ඉන්දීය අගමැතිවරයා මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඊට පෙර මෙරට මුදල් ඇමතිවරයා දිල්ලිය බලා යනු ඇත.



දකුණු ආසියානු කලාපීය බලවතාගේ කොළඹ ගමන සිද්ධ වෙන්නේ ආර්ථික අර්බුදයේ ගිලී සිටින ආණ්ඩුව තවත් ණයද, උතුරේ දේශපාලන පක්ෂ සමූහයක් දේශපාලන බලයද ලබා ගැනීමට ඉන්දීය සරණ පතා සිටින අවස්ථාවකය.

මාර්තු 30 දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බිම්ස්ටෙක් නමින් ප්‍රකට බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) සමුළුව සඳහා සහභාගී වීමට නරේන්ද්‍ර මෝඩි පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ දිල්ලි නුවර මාධ්‍යවේදීන් වාර්තා කර තිබේ.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශිතව ඇත්තේ බෙංගාල බොක්ක අවට දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි.

ඉන්දීය අගමැතිවරයා මාර්තු 30, 31 දෙදින ශ්‍රී ලංකාවේ ගත කරනු ඇතැයි වාර්තාකරන තමිල්නාඩු ජනමාධ්‍ය ඔහු උතුරටද යනු ඇති බව පවසයි.

ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර පළාත් පාලන බලය තහවුරු කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර ඇති දෙමළ පක්ෂ හයක නායකත්වය සමග ද ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා  කරනු ඇති අපේක්ෂිතයි.



ආර්ථික අර්බුදයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ඩොලර් බිලියනයක ණය දීම සඳහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඇතුළු කොන්දේසි ඉන්දියාව විසින් පනවා ඇති බව සති අන්තයේ වාර්තා විය.

 

නැගෙනහිර පළාතේ ඉන්දීය මුලෝපායික බලය ශක්තිමත් කරන සාමුද්‍රික ගිවිසුම් මාලාවක්ද උතුරු නැගෙනහිර බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන සඳහා ඉඩ සැලසීමද එක්සත් ජනපද නාවික හමුදා ඔත්තු සේවාවට සක්‍රිය ලෙස දායක වීමද ඇතුළු කොන්දේසි ඒ අතර වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

අගමැති මෝඩි දිවයිනට පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ඉන්දියාව බලා යාමට ද කටයුතු සූදානම් කර තිබේ. ණය ඉල්ලීම සඳහා මීට ඉහත දෙවතාවක්ම ඔහු දිල්ලි යාමට ගත් වෑයම අසාර්ථක වී තිබුණි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර අද පැවති දුරකතන සංවාදයක දී දිල්ලි ගමන සම්බන්ධයෙන් එකඟතාව පල වී තිබේ.

“අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ විය,” යි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ සමාජ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

මෙම රාජ්‍ය තාන්ත්‍රික ගමන් වාර වලදී පෝක් සමුද්‍ර සන්ධියේ චණ්ඩ මාරුතයක් වී තිබෙන ධීවර අර්බුදය පිළිබඳව සාකච්ඡා කෙරේදැයි පැහැදිලි නැත. 

 


 බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්