මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනය විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා

සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩ පිළිවෙලට දිවයිනේ කතෝලික සභාවේ සහාය ඉහලින්ම පලවී තිබේ.

යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම අරමුණු කොටගත් වගඋත්තර දායකත්වය සඳහා වන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රජයේ බලවත් විරෝධය මැද අවුරුද්දකට ඉහතදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය යටතේ පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චුදිතයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීමක් සඳහා එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් ඒතාක් නොගන්නා ලද  පියවරයක් වන එමගින් අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමටද ඉඩ සැලසේ.



පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු තුනක් ගතවීත් පීඩාවට පත් වූවන්ට යුක්තිය සලසා දීමට වර්තමාන රජය අසමත් වීම ගැන ජිනීවා නුවරදී බලවත් කලකිරීම විදහා දැක්වූ කොළඹ අගරදගුරු හිමිපාණෝ, එජා සාක්ෂි ව්‍යාපෘතියට සහාය පළකරමින් ඒ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ජගත් ප්‍රජාව හමුවේ ආයාචනයක් කළහ.

 

“මෙය දුකට පත් පීඩිතයන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන හෙයින්, පසුගිය අවුරුද්දේ ආරම්භ කරන ලද සාක්ෂි රැස් කිරීම දිගටම පවත්වාගෙන යාමට සහාය දක්වන ලෙසත්, පාස්කු ඉරිදා සමූහඝාතනය පසුපස ඇති සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සහ එහි සාමාජික රටවල්වලින් අපි ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු,” කාදිනල් මැල්කම් රංජිත් කියා සිටියේය.

එජා මානව හිමිකම් මණ්ඩලය විසින් පත් කරන ලද සාක්ෂි රස කිරීමේ යාන්ත්‍රනය මෙවරද ආණ්ඩුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණි.


''මෙම යෝජනාව කවුන්සිලයේ අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලික මූලධර්මවලට සෘජුවම පටහැනි විය. එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 60/251 මගින් සාමාජික රටවල් විසින් ලබා දුන් වරම විශාල වශයෙන් ඉක්මවා ගියේය,'' විදේශ අමාත්‍ය ජී ඇල් පීරිස් ජිනීවා සමුළුවට කියා සිටියේය.


තුන් අවුරුද්දකට ඉහත සිදුවූ පාස්කු සමූහ ඝාතනය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් කිහිපදෙනකුගේ වැඩක් යයි මුලින් සිතා සිටියත්, එය ‘මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක්’ බවට පසුකාලීන විමර්ශන වලින් පෙනී ගිය බවද කාදිනල්වරයා එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කළේය.

යහපාලන සමයේ සිදුවූ පාස්කු සමුලඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මහත් සේ වෙහෙසුණු කාදිනල් තුමන්, මානව හිමිකම් සහ ඒවා උල්ලංඝනයට විරුද්ධව ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලා දෙමළ ජනතාව දශකයකට වැඩි කලක් ගෙනයන අරගලය හෙලා දුටුවෙකි.

මිනිසුන්ගේ මානව හිමිකම් “මායාවක්” ලෙස හැඳින්වු කාදිනල්වරයා වරක් ඒවා බැහැර කළේ බටහිර රටවල අලුත් ආගම වී ඇති බව කියමිනි.

“ආගම අදහනව නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඕනෙ නැහැ. මානව හිමිකම් වලටත් එහා ගිය විදියට ජිවත් වෙන්න පුලුවන්. මානව හිමිකම් වල එල්ලී ගෙන ඉන්නෙ ආගම් අදහන්නෙ නැති මිනිස්සු,” යි ජා ඇල ඒකල ශාන්ත මතෙව්ගේ දේවස්ථානයේ  2018 වසරේ පැවැත්වූ දේව මෙහෙයකදී දේශනා කර තිබුණි.

 

ජොනී ගෝඨා-බැසිල්ට ටොකු අනී!| අද ගොසිප් එක | The Leader TV

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්