leader s

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් 'අපේ විරුවා' ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන්

විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහලින් නියෝගයක් ලැබී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල ඉන්දන පිරවුම් අසල ඇති සැතපුම් ගණන් දිගු වාහන පෝලිම් අසල ගැවසෙන ඇතැම් තරුණයින් මෙම විරුවා සින්දුව ගායනය කරමින් සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබේ. 

 


මේ අතර මෙම විරුවා සින්දුව විහිළුවකට ලක්ව ඇති ආකාරය සමබන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ක්‍රිෂාන් ජයශංක සිරිවර්ධන (Krishan Jayashanka Siriwardhana) සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''ඊලග මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂ කැම්පේන් සදහා වැඩි දේවල් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වැඩ කරන අපේ විරුවා සින්දුව ටිකක් සද්දෙන් දාන්න විතරයි ඕනි.  

ඉදිරියේදී කැම්පේන් කරන අයට මේව හොද පාඩම්.

අති සාර්ථක කැම්පේන් එකකින් බලයට ආවට පස්සෙ තත්ත්වය අවුල් වුනාම ඒ කැම්පේන් එකම තමන්ට පාරාවළල්ලක් වෙනවා.

තමන් ආසාවෙන් ලියපු, මිනිස්සු වැළදගත් වචන අහද්දි තමන්ටම ඒ ගැන වෛරයක් එනවා.  

ඒ  දවස්වල අහද්දි රොමෝද්ගමනය වුනු ගීය දැන් ඇහෙද්දිත්ම සිනාව දෝර ගලා යනවා. 


මේ සින්දුව ඇසීම ඉදිරියේදී දඩුවම් ලැබීමට කාරණයක් වෙන්න පුළුවන්..''.

 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්