ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු

මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු එබව පවසා ඇත්තේ, අමාත්‍ය විමල්  වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් හෙට (මාර්තු 02) එළිදැක්වීමට යන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය සම්බන්ධයෙන් 'මව්බිම' පුවත්පත වෙත අදහස් දක්වමිනි.

කෙසේවුවද, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11න් සාමාජිකයන් කිහිපදෙනකු කැබිනට් ඇමැතිවරුන් නිසා එම පක්ෂවලින් ඉදිරිපත් කිරීමට සැරසෙන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය මුලින්ම ඉදිරිපත් කළ යුත්තේ, කැබිනට් මණ්ඩලයට බව පොහොට්ටු ලේකම්වරයා කියා සිටියි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය කැබිනට් මණ්ඩලයට සහ රටේ ඉහළම තනතුරුවලට ඉදිරිපත් කර රටේ මේ වනවිට මතුව ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස පොහොට්ටු ලේකම්වරයා හවුල්කාර පක්ෂවලට ආරාධනය කර සිටියි.

එම හවුල්කාර පක්ෂවලට කිසිදු ආකාරයක මදි පුංචිකමක් හෝ ගණන් නොගෙන සිටීමක් හෝ තම පක්ෂයෙන් සිදුකර නැතැයිද ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරගෙන යෑම තම පක්ෂයේ අපේක්ෂාව යැයිද පොදුජන පෙරමුණු ලේකම්වරයා පවසයි.


අනතුරු ඇඟවීමක් !


එම හවුල්කාර පක්ෂ කිසි ලෙසකින්වත් තම පක්ෂය හැරදමා යයි කියා නොසිතන බවත්, සියලු දෙනා එකතු වී කළයුත්තේ රටේ වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීම බවත් පවසන පොදුජන පෙරමුණ ලේකම්වරයා, කෙසේ වෙතත් කුමන ප්‍රශ්න හමුවේ වුවද ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු පක්ෂයක් ලෙස මේ මොහොතේ ඉතාම ශක්තිමත් ලෙස ඉදිරි වැඩකටයුතු කරගෙන යන බව කියා සිටියි.

 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සිදුකරන වැඩකටයුතු පිළිබඳව තම පක්ෂය ඉතා විමසිල්ලෙන් බලා සිටින බවද ඒ අනුව අවශ්‍ය මොහොතේ සුදුසු තීරණය පක්ෂ ගැනීමට පක්ෂය සූදානම් බවද පොහොට්ටු ලේකම්වරයා අවධාරණය කර සිටියි.

 

දැඩි බැසිල්වාදියකු වන පොහොට්ටු ලේකම්වරයා, හවුල්කාර පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බව එසේ පවසද්දී, අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ න්‍යයාචාර්ය වරුන් වන ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති, කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් හරහා අමාත්‍ය විමල් විරවංශ ඇතුළු හවුල්කාර පක්ෂ වල නායකයින්ටත්, හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියත් දැඩි ලෙස විවේචනය කර තිබේ.


සබැඳි පුවත් :


විමල්ලාගේ ජාතික ප්‍රකාශය නොහොත් වසන්ත බණ්ඩාරගේ ඒක පුද්ගල ලියවිල්ල- ජගත් වැල්ලවත්ත

 

 


Mulu ratama 20221


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්