ආකාරය සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ගේ ප්‍රධාන ආර්ථික උපදේශක මොන්ටෙක් සිං අලුවාලියා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබාදුන් අදහස් මේ වීඩියෝවේ ඇතුලත්.

ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට වඩා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ආර්ථිකය ප්‍රතිසංස්කරණයකට අවධානය යොමු කලයුතු බවයි.

ඉන්දියාව 1991දී ශ්‍රී ලංකාව අද පත්ව ඇති තත්වයට පත්ව තිබූ අවස්තාවේදී ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංකරණ සිදුකලේද ඒ ආකාරයෙන්ම බව මේ වීඩියෝවේදී ආචාර්ය මොන්ටෙක් සිං අලුවාලියා ප්‍රකාශ කර සිටිනවා.  

Advocata Institute  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීම සදහා සප්ත විධ ප්‍රතිපත්තියක් එළි දක්වා තිබෙනවා.

 

Leader Whats app

 

 

 

 
 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය