ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පත්විය.  2022 මාර්තු 1 දින සිට ඔහු එම
තනතුරට පත්ව ඇත.

මැතිවරණ, මානව හිමිකම් හා දුෂණ විරෝධි ව්‍යාපාරයන් හි වසර 15 ක අත්දැකීම් සහිතව තෙන්නකෝන්, 'කැෆේ' සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද, දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක ඇතුළු තනතුරු ගණනාවක් දරා ඇත.

ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යා, ජනසන්නිවේදනය පිළිබඳ උපාධි/පශ්චාත් උපාධි ලබා ඇති ඔහු, එම විෂයන් සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ද පළ කර ඇත.  

මානව හිමිකම් කේෂ්ත්‍රයේ දෙස් විදෙස් තනතුරු රැසක් ද ඔහු විසින් දරා ඇත.

දකුණ හා මධ්‍ය පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, තෙන්නකෝන් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉදිරියේ දී පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර, වත්මන් අභියෝග සඳහා මුහුණදිය හැකි පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඔහු අපේක්ෂා කරයි.
 


Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්