ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන පරිසර පද්ධතියක වැලි කැනීම සඳහා නීති විරෝධි ලෙස බලපත්‍ර නිකුත් කර ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ පාරිසරික ක්‍රියාධාරීන්ගේ චෝදනාවට

ලක්ව සිටී.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ස්වාභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිත කරමින් මහා පරිමාණ වැලි කැනීම මේ  වන විට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අහංගම වැලි කැණිම් සමාගමට භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ වරයාගේ අවශ්‍යතාවය මත, නීති විරෝධිව බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

මෙලෙස වැලි ගොඩ දැමීම නිසා ඇති වී තිබෙන ලවණතාවය හේතුවෙන් කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල වී වගා කරන අක්කර හැට දහසක් පමණ  බරපතල ලෙස වී විනාශ වෙමින් තිබෙන බව එම සංවිධානය අනතුරු අඟවයි.


පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා මාධ්‍යයට පවසා තිබුනේ එලෙස ස්වාභාවික ඩෙල්ටාවක මහා පරිමාණ වැලි කැණිමට අවසරදීම නීති විරෝධි වන අතර තමන් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන බවයි.


නමුත් කිසිදු පරික්ෂණයකින් තොරව නීති විරෝධි ලෙස නිකුත් කළ වැලි බලපත්‍රය භාවිතා කරමින් මේ වන විට සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණිම් ආරම්භ කර ඇති බව පවසන පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ, එම ප්‍රදේශයට කිසිවෙකුට යාමටද ඉඩක් ලබා නොදෙන බවයි.

භූ විද්‍යා පතල් කාර්යංශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවේදී තාවය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බව පවසන පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ, එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධි  ක්‍රීයාවලියක් බවයි.    

එලෙස නීති විරෝධී වැලි ගොඩ දැමීමක් නැවැත්වීම සදහා පරිසර ඇමතිවරයාට බලතල ඇතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය එහි අධ්‍යක්ෂ වරයාගේ දේශපාලන උවමනාවන් මත මෙහෙයවමින් ඇති බවටත් පරිසරවේදියා චෝදනා කරයි.


සාෆි නගර් ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික  පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබු බවත් රවීන්ද්‍ර කාරියවසම් තව දුරටත් පෙන්වා දෙයි.



" එමෙන්ම විසල්මා කන්සට්‍රකෂන් ආයතනය වැලි කැනීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදී භාවය නිසාම එම වැලි බලපත්‍රය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි."

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැනීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිනාමිකව ගලා යාමේදී ස්වාභාවික ලෙස නිර්මාණය වූ ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සිය නිවේදනය හරහා පෙන්වා දී තිබේ.

"නමුත් එම වැලි නිධි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නම් ඒ සඳහා නිසි ලෙස අධ්‍යයනයක් කළ යුතුය. ගම්මුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලාස්ටික්  බටයක් යටට යවා තිබෙන  ප්‍රමාණය මැන ගැනීමෙනි. භු විද්‍යා හා පතල් කාර්යංශය මෙම වැලි බලපත්‍ර  නිකුත් කිරීමට පෙරද වැලි නිධියේ ඝනත්වය මැන ඇත්තේ මේ  ආකාරයටය. "    

මේවැනි ආකාරයේ  මැනිම් කර  බලපත්‍ර ලබාදීමට නම්  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයක් අවශ්‍ය නොවන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැඩි දුරටත් අවධාරණය කරයි.



වැලි කැනීම්  වලින් අනතුරුව ඇති විය හැකි ව්‍යසනයක් පාලනය කිරීමට හැකිනම් පමණක් ඒ සඳහා අවසර දීම විද්‍යාත්මක ක්‍රමය වුවත් මෙහිදී දේශපාලන  බලපෑම් මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැනීම් මේ වනවිට සිදුකරමින් ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය නැවත නැවතත් අවධාරණය කරයි.




"2021/57/LS අංකයෙන් නිකුත් වු 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැනීම සම්බන්ධව කළ වාර්තාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල හානි පැමිණ ඇත. එමෙන්ම  ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත."                    

එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් තව දුරටත් පෙන්වා දෙන්නේ මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැනීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල  පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකි බවයි.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්